-
උඩඟුකමේ ප්රතිඵලය නින්දාවට පත්වීමයි2000 මුරටැඹ | අගෝස්තු 1
-
-
කෝරා—කුඩුකේඩුකමින් මත් වූ කැරලිකරුවෙක්
4. (අ) කෝරා කියන්නේ කවුද? ඔහු පංගුකාරයෙක් වූයේ කිනම් ඓතිහාසික සිද්ධීන්වලටද? (ආ) පසුකාලයේදී කෝරා මිනිසුන්ව පෙලඹුවේ නින්දාවක් ගෙන දුන් කිනම් ක්රියාවකටද?
4 ලෙවී ගෝත්රයට අයත් කොහාතිවරයෙක් වූ කෝරා මෝසෙස්ගේ සහ ආරොන්ගේ කිට්ටුම නෑයෙක් වුණා. පෙනෙන විදිහට ඔහු දශක ගණනාවක් පුරා යෙහෝවාට පක්ෂපාතව සේවය කර තිබුණා. ආශ්චර්යවත් ලෙස රතු මුහුද හරහා ගමන් කරමින් ජීවිත බේරාගත් අය අතර සිටීමට කෝරාද වරම් ලැබුවා. එමෙන්ම සීනයි කන්දේදී වස්සෙකුගේ රූපයට නමස්කාර කළ අයට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය ක්රියාත්මක කිරීමේදී, ඔහුද එයට හවුල් වූ බව පෙනෙන්න තිබෙනවා. (නික්මයාම 32:26) කෙසේවෙතත් පසුකාලයේදී, රූබෙන්ගේ ගෝත්රයට අයත් දාතාන්, අබීරාම්, ඕන් හා ඉශ්රායෙල් අධිපතීන් 250දෙනෙකු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව දියත් කළ කැරැල්ල මෙහෙයවූයේ කෝරායි.a ඔවුන් මෝසෙස්ට සහ ආරොන්ට විරුද්ධව මෙසේ පැවසුවා. “නුඹලාගේ ලොකුකම් ඉතා වැඩිය. මක්නිසාද මුළු සභාවේ සියල්ලන් ශුද්ධව සිටිද්දීත්, [යෙහෝවාද] ඔවුන් අතරෙහි සිටිද්දීත්, නුඹලා [යෙහෝවාගේ] සභාවට ඉහළින් ලොකුකම් ගන්නේ මක්නිසාද?”—ගණන් කථාව 16:1-3.
-
-
උඩඟුකමේ ප්රතිඵලය නින්දාවට පත්වීමයි2000 මුරටැඹ | අගෝස්තු 1
-
-
a කෝරා විසින් කැරැල්ලට නම්මවාගත් අය, යාකොබ්ගේ කුලුඳුලා වූ රූබෙන්ගෙන් පැවතෙන්නන් වුණා. ලෙවී ගෝත්රයෙන් පැවතෙන මෝසෙස්ට ඔවුන්ව පාලනය කිරීමේ බලතල ලැබී තිබීම ඔවුන්ට නුරුස්සන්න ඇති.
-