‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජූලි 5-11
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 11-12
“යෙහෝවා දෙවියන් කැමති අපි ඔහුට කොහොම නමස්කාර කරනවාටද?”
it-2-E 1007 4¶
ජීවිතය
මුළු ජීවිතයම කැප කරන්න. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න ඕනෙ විදිහ ගැන කතා කරද්දී ඔහු වෙනුවෙන් ‘ඔබේ මුළු ජීවිතයම කැප කරන්න’ කියලා බයිබලේ කියනවා. (ද්වි 11:13) ඒත් ඒ ගැන කතා කරන තැන්වල මෙහෙමත් කියලා තියෙනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.” “ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30; ලූක් 10:27; ද්වි 6:5) මුළු ජීවිතයම කැප කරනවා කියද්දී ඒ කියපු දේවලුත් ඇතුළත්නේ. එහෙනම් ඇයි ඒ දේවල් වෙන වෙනම කියලා තියෙන්නේ? ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. කෙනෙක් තමන්ව වහල්කමට විකුණනවා. එහෙම කළාම එයා අයිති වෙන්නේ එයාගේ ස්වාමියාට. හැබැයි එහෙම කළා කියලා ඒ කෙනා එයාගේ ස්වාමියාට මුළු හදවතින්ම සේවය කරනවා කියලා කියන්න බැහැ. මොකද එයා වැඩවලට සම්පූර්ණ ශක්තිය යොදවන්නෙවත් ඒ දේවල්වලට මනස යොමු කරලා ස්වාමියාගේ හිත සතුටු කරන්නෙවත් නැති වෙන්න පුළුවන්. ඉතින් “මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න” කියද්දී අනිත් දේවලුත් එකතු කරලා තියෙන්නේ ඒ පැති ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ නිසයි. ඒක අපිට අදාළ වෙන්නේ කොහොමද? අපි අයිති යෙහෝවා දෙවියන්ට. අපිට සදාකාල ජීවිතය ලැබෙන්නේ යේසුස් අපි වෙනුවෙන් ජීවිතය පූජා කරපු නිසයි. “මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කරන්න” කියද්දී ඒකට ඇතුළත් අනිත් පැතිත් නිතරම මතක තියාගෙන ඔහුට අපේ උපරිමයෙන් සේවය කරන එක කොච්චර වැදගත්ද!—කොලො 3:23, 24.
it-1-E 84 3¶
පූජාසනය
වෙනත් ජාතීන් බොරු නමස්කාරය වෙනුවෙන් ඉදි කරලා තිබුණු පූජාසන, කණු සහ කුලුනු සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කියලා යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට අණ කළා. (නික් 34:13; ද්වි 7:5, 6; 12:1-3) එකම සැබෑ දෙවියන්ට නමස්කාර කරන්න පූජාසන හුඟක් හදනවා වෙනුවට දෙවියන් තෝරගත්ත තැනක එක පූජාසනයක් විතරක් හදන්න කියලා ඔහු ඊශ්‍රායෙල්වරුන්ට කිව්වා. (ද්වි 12:4-6, 13, 14, 27) යොර්දාන් ගඟෙන් එගොඩ වුණාට පස්සේ යොෂුවා ඒබාල් කන්දේ යෙහෝවා දෙවියන් කියපු විදිහට පූජාසනයක් හැදුවා. (යොෂු 8:30-32) පස්සේ කාලෙක ඊශ්‍රායෙල් ගෝත්‍රවලට දේශය බෙදලා දුන්නාම රූබෙන්, ගාද් සහ මනස්සේ ගෝත්‍රවල අය එකතු වෙලා යොර්දාන් ගඟ ළඟ තවත් පූජාසනයක් හැදුවා. ඒ නිසා අනිත් ගෝත්‍රවල අය එයාලට විරුද්ධව යුද්ධ කරන්න තීරණය කළා. හැබැයි ඒ පූජාසනය හැදුවේ බොරු නමස්කාරය වෙනුවෙන් නෙවෙයි, එයාලත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට කියන එක මතක් කරන්නයි කියලා දැනගත්තාම අනිත් ගෝත්‍රවල අය යුද්ධ කරන්න ගත්ත තීරණය වෙනස් කළා.—යොෂු 22:10-34.
