යෙහෝවඃ වහන්සේගේ මාර්ගවල ධෛර්යයෙන් යුක්ත ව ගමන් කරන්න
“යෙහෝවඃ වහන්සේට භය වන, උන් වහන්සේගේ මාර්ගවල ගමන් කරන සෑම කෙනෙක් ම සන්තෝෂවත් ය.”—ගීතාවලිය 128:1, NW.
1, 2. යෙහෝවඃ වහන්සේගේ මුල් සාක්ෂිකරුවන්ගේ වචන සහ ක්‍රියා පිළිබඳ බයිබලය මත පදනම් වාර්තාව කුමක් සම්බන්ධයෙන් උපකාරවත් වෙයි ද?
යෙහෝවඃ වහන්සේගේ පරිශුද්ධ වචනය, උන් වහන්සේගේ පක්ෂපාත සේවකයන්ගේ පරීක්ෂාවන් සහ ප්‍රීතිවීම් පිළිබඳ වාර්තාවලින් පිරී තිබේ. නෝවා, ආබ්‍රහම්, සාරා, යෝෂුවා, දෙබොරා, බාරක්, දාවිත් සහ තවත් අයගේ අත්දැකීම් මුළුමනින් ම පාහේ එහි පිටු තුළින් මතු පිටට කැපී පෙනෙයි. ඔවුන් සියල්ලෝ ම පොදුවේ විශේෂ යමක් සහිත වූ සැබෑ මිනිසුන් වූහ. ඔවුනට දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබූ අතර, උන් වහන්සේගේ මාර්ගවල ධෛර්යයෙන් යුක්ත ව ගමන් කළහ.
2 අප දෙවියන් වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනවාත් සමඟ ම, යෙහෝවඃ වහන්සේගේ මුල් සාක්ෂිකරුවන්ගේ වචන සහ ක්‍රියා අපට දිරිගැන්වීමක් විය හැක. එපමණක් ද නොව, අප දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවය සහ උන් වහන්සේ ව අසතුටු කිරීමට යහපත් භයක් විදහා දක්වන්නේ නම්, අපගේ කොටස සන්තෝෂය වනු ඇත. කෙසේ වුවද, අප ජීවිතයේ පරීක්ෂාවන්ට මුහුණ දුන්න ද මෙය සැබෑවකි, මන්දයත් අනුභාවය ලත් ගීතිකාකරු මෙසේ ගායනා කළ හෙයිනි: “යෙහෝවඃ වහන්සේට භය වන, උන් වහන්සේගේ මාර්ගවල ගමන් කරන සෑම කෙනෙක් ම සන්තෝෂවත් ය.”—ගීතා. 128:1, NW.
ධෛර්යය යනු
3. ධෛර්යය යනු කුමක් ද?
3 යෙහෝවඃ වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට නම්, අපට ධෛර්යය තිබිය යුතු ය. ඇත්තෙන් ම, මෙම ගුණාංගය විදහාපාන ලෙස ශුද්ධ ලියවිලි දෙවියන් වහන්සේගේ ජනයාට ආඥා කරයි. නිදසුනක් වශයෙන්, ගීතිකාකාර දාවිත් මෙසේ ගායනා කළේ ය: “යෙහෝවඃ වහන්සේ කෙරෙහි බලා සිටින සියල්ලෙනි, ධෛර්යයෙන් යුතු ව සිටින්න, ඔබගේ හෘදය ශක්තිමත් වේවා.” (ගීතාවලිය 31:24, NW) ධෛර්යය යනු, “අන්තරාය, භය හෝ දුෂ්කරතා අභිබවා, අවදානමක් දැක දැකත් එය අත්නෑර දිගට ම කරගෙන යාමට ඉදිරිපත් වීම හා ඊට එරෙහි ව කටයුතු කිරීමට ඇති මානසික හෝ සදාචාරාත්මක ශක්තිය ය.” (වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලීජියේට් ඩික්ෂනරි) ධෛර්යවත් පුද්ගලයෙක් ශක්තිමත් ය, නිර්භීත ය, වික්‍රමාන්විත ය. යෙහෝවඃ වහන්සේ ස්වකීය සේවකයන්ට ධෛර්යය දෙන බව, ප්‍රේරිත පාවුල් සිය හවුල් වැඩකරුවා වූ තිමෝතිට ලියන ලද මෙම වචනවලින් පැහැදිලි ය: “දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් [සිහි බුද්ධියෙත් NW] ආත්මයක්ය.”—2 තිමෝති 1:7.
4. ධෛර්යය ලබා ගැනීම සඳහා තිබෙන එක් මාර්ගයක් කුමක් ද?
4 දෙවියන් වහන්සේ විසින් දානය කරනු ලබන ධෛර්යය ලබා ගැනීමට තිබෙන එක් මඟක් නම්, යෙහෝවඃ වහන්සේගේ වචනය වන බයිබලය කෙරෙහි යාච්ඤා පූර්වක අවධානයක් යොමු කිරීමයි. ශුද්ධ ලියවිලිවල දක්නට ලැබෙන බොහෝ වාර්තාවන් වඩාත් ධෛර්යය සම්පන්න වීමට අපට උපකාරවත් වෙයි. එමනිසා, යෙහෝවඃ වහන්සේගේ මාර්ගවල ධෛර්යය සම්පන්න ව ගමන් කළා වූ සමහරක් අය පිළිබඳ ව හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති වාර්තාවලින් අපට කුමක් උගත හැකි දැයි අපි පළමු ව සලකා බලමු.
