-
දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න2002 මුරටැඹ | අගෝස්තු 1
-
-
13. (අ) යෙහෝවා ඉදිරියෙහි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීම කැරලිකරුවන් කළ හිතුවක්කාර ක්‍රියාවක් වූයේ මන්ද? (ආ) යෙහෝවා කැරලිකරුවන් සමඟ කටයුතු කළේ කෙසේද?
13 දෙවි දුන් නීතියට අනුව සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමට අවසර තිබුණේ පූජකයන්ට පමණි. පූජකයන් නොවන ලෙවීවරුන් යෙහෝවා ඉදිරියෙහි සුවඳ ද්‍රව්‍ය ඔප්පු කිරීමේ අදහස ගැන සිතීමම, කැරලිකරුවන්ට තමන් කරන්ට තැත් කරන දෙය ගැන පැහැදිලිව සිතන්ට හේතුවක් විය යුතුව තිබිණ. (නික්මයාම 30:7; ගණන් කථාව 4:16) කෝරාවත් ඔහුගේ පැත්ත ගත් අයවත් ඒ ගැන කිසිම තැකීමක් කළේ නැත! පසුවදා කෝරා “[මෝසෙස්ට හා ආරොන්ට] විරුද්ධව මුළු සභාව සම්මුඛ වීමේ කුඩාරමේ දොරකඩ ළඟට රැස් කළේය.” බයිබල් වාර්තාවේ තවදුරටත් අපට මෙසේ පවසයි. “යෙහෝවා මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට, මා විසින් මේ සභාව ක්ෂණයකින් විනාශ කරන පිණිස නුඹලා මොවුන් අතරෙන් වෙන් වෙන්නැයි කීවේය.” නමුත් සෙනඟව විනාශ නොකරන ලෙස මෝසෙස් සහ ආරොන් ආයාචනා කළහ. යෙහෝවා ඔවුන්ගේ ආයාචනය පිළිගත්තේය. නමුත් කෝරා සහ ඔහුගේ පැත්ත ගත් සෙනඟ මතට “යෙහෝවා කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පු කළ දෙසිය පනස්දෙනා දවා දැමීය.”—ගණන් කථාව 16:19-22, 35.c
-
-
දෙවිගේ අධිකාරියට පක්ෂපාතව යටත් වන්න2002 මුරටැඹ | අගෝස්තු 1
-
-
c ආදි පිතෘවරුන්ගේ කාලවලදී සෑම පවුලකම ප්‍රධානියා ඔහුගේ භාර්යාවව හා දරුවන්ව නියෝජනය කරමින් දෙවි ඉදිරියෙහි පෙනී සිටියේය. ඔවුන් වෙනුවෙන් පූජා ඔප්පු කරනු ලැබුවේද ඔහු විසිනි. (උත්පත්ති 8:20; 46:1; යෝබ් 1:5) කෙසේවෙතත්, නීතිය ස්ථාපිත කළ පසු යෙහෝවා පූජකයන් හැටියට පත් කළේ ආරොන්ගේ පවුලට අයත් පුරුෂයන්ව පමණයි. පූජා ඔප්පු කළ යුතුව තිබුණේ ඔවුන් මාර්ගයෙන් පමණි. ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ එම සකස් කිරීමට එකඟව කටයුතු කරන්ට කැරලිකරුවන් 250දෙනා අකමැති වූ බවයි පෙනෙන්නේ.
-