-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2000 මුරටැඹ | ඔක්තෝබර් 15
-
-
යෙහෝවා අපේ ජීවිතවල අයිතිකරුවා හැටියට ලේ ශරීරගත නොකරන ලෙස අපිට ආඥා කර තිබෙනවා. (උත්පත්ති 9:3, 4) පුරාණයේ ඉශ්රායෙල්වරුන්ට දුන් ව්‍යවස්ථාවේ ලේ පරිහරණය කිරීම සම්බන්ධයෙන් සීමා පනවා තිබුණේ එමගින් ජීවිතය නියෝජනය වන නිසයි. දෙවි මෙසේ පැවසුවා. “මාංසයේ පණ තිබෙන්නේ ලෙයෙහිය. මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිට සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කෙළෙමි. . . . එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය.” එහෙත් යමෙක් ආහාරය පිණිස සතෙකු මැරුවොත්? එවිට “ඔහු උගේ ලේ වගුරුවා එය පස්වලින් වසා දැමිය යුතුය” කියා දෙවි ආඥා කළා.a (ලෙවී කථාව 17:11, 13) දෙවි මේ ආඥාව නැවත නැවතත් මතක් කර දුන්නා. (ද්විතීය කථාව 12:16, 24; 15:23) යුදෙව් සොන්සීනෝ කූමාෂ්හි මෙසේ සඳහන් කරනවා. “ලේ ගබඩා නොකළ යුතු වූ අතර, එය පොළොවට හළා දැමීමෙන් පාවිච්චියට ගත නොහැකි තත්වයකට පත් කළා.” ජීවිතය අයිති දෙවිට නිසා ඉශ්රායෙල්හි සිටි කිසිම කෙනෙකු වෙනත් ජීවියෙකුගේ ලේ තමන් සන්තකයේ තබාගැනීම, ගබඩා කිරීම හෝ පාවිච්චි කිරීම තහනම් කර තිබුණා.
-
-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2000 මුරටැඹ | ඔක්තෝබර් 15
-
-
ශල්‍ය කර්මයක් කිරීමට සති කිහිපයකට පෙර රෝගියාගේම ලේ ගබඩා කර තැබීමට සමහර වෛද්‍යවරුන් රෝගීන්ගෙන් ඉල්ලා සිටිනවා. (පූර්ව ශල්‍ය ස්වයංවිද රුධිර ගබඩාව හෙවත් PAD) එසේ කරන්නේ අවශ්‍යතාවක් පැනනැඟුණොත් ගබඩා කර ඇති රෝගියාගේ ලේ ඔහුගේම ශරීරයට නැවත ඇතුල් කිරීමේ අරමුණෙන්. කෙසේවෙතත්, ඒ ආකාරයට ලේ එකතු කිරීම, ගබඩා කිරීම සහ ශරීරගත කිරීම ලෙවී කථාව සහ ද්විතීය කථාව යන පොත්වල සඳහන් දෙයට කෙළින්ම විරුද්ධයි. එහි පවසා ඇති ආකාරයට ලේ ගබඩා නොකළ යුතුයි. ඒ වෙනුවට එය පොළොවට හැළිය යුතුයි. වෙනත් ආකාරයකට කිවහොත් දෙවිගේ දේ නැවත දෙවිට දිය යුතුයි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව දැන් ක්‍රියාත්මක නොවන බව ඇත්තයි. කෙසේවෙතත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් එම ව්‍යවස්ථාවේ දෙවි සඳහන් කළ ප්‍රතිපත්තිවලට තවමත් ගරු කරනවා. ඒ නිසා, ‘ලෙයින් වැළකී සිටීමට’ ඔවුන් අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ අනුව, අපි ‘භූමියට හැළිය යුතු’ ලේ දන් දෙන්නේවත්, ශරීරගත කිරීම සඳහා ගබඩා කර තබන්නේවත් නැහැ. ඊට හේතුව නම් එම ක්‍රියාව දෙවිගේ ව්‍යවස්ථාව හා ගැටීමයි.
-
-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2000 මුරටැඹ | ඔක්තෝබර් 15
-
-
a මහාචාර්ය ෆ්රෑන්ක් එච්. ගෝමන් මෙසේ ලියනවා. “සතෙකුගේ ලේ පොළොවට හැළීම උගේ ජීවිතයට ගෞරවය දැක්වීමක් වුණා. එමෙන්ම ඒ සතාව මවා ඌ කෙරෙහි දිගටම සැලකිල්ල දක්වන දෙවිට ඇති ගෞරවයද ඉන් පිළිබිඹු වුණා.”
-