දෙවියන් වහන්සේගේ පණිවුඩය ප්‍රකාශ කිරීමට ධෛර්යය
5. ඒනොක්ගේ ධෛර්යය යෙහෝවඃ වහන්සේගේ වත්මන් සේවකයන්ට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේ ද?
5 යෙහෝවඃ වහන්සේගේ වත්මන් සේවකයන්ට, දෙවියන් වහන්සේගේ පණිවුඩය ධෛර්යය සම්පන්න ව කථා කිරීමට ඒනොක්ගේ ධෛර්යය උපකාරවත් විය හැක. ඒනොක් ඉපදීමට පෙර, ‘යෙහෝවඃ වහන්සේගේ නාමය කියා යාච්ඤා කිරීම ආරම්භ විණි.’ මිනිසුන්, යෙහෝවඃ වහන්සේගේ නාමයට හඬ ගසමින්, එය “කෙලෙසීමට පටන් ගත්” බව ඇතැම් විශාරදයෝ පවසත්. (උත්පත්ති 4:25, 26; 5:3, 6) දිව්‍ය නාමය, මිනිසුන්ට හෝ පිළිරූවලට භාවිතා කළා විය හැක. මෙබැවින්, පො.යු.පෙ. 3404 දී, එනම් ඒනොක් ඉපදුණ වකවාණුවේ, බොරු ආගම පුළුල් ලෙස ව්‍යාප්ත වෙමින් තිබිණි. ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේ විසින් හෙළි කරන ලද සත්‍යයට අනුකූල ව ධර්මිෂ්ඨ ක්‍රියා මාර්ගයක් ලුහුබඳිමින් ‘දෙවියන් වහන්සේ සමඟ ගමන් කළේ’ ඔහු පමණක් බව පෙනෙන්ට තිබේ.—උත්පත්ති 5:18, 24.
6. (අ) ඒනොක් ප්‍රකාශ කළ බලගතු පණිවුඩය කුමක් ද? (ආ) අපට කිනම් නිසැකකමක් තිබිය හැකි ද?
6 ඒනොක් දෙවියන් වහන්සේගේ පණිවුඩය, පෙනෙන හැටියට, දේශනා කිරීම මගින් ධෛර්යයෙන් යුක්ත ව ප්‍රකාශ කළේ ය. (හෙබ්‍රෙව් 11:5; සසඳන්න 2 පේතෘස් 2:5.) මෙම තනි සාක්ෂිකරුවා, මෙසේ ප්‍රකාශ කළේ ය, “බලව, සියල්ලන් කෙරෙහි යුක්තිය ඉෂ්ටකරන්ටද, සියලු අභක්තීන් විසින් අභක්තිකවන්තලෙස කළාවූ ඔවුන්ගේ සියලු අභක්තික ක්‍රියා ගැනත්, අභක්තික පව්කාරයන් විසින් උන්වහන්සේට විරුද්ධව කථාකළාවූ සියලු කර්කස දේ ගැනත්, ඔවුන් වරදට පත්කරන්ටද, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වකීය දසදහස් ගණන් ශුද්ධවන්තයන් සමග ආසේක.” (යූද් 14, 15) අභක්තිකයන් ව හෙලා දකිමින් එම පණිවුඩය ප්‍රකාශ කරන විට යෙහෝවඃ වහන්සේගේ නාමය භාවිතා කිරීමට ඒනොක් හට ධෛර්යය තිබුණි. තව ද, එම දැඩි පණිවුඩය ප්‍රකාශ කිරීමට දෙවියන් වහන්සේ ඒනොක් හට ධෛර්යය දුන්නාක් මෙන්, යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය දේව සේවයේ දී පාසලේ දී හා වෙනත් තැන්වල දී එඩිතර ව ප්‍රකාශ කිරීමට ස්වකීය වත්මන් සාක්ෂිකරුවන් ව රැකබලා ගෙන තිබෙන සේක.—ක්‍රියා 4:29-31 සසඳන්න.
පරීක්ෂාව යටතේ ධෛර්යය
7. ධෛර්යය සම්බන්ධ ව නෝවා සපයන ආදර්ශය කුමක් ද?
7 අප පරීක්ෂාව යටතේ සිටින විට, ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමෙහි ලා ධෛර්යය සම්පන්න වීමට නෝවාගේ ආදර්ශය අපට උපකාරවත් විය හැක. ධෛර්යය හා ඇදහිල්ල සමඟින්, සමස්ත ලෝක ජල ගැල්මක් පිළිබඳ ව දිව්‍ය අනතුරු ඇඟවීමට අනුව ක්‍රියා කළ ඔහු, “තමාගේ පවුල ගැළවීමට නැවක් සෑදුවේය.” කීකරු වීමෙන් හා ධර්මිෂ්ඨ ක්‍රියා කිරීමෙන්, නෝවා, නොඇදහිලිකාර ලෝකය එහි නපුරු ක්‍රියා හේතුවෙන් හෙලා දුටු අතර, එය විනාශ කිරීමට වටින බව ඔප්පු කළේ ය. (හෙබ්‍රෙව් 11:7; උත්පත්ති 6:13-22; 7:16) නෝවාගේ ක්‍රියා මාර්ගය ගැන මෙනෙහි කිරීම, දෙවියන් වහන්සේගේ වත්මන් සේවකයන් හට, ක්‍රිස්තියානි දේව සේවය බඳු එවැනි ධර්මිෂ්ඨ ක්‍රියාවල ධෛර්යයෙන් යුතු ව නියැලීමට උපකාරවත් වෙයි.