දේවවචනයෙන් මැණික්
it-1-E 925-926
ගෙරිසීම් කන්ද
ඊශ්‍රායෙල්වරුන් ආයි නගරය යටත් කරගත්තාට පස්සේ යොෂුවා මෝසෙස් දීලා තිබුණු මඟ පෙන්වීම්වලට අනුව ඊශ්‍රායෙල්වරුන්ව ගෙරිසීම් කන්ද පාමුලටත් ඒබාල් කන්ද පාමුලටත් රැස් කළා. ඊටපස්සේ යෙහෝවා දෙවියන්ට කීකරු වුණොත් ලැබෙන ආශීර්වාද ගැනත් අකීකරු වුණොත් ලැබෙන ශාප ගැනත් නීතියේ කියලා තිබුණ දේවල් යොෂුවා සෙනඟට ඇහෙන්න කියෙව්වා. සිමියොන්, ලෙවී, යූදා, ඉසකාර්, යෝසෙප් සහ බෙන්ජමින් කියන ගෝත්‍රවල අය හිටියේ ගෙරිසීම් කන්ද පාමුලයි. අනිත් ගෝත්‍රවල අය හිටියේ ඒබාල් කන්ද පාමුලයි. ලෙවීවරුන් හිටියේ සහ ගිවිසුම් පෙට්ටිය තිබුණේ ඒ කඳු දෙක අතර තිබුණ තැනිතලාවෙයි. (ද්වි 11:29, 30; 27:11-13; යොෂු 8:30-35) යොෂුවා ගෙරිසීම් කන්ද පැත්තට හැරිලා ආශීර්වාද ගැන කියද්දී ඒ කන්ද පාමුල හිටපු අය ආමෙන් කියලා කියන්න ඇති. යොෂුවා ඒබාල් කන්ද පැත්තට හැරිලා ශාප ගැන කියද්දී ඒ කන්ද පාමුල හිටපු අය ආමෙන් කියලා කියන්න ඇති. “ස්ත්‍රීන්ද කුඩා දරුවන්ද ඊශ්‍රායෙල්වරුන් සමඟ ආ විදේශිකයන්ද ඇතුළු රැස්ව සිටි සියලුදෙනා ඉදිරියේ ඔහු එම වචන කියෙව්වා” කියලා බයිබලේ කියනවා.—යොෂු 8:35.
ජූලි 12-18
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 13-15
“යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්”
it-2-E 1110 3¶
දසයෙන් කොටස
පේන විදිහට ඊශ්‍රායෙල්වරුන් ලෙවී ගෝත්‍රය වෙනුවෙන් වෙන් කරපු දසයෙන් කොටසට අමතරව තවත් දසයෙන් කොටසක් වෙන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ඒක පාවිච්චි කළේ හැම අවුරුද්දකම දෙවියන් පවත්වන්න කියලා නියම කරලා තිබුණ උත්සවවලදී කාලා බීලා සතුටු වෙන්නයි. (ද්වි 14:22-27) වෙන් කරපු ඒ දසයෙන් කොටසෙන් තවත් ප්‍රයෝජනයක් තිබුණා. හැම සබත් අවුරුද්දකටම පස්සේ එන තුන්වෙනි සහ හයවෙනි අවුරුදුවලදී ඒ දසයෙන් කොටස තමන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පාවිච්චි කරන්නේ නැතුව ඒක ලෙවීවරුන්, විදේශිකයන්, වැන්දඹුවන් සහ පියා නැති දරුවන් වෙනුවෙන් දුන්නා.—ද්වි 14:28, 29; 26:12.
it-2-E 833
සබත් අවුරුද්ද
සබත් අවුරුද්ද “සහන අවුරුද්ද” කියලත් හැඳින්නුවා. (ද්වි 15:9; 31:10) ඒ අවුරුද්දෙදි කෙත්වතුවල වගා කරන්නේ නැතුව ඒවා නිකම්ම තියෙන්න ඉඩහැරියා. (නික් 23:11) ණය වෙලා හිටපු ඊශ්රාලේවරයෙක්ටත් ඒ අවුරුද්දෙදි යම් සහනයක් ලැබුණා. ඒ වගේ සහනයක් ලැබුණේ සබත් අවුරුද්ද “යෙහෝවා දෙවිට ගෞරවය ගෙන දීමේ අරමුණින් දේශයේ වැසියන්ට සහනයක් ලබා දීමට වෙන් කළ අවුරුද්දක්” වුණ නිසයි. සමහර විශාරදයන් කියනවා ණයහිමියන් ඒ ණය සම්පූර්ණයෙන්ම කපා හරින්නේ නැතුව සබත් අවුරුද්දට විතරක් ණය ඉල්ලලා කරදර නොකර හිටියා කියලා. මොකද ඒ අවුරුද්දෙදි වගා කළේ නැති නිසා ගොවිතැන් කරපු ඊශ්රායෙල්වරයෙක්ට ඒ ණය ගෙවන්න විදිහක් තිබුණේ නැහැ. හැබැයි සබත් අවුරුද්දෙදි වුණත් ණය ගෙවන්න කියලා විදේශිකයෙක්ගෙන් ඉල්ලන්න අවසර තිබුණා.—ද්වි 15:1-3.
