ජීවිත වෙනස් කළ පොතක්
ස්කොට්ලන්තයේ ජීවත් වූ පුද්ගලයෙක් තමා කරමින් සිටි ව්‍යාපාරයෙන් ලැබූ සතුටට වඩා වැඩි සතුටක් ලැබුවේ කුමකින්ද? බ්‍රසීලයේ ජීවත් වුණු පුද්ගලයෙකුට තමන් ගත කළ අනාචාර ජීවිතය අත්හැරීමටත් මත්ද්‍රව්‍ය ගැනීම නතර කිරීමටත් උපකාරවත් වුණේ කුමක්ද? මත්පැන්වලට ඇබ්බැහි වී සිටි ස්ලොවේනියාවේ ජීවත් වූ කෙනෙක් එය නතර කළේ කොහොමද? ඒ ගැන ඔවුන්ම පවසන දේ බලන්න.
“මට හිතුණේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා.”—ජෝන් රිකට්ස්
උපත ලැබූ වසර: 1958
රට: ස්කොට්ලන්තය
අතීතයේදී: සාර්ථක ව්‍යාපාරිකයෙක්
මගේ අතීතය: පොඩි කාලේ මට කිසිම දෙයකින් අඩුවක් තිබුණේ නැහැ. මගේ තාත්තා බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියෙක්. ඒ නිසා නිතර නිතර අපේ පදිංචිය මාරු කරන්න සිද්ධ වුණා. එංගලන්තය, ජර්මනිය, කෙන්යාව, මලයාසියාව, අයර්ලන්තය සහ සයිප්‍රසය වගේ රටවල අපි ජීවත් වුණා. මම අවුරුදු අටේ ඉඳලා ස්කොට්ලන්තයේ නැවතිලා ඉගෙනගත්තා. පස්සේ මම කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලැබුවා.
අවුරුදු 20දී මම තෙල් සමාගමක වැඩ කරන්න පටන්ගත්තා. මුලින්ම මම වැඩ කළේ දකුණු ඇමරිකාවේ. ඊට පස්සේ අප්‍රිකාවටත් ඕස්ට්‍රේලියාවටත් ගියා. ඕස්ට්‍රේලියාවේදී මම මුදල් ආයෝජනය කරන සමාගමක් පටන්ගත්තා. ටික කාලෙකට පස්සේ මම ඒක විකුණුවා.
ඒකෙන් මට ලොකු මුදලක් ලැබුණ නිසා අවුරුදු 40දී මම විශ්‍රාම ගත්තා. මට කාලය තිබුණ නිසා මම මෝටර් සයිකලයකින් ඕස්ට්‍රේලියාව වටේ දෙපාරක්ම ගියා. ඒ විතරක් නෙමෙයි ලෝකෙ වටේත් මම සංචාරය කළා. මට හිතුණේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලබා දුන්න එක ගැන දෙවිට ස්තුතිවන්ත වෙන්න මම මොනවද කරන්න ඕනේ කියලා දැනගන්න මට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා මම රෙපරමාදු පල්ලියට ගියා. මම පොඩි කාලෙත් හිටියේ ඒ ආගමේ. හැබැයි මට තේරුණා ඒ අය උගන්වන්නේ බයිබලයෙන් නෙමෙයි කියලා. ඒ නිසා මම වෙන පල්ලියකට ගියා. හැබැයි ඒ අයත් ඉගැන්නුවේ බයිබලයේ තියෙන දේවල් නෙමෙයි.
දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අපේ ගෙදරට ආවා. ඒ අය නම් කතා කළේ බයිබලයේ තියෙන දේවල්. එයාලා 1 තිමෝති 2:3, 4 බයිබල් පදවල තියෙන මේ වචන මට පෙන්නුවා. ‘[දෙවිගේ] කැමැත්ත නම් සෑම තරාතිරමකම සිටින මිනිසුන් ගැලවීම ලැබීම හා සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමයි.’ සාක්ෂිකරුවන් බයිබලයේ තියෙන දේවල් උඩින් පල්ලෙන් කියලා දෙනවා වෙනුවට ඒ ගැන නිවැරදි දැනුම දෙනවා.
සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න කොට මම හුඟක් දේවල් දැනගත්තා. දෙවි සහ යේසුස් එක් කෙනෙක් නෙවෙයි දෙන්නෙක් කියලා මම ඉගෙනගත්තා. (යොහන් 14:28; 1 කොරින්ති 11:3) ඒක දැනගත්තාම මට පුදුම හිතුණා. බොරු දේවල් ඉගෙනගන්න මම කොච්චර කාලයක් වැය කරලා තියෙනවද කියලා මට හිතුණා.
මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ අය හරිම මිත්රශීලියි. ඒ විතරක් නෙමෙයි එයාලා ප්‍රතිපත්තිගරුකයි. ඒ අයව මම දැක්කේ ශුද්ධවන්තයන් වගෙයි. මම තේරුම්ගත්තා මේක තමයි සැබෑ ආගම කියලා.—යොහන් 13:35.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: ටික කාලෙකට පස්සේ මම බව්තීස්ම වුණා. සාක්ෂිකරුවන් අතර හිටිය ලස්සන ගෑනු ළමයෙක්ව මට මුණගැහුණා. එයාගේ නම ඩියෑන්. එයා හරිම ගුණ යහපත් කෙනෙක්. කාලයක් ගියාට පස්සේ අපි විවාහ වුණා. ඩියෑන් ඇත්තටම මගේ ජීවිතයට ලොකු උපකාරයක් වුණා. ඒක මම සලකන්නේ දෙවිගෙන් ලැබුණ ආශීර්වාදයක් විදිහටයි.
සාක්ෂිකරුවන් නැති ප්‍රදේශයකට ගිහිල්ලා ශුභාරංචිය මිනිසුන්ට කියලා දෙන්න අපිට ලොකු වුවමනාවක් තිබුණා. ඒ නිසා අපි දෙන්නා 2010දී ඇමරිකාවේ බෙලිස්වලට ගියා. එහෙදී දෙවි ගැන ඉගෙනගන්න ආසාවෙන් හිටිය හුඟදෙනෙකුට ඒ ගැන කියලා දෙන්න අපිට පුළුවන් වුණා.
දෙවි ගැන ඇත්ත දැනගන්න ලැබුණ නිසා මට ලොකු සහනයක් දැනුණා. ඒ ගැන අනික් අයට කියලා දෙද්දීත් මම ලොකු සතුටක් අද්දකිනවා. ඒ සතුට වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. මගේ ජීවිතය ගැන දෙවිට ස්තුතිවන්ත වන බව පෙන්වන්න තියෙන හොඳම විදිහ මේකයි.
“ඒ අය හරිම කරුණාවන්තයි.”—මරීට්සියෝ ආරූජූ
උපත ලැබූ වසර: 1967
රට: බ්‍රසීලය
අතීතයේදී: අනාචාර ජීවිතයක් ගත කළ කෙනෙක්
මගේ අතීතය: මම ජීවත් වුණේ සාඕ පවුලෝ නගරයේ පුංචි ගම්මානයක. එහෙ හිටියේ කම්කරුවන්.
මගේ තාත්තා මැරුණේ මම ඉපදෙන්නත් කලිනුයි. මම පොඩි කාලේ අම්මා ගෙදර නැති වෙලාවට අම්මගේ ඇඳුම් ඇඳගෙන ඉන්නවා. මම ටිකෙන් ටික ලොකු වෙද්දී හැසිරුණේ ගෑනු ළමයෙක් වගෙයි. ඒ නිසා මිනිස්සු හිතුවේ මං නපුංසකයෙක් කියලා. කාලයක් ගියාට පස්සේ මම පිරිමි ළමයි එක්කත් මිනිස්සු එක්කත් ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා.
මම යෞවන වයසට ආවම ගෑනු පිරිමි දෙගොල්ලෝ එක්කම ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා. අවන්හල්වලට, රාත්‍රී සමාජ ශාලාවලට, පල්ලිවලට ගිහින් ඒ වගේ අය ඉන්නවද කියලා හෙව්වා. විවිධ උත්සව පවත්වන කාලවලදී මම ගෑනු කෙනෙක් වගේ ඇඳගෙන ප්‍රසිද්ධියේ නැටුවා. ඒ නිසා මම හුඟක් ජනප්‍රිය වුණා.
නපුංසකයන්, වේශ්‍යාවන් වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච අයවත් මම කිට්ටුවෙන් ආශ්‍රය කළා. සමහර යාළුවෝ මට කොකේන් දුන්නා. වැඩිකල් යන්න කලින් මම ඒවට ඇබ්බැහි වුණා. සමහර දවස්වල මුළු රෑම අපි ඒවා පාවිච්චි කළා. තවත් වෙලාවට මම තනියෙන් දවස තිස්සෙම ඒවා ගත්තා. ඒ නිසා මගේ ඇඟ වැහැරිලා ගියා. මිනිස්සු හිතුවේ මට ඒඩ්ස් හැදිලා කියලා.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: ඒ කාලය අතරතුරදී මට සාක්ෂිකරුවන්ව මුණගැහුණා. ඒ අය හරිම කරුණාවන්තයි. රෝම 10:13වෙනි පදය ඒ අය මට ඇහෙන්න කියෙව්වා. ඒකේ තිබුණේ මෙහෙමයි. “යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවනු ලබන්නේය.” දෙවිගේ නම පාවිච්චි කරන එක මොන තරම් වැදගත්ද කියලා මට තේරුණා. මුළු රෑම කොකේන් ගන්න සමහර දවස්වලට මම මගේ කාමරේ ජනේලය ඇරලා මේ නරක පුරුද්ද අත්හරින්න මට උදව් කරන්න කියලා අඬ අඬ යෙහෝවා දෙවිට කිව්වා.
මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක ගැන අම්මා ගොඩක් දුක් වුණ නිසා මම හිතුවා ඒක නතර කරන්න ඕනේ කියලා. වැඩිකල් යන්න කලින් මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. බයිබලය ගැන ඉගෙනගන්න කොට මගේ ඒ නරක පුරුද්ද අත්හරින්න පුළුවන් වෙයි කියලා සාක්ෂිකරුවන් කිව්වා. අන්තිමේදී මම ඒක නතර කළා.
ජීවිතේ තවත් වෙනස්කම් කරන්න ඕනේ කියලා මට තේරුණා. මම කාලයක් තිස්සේ සමලිංගික ඇසුරේ යෙදුණ නිසා ඒක නතර කරන එක ලේසි වුණේ නැහැ. මම ආශ්‍රය කළ යාළුවන්ගෙන් වෙන් වෙලා ඉන්න එක මට ඒ දේ කරන්න උදව් වුණා. අවන්හල්වලට, රාත්‍රී සමාජ ශාලාවලට යන එකත් මම නතර කළා.
ජීවිතේ වෙනස්කම් කරන එක අමාරු වුණත් මම ඒ වෙනුවෙන් දරන වෑයම යෙහෝවා දෙවි දන්නවා කියලා දැනගත්තාම මට ලොකු සහනයක් දැනුණා. (1 යොහන් 3:19, 20) මම 2002 වෙද්දී සමලිංගිකව හැසිරෙන එක සම්පූර්ණයෙන්ම නවත්තලයි තිබුණේ. ඒ අවුරුද්දෙම මම බව්තීස්ම වුණා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම ජීවිතේ කරපු වෙනස්කම් දකිද්දී අම්මා ඒ ගැන පුදුම වුණා. ඒ නිසා අම්මත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තා. හැබැයි අම්මා හදිසියේම අසනීප වුණා. ඒ වුණත් අම්මා දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව හිටියා.
අවුරුදු අටක් තිස්සේ මම පූර්ණකාලීන සේවකයෙක් විදිහට බයිබලයේ තියෙන දේවල් අනික් අයට උගන්වනවා. තාමත් විටින් විට මට වැරදි සිතුවිලි එනවා. හැබැයි මම දැන් ඒවා ගැන දිගින් දිගටම හිතන්නේ නැහැ. මොකද මම දන්නවා මම හරි දේ කරන්න වෑයම් කරද්දී යෙහෝවා දෙවි ඒ ගැන හුඟක් සතුටු වෙනවා කියලා.
යෙහෝවා දෙවිට ළං වෙන්න ලැබුණ නිසාත් ඔහුව සතුටු කරන්න ලැබුණ නිසාත් මට දැන් මං ගැනම ආඩම්බරයි. දැන් මම ජීවත් වෙන්නේ හුඟක් සතුටින්.
“බොන එකේ සීමාවක් නැහැ.”—ලූකා ෂර්ට්ස්
උපත ලැබූ වසර: 1975
රට: ස්ලොවේනියාව
අතීතයේදී: මත්පැන්වලට ඇබ්බැහි වූ කෙනෙක්
මගේ අතීතය: මම ඉපදුණේ ස්ලොවේනියාවේ ලුබ්ජානා නගරයෙයි. මම අවුරුදු හතර වෙනකල් හිටියේ හරිම සතුටින්. ඒත් මගේ තාත්තා දිවි නසාගත්තට පස්සේ ඒ සතුට නැතුව ගියා. එදා ඉඳන් මාවයි අයියවයි බලාගන්න අම්මා හුඟක් මහන්සි වුණා.
මට අවුරුදු 15දී මම ආච්චිගේ ගෙදර නවතින්න ගියා. මගේ යාළුවෝ ගොඩක් හිටියේ ඒ අවට නිසා මම එහේ හිටියේ සතුටින්. ගෙදර ඉන්නවට වඩා ලොකු නිදහසක් මට එහෙදී ලැබුණා. අවුරුදු 16දී මම බොන මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න පටන්ගත්තා. මම කොණ්ඩේ දිගට වවලා රස්තියාදුකාරයෙක් වගේ ඇඳුම් ඇන්දා. සිගරට් බොන්නත් පුරුදු වුණා.