8. (අ) ධෛර්යය සම්පන්න “ධර්මමිෂ්ඨකමේ දේශනාකාරයෙක්” වශයෙන් නෝවා මුහුණ දුන්නේ කුමකට ද? (ආ) අප ධර්මිෂ්ඨකමේ ධෛර්යය සම්පන්න දේශනාකරුවන් නම් යෙහෝවඃ වහන්සේ අප උදෙසා කුමක් කරනු ඇත් ද?
8 අපි ධර්මිෂ්ඨ ක්‍රියා මාර්ගයක් ලුහුබඳිමින් සිටින නමුත්, යම් පරීක්ෂාවක් සමඟ කටයුතු කරන ආකාරය නොදන්නේ නම්, ඒ සමඟ සාර්ථක ව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කරමු. (යාකොබ් 1:5-8) නෝවා පරීක්ෂාවන් යටතේ දෙවියන් වහන්සේට පක්ෂපාත ව සිටීමෙන් පෙන්වන්නේ, ධෛර්යයෙන් හා ඇදහිලිවන්තකමින් යුතු ව පරීක්ෂාවන්ට මුහුණ දිය හැකි බවයි. නපුරු ලෝකයකින් හා මුර්තිමත් වූ දේවදූතයන් හා ඔවුන්ට දාව ඇති වූ දෙමුහුන් දරුවන්ගෙන් ඇති වූ පීඩනයට එරෙහි ව හේ නැගී සිටියේ ය. එසේ ය, නෝවා වනාහි, විනාශය කරා ගමන් කළ “පැරණි ලෝකයකට” ධෛර්යය සම්පන්න ව සිටි “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” විය. (2 පේතෘස් 2:4, 5; උත්පත්ති 6:1-9) ජල ගැල්මට පෙර වූ ඒ මිනිසුන් හට දෙවියන් වහන්සේගේ අනතුරු ඇඟවීම ප්‍රකාශ කළ දූතයෙකු සේ ඔහු නිර්භීත ව කථා කළ නමුත්, “ජල ගැල්ම පැමිණ සියල්ලන් ව ම ඉවතට ගසාගෙන යන තුරු ඔවුහු එය ගණනකටවත් නොගත්හ.” (මතෙව් 24:36-39, NW) එහෙත්, පීඩා හා බයිබලය මත පදනම් වූ අපගේ පණිවුඩයට බොහෝ දෙනාගේ ප්‍රතික්ෂේප කිරීම් අභිබවා, යෙහෝවඃ වහන්සේ නෝවා ව දරාගත්තාක් මෙන්, ධර්මිෂ්ඨකමේ දේශනාකරුවන් වශයෙන් අපත් ඒ හා සමාන ඇදහිල්ලක් හා ධෛර්යයක් විදහා පාන්නෙමු නම්, උන් වහන්සේ අප ව ද දරාගන්නවා ඇත.
දෙවියන් වහන්සේට කීකරු වීම සඳහා ධෛර්යය
9, 10. ආබ්‍රහම්, සාරා සහ ඊසාක් ධෛර්යය සම්පන්න කීකරුකම විදහා පෑවේ කිනම් පැතිවලින් ද?
9 “යෙහෝවඃ වහන්සේගේ මිත්‍රයා” වූ ආබ්‍රහම්, ධෛර්යය සම්පන්න ව දෙවියන් වහන්සේට කීකරු වීමේ කදිම ආදර්ශයකි. (යාකොබ් 2:23) යෙහෝවඃ වහන්සේට කීකරු වී, ද්‍රව්‍යමය වාසි ප්රයෝජනවලින් සපිරි කල්දිවරුන්ගේ ඌර් දේශය අතහැර යාමට ආබ්‍රහම්ට ඇදහිල්ල හා ධෛර්යය අවශ්‍ය විය. ආබ්‍රහම් කරණ කොට ගෙන, “පොළොවේ සියලු පවුල්” තමුන්ට ම ආශීර්වාද කර ගනු ඇතැයි ද ඔහුගේ වංශයට දේශයක් දෙනු ලබන බව ද යන දෙවියන් වහන්සේගේ පොරොන්දු ඔහු විශ්වාස කළේ ය. (උත්පත්ති 12:1-9; 15:18-21) ඇදහිල්ලෙන් ආබ්‍රහම්, “විදේශිකයෙකු මෙන් පොරොන්දු දේශයේ වාසය කර” “සැබෑ අත්තිවාරමක් ඇති නුවර”—හෙවත්, දෙවියන් වහන්සේගේ ස්වර්ගික රාජ්‍යය කෙරෙහි ඔහු බලා සිටියේ ය, ඒ යටතේ ඔහු ව පොළොව මත ජීවිතයකට නැවත නැගිටුවනු ලබනවා ඇත.—හෙබ්‍රෙව් 11:8-16, NW.
