පාදසටහන
b දේවමාලිගාවේ සේවය කිරීමට යන කෙනෙක් මළ සිරුරක් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු වුණා. (ලෙවී කතාව 21:1; ගණන් කතාව 19:16) එම උපමාවේ පූජකයා හා ලෙවීවරයා “යෙරුසලමේ සිට” ගමන් කරමින් සිටියා කියා පැවසීමෙන් අදහස් කරන්නේ ඔවුන් දේවමාලිගාවේ වැඩ නිමා කර නිවෙස් බලා ගමන් කරමින් සිටි බවයි. ඒ නිසා මැරිලා කියා සිතූ මිනිසාට පූජකයා හා ලෙවීවරයා ළං නොවුණේ දේවමාලිගාවේ සේවයට යමින් සිටි නිසයි කියා කිසිවෙකුට ඔවුන් වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට නොහැකියි.