-
මෝසෙස්ගේ ජීවිතය ඔබට බලපාන අයුරු2004 පිබිදෙව්! | අප්‍රියෙල් 8
-
-
මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙක්
අප ජීවත් වන්නේ අර්බුදකාරී කාලවලයි. මිනිසාට මෝසෙස් වැනි නායකයෙකු අවශ්‍ය බව නොකිවමනායි. අපට අවශ්‍ය වන්නේ නිකම්ම බලය හා අධිකාරිය හොබවන නායකයෙකු නොව පක්ෂපාතී, නිර්භීත, දයානුකම්පිත හා යුක්තියට අවංකවම ප්‍රිය කරන නායකයෙකුය. මෝසෙස් මිය ගිය පසු ඊශ්‍රායෙලිතයන් කල්පනා කරන්න ඇති ‘ඒ වාගේ නායකයෙකු ආපසු ලෝකයට පැමිණේවිද?’ කියා. මෝසෙස්ම එම ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.
අසනීප හා මරණයට මුල් වූයේ කුමක්දැයි කියාත් දෙවි දුෂ්ටකම පවතින්ට ඉඩහැර තිබෙන්නේ මන්දැයි කියාත් මෝසෙස්ගේ ලියවිලිවල පැහැදිලි කර ඇත. (උත්පත්ති 3:1-19; යෝබ් 1, 2 පරිච්ඡේද) උත්පත්ති 3:15හි දෙවි මුලින්ම දුන් අනාවැකිය වාර්තා කර තිබේ. එය දුෂ්ටකම සහමුලින්ම නැති කරනු ඇති බවට පොරොන්දුවකි! එය සිදු කරනු ඇත්තේ කෙසේද? එම අනාවැකියේ පෙන්වන පරිදි යම් පුද්ගලයෙකු මෙලොවට බිහි වන අතර ඔහු මාර්ගයෙන් ගැලවීම අත් වනු ඇත. එම පොරොන්දුව නිසා මිනිස් වර්ගයාව මුදවාගැනීමට මෙසියස් කෙනෙකු නැඟී සිටින බවට වූ බලාපොරොත්තුව ජනිත විය. එහෙත් කවුද ඒ මෙසියස්? ඔහු කවුද යන වග නිසැකවම හඳුනාගැනීමට මෝසෙස් අපට උපකාර කරයි.
මෝසෙස් මිය යෑමට ටික කලකට පෙර ඔහු මෙම වැදගත් අනාවැකිය පළ කළේය. “මා [හා] සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔබ අතරෙන් ඔබේ සහෝදරයන්ගෙන් ඔබේ දෙවි වූ යෙහෝවා ඔබට නැඟුටුවා දෙනවා ඇත. ඔබ ඔහුට ඇහුම්කන් දෙන්නහුය.” (ද්විතීය කථාව 18:15) පසු කලෙක, ප්‍රේරිත පාවුල් එම වදන් ඍජුවම යේසුස්ට අදාළ කළේය.—ක්‍රියා 3:20-26.
යුදෙව් විචාරකයන් බහුතරයක්ම තරයේ ප්‍රකාශ කරන්නේ මෝසෙස් හා යේසුස් අතර කිසිදු සමානකමක් නැති බවයි. මෝසෙස්ගෙන් පසුව පැමිණි ඕනෑම සැබෑ අනාගතවක්තෘවරයෙකුට එම වදන් අදාළ වන බව ඔවුහු තර්ක කරති. එහෙත් යුදෙව් ප්‍රකාශන සමිතිය විසින් ප්‍රකාශිත ටානැක් ශුද්ධ ලියවිලිවල ද්විතීය කථාව 34:10හි දක්වා තිබෙන්නේ මෙසේයි. “මුහුණට මුහුණලා ස්වාමීන් දැනගත්තාවූ මෝසෙස් වැනි අනාගතවක්තෘ කෙනෙක් ඉන්පසු ඊශ්‍රායෙල්හි නොනැඟිට්ටේය.”
යෙසායා සහ යෙරෙමියා වැනි ඇදහිලිවන්ත අනාගතවක්තෘවරුන් මෝසෙස්ගෙන් පසු පැමිණි බව ඇත්තයි. එහෙත් ඔහු දෙවි සමඟ භුක්ති වින්ද සුවිශේෂී සම්බන්ධය ඉන් එක් කෙනෙකුටවත් තිබුණේ නැත. දෙවි සමඟ “මුහුණට මුහුණලා” කතා කළේ මෝසෙස් පමණයි. එමනිසා තමා වැනි වූ අනාගතවක්තෘවරයෙකු පිළිබඳව මෝසෙස් පැවසූ අනාවැකිය අදාළ විය හැක්කේ එකම එක පුද්ගලයෙකුටයි. එනම් මෙසියස්ටයි! ක්‍රිස්තියානි ධර්මය බිහිවීමට පෙර හා බොරු ක්‍රිස්තියානීන්ගෙන් පීඩා එල්ල වීමට පෙර යුදෙව් විශාරදයන් පවා ඊට සමාන ආකල්පයක් දැරූ බව සැලකිල්ලට ගැනීම වටී. මිඩ්රැෂ් රබ්බා වැනි යුදෙව් ලියවිලිවලින් ඒ බව සනාථ වේ. එම ලියවිලිවල මෝසෙස්ව විස්තර කර ඇත්තේ “පසු කලෙක පැමිණෙන ගැලවුම්කරුගේ” නොහොත් මෙසියස්ගේ මුතුන්මිත්තා වශයෙනි.
යේසුස් හා මෝසෙස් අතර බොහෝ සමානකම් තිබුණු බව අවිවාදයෙන්ම පිළිගත යුත්තකි. (“මෝසෙස් හා සමාන අනාගතවක්තෘවරයෙකි යේසුස්” යන කොටුව බලන්න.) යේසුස්ට බලයද අධිකාරයද තිබුණේය. (මතෙව් 28:19) යේසුස් “මෘදු ගුණැති නිහතමානි සිතක් ඇති” කෙනෙකි. (මතෙව් 11:29, NW) යේසුස් අධර්මිෂ්ඨකමට හා අයුක්තියට ද්වේෂ කරයි. (හෙබ්‍රෙව් 1:9) එමනිසා අපට අත්‍යවශ්‍ය වන නායකත්වය ලබා දීමට සුදුසුකම් ඇත්තේ ඔහුටයි! බයිබලය විස්තර කර ඇති ආකාරයට දුෂ්ටකම තුරන් කර පොළොව පාරාදීසයක් බවට පත් කරන්නේ ඔහුයි.b
-