it-2-E 978 6¶
දාසයා
ස්වාමියා සහ දාසයා සම්බන්ධ නීති. ඊශ්‍රායෙල් දාසයෙක්ට තමන් සේවය කරන හත්වෙනි අවුරුද්දෙදි නිදහස් වෙලා යන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඊට කලින් ජුබිලි අවුරුද්දක් ආවා නම් ඒ අවුරුද්දෙදි එයාට නිදහස ලැබුණා. දාසයෙක් විදිහට වැඩ කරපු ඊශ්‍රායෙල් ජාතිකයෙක්ට සලකන්න ඕනෙ වුණේ කුලීකරුවෙක්ට සලකන විදිහටයි. (නික් 21:2; ලෙවී 25:10; ද්වි 15:12) ඒ වගේම එයා නිදහස් වෙලා යද්දී අලුතෙන් ජීවිතය පටන්ගන්න උදව්වක් විදිහට එයාට යම් තෑග්ගකුත් දීලා යවන්න කියලා නීතියේ කියලා තිබුණා. (ද්වි 15:13-15) ඊශ්‍රායෙල්වරයෙක් විදේශිකයෙක්ට තමන්ව දාසකමට විකුණුවොත් ඕනෙම වෙලාවක නියමිත මුදල ගෙවලා නිදහස් වෙන්න පුළුවන්කම තිබුණා.—ලෙවී 25:47-49.
ජූලි 19-25
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 16-18
“සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති”
it-1-E 343 5¶
නොමඟ යැවීම, නම්මාගැනීම
විනිශ්චයමය කාරණාවලදී අල්ලස් ගන්න එක, තෑගි ගන්න එක සහ කෙනෙක්ට විශේෂ සැලකිල්ලක් දක්වන එක වගේ දේවල් දෙවියන්ගේ නීතියේ හෙළාදැකලා තිබුණා. මොකද ඒ වගේ දේවල් නිසා කෙනෙක් විනිශ්චයකදී පැත්තක් අරන් වැඩ කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ ගැන බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි.” (නික් 23:8) “හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.” (ද්වි 16:19) හොඳට කාරණා කිරලා මැනලා බලන්න හැකියාව තියෙන විනිශ්චයකරුවෙක් වුණත් එයාට ලැබුණු තෑග්ගක් නිසා හිතාමතාම හරි නොදැනුවත්ව හරි, අසාධාරණ තීන්දුවක් දෙන්න පෙලඹෙන්න පුළුවන්. තෑග්ගක් නිසා විතරක් නෙවෙයි හැඟීම්වලට වහල් වෙන එකෙනුත් විනිශ්චයකරුවෙක් නොමඟ යන්න පුළුවන්. ඒ නිසයි බයිබලයේ මෙහෙම කියලා තියෙන්නේ. “නඩු විභාගයකදී ඔබ අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතුයි. දුප්පතාට අනවශ්‍ය සැලකිල්ලක් දැක්වීමෙන් හෝ ධනවතාට අනිසි අනුග්‍රහයක් දැක්වීමෙන් හෝ වළකින්න. ඔබ විනිශ්චය කරද්දී එකිනෙකාට යුක්තිය ඉටු කළ යුතුයි.” (ලෙවී 19:15) ඒ වගේම දුප්පත් කෙනෙක් ගැන ඇති වෙන අනුකම්පාව නිසා හරි වැඩිදෙනෙක්ගේ හිත් දිනාගන්න අරමුණින් හරි පොහොසත් කෙනෙක්ට විරුද්ධව අසාධාරණ තීන්දුවක් දෙන එකත් බයිබලයේ හෙළාදැකලා තියෙනවා.—නික් 23:2, 3.