මම හැම ජාතියේම මත්ද්‍රව්‍ය බීලා බැලුවත් ඒවා දිගටම ගත්තේ නැහැ. හැබැයි දිගටම මත්පැන් බිව්වා. මම මුලදී බිව්වේ වීදුරු දෙක තුනක් වුණත් පස්සේ බෝතලයකටත් වඩා බිව්වා. මම කොච්චර බිව්වත් වෙරි වුණේ නැහැ. මම වයින්, බියර්, වොඩ්කා වගේ මත්පැන් එකම වෙලාවේ බිව්වා.
හුඟක් වෙලාවට ක්ලබ්වලදී මගේ යාළුවෝ වෙරි වෙලා වැටෙද්දී මම තමයි එයාලව නැඟිට්ටෙව්වේ. හැබැයි මම ඒ අයටත් වඩා බීලයි හිටියේ. “එයාට නම් බොන එකේ සීමාවක් නැහැ” කියලා දවසක් මගේ යාළුවෙක් මං ගැන කිව්වා. ඒක මගේ හිතට තදින්ම වැදුණා.
මගේ ජීවිතේ මම නිකං නාස්ති කරගන්නවා කියලා මට හිතුණා. මට මං ගැනම කලකිරුණා. මගේ ජීවිතේට කිසිම අරමුණක් තිබුණේ නැහැ.
මගේ ජීවිතය වෙනස් වූ අයුරු: ඒ කාලෙදී මට මගේ පන්තියේ ළමයෙක්ව මුණගැහුණා. එයා එයාගේ ජීවිතේ හුඟක් වෙනස්කම් කරගෙන තිබුණ නිසා ඒකට හේතුව මොකක්ද කියලා මම එයාගෙන් ඇහුවා. එයා කිව්වා සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්ත කාලේ ඉඳලා තමයි එයාගේ ජීවිතේ වෙනස් වුණේ කියලා. එයා බයිබලයෙන් දැනගත්ත තොරතුරු ටිකක් ඒ වෙලාවේ මට කිව්වා. ඒවා ගැන මම ඊට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලා මට හරිහමං ආගමක් තිබුණේ නැහැ. මම දිගටම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියා. එයාලත් එක්ක බයිබලය ඉගෙනගන්නත් පටන්ගත්තා.
අපි මේ ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා ඒ අය මට පැහැදිලි කළා. (2 තිමෝති 3:1-5) දෙවි ළඟදීම මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිසුන්ව විනාශ කරලා දෙවිට කීකරු මිනිසුන්ට පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව දෙනවා කියලා මම දැනගත්තා. (ගීතාවලිය 37:29) ඒ වගේ ලස්සන කාලෙක ජීවත් වෙන්න මටත් ආස හිතුණ නිසා මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕනේ කියලා මම හිතුවා.
මම බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් මගේ යාළුවන්ට කිව්වා. හැබැයි ඒ අය මට විහිළු කළා. එයාලා මොන වගේ යාළුවෝද කියලා මම තේරුම්ගත්තේ එතකොටයි. ඒ අයව ආශ්‍රය කරනකල් මත්පැන් බොන එක නතර කරන්න බැහැ කියලා මම තේරුම්ගත්තා. බොන්න අවස්ථාවක් ලැබෙනකල් එයාලා බලන් හිටියේ හරිම ආසාවෙන්.
මම ඒ අය එක්ක තිබුණ යාළුකම නතර කරලා යෙහෝවා දෙවිට විශ්වාසවන්ත අයව යාළුවන් කරගත්තා. මොකද එයාලා දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න උත්සාහ කරනවා. කාලයක් ගියාට පස්සේ මම මත්පැන් බොන එකත් නතර කළා.
මා ප්‍රයෝජන ලැබූ අයුරු: මට දැන් මත්පැන් නැතුව වුණත් සතුටින් ඉන්න පුළුවන්. මම කලින් ගත කළ ජීවිතය වෙනස් කළේ නැත්නම් මේ වෙද්දී මම ජීවතුන් අතර නැහැ. ඒත් දැන් මම යහපත් ජීවිතයක් ගත කරනවා.
මම අවුරුදු හතක් තිස්සේ ස්ලොවේනියාවේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ සතුටින් සේවය කරනවා. ඒක මට ලැබුණ වරප්‍රසාදයක්! යෙහෝවා දෙවිව හඳුනගන්න සහ ඔහුට සේවය කරන්න ලැබුණ නිසා දැන් මම තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා.