-
යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද?2012 මුරටැඹ | මාර්තු 1
-
-
යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කවුද?
ලොව පුරා ක්‍රිස්තියානීන් කොතරම් ප්‍රමාණයක් සිටිනවාද? වර්ෂ 2010 වන විට ලොව පුරා ක්‍රිස්තියානීන් බිලියන 2.3ක් පමණ සිටි බවත් ඔවුන් ක්‍රිස්තියානි ආගම් 41,000කට අයිති වූ බවත් එක් පොතක සඳහන් වුණා. ඒ සෑම ආගමකටම විවිධ විශ්වාසයන් හා නීති තිබෙනවා. ක්‍රිස්තියානි ආගම් එතරම් විශාල සංඛ්‍යාවක් තිබෙන්නේ ඇයි කියා බොහෝදෙනෙක් කල්පනා කරනවා. ඒ සියලුම ක්‍රිස්තියානීන් යේසුස්ගේ අනුගාමිකයන් කියා පැවසිය හැකිද?—එම පොත Atlas of Global Christianity.
සැබෑ ක්‍රිස්තියානි ආගම හඳුනාගත හැකි ආකාරය ගැන තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. ඔබට වෙනත් රටකට යන්න අවශ්‍යයි කියා සිතන්න. නමුත් ඊට පෙර ඔබ ඔබේ අනන්‍යතාව ගැන බලධාරීන්ට පැහැදිලි කර දිය යුතුයි. ගුවන් ගමන් බලපත්‍රය ඒ සඳහා අත්‍යවශ්‍යයි. ඒ හා සමානව සැබෑ ක්‍රිස්තියානීන් යේසුස් කෙරෙහි විශ්වාසයක් තිබෙනවා කියා පැවසීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට එය ඔප්පු කිරීමට සාක්ෂි තිබිය යුතුයි. එම සාක්ෂි මොනවාද?
“ක්‍රිස්තියානීන්” යන වචනය භාවිත කිරීම ආරම්භ වුණේ ක්‍රිස්තු වර්ෂ 44දියි. ඉතිහාසඥයෙක් හා බයිබල් ලේඛකයෙක් වූ ලූක් ඒ ගැන මෙසේ සඳහන් කරනවා. “ගෝලයන්ව ක්‍රිස්තියානීන් කියා මුලින්ම හැඳින්වීමට පටන්ගත්තේ අන්තියෝකියේදීය.” (ක්‍රියා 11:26) එහිදී ක්‍රිස්තියානීන් ලෙස හැඳින්නුවේ යේසුස්ගේ අනුගාමිකයන්වයි. යේසුස්ගේ අනුගාමිකයෙක් වීම යන්නෙන් අදහස් කරන්නේ “තමන් වෙනුවෙන් ජීවිතය පිදූ තැනැත්තා වන යේසුස් වෙනුවෙන් කොන්දේසි විරහිතව මුළු ජීවිතයම කැප කිරීම” බව එක් ශබ්දකෝෂයක සඳහන් වෙනවා. ඒ අනුව කිසිදු කොන්දේසියක් නැතුව මුළු ජීවිතයම යේසුස්ගේ ඉගැන්වීම් හා උපදෙස්වලට අනුව හැඩගස්වාගන්නා කෙනෙක් සැබෑ ක්‍රිස්තියානියෙක් කියා පැවසිය හැකියි.—එම ශබ්දකෝෂය The New International Dictionary of New Testament Theology.
ක්‍රිස්තියානි ආගම් මෙතරම් ප්‍රමාණයක් තිබෙන නිසා සැබෑ ක්‍රිස්තියානි ආගම හඳුනාගන්නේ කොහොමද? තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගන්නා ආකාරය ගැන යේසුස් පැවසුවේ කුමක්ද? ඊට පිළිතුර ඔබේ බයිබලයෙන්ම සොයා බලන ලෙස අප ඔබට ආරාධනා කරනවා. මෙම ලිපි මාලාවේ ඉදිරි ලිපිවල තම සැබෑ අනුගාමිකයන්ව හඳුනාගත හැකි ආකාරය ගැන යේසුස් පැවසූ කරුණු පහක් සාකච්ඡා කරනවා. යේසුස්ගේ මුල් අනුගාමිකයන් එම කරුණුවලට එකඟව ජීවත් වූ ආකාරය සහ අද ඊට එකඟව ජීවත් වන්නේ කවුද කියා අපි එහිදී සලකා බලමු.
