‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මැයි 2-8
දේවවචනය නිධානයක් | 1 සාමුවෙල් 27-29
“දාවිත්ගේ යුධ උපක්‍රමය”
it-1-E 41
ආකිෂ්
සාවුල්ගෙන් පලා යන අතරතුරේදී දාවිත් දෙසැරයක්ම ආකිෂ් රජගේ ආරක්ෂාව පැතුවා. පළවෙනි අවස්ථාවේදී ආකිෂ් රජ දාවිත්ව දැක්කේ එයාගේ හතුරෙක් විදිහට. ඉතින් රජගෙන් බේරෙන්න ඕනෙ නිසා දාවිත් එයා ඉස්සරහා පිස්සෙක් වගේ හැසිරුණා. ඒ නිසා ආකිෂ් රජ එයාට යන්න දුන්නා. (1සාමු 21:10-15; ගීතා 34:හැඳින්වීම; 56:හැඳින්වීම) දෙවෙනි අවස්ථාවේදී දාවිත් ආකිෂ් රජව හම්බ වෙන්න ගියේ එයාගේ පවුලේ අයයි, තව සෙබළු 600කුයි එක්ක. ඒ වෙලාවේ ආකිෂ් එයාලට ජීවත් වෙන්න ෂික්ලග් කියන නුවර දුන්නා. එහේ එයාලා අවුරුද්දකුයි, මාස හතරකුයි හිටියා. ආකිෂ් රජ හිතුවේ ඒ කාලේ අතරතුරේදී දාවිත් යූදා දේශය අල්ලලා ඒක වටලගන්න හදනවා කියලා. හැබැයි දාවිත් ඇත්තටම කළේ ගෙෂූර්වරුන්ගේ, ගිර්ෂිවරුන්ගේ සහ අමලෙක්වරුන්ගේ රාජ්‍යයන් අත් පත් කරගන්න එකයි.—1සාමු 27:1-12.
it-2-E 245 6¶
බොරුව
වැරදි චේතනාවකින් හිතාමතාම බොරු කියන එක බයිබලේ හෙළා දැකලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ තොරතුරු දැනගන්න ඕනෙ නැති අයට අපි දන්න හැම තොරතුරක්ම කියන්න ඕනෙ කියලා. එක අවස්ථාවකදී යේසුස් මෙහෙම කිව්වා. “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න. මන්ද එසේ කළොත් උන් ඒවා පාගා දමා ඇවිත් ඔබට අනතුරක් කරයි.” (මතෙ 7:6) යේසුස් දැනගෙන හිටියා සමහරු ඔහුගෙන් ප්‍රශ්න ඇහුවේ ඔහුට හානියක් කරන්න කියලා. ඔහු ඒ අයට හැම සත්‍ය තොරතුරක්ම කියන එකෙන් වැළකිලා හිටියෙත් අහන ප්‍රශ්නවලට කෙළින්ම උත්තරයක් නුදුන්නෙත් ඒ නිසයි. (මතෙ 15:1-6; 21:23-27; යොහ 7:3-10) ආබ්‍රහම්, ඊසාක්, රාහබ්, එලිෂා වගේ අය සමහර අවස්ථාවලදී අනිත් අයව නොමඟ යවන විදිහට දේවල් කිව්වෙත් දන්න හැම තොරතුරක්ම කියන්නේ නැතුව හිටියෙත් ඒ හේතුව නිසාම වෙන්න ඇති.—උත් 12:10-19; 20 පරි; 26:1-10; යොෂු 2:1-6; යාකො 2:25; 2රාජා 6:11-23.
මැයි 16-22
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 1-3
දේවවචනයෙන් මැණික්
it-1-E 369 2¶
සහෝදරයා
එක වගේ අරමුණු, ඉලක්ක තියෙන යම් දෙයක් වෙනුවෙන් එකමුතුව වැඩ කරන අයට සහෝදරයන් කියලා කියන්න පුළුවන්. එක අවස්ථාවකදී දාවිත් මෙහෙම කිව්වා. “සහෝදරයන් එකමුතුව ජීවත් වීම කොතරම් යහපත්ද! කොතරම් ප්රසන්නද!” (ගීතා 133:1) එක කුසේ උපන් සහෝදරයන් එක්ක එකමුතුව, සාමයෙන් ඉන්න ලේ නෑකමකට වඩා වැඩි දෙයක් ඕනෙ කියලා දාවිත් කියපු දෙයින් පැහැදිලියි. ඒකට ආදරේ, සෙනෙහස තියෙන්නම ඕනේ. දාවිත් සහ යොනාතාන් අතරේ ඒ වගේ ගැඹුරු ආදරයක්, සෙනෙහසක් තිබුණ නිසයි යොනාතාන් එක කුසේ උපන් සහෝදරයෙක් නොවුණත් දාවිත් එයාව ‘මාගේ සහෝදරයා’ කියලා හැඳින්නුවේ. (2සාමු 1:26) ඇත්තටම හොඳ චේතනාවකින් හරි නරක චේතනාවකින් හරි එකම විදිහට වැඩ කරන, එකම විදිහට හිතන අයව සහෝදරයන් කියලා හඳුන්වන්න පුළුවන්.—හිතෝ 18:9.