10 ඌර් දේශයෙන් ඉවත්වීමටත්, තම ස්වාමිපුරුෂයා සමඟ විදේශීය රටකට යාමටත්, එහි දී ඔවුනට මුහුණ පෑමට සිදු වන ඕනෑ ම අසීරුතාවයක් විඳදරා ගැනීමටත් ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා හට ඇදහිල්ල හා ධෛර්යය තිබුණි. තව ද, ඈ දෙවියන් වහන්සේට දැක් වූ ධෛර්යය සම්පන්න කීකරුකමට ඈට කොතරම් විපාක ලැබුණා ද! “නිසි වයස පසුවෙලා” සිටිය ද, එනම් අවුරුදු 90 දක්වා පමණ වඳ වී සිටිය ද, සාරා ‘තමාට පොරොන්දුව දුන් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙකැයි පිළිගත් නිසා,’ ඈ “ගර්භිණීවෙන්ට බලය ලැබුවාය.” නියමිත කාලයේ දී ඈ ඊසාක් ව බිහි කළා ය. (හෙබ්‍රෙව් 11:11, 12; උත්පත්ති 17:15-17; 18:11; 21:1-7) වසර ගණනාවකට පසු, ආබ්‍රහම් ධෛර්යයෙන් යුතු ව දෙවියන් වහන්සේට කීකරු වූ අතර, ‘ඊසාක් ව පූජා කිරීමට සැරසුණේ ය.’ දේව දූතයෙකු විසින් වළකනු ලැබූ මෙම ආදිපිතෘවරයා, තම ධෛර්යය සම්පන්න වූ ද කිකරු වූ ද පුත්‍රයා ව “උපහැරණ ආකාරයකින්” මරණයෙන් ඉවතට ගත්තේ ය. මෙසේ ඔහු සහ ඊසාක් අනාවැකිමය අයුරින් විචිත්‍රණය කළේ යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මිදීමේ මිලයක් හැටියට සපයනු ඇති ආකාරයයි, එවිට යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල දක්වන අයට සදාකාල ජීවනය ලබාගත හැකි වනු ඇත. (උත්පත්ති 11:17-19, NW; උත්පත්ති 22:1-19; යොහන් 3:16) ආබ්‍රහම්ගේ, සාරාගේ හා ඊසාක්ගේ මෙම ධෛර්යය සම්පන්න කීකරුකම, යෙහෝවඃ වහන්සේට කීකරුවීමටත්, සෑම විට ම උන් වහන්සේගේ කැමැත්ත කිරීමටත් අප ව නිසැක ව ම පෙලඹවිය යුතු ය.
දෙවියන් වහන්සේගේ ජනයාගේ පැත්ත ගෙන සිටීමට ධෛර්යය
11, 12. (අ) මෝසෙස් යෙහෝවඃ වහන්සේගේ ජනයා සම්බන්ධයෙන් ධෛර්යය විදහා පෑවේ කෙසේ ද? (ආ) මෝසෙස්ගේ ධෛර්යය සලකා බලන කල, කුමන ප්‍රශ්න ඇසිය හැකි ද?
11 මෝසෙස් ධෛර්යයෙන් යුතු ව දෙවියන් වහන්සේගේ පීඩිත ජනයාගේ පැත්ත ගත්තේ ය. පොදු යුගයට පෙර 16වන සියවසේ දී, මෝසෙස්ගේ දෙමාපියෝ ම ධෛර්යය සම්පන්නකම පෙන්වූහ. අලුත උපන් හෙබ්‍රෙව් පිරිමි දරුවන් ව මරාදැමීමට වූ රජුගේ අණට භය නොවී, ඔවුහු මෝසෙස් ව සඟවා, අනතුරු ව නයිල් ගං ඉවුරේ පන් ගස් අතරේ කුඩා පෙට්ටියක බහා තැබූහ. ඵාරාවෝගේ දියණිය විසින් සොයා ගන්නා ලදුව, පළමුවෙන් ම තම දෙමාපියන්ගේ නිවසෙන් ආත්මික පුහුණුව ලැබුවත්, ඔහු ඇගේ ම පුත්‍රයා ලෙස ඇති දැඩි කරනු ලැබිණි. ඵාරාවෝගේ නිවසේ කෙනෙකු වශයෙන්, මෝසෙස් “මිසරයන්ගේ සකල ශාස්ත්‍රයන්හි පුහුණුකරනු” ලැබූ අතර, මානසික හා කායික හැකියාවන්ගෙන් ශක්තිමත් වෙමින්, “තමාගේ වචනවලින්ද ක්‍රියාවලින්ද බලවත්ව සිටියේය.”—ක්‍රියා 7:20-22; නික්මයාම 2:1-10; 6:20.
