පාදසටහන
a පේතෘස් සිරියානු අන්තියෝකියට පැමිණි විට, ඔහු අන්‍යජාතික ඇදහිලිවන්තයන් සමඟ සුහද ඇසුරක් භුක්ති වින්දේය. එනමුත්, යෙරුසලමේ සිට යුදෙව් ක්‍රිස්තියානීන් පැමිණි විට, “චර්මච්ඡේදිතයන්ට භයෙන්, [පේතෘස්] පසු බැස වෙන් වී සිටින්න පටන්ගත්තේය.” තමුන් මෙතරම් ගෞරව කළ මෙම ප්‍රේරිතවරයා තමන් සමඟ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට, අන්‍යජාතික ක්‍රිස්තියානීන්ගේ සිත් කොතරම් පෑරුණාද කියා අපට සිතාගත හැකිය.—ගලාති 2:11-13, NW.