මැයි 30–ජූනි 5
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 7-8
දේවවචනයෙන් මැණික්
it-2-E 206 2¶
අවසාන දවස්
බාලාම්ගේ අනාවැකිය. ඊශ්‍රායෙල්වරු පොරොන්දු දේශයට ඇතුල් වෙන්න ටික කාලෙකට කලින් බාලාම් මෝවබ් දේශයේ රජ වන බාලාක්ට මේ අනාවැකිය කිව්වා. ‘ඊශ්‍රායෙල්වරු මතු දවස්වලදී ඔබේ සෙනඟට කරන දේ මම ඔබට කියන්නම්. යාකොබ්ගෙන් පැවතෙන්නන්ගෙන් තරුවක් පායනු ඇත. ඊශ්‍රායෙල්ගෙන් පැවතෙන්නන්ගෙන් රාජ යෂ්ටියක් ඔසවනු ලබන්නේය. ඔහු මෝවබ්ගේ හිස කැබලි කරන්නේය. කලහකාරී පුත්‍රයන්ගේ හිස්කබල කුඩු කර දමන්නේය.’ (ගණන් 24:14-17) මේ අනාවැකියේ මුල් ඉටු වීමේදී එතන කියන “තරුව” වුණේ දාවිත් රජ. මොකද එයා තමයි මෝවබ්වරුන්ව යටත් කරගත්තේ. (2සාමු 8:2) ඒ අනාවැකියේ “මතු දවස්” කියලා හඳුන්වන්නේ දාවිත්, රජ වුණ කාලයයි. දෙවෙනි ඉටු වීමේදී ඒ “තරුව” වුණේ දේවරාජ්‍යයේ රජ වන යේසුස් ක්‍රිස්තුස්. ඔහු අනාගතයේදී තමන්ගේ සතුරන්ව පරාජය කරද්දී ඒ අනාවැකිය ඉටු වෙනවා.—යෙසා 9:7; ගීතා 2:8, 9.
ජූනි 6-12
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 9-10
“දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්”
දේවවචනයෙන් මැණික්
it-1-E 266
රැවුල
අතීතයේදී ඊශ්‍රායෙල්වරුන් ඇතුළුව මැදපෙරදිග රටවල්වල හිටපු ගොඩක් පුරුෂයන් රැවුල වවන එක තමන්ගේ පෞරුෂත්වයේ සංකේතයක් විදිහට සැලකුවා. ‘කම්මුල් දෙපැත්තේ තියෙන රැවුල’ කොටට කපන්න එපා කියලත් විකෘති වෙන විදිහට රැවුලේ අගිස් කපන්න එපා කියලත් දෙවියන්ගේ නීතියේ ඊශ්‍රායෙල්වරුන්ට පැහැදිලිව කියලා තිබුණා. (ලෙවී 19:27; 21:5) යෙහෝවා දෙවියන් ඒ වගේ නීතියක් දුන්නේ අනිත් ජාතීන් ඒක ආගමික චාරිත්‍රයක් විදිහට සලකපු නිසයි.
ජූනි 13-19
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 11-12
“ඔයාව පාලනය කරන්න වැරදි සිතුවිලිවලට ඉඩ දෙන්න එපා!”
දේවවචනයෙන් මැණික්
it-1-E 590 1¶
දාවිත්
දාවිත් බැත්-ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණ වෙලාවේ යෙහෝවා දෙවියන්ම එයාව විනිශ්චය කරලා එයාට සමාව දෙන්න තීරණය කළා. එහෙම කරන්න මේ හේතු බලපාන්න ඇති. යෙහෝවා දෙවියන් දාවිත් එක්ක රාජ්‍යය සඳහා ගිවිසුමක් ඇති කරගත්ත එක (2සාමු 7:11-16), දාවිත් ගොඩක් අවස්ථාවලදී අනිත් අය කරපු වැරදි අමතක කරලා එයාලට සමාව දීලා තිබුණ එක (1සාමු 24:4-7; යාකො 2:13) සහ කරපු වැරැද්ද ගැන එයාලා කොච්චර පසුතැවිලි වුණාද කියලා යෙහෝවා දැකපු එක. (2සාමු 7:11-16) හැබැයි කරපු වැරදිවල ප්‍රතිඵලවලින් ගැලවෙන්න එයාලට පුළුවන් වුණේ නැහැ. යෙහෝවා දෙවියන් නාතන් මාර්ගයෙන් පැහැදිලිවම දාවිත්ට කිව්වා “ඔබේම ගෙයි වැසියන් මාර්ගයෙන් ඔබ පිටට පීඩා ගෙනෙන්නෙමි” කියලා.—2සාමු 12:1-12.