-
-
යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා2012 මුරටැඹ | මාර්තු 1
-
-
යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදිනවා
“ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.”—යොහන් 8:31, 32.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? “මාව එවූ පියාණන් මා කිව යුතු දේ මට පැහැදිලිවම අණ කර තිබෙනවා” කියා යේසුස් පැවසුවා. ඉන් පැහැදිලි වන්නේ යේසුස් ඉගැන්නුවේ තම පියාගේ අදහස් බවයි. (යොහන් 12:49) යේසුස් ඔහුගේ ස්වර්ගික පියාට යාච්ඤා කරන විට මෙසේ පැවසුවා. “ඔබ පවසන දේ සත්‍යයයි.” ඔහු උගන්වන විට නිතරම දෙවිගේ වචනයේ සඳහන් දේවල් උපුටා දැක්වුවා. (යොහන් 17:17; මතෙව් 4:4, 7, 10) ඒ නිසා සැබෑ ක්‍රිස්තියානීන්ද යේසුස් ඉගැන්වූ දේවල් පිළිපදිනවා. එනම් ඔවුන් දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් දේ විශ්වාස කරන අතර එහි සඳහන් දේවලට අනුව ජීවත් වෙනවා.
මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? බයිබල් ලේඛකයෙක් වන පාවුල්ටද තිබුණේ දෙවිගේ වචනය ගැන යේසුස්ට තිබූ ආකල්පයමයි. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු මුළු ශුද්ධ ලියවිල්ලම ප්‍රයෝජනවත් කියා ඔහු පැවසුවේ ඒ නිසයි. (2 තිමෝති 3:16) පළමු ශතවර්ෂයේ සිටි දෙවිගේ වචනය ඉගැන්වූ ගුරුවරුන් “සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටිය” යුතු වුණා. (තීතස් 1:7, 9) ‘දර්ශන සහ මුළා කරවනසුලු මෙන්ම හිස් මතිමතාන්තරවලට පදනම සපයන්නේ මිනිසුන්ගේ සම්ප්‍රදායන් හා මිනිස් සමාජයේ මූලධර්මයන් නිසාත් ඒවා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි’ නිසාත් එවැනි දේවල් යේසුස්ගේ මුල් අනුගාමිකයන් ප්‍රතික්ෂේප කළා.—කොලොස්සි 2:8.
අද දින එය පිළිපදින්නේ කවුද? වතිකානුව විසින් 1965දී ගත් තීරණයක් ගැන කතෝලික පල්ලියේ පොතක මෙසේ සඳහන් වුණා. “ක්‍රිස්තියානි පල්ලිය ඔවුන්ගේ ඉගැන්වීම් පදනම් කරගෙන තිබෙන්නේ ශුද්ධ ලියවිලි මත පමණක් නොවෙයි. ඔවුන් සම්ප්රදායන්ද ඊට පදනම් කරගෙන තිබෙනවා. ඒ නිසා ශුද්ධ ලියවිලි සහ සම්ප්‍රදායන් යන දෙකම පිළිගත යුතු අතර ඒවාට එක හා සමාන ලෙස ගෞරව කළ යුතුයි.” (Catechism of the Catholic Church) ටොරොන්ටෝවල දේවගැතිවරියක්ද මෙසේ පැවසූ බව එක් සඟරාවක වාර්තා වුණා. “අපි ළඟ විශිෂ්ට අදහස් තියෙද්දී පරණ පොතකින් අපි මඟ පෙන්වීම් බලාපොරොත්තු වෙන්නේ ඇයි? අපේ අදහස් බයිබලයේ සහ යේසුස්ගේ ඉගැන්වීම් එක්ක සම්බන්ධ කරන්න ගියාම අපේ අදහස්වල වටිනාකම නැති වෙනවා.”—Maclean’s සඟරාව.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන කතෝලික විශ්වකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “ඔවුන් තම විශ්වාසයන් සම්පූර්ණයෙන්ම පදනම් කරගෙන තිබෙන්නේ බයිබලය මතයි. ඔවුන් ජීවිත ගත කරන්නේත් ඊට එකඟවයි.” යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් කැනඩාවේ පුද්ගලයෙකුට තමන්ව හඳුන්වා දීමට උත්සාහ කළ විට ඔහු ඇයට පැවසූ මේ දෙයින්ද එය පැහැදිලියි. “ඔයා ගාව බයිබලයක් තියෙන නිසා ඔයා කවුද කියලා මම දන්නවා.”—එම විශ්වකෝෂය New Catholic Encyclopedia.