12 රජ වාසලේ ද්‍රව්‍යමය වාසි ප්‍රයෝජන තිබිය දී, මෝසෙස් එවකට මිසරයන් විසින් වහල් භාවයේ තබා ගෙන සිටියා වූ, යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයන්ගේ පැත්ත ගැනීමට ධෛර්යයෙන් යුතු ව තෝරා ගත්තේ ය. ඊශ්රායෙලිතයෙකුගේ ආරක්ෂාවට එමින්, මිසරයෙකු මරා දැමූ ඔහු, අනතුරුව මිදියන් දේශයට පලා ගියේ ය. (නික්මයාම 2:11-15) වසර 40කට පමණ පසු ව, ඊශ්‍රායෙල්වරුන් ව වහල් භාවයෙන් මුදවා ගෙන ඒමට දෙවියන් වහන්සේ ඔහු ව යොදා ගත් සේක. ඉන් පසු ව, මෝසෙස් ‘මිසරය අත්හැර ගිය නමුත්’ එසේ කළේ ඊශ්‍රායෙල්වරුන් වෙනුවෙන් යෙහෝවඃ වහන්සේ ව නියෝජනය කිරිම නිසා තමා ව මරන බවට තර්ජනය කළා වූ ‘රජුගේ කෝපයට බියෙන් නොවේ.’ මෝසෙස් ගමන් කළේ ඔහු ‘අදෘශ්‍යමාන තැනන් වහන්සේ’ වන යෙහෝවඃ දෙවියන් වහන්සේ ව දුටුවාක් මෙනි. (හෙබ්‍රෙව් 11:23-29; නික්මයාම 10:28) මුහුණ පෑමට සිදුවන අසීරුතා හා පීඩා හමුවේ ඔබ යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ ජනයා සමඟ ඇලී සිටින පරිදි ඔබට එවැනි ඇදහිල්ලක් හා ධෛර්යයක් තිබෙනවා ද?
‘යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ලෙස අනුගමනය කිරීම’ සඳහා ධෛර්යය
13. යෝෂුවා සහ කාලෙබ් ධෛර්යය සම්බන්ධයෙන් ආදර්ශයක් සැපයුවේ කෙසේ ද?
13 දෙවියන් වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට අපට හැකි බව ධෛර්යය සම්පන්න යෝෂුවා සහ කාලෙබ් සාක්ෂි සපයා දුන්හ. ඔවුහු “යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ලෙස අනුගමනය කළහ.” (නික්මයාම 32:12, NW) යෝෂුවා සහ කාලෙබ්, පොරොන්දු දේශයේ ඔත්තු බැලීමට යවනු ලැබූ මිනිසුන් 12 දෙනා අතර සිටියහ. එහි විසූවන්ට භය වූ ඔත්තුකරුවන් දස දෙනා, කානාන් දේශයට ඇතුළු වීමෙන් ඊශ්‍රායෙල්වරුන් ව වැළැක්වීමට යත්න දැරූහ. කෙසේ වුවද, යෝෂුවා හා කාලෙබ් ධෛර්යය සම්පන්න ව මෙසේ පැවසූහ: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අප කෙරෙහි ප්‍රසන්නවනසේක්නම් කිරි සහ මීපැණි ගලායන ඒ දේශයට අප පමුණුවා ඒක අපට දෙනවා ඇත. ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] විරුත්ටධව කැරළිගැසීමක් නම් නොකරල්ලා, ඒ දේශයේ සෙනගට භයනොවෙල්ලා; මක්නිසාද ඔව්හු අපට ගොදුරු වැනිය. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් කෙරෙන් පහව ගියාය, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] අප සමඟ සිටිනසේක. ඔවුන්ට භය නොවෙල්ලා.” (ගණන් කථාව 14:8, 9) ඇදහිල්ලෙන් හා ධෛර්යයෙන් ඌන ව සිටි එම ඊශ්‍රායෙල් පරම්පරාව, කිසිවිටෙකත් පොරොන්දු දේශයට ළඟා වූයේ නැත. එහෙත් යෝෂුවා සහ කාලෙබ් නව පරම්පරාවක් සමඟින් සැබවින් ම එයට ඇතුල් විය.
14, 15. (අ) යෝෂුවා, යෝෂුවා 1:7, 8 හි වචන අදාළ කර ගනිත් ම, ඔහු සහ ඊශ්‍රායෙලිතයන් අත්දුටුවේ කුමක් ද? (ආ) ධෛර්යය සම්බන්ධයෙන් අප යෝෂුවාගෙන් සහ කාලෙබ්ගෙන් ඉගෙන ගන්නේ කුමන පාඩමක් ද?
14 දෙවියන් වහන්සේ යෝෂුවාට මෙසේ පැවසූ සේක: “මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්ය්යවත්ව සිටපන්න. නුඹ යන සෑම තැනදීම නුඹට ශුභ සිත්ටධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න. මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිත්ටධවන්නේය.”—යෝෂුවා 1:7, 8.