it-2-E 511 7¶
අංක
දෙක. අංක දෙක කියන්නේ හුඟක් වෙලාවට නීතිමය කාරණාවලදී පාවිච්චි වුණ ඉලක්කමක්. උදාහරණයකට සාක්ෂිකරුවන් දෙන්නෙක් එකම දේ කිව්වොත් ඒ සාක්ෂිය තහවුරු වෙනවා. යම් කාරණයක් විනිශ්චකරුවන් ඉදිරියට අරගෙන යන්න නම් දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙන්න ඕනෙ වුණා. අද ක්‍රිස්තියානි සභාවෙත් අනුගමනය කරන්නේ ඒ ප්රතිපත්තියමයි. (ද්වි 17:6; 19:15; මතෙ 18:16; 2කොරි 13:1; 1තිමෝ 5:19; හෙබ්‍රෙ 10:28) යෙහෝවා දෙවියනුත් තමන්ගේ පුතාව ගැලවුම්කරු විදිහට මිනිසුන්ට හඳුන්වලා දෙද්දී ඒ ප්රතිපත්තියම අනුගමනය කළා. ඒ ගැන යේසුස් මෙහෙම කිව්වා. “ඔබේම නීතියේ, ‘මිනිසුන් දෙදෙනෙකුගේ සාක්ෂිය අවශ්‍යයි’ කියා සඳහන් වී තිබෙනවා. මට මගේ සාක්ෂිය තිබෙනවා වගේම මාව එවූ පියාණන්ද මා ගැන සාක්ෂි දරනවා.”—යොහ 8:17, 18.
it-2-E 685 6¶
පූජකයා
දෙවියන්ගේ නීතිය ගැන කියලා දෙන මූලික වගකීම තිබුණේ පූජකයන්ටයි. ඒ වගේම විනිශ්චයමය කාරණාවලදිත් ඒගොල්ලන්ට වැදගත් කාර්යයක් කරන්න තිබුණා. ඒ කාර්යයට, එයාලට පැවරිලා තිබුණ නගරවල ඉන්න විනිශ්චකරුවන්ට උදව් කරන එකත් විසඳන්න අමාරු ගැටලුවලදී ඒ විනිශ්චයකරුවන් එක්ක එකතු වෙලා වැඩ කරන එකත් ඇතුළත් වුණා. (ද්වි 17:8, 9) මිනී මැරුමක් කළේ කවුද කියලා හරියටම දන්නේ නැති අවස්ථාවකදී ඒ ලේ වරදින් නගරයේ ඉන්න අය නිදහස් වෙන්න නම් කරන්න ඕනෙ දේවල් මොනවාද කියලා නීතියේ කියලා තිබුණා. වැඩිමහල්ලන් ඒ දේවල් කරද්දී එයාලට උදව් කරන්න සහ ඒ දේවල් නීතියේ කියලා තිබුණ විදිහටම වෙනවාද කියලා හොයලා බලන්න වගකීම තිබුණේ පූජකයන්ට. (ද්වි 21:1, 2, 5) කෙනෙක් තමන්ගේ භාර්යාව අනාචාරයේ හැසිරුණා කියලා චෝදනා කළොත් ඒ ස්ත්රියව ශුද්ධ කූඩාරමට අරගෙන එන්න ඕනෙ වුණා. ඊටපස්සේ පූජකයා ඒ ස්ත්‍රිය ඇත්තටම ඒ වරද කළාද නැද්ද කියලා දැනගන්න යෙහෝවා දෙවියන් දීලා තිබුණු මඟ පෙන්වීම්වලට අනුව යම් වත්පිළිවෙත් ඉටු කළා. ඒ විදිහට යෙහෝවා දෙවියන්ගෙන් කෙළින්ම විනිශ්චයක් ලබාගන්න පුජකයන් උදව් කළා.—ගණන් 5:11-31.
දේවවචනයෙන් මැණික්
it-1-E 787
ඉවත් කිරීම
කෙනෙක්ට මරණ දඬුවම දෙන්න නම් අඩුම තරමේ දෙන්නෙක්ගෙවත් සාක්ෂි තියෙන්න ඕනෙ වුණා. (ද්වි 19:15) වරදකරුට මුලින්ම ගල් ගහන්න වුණේ ඒ සාක්ෂිකරුවන් දෙන්නාටයි. (ද්වි 17:7) එහෙම කරන එකෙන් දෙවියන්ගේ නීතිය පිළිපදින්න සහ ඊශ්‍රායෙල් ජාතිය පවිත්‍රව තියාගන්න කොයි තරම් උද්යෝගයක් එයාලට තිබුණාද කියලා පෙන්නන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙවෙයි ඒක බොරු සාක්ෂි නොදී ඉන්න සහ හරියට හොයලා බලන්නේ නැතුව සාක්ෂි නොදී ඉන්න හොඳ අනතුරු ඇඟවීමකුත් වුණා.