-
-
‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’2012 මුරටැඹ | මාර්තු 1
-
-
‘මේ ලෝකයේ මිනිසුන්ට සමාන නැහැ’
‘ලෝකය ඔවුන්ට වෛර කරනවා. ඊට හේතුව ඔවුන් මේ ලෝකයේ මිනිසුන්ට සමාන නොවීමයි.’—යොහන් 17:14.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් දේශපාලනයට හෝ සමාජයේ පැවති ගැටුම්වලට සම්බන්ධ වුණේ නැහැ. ඔහු පැවසුවේ මෙසේයි. “මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ. මගේ රාජ්‍යය මේ ලෝකයට සම්බන්ධ වී තිබුණා නම් මා යටතේ සිටි අය මා වෙනුවෙන් සටන් කර මාව යුදෙව්වරුන්ගේ අතට හසු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මගේ රාජ්‍යය මේ ලෝකයට කිසිම ආකාරයකින් සම්බන්ධ නැහැ.” (යොහන් 18:36) යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන්ද ඉල්ලා සිටියේ ඔවුන්ගේ ආකල්ප, කතාබහ සහ හැසිරීම දෙවිගේ වචනයට අනුව සකස් කරගන්න කියායි.—මතෙව් 20:25-27.
මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? “යේසුස්ගේ මුල් අනුගාමිකයන්ට අපහාස කළත් ඔවුන්ව සිරගත කළත් මරා දමන බවට තර්ජනය කළත් යුද්ධවලට සහභාගි වීම ඔවුන් ප්‍රතික්ෂේප කළා” කියා ආගමික ගත්කරුවෙක් වූ ජොනතන් ඩයිමොන්ඩ් පැවසුවා. යුද්ධවලට හවුල් නොවී සිටීමට ඔවුන් ගත් ස්ථාවරය වෙනස් කරනවා වෙනුවට ඔවුන් දුක් විඳින්න කැමති වුණා. සදාචාර ප්‍රමිති අතින්ද යේසුස්ගේ මුල් අනුගාමිකයන් අන් අයට වඩා බොහෝ සෙයින් වෙනස්. බයිබලයේ ඇති ප්‍රමිති රැකීම නිසා ඔවුන්ට මුහුණ දීමට සිදු වන දේවල් ගැන එහිම මෙසේ සඳහන් වෙනවා. “කැළි කසළවලින් පිරුණු මඩ වගුරක් හා සමාන වූ ඔවුන්ගේ අශිෂ්ට ක්‍රියාවලට ඔබ තවදුරටත් ඔවුන් සමඟ හවුල් නොවන නිසා ඒ ගැන පුදුම වන ඔවුහු, ඔබට නින්දා කරති.” (1 පේතෘස් 4:4) “ක්‍රිස්තියානීන් භක්තිවන්තව හා විනීතව ජීවත් වීම අනික් මිනිසුන්ට උහුලන්න බැරි දෙයක් වුණා” කියා ඉතිහාසඥ විල් ඩුරන්ට්ද පැවසුවා.
අද දින එය පිළිපදින්නේ කවුද? ක්‍රිස්තියානීන් “අවි ගැනීම ප්‍රතික්ෂේප කිරීම වැරදියි” කියා කතෝලික විශ්වකෝෂයක සඳහන් වෙනවා. (New Catholic Encyclopedia) වර්ෂ 1994දී රුවන්ඩාවේ සිදු වූ සමූල ඝාතනවලට සියලුම පල්ලි සම්බන්ධ වුණත් “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්” ඊට සම්බන්ධ වුණේ නැහැ කියා පුවත්පතක සඳහන් වුණා.—Reformierte Presse.
