දේවවචනය නිධානයක් | නික්මයාම 23-24
වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන්න එපා
යෙහෝවා දෙවියන් එදා හිටපු විනිශ්චයකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට කිව්වා වැඩිදෙනාගේ බලපෑමට අහු වෙලා නඩු විභාගවලදී අසාධාරණ තීන්දුවත් බොරු සාක්ෂිවත් දෙන්න එපා කියලා. ඔහු කිව්ව දේ ජීවිතේ තවත් පැතිවලටත් අදාළ වෙනවා. අද ලෝකේ ඉන්න හුඟක් අය හිතන්නේ, වැඩ කරන්නේ දෙවියන් කැමති විදිහට නෙවෙයි නිසා ඒ අයගේ බලපෑමට අහු නොවී ඉන්න හැම තිස්සේම අපිට ලොකු සටනක් කරන්න වෙනවා.—රෝම 12:2.
මේ වගේ අවස්ථාවලදී වැඩිදෙනාගේ බලපෑමට අහු වෙන එක අඥාන දෙයක් වෙන්නේ ඇයි?
කෙනෙක් බොරු කටකතාවක්, ඕපාදූපයක් කියද්දී.
ඇඳුම් පැළඳුම්, හිසකෙස් විලාසිතා නැත්නම් විනෝදාංශ තෝරගද්දී.
වෙනත් ජාතියක, සංස්කෘතියක නැත්නම් ආර්ථික මට්ටමක කෙනෙක් එක්ක කටයුතු කරද්දී.