සේවය හොඳින් කරන්න ඉගෙනගමු
it-1-E 519 4¶
ක්‍රිස්තියානි සභාව
උසාවියක කරනවා වගේ නීතිමය පැත්තෙන් කෙනෙක් හරිද වැරදිද කියලා තීන්දුවක් දෙන්න ක්‍රිස්තියානි සභාවේ කිසිම කෙනෙක්ට අධිකාරියක් නැහැ. හැබැයි නොහික්මුණු විදිහට වැඩ කරන සභාවේ කෙනෙක්ට බයිබලෙන් යම් හික්මවීමක් දෙන්න එහෙමත් නැත්නම් එයාව සභාවෙන් අයින් කරන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ඒක නිසයි පාවුල් කිව්වේ වැඩිමහල්ලන් විනිශ්චය කරන්න ඕනෙ ක්‍රිස්තියානි සභාවට අයිති අයව විතරයි කියලා. (1කොරි 5:12, 13) පාවුල් සහ පේතෘස් වැඩිමහල්ලන්ට කිව්වා සභාවේ අයට දෙවියන් එක්ක තියෙන බැඳීම ගැන හොඳ අවධානයකින් ඉන්න කියලා. ඒ වගේම සභාවේ කෙනෙක් අඥාන විදිහට වැඩ කරනවා නම් එහෙමත් නැත්නම් වැරදි තීරණයක් ගන්න යනවා නම් එයාට උපදෙස් හා අවවාද දෙන්න කියලත් එයාලා මතක් කළා. (2තිමෝ 4:2; 1පේතෘ 5:1; ගලා 6:1ත් බලන්න.) කෙනෙක් සභාව ඇතුළේ භේද ඇති කරනවා නම් හරි බොරු ඉගැන්වීම් පතුරවනවා නම් හරි වැඩිමහල්ලන් මුලින්ම එයාට වතාවක් දෙවතාවක් අනතුරු අඟවනවා. (තීත 3:10, 11) හැබැයි කෙනෙක් දිගින් දිගටම වැරදි කරනවා නම් ඒ වගේ කෙනෙක්ව සභාවෙන් අයින් කරනවා. ඒ වගේ හික්මවීමක් දෙන එකෙන් වරද කරපු කෙනා දකිනවා ඒ වගේ වැරදි කරන අයට සභාවේ කිසිම ඉඩක් නැහැ කියලා. (1තිමෝ 1:20) ඒ වගේ කාරණයක් ගැන විනිශ්චයක් දෙන්න වැඩිමහල්ලන් එකට එකතු වෙලා විනිශ්චකරුවන් විදිහට වැඩ කරන්න ඕනෙ කියලා පාවුල් කිව්වා. (1කොරි 5:1-5; 6:1-5) කෙනෙක්ට කරන චෝදනාවක් ඇත්ත කියලා වැඩිමහල්ලන් පිළිගන්නේ ඒ ගැන දෙන්නෙක්ගේ හරි තුන්දෙනෙක්ගේ හරි සාක්ෂි තියෙනවා නම් විතරයි. ඒ වගේම වැඩිමහල්ලන් කවදාවත් තොරතුරු හොඳට කිරලා මැනලා බලන්නේ නැතුව විනිශ්චයක් දෙන්නෙවත් කාගෙවත් පැති අරන් විනිශ්චයක් දෙන්නෙවත් නැහැ.—1තිමෝ 5:19, 21.
