-
ජීවිතේ කියන්නේ තෑග්ගක්හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
5. නූපන් දරුවෙක්ගේ ජීවිතේට අනතුරක් කරන්න එපා
මව්කුසේ දරුවෙක් වැඩෙද්දී එයා ගැන හැම දෙයක්ම යෙහෝවා දකිනවා කියලා දාවිත් ලස්සනට විස්තර කළා. ගීතාවලිය 139:13-17 කියවලා මේ ප්රශ්නය ගැන කතා කරන්න.
යෙහෝවා දකින විදිහට කෙනෙක්ගේ ජීවිතේ පටන්ගන්නේ පිළිසිඳගන්න වෙලාවේද? නැත්නම් ඉපදෙන වෙලාවේද?
අම්මලාගේ සහ නූපන් දරුවන්ගේ ජීවිත ආරක්ෂා වෙන විදිහේ නීති යෙහෝවා දෙවියන් අතීතයේ හිටපු ඊශ්රායෙල් සෙනඟට දීලා තිබුණා. නික්මයාම 21:22, 23 කියවලා මේ ප්රශ්න ගැන කතා කරන්න.
කෙනෙක්ගේ නොසැලකිලිමත්කම නිසා නූපන් දරුවෙක්ගේ ජීවිතේට හානියක් වුණොත් යෙහෝවා ඒ කෙනාව සැලකුවේ කොහොමද?
කවුරු හරි කෙනෙක් ඒ වගේ දෙයක් හිතාමතාම කළා නම් දෙවියන් ඒක සලකන්නේ කොහොමද?b
දෙවියන් හිතන විදිහ ගැන ඔයා හිතන්නේ මොකක්ද?
ජීවිතේ වටිනා දෙයක් විදිහට සලකන කාන්තාවකට වුණත් හිතෙන්න පුළුවන් ගබ්සාවක් කරන එක ඇර වෙන විසඳුමක් නැහැ කියලා. යෙසායා 41:10 කියවලා මේ ප්රශ්න ගැන කතා කරන්න.
ගබ්සාවක් කරගන්න කියලා අනිත් අය බලපෑම් කරනවා නම් එයාට උදව් ගන්න පුළුවන් කාගෙන්ද? එහෙම කියන්නේ ඇයි?
-
-
ජීවිතේ කියන්නේ තෑග්ගක්හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
-
-
b ගබ්සාවක් කරලා තියෙන කෙනෙක් ඒ ගැන දැන් ඕනෑවට වඩා හිතලා කලකිරෙන්න ඕනෙ නැහැ. ඒ ගැන පසුතැවෙන අයට යෙහෝවා දෙවියන් සමාව දෙනවා. ඒ ගැන තව තොරතුරු දැනගන්න “ගබ්සාව ගැන බයිබලයේ කියන්නේ මොනවාද?” කියන ලිපිය බලන්න. ඒ ලිපිය “තව දැනගන්න” කියන කොටසේ සඳහන් වෙනවා.
-