ජූනි 20-26
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 13-14
“තමන් ගැන විතරක් හිතපු අම්නොන් නිසා වුණේ ලොකු විනාශයක්!”
it-1-E 32
අබ්සලොම්
අම්නොන්ව මරා දැමීම. අබ්සලොම්ගේ සහෝදරිය වුණ තාමර් ගොඩක් රූමත් කෙනෙක්. ඒ නිසා තාමර්ගේ අර්ධ සහෝදරයා වුණ අම්නොන්ගේ හිත එයාට ඇදිලා ගියා. ඉතින් තාමර්ව තමන්ගේ ගෙදරට ගෙන්නගන්න ඕනෙ නිසා අම්නොන් බොරු රඟපෑමක් කළා. එයා අසනීපයි වගේ රඟපාලා රජු ලවා තාමර්ට කිව්වා තමන්ගේ ගෙදරට ඇවිත් කෑම ටිකක් හදලා දෙන්න කියලා. අම්නොන් ඒ විදිහට තාමර්ව ගෙන්නගෙන එයාව දූෂණය කළා.—2සාමු 13:1-20.
it-1-E 33 1¶
අබ්සලොම්
අබ්සලොම් භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා දාවිත්ටයි, එයාගේ පුත්තුන්ටයි ඒකට ආරාධනා කළා. ඒත් උත්සවයට සහභාගි වෙන්නේ නැහැ කියලා දාවිත් එයාට කාරුණිකව කිව්වා. එතකොට අබ්සලොම් දාවිත්ගෙන් ඇහුවා දාවිත් වෙනුවට එයාගේ කුලුඳුල් පුතා වන අම්නොන්ව අනිවාර්යයෙන් උත්සවයට එවන්න පුළුවන්ද කියලා. (හිතෝ 10:18) උත්සවය අතරතුරේදී අම්නොන් “වයින් බීලා විනෝද වෙවී” ඉන්නකොට එයාව මරලා දාන්න කියලා අබ්සලොම් තමන්ගේ සේවකයන්ට අණ කළා.—2සාමු 13:23-38.
ජූනි 27–ජූලි 3
දේවවචනය නිධානයක් | 2 සාමුවෙල් 15-17
“අබ්සලොම් කැරලිගැහුවේ උඩඟුකම නිසයි”
it-1-E 860
පෙරටුව යන අය
අතීතයේදී මැදපෙරදිග රටවල්වල රජ කෙනෙක් ගමනක් යද්දී එයාගේ අශ්ව රථයට ඉස්සරහින් දුවන්න මිනිස්සු කීපදෙනෙක්ව පත් කරලා තිබුණා. එහෙම කළේ රජ එනවා කියලා මිනිස්සුන්ට දැනුම් දෙන්න සහ වෙනත් විදිවලින් රජුට උදව් කරන්න. (1සාමු 8:11) අබ්සලොම් සහ අදෝනියාත් දාවිත්ට විරුද්ධව කැරලිගහද්දී තමන්ට රජකම ලබන්න අයිතිය තියෙනවා කියලා මිනිස්සුන්ට පෙන්නන්නත් මිනිස්සුන්ගේ ගෞරවය දිනාගන්නත් එයාලගේ අශ්ව රථ ඉස්සරහින් මිනිස්සු 50දෙනෙක්ව දුවන්න සැලැස්සුවා.—2සාමු 15:1; 1රාජා 1:5.
it-1-E 1083-1084
හෙබ්‍රොන්
අබ්සලොම් දාවිත්ට විරුද්ධව කැරලිගහලා එයාගේ රජකම උදුරගන්න උත්සාහ කළේ හෙබ්‍රොන්වල ඉඳන්. (2සාමු 15:7-10) එයා ඒක කරන්න හෙබ්‍රොන් තෝරාගන්න ඇත්තේ හෙබ්‍රොන් කලින් යූදා දේශයේ අගනුවර වුණ නිසා වගේම ඒක එයාගේ උපන් ගම වුණ නිසා වෙන්න ඇති.