නාට්සි සමූල ඝාතන සම්බන්ධයෙන් එක් ගුරුවරියක් මෙසේ අදහස් දැක්වුවා. “ඔවුන් කරපු කෲරකම් හා දාමරික ක්‍රියා සියලුදෙනාම අනුමත කළා.” නමුත් එසේ නොකර පීඩා මැද පවා තම ආගමික විශ්වාසයන්ට ඇළී සිටි එකම කණ්ඩායම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් බව එක්සත් ජනපදයේ තිබෙන කෞතුකාගාරයක ඇති තොරතුරු සෝදිසි කිරීමෙන් පසු ඇය තේරුම්ගත්තා.
සදාචාර ප්‍රතිපත්ති නිවැරදිව අනුගමනය කරන්නේ කවුද? “විවාහ වීමට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම වැරදියි කියා පල්ලියේ ඉගැන්නුවත් යෞවන කතෝලිකයන්ගෙන් වැඩි පිරිසක් ඊට එකඟ වෙන්නේ නැහැ” කියා සඟරාවක සඳහන් වෙනවා. (U.S. Catholic) පූජකයන්ට සහාය වන කෙනෙක් මෙසේ පැවසූ බවත් එම සඟරාවේ සඳහන් වුණා. ‘කතෝලිකයන්ගෙන් සියයට 50කටත් වඩා වැඩිදෙනෙක් විවාහ වෙන්න කලින් එකට ඉඳලා තියෙනවා.’ නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට “උසස් සදාචාර ප්‍රමිති තිබෙනවා” කියා විශ්වකෝෂයක සඳහන් වෙනවා.—The New Encyclopædia Britannica.
-
-
‘එකිනෙකාට ප්‍රේම කරනවා’2012 මුරටැඹ | මාර්තු 1
-
-
‘එකිනෙකාට ප්‍රේම කරනවා’
“මම දැන් ඔබට අලුත් ආඥාවක් දෙන්න කැමතියි. එනම් ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. මම ඔබට ප්‍රේම කළා වගේ ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහන් 13:34, 35.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් ඔහුගේ ගෝලයන්ට ප්‍රේම කළ ආකාරයට ඔවුන්ද එකිනෙකාට ප්‍රේම කළ යුතු බව ඔහු පැවසුවා. යේසුස් කිසිදු භේදයකින් තොරව ඔවුන්ට ප්‍රේම කළා. (යොහන් 4:7-10) ඔහු තම කාලය, ශක්තිය හා විවේකය ඔවුන් වෙනුවෙන් කැප කළේ ප්‍රේමය නිසයි. (මාක් 6:30-34) තම ජීවිතය පූජා කිරීමෙන් ඔහු එය විශිෂ්ට ආකාරයකින් පෙන්නුවා. ඒ ගැන ඔහු මෙසේ පැවසුවා. “උතුම් එඬේරා මමයි. මම මගේ ජීවිතය බැටළුවන් උදෙසා දෙනවා.”—යොහන් 10:11.
මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් එකිනෙකාව ඇමතුවේ ‘සහෝදරයා’ සහ “සහෝදරිය” ලෙසයි. (ෆිලෙමොන් 1, 2) ‘යුදෙව්වන් හා ග්‍රීකයන් අතර කිසි වෙනසක් නැති බවත් සියල්ලන්ගේ ස්වාමීන් එක් කෙනෙක්’ බවත් තේරුම්ගත් ඔවුන් ඕනෑම ජාතියක කෙනෙකුව ක්‍රිස්තියානි සභාවට පිළිගත්තා. (රෝම 10:11, 12) මුල් ක්‍රිස්තියානීන් එකිනෙකාට ප්‍රේම කළ බව ක්‍රිස්තු වර්ෂ 33 පෙන්තකොස්ත දවසේ සිදු වූ දෙයකින්ද පැහැදිලියි. යෙරුසලමේ සිටි යේසුස්ගේ අනුගාමිකයන් ‘තමන් සතු ඉඩම්ද වෙනත් දේවල්ද විකුණා, ඉන් ලැබූ මුදල එකිනෙකාගේ අවශ්‍යතා පිරිමසාගැනීම සඳහා සියල්ලන් අතරේ බෙදුවා.’ ඔවුන් එසේ කළේ අලුතෙන් බව්තීස්ම වූ අයට යෙරුසලමේම රැඳී සිට ‘යේසුස්ගේ නියෝජිතයන් ඉගැන්වූ දේවලට හොඳ අවධානයක්’ දීමට අවස්ථාව සලසා දීම සඳහායි. (ක්‍රියා 2:41-45) යේසුස්ගේ මුල් අනුගාමිකයන්ගේ මරණයෙන් අවුරුදු 200කට පමණ පසුව පවා මිනිසුන් ක්‍රිස්තියානීන් ගැන මෙසේ පැවසූ බව ටර්ටූලියන් සඳහන් කරනවා. ‘ඔවුන් එකිනෙකාට මොන තරම් ප්‍රේම කරනවාද! එකිනෙකා වෙනුවෙන් මැරෙන්න වුණත් ඔවුන් සූදානම්.’