15 යෝෂුවා එම වචන අදාළ කර ගැනීමත් සමඟ ම, යෙරිකෝ සහ වෙනත් නුවරවල් ඊශ්‍රායෙල්වරුන් අතට පත් විය. ගිබියොන් හි දී ඊශ්‍රායෙල්වරුන්ට ජය ලැබෙන තෙක් දෙවියන් වහන්සේ සූර්යයා නැවතීමට පවා සැලැසූ සේක. (යෝෂුවා 10:6-14) “මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝවූ” එක්සත් සතුරු සේනාවන් මගින් අනතුරට පත් ව සිටින අවස්ථාවේ දී, යෝෂුවා ධෛර්යයෙන් යුක්ත ව ක්‍රියා කළ අතර, දෙවියන් වහන්සේ නැවතත් ඊශ්‍රායෙල්වරුන්ට ජය ලබා දුන් සේක. (යෝෂුවා 11:1-9) අප අසම්පූර්ණ මනුෂ්‍යයන් වුවත්, යෝෂුවා සහ කාලෙබ් මෙන්. අපටත් යෙහෝවඃ වහන්සේ ව පූර්ණ ලෙස අනුගමනය කළ හැකි අතර, ස්වකීය මාර්ගවල ධෛර්යයෙන් යුතු ව ගමන් කිරීම සඳහා අප ව බලවත් කිරීමට දෙවියන් වහන්සේට හැක.
දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට ධෛර්යය
16. දෙබොරා, බාරක් සහ යායෙල් ධෛර්යය පෙන්නුම් කළේ කිනම් මාර්ගවලින් ද?
16 විනිශ්චයකරුවන් විසින් ඊශ්‍රායෙලයේ යුක්තිය ක්‍රියාත්මක කරන අවදියේ වූ සිදුවීම් මගින් පෙන්වන පරිදි, දෙවියන් වහන්සේ කෙරෙහි ධෛර්යයෙන් යුතු ව විශ්වාසය තැබීම විපාකදායී වේ. (රූත් 1:1) නිදසුනක් වශයෙන්, විනිශ්චයකාර බාරක් සහ අනගතවක්තෘවරියක වූ දෙබොරා ධෛර්යයෙන් යුතු ව දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබූහ. කානානීය රජු වූ ජාබින් ඊශ්‍රායෙල්වරුන්ට 20 වසරක් මුළුල්ලේ පීඩා කොට සිටි අවදියේ දී, බාරක් ලවා තාබොර් කන්දේ මිනිසුන් 10,000ක් එක් රැස්කර වීමට යෙහෝවඃ වහන්සේ දෙබොරා ව පෙලඹ වූ සේක. ජාබින්ගේ යුද්ධ හමුදා ප්‍රධානියා වූ සිසෙරා, කිෂොන් නිම්නයට කඩිනමින් ගමන් කළේ, දෑකැති වැනි යකඩ තල සහිත රෝද සවිකොට තිබූ යකඩ රථ 900කින් සමන්විත තම හමුදාව අතින් සමතලා භූමියේ සිටින ඊශ්‍රායෙල් මිනිසුන් අන්ත පරාජයක් ලබනු ඇතැයි යන ස්ථිර භාවයෙන් යුතු ව ය. ඊශ්‍රායෙල්වරු සමභූමියට බැස ගිය විට, ඔවුන් වෙනුවෙන් ක්‍රියා කළ දෙවියන් වහන්සේ, ක්ෂණික දැඩි ගංවතුරක් මගින් යුධ පිටිය සිසෙරාගේ යකඩ රථ නිශ්චල කළ මඩ වගුරක් බවට හැර වූ සේක. බාරක්ගේ මිනිස්සු ජය ගත්තෝ ය, එහෙයින්, ‘සිසෙරාගේ මුළු හමුදාව කඩු මුවහතින් වැටුණෝ ය.’ සිසෙරා යායෙල්ගේ කූඩාරමට පලා ගිය නමුත්, ඔහු එහි නිදා සිටිනවාත් සමඟ ම, ඔහුගේ නළල කෙළවර පසාරු කරගෙන යන ඇණයක් ගසා ඔහු ව මරුමුවට පත් කිරීමට ඈට ධෛර්යය තිබිණි. දෙබොරා විසින් බාරක්ට පවසන ලද අනාවැකිමය ප්රකාශනය සැබෑකරමින්, මෙම ජයග්‍රහණයේ “අලංකාර දෙය” මෙසේ ස්ත්‍රියක් හට ලැබිණි. දෙබොරා, බාරක් සහ යායෙල් දෙවියන් වහන්සේ කෙරෙහි ධෛර්යයෙන් යුතු ව දැඩි විශ්වාසය තැබූ නිසා, ඊශ්‍රායෙල් “දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.”—විනිශ්චයකාරයන් 4:1-22; 5:31.
17. යෙහෝවඃ වහන්සේ කෙරෙහි ධෛර්යය සම්පන්න විශ්වාස තැබීම සම්බන්ධ ව විනිශ්චයකාර ගිඩියොන් තැබූ ආදර්ශය කුමක් ද?
17 මිදියන්වරු සහ තවත් අය ඊශ්‍රායෙලය ආක්‍රමණය කළ අවස්ථාවේ, විනිශ්චයකාර ගිඩියොන් ධෛර්යයෙන් යුතු ව යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබුවේ ය. ආක්‍රමණිකයන් 1,35,000ක් පමණ ගණනින් අධික ව සිටිය ද, ඊශ්‍රායෙල්හි සටන්කරුවන් 32,000දෙනා සමහර විට තවමත් නැඹුරු වී සිටියේ, දෙවියන් වහන්සේ විසින් තමන්ට දෙන ලද ජයග්‍රහණය තමන්ගේ විකුම් තේජස නිසා තමන්ට ලැබූ දෙයක් ය යන සිතුවිල්ල ඇති ව ය. එමනිසා, යෙහෝවඃ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ, ගිඩියොන් ඔහුගේ හමුදාව මිනිසුන් 100කගෙන් සමන්විත කණ්ඩායම් තුනක් දක්වා අඩු කළේ ය. (විනිශ්චයකාරයන් 7:1-7, 16; 8:10) එම 300දෙනා, රාත්‍රියේ දී මිදියවරුන්ගේ කඳවුරු වටලනවාත් සමඟ ම, ඒ එක් එක්කෙනාට හොරණෑවක් ද, පන්දමක් සමඟ වතුර කලයක් ද තිබිණි. සංඥාවක් ලැබීමත් සමඟ, ඔවුහු හොරණෑ පිඹ, වතුර කල බිඳ, දැල්වෙන පන්දම් ඉහළට ඔසවා තබා, “ස්වාමීන්වහන්සේගේද [යෙහෝවඃ වහන්සේගේ ද NW] ගිඩියොන්ගේද කඩුවයයි” මොරගැසුවෝ ය. (විනිශ්චයකාරයන් 7:20) ත්‍රාසයට පත් මිදියන්වරු පලායන්නට පටන් ගත් අතර, යටත් වූහ. එවන් සිද්ධීන්වලින් අපට ඒත්තු ගැන්වී යා යුතු දෙය නම්, ධෛර්යයෙන් යුතු ව දෙවියන් වහන්සේ කෙරෙහි තබන දැඩි විශ්වාසයට අද දින ද විපාක ලැබෙන බව ය.
යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමට සහ නිර්මල නමස්කාරය වැඩි දියුණු කිරීමට ධෛර්යය
18. ගොලියත් ව බිම හෙලූ විට, දාවිත් ධෛර්යයෙන් යුතු ව කළේ කුමක් ද?
18 ඇතැම් බයිබල් ආදර්ශ, යෙහෝවඃ වහන්සේට ගෞරව කිරීමට සහ නිර්මල නමස්කාරය වැඩි දියුණු කිරීමට ධෛර්යය ලබා දෙයි. තම පියාගේ බැටළුවන් ව නිර්භීත ලෙස ගලවා ගත් යෞවන දාවිත්, යෝධ පිලිස්තීය ගොලියත් හමුවේ ධෛර්යය සම්පන්නකම ඔප්පු කළේ ය. “තෝ කඩුවක්ද හෙල්ලයක්ද කුඩා හෙල්ලයක්ද රැගෙන මා ළඟට එන්නෙහිය” යයි දාවිත් පැවසුවේ ය. “මම වනාහි තා නින්දාකළ ඉශ්රායෙල් සමුදාවල දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයෙන් තා ළඟට එමි. අද දවසේ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] තා මා අතට පාවාදෙනසේක; මම තට ගසා, තාගේ හිස කපාදමන්නෙමි. . . . මෙසේ ඉශ්රායෙල් කෙරෙහි දෙවිකෙනෙක් ඉන්න බව පොළොවේ සියල්ලන්ම දැනගන්නවා ඇත. ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කඩුවෙන් හා හෙල්ලයෙන් නොගළවන බව මේ මුළු සමූහයාත් දැනගන්නවා ඇත. මක්නිසාද යුත්ටධය ස්වාමීන්වහන්සේගේය [යෙහෝවඃ වහන්සේගේ ය NW].” (1 සාමුවෙල් 17:32-37, 45-47) දිව්‍ය උපකාරය ඇති ව, දාවිත් ධෛර්යයෙන් යුතු ව යෙහෝවඃ වහන්සේට ගෞරව කළේ ය, ගොලියත් ව බිම හෙලුවේ ය, මෙසේ නිර්මල නමස්කාරය කෙරෙහි එල්ල වූ පිලිස්තීය තර්ජනය පහ කිරීමෙහි ලා අති වැදගත් කාර්ය භාරයක් ඉටු කළේ ය.
19. සාලමොන්ට ධෛර්යය අවශ්‍ය වූයේ කිනම් ව්‍යාපෘතිය සඳහා ද, එමෙන් ම ඔහු මේ සම්බන්ධ ව කටයුතු කළ ආකාරය අපගේ දවසට අදාළ කළ හැක්කේ කෙසේ ද?
19 දාවිත් රජුගේ පුත්‍රයා වූ සාලමොන් දෙවියන් වහන්සේගේ මාලිගාව සෑදීමට සූදානම් වන අවස්ථාවේ දී, ඔහුගේ වයස්ගත පියා ඔහුගෙන් මෙසේ උදක් ම ඉල්ලා සිටියේ ය: “නුඹ ශක්තිමත්ව [ධෛර්යය සම්පන්න ව NW] සවිව සිට ඒක ඉෂ්ටකරපන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන් වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹ සමග වනසේක; ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ඉවත්නොවනසේක, නුඹ අත්නොහරිනසේක.” (1 ලේකම් 28:20) ධෛර්යයෙන් යුතු ව පියවර ගනිමින්, සාලමොන් දේව මාලිගාව සාර්ථක ව නිම කළේ ය. අද දින දිව්‍යාණ්ඩු ගොඩනැගිලි වැඩසටහනක් අභියෝගයක් වන විට, අපි දාවිත්ගේ වචන මතක තබා ගනිමු: “ශක්තිමත්ව [ධෛර්යය සම්පන්න ව NW] සවිව සිට ඒක ඉෂ්ටකරපන්න.” යෙහෝවඃ වහන්සේට ගෞරව කර නිර්මල නමස්කාරය වැඩි දියුණු කිරීමට මොනතරම් කදිම ක්‍රමයක් ද!