ජූලි 26–අගෝස්තු 1
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 19-21
“ජීවිතය යෙහෝවා දෙවියන්ට හුඟක් වටිනවා”
it-1-E 344
ලේ
ජීවිතය කියන්නේ දෙවියන්ගෙන් ලැබිලා තියෙන තෑග්ගක් නිසා කෙනෙක් ජීවිතයක් නැති කළොත් ඒ ජීවිතය ගැන එයා දෙවියන්ට ගණන් දෙන්න ඕනේ. තමන්ගේ සහෝදරයාව මරපු කායින්ට දෙවියන් කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “ඔබේ සහෝදරයාගේ ලේ භූමියේ සිට මට හඬගසන්නේය.” (උත් 4:10) අපි අපේ සහෝදරයෙක්ට වෛර කරනවා නම්, එයා මැරුණා නම් හොඳයි කියලා හිතනවා නම්, එයාට අපහාස කරනවා නම්, එයාට විරුද්ධව බොරු සාක්ෂි දෙනවා නම් එහෙමත් නැත්නම් එයාගේ ජීවිතේ අනතුරේ දාන විදිහට වැඩ කරනවා නම් අපි ලේ වරදකට අහුවෙන්න පුළුවන්.—ලෙවී 19:16; ද්වි 19:18-21; 1යොහ 3:15.
දේවවචනයෙන් මැණික්
it-1-E 518 1¶
නඩු විභාග
“දොරටුව” අසල කියලා කියද්දී ඒකෙන් අදහස් කළේ නගරයක් ඇතුළේ දොරටුව ළඟ තියෙන එළිමහන් තැනක්. සාමාන්‍යයෙන් සෙනඟට ඇහෙන්න නීතිය කියෙව්වෙත් එතන ඉඳන්. (නෙහෙ 8:1-3) ඉඩම් විකුණන එක, මිල දී ගන්න එක වගේ දේවල් සිද්ධ වුණෙත් නුවරේ දොරටුව ළඟ. මොකද එතන නිතරම සෙනඟ ගැවසුණ නිසා ඒ වගේ ගනු දෙනුවලට අවශ්‍ය සාක්ෂිකරුවන් හොයාගන්න අමාරු වුණේ නැහැ. දොරටුව ළඟ නඩු විභාගයක් සිද්ධ වෙද්දී ඒක හැමෝටම වගේ පෙනුණ නිසා නඩුවට සම්බන්ධ හැම දෙයක්ම සැලකිල්ලෙන් හොයලා බලලා, සාධාරණ තීන්දුවක් දෙන්න විනිශ්චකරුවන්ට සිද්ධ වුණා. පේන විදිහට විනිශ්චකරුවන්ට එයාලගේ වැඩේ කරගෙන යන්න උදව් වෙන සුවපහසු තැනක් නුවරක දොරටුව ළඟ තිබිලා තියෙනවා. (යෝබ් 29:7) සාමුවෙල් බෙතෙල්, ගිල්ගාල්, මිෂ්පා කියන නගරවලට ගිහිල්ලා “ඒ ඒ ස්ථානවල සිටි ඊශ්‍රායෙල් සෙනඟගේ නඩු විභාග කළේය” කියලා බයිබලේ කියනවා.—1සාමු 7:16.
අගෝස්තු 2-8
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 22-23
“යෙහෝවා දෙවියන් සතුන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?”
it-1-E 375-376
බර
අතීතයේදී බර දේවල් එහෙට මෙහෙට අරගෙන යන්න සාමාන්‍යයෙන් පාවිච්චි කළේ සතුන්ව. තමන්ට වෛර කරන කෙනෙක්ගේ බූරුවා ලොකු බරක් පිටේ තියාගෙන වැටිලා ඉන්නවා දැක්කොත් ඌට උදව් කරන්නේ නැතුව එතනින් යන්න එපා කියලත් “ඌට නැඟිටින්න උදව් කරන්න” කියලත් ඊශ්‍රායෙල්වරුන්ට කියලා තිබුණා.—නික් 23:5.
it-1-E 621 1¶
ද්විතීය කතාව
සතුන්ට ආදරෙන් සලකන්න කියලා ද්විතීය කතාව පොතේ කියලා තියෙනවා. කුරුලු කූඩුවකින් බිත්තර හරි පැටවුන් හරි අරගෙන යන්න පුළුවන්කම තිබුණත් කිරිල්ලිව අරගෙන යන්න ඊශ්‍රායෙල්වරුන්ට අවසර තිබුණේ නැහැ. මොකද කෙනෙක් අල්ලගන්න එද්දිත් කිරිල්ලි ඉගිල්ලිලා ගියේ නැත්තේ තමන්ගේ පැටවුන්ව ආරක්ෂා කරගන්න ඕනෙ නිසයි. ඒ වගේ නීතියක් දීලා තිබුණ නිසා නිදහස් වෙලා යන කිරිල්ලිට පස්සේ කාලෙක තවත් පැටව් හදන්නත් අවස්ථාව ලැබුණා.—ද්වි 22:6, 7.