අද දින එය පිළිපදින්නේ කවුද? එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “වෙනත් ආගම්වල සිටින අය එල්ල කරන පීඩාවලට වඩා ක්‍රිස්තියානීන්ට පීඩා කරන්නේ ඔවුන් අතරම සිටින අයයි.” ක්‍රිස්තියානීන් අතර ජාති භේද බහුලව තිබෙන බව එක්සත් ජනපදයේ මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. පල්ලිවල තිබෙන ඉගැන්වීම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් නිසා උපකාර අවශ්‍ය අවස්ථාවලදී සෙසු සාමාජිකයන්ට උපකාර කිරීමට ඔවුන්ට හැකි වී නැහැ.—එම පොත The History of the Decline and Fall of the Roman Empire (1837).
වර්ෂ 1997දී සාක්ෂිකරුවන්ගේ සහන සේවා කණ්ඩායමක් කොංගෝවල පැවති යුද්ධය නිසා පීඩාවට පත් සාක්ෂිකරුවන් සහ අනිකුත් අය සඳහා ආහාර, ඇඳුම් සහ බෙහෙත් රැගෙන ගියා. ඒ සඳහා යුරෝපයේ සිටි සාක්ෂිකරුවන් ලබා දුන් භාණ්ඩවල එකතුව ඩොලර් මිලියන ගණනක්. වර්ෂ 2004දී ෆෝලොරීඩාවලට මාස දෙකක් ඇතුළත හතර වතාවක් සුළිසුළංවලින් බලපෑම් එල්ල වුණා. ඒ අවස්ථාවලදී හදිසි සහන සේවා කමිටුවේ සභාපති ඔවුන්ට ලැබුණු සහනාධාර නිසියාකාරව බෙදී ගොස් තිබුණාද කියා සොයා බැලුවා. එය සංවිධානාත්මක ලෙස සිදු කර තිබුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පමණක් බව දුටු ඔහු සාක්ෂිකරුවන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන්නා.
-
-
දෙවිගේ නාමය දැනුම් දෙනවා2012 මුරටැඹ | මාර්තු 1
-
-
දෙවිගේ නාමය දැනුම් දෙනවා
‘ඔබ ලෝකයෙන් මට භාර දුන් මිනිසුන්ට මම ඔබේ නාමය ප්‍රකාශ කළා. මම ඔබේ නාමය ගැන ඔවුන්ට දැනුම් දුන්නා. ඒ ගැන ඉදිරියටත් දැනුම් දෙනවා.’—යොහන් 17:6, 26.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? යේසුස් දෙවිගේ නාමය මිනිසුන්ට දැනුම් දුන්නා. ඔහු ශුද්ධ ලියවිලි කියවන විට දෙවිගේ නාමය සඳහන් කරන්න ඇති. (ලූක් 4:16-21) “පියාණෙනි, ඔබේ නාමය සැමදා ශුද්ධව පවතීවා” කියා යාච්ඤා කිරීමට ඔහු තම අනුගාමිකයන්ටද ඉගැන්නුවා.—ලූක් 11:2.
මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? දෙවි “තම නාමය දැරීමට සෙනඟක්” තෝරාගෙන තිබෙන බව පේතෘස් යෙරුසලමේ සිටි දෙවිගේ සෙනඟ අතරේ වගකීම් දැරූ පුරුෂයන්ට දැනුම් දුන්නා. (ක්‍රියා 15:14) ‘යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන’ බව යේසුස්ගේ අනුගාමිකයන් මිනිසුන්ට දැනුම් දුන්නා. (ක්‍රියා 2:21; රෝම 10:13) ඔවුන් ලියූ පොත්වලත් දෙවිගේ නාමය සඳහන් කළා. ක්‍රිස්තු වර්ෂ 300දී පමණ ලියැවුණු යුදෙව්වන්ගේ නීති ඇතුළත් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘ක්‍රිස්තියානීන් ළඟ තිබූ දෙවිගේ නාමය සඳහන් පොත් සියල්ල විරුද්ධවාදීන් විසින් ගිනි තැබුවා. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වුණේ මිනිසුන් දෙවිගේ නාමය භාවිත කිරීම නතර කරනවා දැකීමයි.’—The Tosefta.
අද දින එය පිළිපදින්නේ කවුද? එක් බයිබල් පරිවර්තනයක මුල් පිටුවේ මෙසේ සඳහන් වී තිබෙනවා. “යේසුස් පොළොවට පැමිණීමට පෙර සිටම යුදෙව්වන් දෙවිගේ නාමය භාවිත කිරීම නතර කළා. ඒ නිසා අද සිටින ක්‍රිස්තියානීන්ද එය භාවිත කිරීම සුදුසු නැහැ.” (Revised Standard Version) ඒ හේතුව නිසා සියලුම බයිබල්වලින් යෙහෝවා යන දෙවිගේ නාමය ඉවත් කර ඒ වෙනුවට “ස්වාමීන්වහන්සේ” කියා යෙදුවා. ඒ වගේම දෙවිගේ නාමය ‘ගීතිකාවලින් සහ යාච්ඤාවලින් ඉවත් කරන’ ලෙස මෑතකදී වතිකානුව බිෂොප්වරුන්ට දැනුම් දුන්නා.
අද දින දෙවිගේ නාමය භාවිත කරන්නේ කවුද? කිර්ගිස්තානයේ වෙසෙන සර්ජේ යෞවනයෙකුව සිටියදී බැලූ චිත්‍රපටයක දෙවිගේ නාමය යෙහෝවා බව සඳහන් වුණා. ඉන්පසු වසර දහයක් යන තුරුම ඔහුට ඒ නාමය අසන්න ලැබුණේ නැහැ. පසුව ඔහු එක්සත් ජනපදයේ පදිංචියට ගියා. එහිදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවකදී ඔවුන් ඔහුට බයිබලයෙන් දෙවිගේ නාමය යෙහෝවා බව පෙන්නුවා. දෙවිගේ නාමය භාවිත කරන පිරිසක්ව මුණගැසීම ගැන සර්ජේ බොහෝ සෙයින් සතුටු වුණා. “යෙහෝවා” යන නාමය ගැන ශබ්දකෝෂයක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර කරන එකම දෙවි ඔහුයි.”—Webster’s Third New International Dictionary.
-
-
‘ශුභාරංචිය දේශනා කරනවා’2012 මුරටැඹ | මාර්තු 1
-
-
‘ශුභාරංචිය දේශනා කරනවා’
“රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”—මතෙව් 24:14.
ඉන් අදහස් කරන්නේ කුමක්ද? ‘දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමට නුවරින් නුවරටත් ගමින් ගමටත් ගිය යේසුස් එය සෑම තැනම පතළ කළා.’ (ලූක් 8:1) යේසුස්ම මෙසේ පැවසුවා. “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.” (ලූක් 4:43) ශුභාරංචිය ප්‍රකාශ කිරීමට තම අනුගාමිකයන්ව ගම්වලටත් නගරවලටත් යැවූ යේසුස් පසුව ඔවුන්ට මෙසේ පැවසුවා. ඔබ “පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.”—ක්‍රියා 1:8; ලූක් 10:1.
මුල් ක්‍රිස්තියානීන් ඊට එකඟව ජීවත් වුණේ කොහොමද? යේසුස්ගේ අනුගාමිකයන් ඔහු පැවසූ දේ නොපමාව ඉටු කළ බව බයිබලයේ සඳහන් මේ දෙයින් පැහැදිලියි. ‘ඔවුහු තම ඉගැන්වීම් කටයුතු සහ යේසුස් පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය නතර කළේ නැත. දිනපතාම ඔවුහු දේවමාලිගාවේදීත් ගෙයින් ගෙටත් ගොස් එම කාර්යය ඉටු කළා.’ (ක්‍රියා 5:42) ශුභාරංචිය ප්‍රකාශ කළේ යේසුස්ගේ අනුගාමිකයන් අතර සිටි යම් විශේෂ කණ්ඩායමක් පමණක් නොවෙයි. ක්‍රිස්තියානීන්ට සතුරුකම් කළ කෙනෙක් වන සෙල්සස් ගැන ඉතිහාසඥයෙක් වන නියැන්ඩර් මෙසේ සඳහන් කළා. “ලොම් කපන, සපත්තු හදන, සම් පදම් කරන අය උද්යෝගයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම ගැන සෙල්සස් අපහාසාත්මකව කතා කළා.” ජාන් බර්නාඩි නමැත්තා ඔහුගේ පොතේ මෙසේ ලිව්වා. ‘ක්‍රිස්තියානීන් මහා මාර්ගවල, නගරවල, මහජනයා ගැවසෙන වෙනත් ස්ථානවල හා නිවෙස්වල සිටි මිනිසුන්ට කතා කළා. ඔවුන්ට හොඳ ප්‍රතිචාරයක් ලැබුණත් නැතත් ඔවුන් සෑම තැනම ගොස් ශුභාරංචිය ප්‍රකාශ කළා.’—The Early Centuries of the Church.
අද දින එය පිළිපදින්නේ කවුද? “මිනිසුන්ට දෙවි ගැන ඇති භක්තිය අඩු වීමට බලපාන එක් හේතුවක් වන්නේ පූජකයන් ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා බයිබලය ගැන ඉගැන්වීම එතරම් වැදගත් දෙයක් ලෙස නොසැලකීමයි” කියා පූජකයෙක් වන ඩේවිඩ් වොට්සන් පැවසුවා. පේරූ රටේ පූජකයෙක් වන හොසේ ලූයිස් විවිධ ආගමික කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ගැන ඔහුගේ පොතක මෙසේ සඳහන් කළා. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් පිළිවෙළකට ගෙයින් ගෙට ශුභාරංචිය ප්‍රකාශ කළත් වෙන කිසිම ආගමක් එසේ කරන්නේ නැහැ.’—Why Are the Catholics Leaving?
ජොනතන් ටර්ලෙ නමැත්තා පැවසූ වැදගත් අදහසක් එක් පොතක මෙසේ සඳහන් වුණා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන සඳහන් කරන විට බොහෝදෙනාගේ මනසට නැඟෙන්නේ ගෙයින් ගෙට ගොස් ශුභාරංචිය ප්‍රකාශ කරන පිරිසක්වයි. සාක්ෂිකරුවන් එසේ කරන්නේ ඔවුන්ගේ විශ්වාසය ගැන අන් අයට පැවසීමට පමණක් නොව තම විශ්වාසය ශක්තිමත් කරගැනීම සඳහායි.”—Cato Supreme Court Review, 2001-2002.
[9වන පිටුවේ කොටුව]
සැබෑ ක්‍රිස්තියානීන්ව ඔබට හඳුනාගන්න පුළුවන්ද?
අප මෙතෙක් සලකා බැලූ තොරතුරු අදාළ වන්නේ අද සිටින කුමන ක්‍රිස්තියානි කණ්ඩායමටද? ක්‍රිස්තියානි ආගම් සහ නිකායන් දහස් ගණනක් අද තිබෙනවා. නමුත් යේසුස් පැවසූ මේ දේ මතක තබාගන්න. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ.” (මතෙව් 7:21) දෙවිගේ කැමැත්ත කරන අයව හඳුනාගෙන ඔවුන්ව ඇසුරු කිරීමෙන් දෙවිගේ රාජ්‍යයේ ආශීර්වාද ලබාගත හැකියි. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වී දෙවිගේ රාජ්‍යය ගැන හා ඉන් ලැබෙන ආශීර්වාද ගැන තවත් තොරතුරු දැනගන්න කියා අප ඔබට ආරාධනා කරනවා.—ලූක් 4:43.
-