20. ආසා රජ ධෛර්යය සම්පන්න වූයේ කිනම් පැත්තෙන් ද?
20 දෙවියන් වහන්සේට ගෞරව කිරීමට සහ නිර්මල නමස්කාරය වැඩි දියුණු කිරීමට ආසා රජුට තිබූ ආශාව හේතුවෙන්, ඔහු යුදා හි තිබූ පිළිම සහ මාලිගාවේ පිරිමි ගණිකාවන් පහ කළේ ය. තව ද ඔහු ඇදහිල්ල අත්හැර ගිය තම ආච්චි ව ඇගේ උසස් තනතුරෙන් පහකර දමා, ඇගේ “පිළිකුල් රූප” ගින්නෙන් දවා දැමුවේ ය. (1 රාජාවලිය 15:11-13) එසේ ය, ආසා, “ධෛර්ය්ය උපදවාගන, යුදාවරුන්ගෙත් බෙන්යමින්වරුන්ගෙත් මුළු දේශයෙන්ද එප්‍රායිම් කඳු රටින් තමා විසින් අල්ලාගත් නුවරවලින්ද පිළිකුල් දේවල් අහක්කෙළේය; ඔහු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ත්ටවාරමණ්ඩපය ඉදිරිපිට තිබුණු ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] පූජාසනයද අලුත්වැඩියා කෙළේය.” (2 ලේකම් 15:8) ඔබත් ඇදහිල්ල අත්හැරයාම ධෛර්යයෙන් යුතු ව ප්‍රතික්ෂේප කර නිර්මල නමස්කාරය වැඩි දියුණු කරන්නෙහි ද? තව ද ඔබ ඔබගේ ද්‍රව්‍යමය දේවල්, රාජ්‍යය කටයුතු වැඩි දියුණු කිරීම සඳහා යොදා ගන්නෙහි ද? ඔබ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන් ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙහි ලා නිති පතා හවුල්වීමෙන් යෙහෝවඃ වහන්සේ ව ගෞරව කිරීමට සොයන්නෙහි ද?
21. (අ) පූර්ව-ක්‍රිස්තියානි අඛණ්ඩතාවය රකින්නන්ගේ වාර්තාවන් අපට උපකාරවත් විය හැක්කේ කෙසේ ද? (ආ) ඊළඟ ලිපියේ සලකා බලනු ඇත්තේ කුමක් ද?
21 පූර්ව ක්‍රිස්තියානි අඛණ්ඩතාවය රකින්නන්ගේ ධෛර්යය සම්පන්න ශුද්ධ ලියවිලිමය වාර්තාවන් යෙහෝවඃ වහන්සේ විසින් ආරක්ෂා කර තිබීම ගැන අපි කොතරම් කෘතඥ පූර්වක වෙමු ද! සහතික ව ම, ඔවුන්ගේ කදිම ආදර්ශයන්, අපට ධෛර්යයෙන්, දිව්‍ය භයෙන් හා ගරු බියෙන් යුතු ව යෙහෝවඃ වහන්සේ හට පරිශුද්ධ සේවය පිරිනැමීමට උපකාරවත් වෙයි. (හෙබ්‍රෙව් 12:28) එහෙත්, දේව භක්තික ධෛර්යය ක්‍රියාවට නැංවෙමින් තිබෙන ආදර්ශයන් ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල ද අඩංගු වෙයි. යෙහෝවඃ වහන්සේගේ මාර්ගවල ධෛර්යයෙන් යුතු ව ගමන් කිරීමට මෙම වාර්තාවන්ගෙන් සමහරකට අපට උපකාර කිරීමට හැක්කේ කෙසේ ද?
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ ධෛර්යය යනු කුමක් ද?
◻ ඒනොක් සහ නෝවා ධෛර්යය විදහා පෑවේ කෙසේ ද?
◻ ආබ්‍රහම්, සාරා සහ ඊසාක් ධෛර්යයෙන් යුතු ව ක්‍රියා කළේ කුමන කාරණා සම්බන්ධයෙන් ද?
◻ මෝසෙස්, යෝෂුවා සහ කාලෙබ් විසින් තබන ලද ධෛර්යය සම්පන්න ආදර්ශයන් කවරේ ද?
◻ දෙවියන් වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබීමට තමන්ට ධෛර්යය තිබූ බව තවත් අය පෙන්වූයේ කෙසේ ද?
[15වන පිටුවේ පින්තූරය]
ගිඩියොන් සහ ඔහුගේ කුඩා භට කණ්ඩායම ධෛර්යයෙන් යුතු ව යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තැබූහ