දේවවචනයෙන් මැණික්
it-1-E 600
ණය, ණයගැතියා
හුඟක් වෙලාවට ඊශ්‍රායෙල්වරයෙක් ණයක් ගත්තේ එයාගේ දුප්පත්කම නිසයි. ඒ නිසා තමන්ගේ සහෝදරයෙක් ණයක් ඉල්ලද්දී එයාගේ අසරණකමින් අයුතු ප්‍රයෝජන අරගෙන පොලී අය කරන්නේ නැතුව, අදිමදි නොකර ඒ ණය දෙන්න කියලා යෙහෝවා දෙවියන් කිව්වා. (නික් 22:25; ද්වි 15:7, 8; ගීතා 37:26; 112:5) හැබැයි ඊශ්රායෙල්වරයෙක්ට විදේශිකයන්ගෙන් පොලී අය කරන්න අවසර තිබුණා. (ද්වි 23:20) යුදෙව් විශාරදයන් කියනවා ඒ විදිහට පොලී අය කරන්න අවසර තිබුණේ දුප්පත්කම නිසා දෙන ණයවලට නෙවෙයි, ව්‍යාපාර කටයුතු සඳහා දෙන ණයවලටයි කියලා. සාමාන්‍යයෙන් විදේශිකයෙක් ඊශ්‍රායෙල් දේශයට ආවේ වෙළඳාම් කරන්නයි. ඒ වගේම එයාලත් පොලියට ණය දුන්නා. ඒ නිසා විදේශිකයන්ගෙන් පොලී අය කරපු එක අසාධාරණ දෙයක් වුණේ නැහැ.
අගෝස්තු 9-15
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 24-26
“යෙහෝවා දෙවියන් ස්ත්‍රීන් ගැන සැලකිලිමත් කියලා නීතියෙන් පේන්නේ කොහොමද?”
it-2-E 1196 4¶
ස්ත්‍රිය
ස්ත්‍රියක් විවාහ වුණ පළවෙනි අවුරුද්දෙදි එයාගේ පුරුෂයා යුද්ධයට යන්න ඕනෙ වුණේ නැති නිසා ඒ දෙන්නාට එකට කාලය ගත කරන්නත් දරුවෙක් හදන්නත් අවස්ථාව ලැබුණා. පුරුෂයා යුද්ධයට ගියාම දැනෙන තනිකම මකාගන්නත් බැරි වෙලා හරි පුරුෂයා යුද්ධයෙදි මැරුණා නම් ඒ දුක දරාගන්නත් දරුවෙක් හිටපු එක ස්ත්‍රියකට උදව් වුණා.—ද්වි 20:7; 24:5.
it-1-E 963 2¶
එකතු කරගැනීම
දුප්පත් අය වෙනුවෙන් යෙහෝවා දෙවියන් ඇති කරලා තිබුණ මේ සැලැස්ම නිසා දේශයේ අය ත්‍යාගශීලී වෙන්න, ලෝභ නොවී ඉන්න, යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා කියලා විශ්වාස කරන්න සහ කම්මැළි වෙන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන්න පෙලඹුණා. දාවිත් කිව්ව මේ දේ ඇත්ත කියලා ඒ සැලැස්මෙන් පැහැදිලියි. දාවිත් මෙහෙම කිව්වා. “ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.” (ගීතා 37:25) දුප්පත් අය නීතියේ දීලා තිබුණ මේ සැලැස්මෙන් ප්‍රයෝජන අරන් මහන්සි වෙලා වැඩ කළා නම් එයාලට බඩගින්නේ ඉන්න සිද්ධ වෙන්නෙවත් එයාලගේ දරුවන්ට කෑම හිඟා කන්න සිද්ධ වෙන්නෙවත් නැහැ.
