පාදසටහන
c එදා සිටි සමහර පූජකයන් පූජා ඔප්පු කිරීමේදී දෙවිගේ නීතිවලට අගෞරව කළ ආකාර දෙකක් බලමු. පූජකයන්ට ලැබිය යුත්තේ පූජා කරන සතාගේ මොන කොටස්ද කියා නීතියේ පැහැදිලිවම සඳහන් වී තිබුණා. (ද්වි. 18:3) නමුත් දුෂ්ට පූජකයන් පිළිපැද්දේ ඊට හාත්පසින්ම වෙනස් ක්රමයක්. ඔවුන් තමන්ගේ සේවකයන් ලවා හැළියේ තැම්බෙමින් තිබුණු මස්, කොක්කක් දමා හොඳම කෑලි ටික ගත්තා. ඒ විතරක් නෙවෙයි දවන පූජා ඔප්පු කරන විටත් මස්වල තෙල් කොටස් දැවෙන්නත් කලින් පූජකයන්ගේ සේවකයන් බලෙන්ම අමු මස් ලබාගත්තා.—ලෙවී. 3:3-5; 1 සාමු. 2:13-17.