-
හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
1. ඉර, හඳ, තරු සහ පොළොව ඇති වුණේ කොහොමද?
බයිබලයේ කියනවා “පටන්ගැන්මේදී දෙවියන් අහසයි, පොළොවයි නිර්මාණය කළා” කියලා. (උත්පත්ති 1:1) විශ්වයට ආරම්භයක් තිබුණා කියලා ගොඩක් විද්‍යාඥයනුත් පිළිගන්නවා. ඒ හැම දේම දෙවියන් නිර්මාණය කළේ කොහොමද? මන්දාකිනි, තරු, ග්‍රහලෝක ඇතුළුව විශ්වයේ තියෙන හැම දේම නිර්මාණය කරන්න දෙවියන් ඔහුගේ “බලය” පාවිච්චි කළා.—උත්පත්ති 1:2.
-
-
හැම දෙයක්ම ඇති වුණේ කොහොමද?හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
5. හැම දේම හදපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව පිළිගන්න පුළුවන්
උත්පත්ති 1වෙනි පරිච්ඡේදයේ පොළොවත් ඒකේ තියෙන හැම දෙයක්මත් ඇති වුණේ කොහොමද කියලා විස්තර කරනවා. ඒ වාර්තාව ඇත්තක්ද නැත්නම් ගොතපු කතාවක්ද? වීඩියෝ එක බලලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
පොළොව සහ ඒකේ තියෙන හැම දෙයක්ම පැය 24 දවස් හයකින් හැදුවා කියලද බයිබලයේ කියන්නේ?
හැම දෙයක්ම හදපු විදිහ ගැන බයිබලයේ තියෙන වාර්තාව තර්කානුකූලයි, විශ්වාස කරන්න පුළුවන් කියලා ඔයා හිතනවාද? එහෙම කියන්නේ ඇයි?
උත්පත්ති 1:1 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
විද්‍යාඥයන් කියනවා මේ විශ්වයට ආරම්භයක් තිබුණා කියලා. ඒ අදහස බයිබලයේ ඔයා දැන් කියවපු දේට ගැළපෙන්නේ කොහොමද?
සමහරු හිතනවා හැම දේම හදන්න දෙවියන් පරිණාමය යොදාගන්න ඇති කියලා. උත්පත්ති 1:21, 25, 27 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
දෙවියන් සරල ජීවියෙක් හදලා ඒක මාළු, ක්ෂීරපායි සත්තු සහ මිනිස්සු විදිහට පරිණාමය වෙන්න ඉඩහැරියා කියලා බයිබලයේ කියනවාද? නැත්නම් ඔහු “ඒ ඒ වර්ග විදිහට” ජීවීන්ව නිර්මාණය කළාද?b
-