දේවවචනයෙන් මැණික්
it-1-E 640 5¶
දික්කසාදය
දික්කසාද ලියවිල්ල. පස්සේ කාලෙක නීතිය වැරදි විදිහට පාවිච්චි කරලා සමහර පුරුෂයන් තමන්ගේ භාර්යාවන්ව දික්කසාද කළත් ඒ විදිහට ලේසියෙන්ම දික්කසාද වෙන්න මෝසෙස්ගේ නීතියෙන් ඉඩ දීලා තිබුණා කියලා හිතන්න හොඳ නැහැ. පුරුෂයෙක් තමන්ගේ භාර්යාවව දික්කසාද කරන්න තීරණය කළා නම් ඊට කලින් යම් පියවර කීපයක් ගන්න වුණා. පුරුෂයාට තමන්ගේ භාර්යාවගෙන් “දික්කසාද වන බවට ලියවිල්ලක් සකස්” කරන්නත් ඒක “ඇයට දී ඇයව තම නිවසෙන් පිටත් කර” යවන්නත් සිද්ධ වුණා. (ද්වි 24:1) බයිබලේ මේ ගැන හැම තොරතුරක්ම දීලා නැහැ. හැබැයි පේන විදිහට පුරුෂයෙක් දික්කසාද වෙන්න කලින් යම් අධිකාරියක් තිබුණ අයත් එක්ක කතා කරන්න ඕනෙ වුණා. එයාලත් පුළුවන් තරම් උත්සාහ කළේ දෙන්නාව ආපහු සමාදාන කරන්නයි. දික්කසාද ලියවිල්ල හදලා නීත්‍යානුකූලව දික්කසාද වෙන්න යම් කාලයක් ගත වුණ නිසා ඒ කාලය අතරතුරේදී තමන්ගේ තීරණය ගැන ආයෙත් හිතලා බලන්න පුරුෂයෙක්ට අවස්ථාව ලැබුණා. දික්කසාද වෙන එක ගැන මෝසෙස්ගේ නීතියේ දීලා තිබුණ පියවර හරියටම අනුගමනය කළා නම් හදිස්සි වෙලා දික්කසාද වෙන එකෙනුත් සාධාරණ හේතුවක් නැතුව දික්කසාද වෙන එකෙනුත් වළකින්න පුරුෂයන්ට පුළුවන් වුණා.
අගෝස්තු 16-22
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 27-28
දේවවචනයෙන් මැණික්
it-1-E 360
ඉඩමේ මායිම්
ඉඩමේ මායිම් වෙනස් කරන එක යෙහෝවා දෙවියන් නීතියෙන් තහනම් කරලා තිබුණා. (ද්වි 19:14; හිතෝ 22:28ත් බලන්න.) “තම අසල්වාසියාගේ ඉඩමේ මායිම තමාගේ වාසිය සඳහා වෙනස් කරන්නාට ශාප වේවා” කියලා බයිබලේ කියනවා. (ද්වි 27:17) ඒ කාලේ හුඟක් අය ගොවිතැන් කරලා ජීවත් වුණ නිසා ඉඩමේ මායිම් වෙනස් කරන එක හරියට එයාට ජීවත් වෙන්න තිබුණ දේ උදුරගන්නවා වගේ දෙයක්. එහෙම කරන එක සැලකුවේ හොරකමක් හැටියටයි.—යෝබ් 24:2.
අගෝස්තු 23-29
දේවවචනය නිධානයක් | ද්විතීය කතාව 29-30
දේවවචනයෙන් මැණික්
it-1-E 665 3¶
කන
යෙහෝවා දෙවියන් කිව්වා මුරණ්ඩු, අකීකරු ඊශ්‍රායෙල්වරුන්ට තියෙන්නේ “අචර්මච්ඡේදිත කන්” කියලා. (යෙරෙ 6:10; ක්‍රියා 7:51) එයාලා වැඩ කළේ හරියට කන්වල ඇබ ගහන් ඉන්නවා වගේ. ඒ විදිහට වැඩ කරන අයට යෙහෝවා දෙවියන් කියන දේවල්වල නියම අර්ථය තේරුම්ගන්න හැකියාව ඔහු දෙන්නේ නැහැ. මොකද දෙවියන් තේරුම්ගැනීමේ හැකියාව සහ කීකරු හදවතක් දෙන්නේ ඔහුගේ මඟ පෙන්වීම් හොයන අයට විතරයි. (ද්වි 29:4; රෝම 11:8) පාවුල් කිව්වා සමහර ක්‍රිස්තියානීන් දෙවියන් උගන්වන දේවල්වලට ඇහුම්කන් දෙනවා වෙනුවට ඒගොල්ලන්ගේ “කන්වලට මිහිරි” දේවල් උගන්වන බොරු ගුරුවරුන්ට ඇහුම්කන් දෙන කාලයක් එනවා කියලා.—2තිමෝ 4:3, 4; 1තිමෝ 4:1.