පාදසටහන
a මෙම වචනවලින් අඟවන්නේ යෙරුසලමේ කන්ද උඩ පිහිටි දේවමාලිගාවේ සේවය කළ නිලධාරියෙකුගේ සේවා කටයුතුවලට විය හැකියි. ඔහු රාත්රි යාමයේදී දේවමාලිගාව වටා ගොස් එක් එක් මුරපොලවල සිටින ලෙවී මුරකරුවන් අවදිව හෝ නිදා සිටිනවාදැයි පරීක්ෂා කර බැලීය. යම් මුරකරුවෙක් නිදාගෙන සිට අසු වේ නම්, ඔහුට කෝටුවකින් තළනු ලැබූ අතර ඊට දඬුවම වශයෙන් ඔහුගේ පිටත සළුව පුලුස්සා දමන ලදි. මුරකරුවාට එය මහත් ලජ්ජාවක් විණි.