-
“අගනා කාන්තාවක්”ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
1, 2. (අ) රූත් වෙහෙස නොබලා කරන්නේ මොනවාද? (ආ) දෙවි දී තිබෙන නීතිය ගැනත් දෙවිගේ මිනිසුන් ගැනත් රූත් දැනගත්තේ මොනවාද?
සවස අඳුර වැටීගෙන එත්ම කමතේ වැඩ කරමින් සිටි අය එක්කෙනා දෙන්නා තම තමන්ගේ නිවෙස් බලා යෑමට සූදානම් වෙනවා. නමුත් රූත් තවමත් වැඩ නතර කරන පාටක් පේන්න නැහැ. ඇය දවස පුරා එකතු කරගත් බාර්ලි කරල් කෝටුවකින් තළ තළ කරල්වලින් ඇට වෙන් කරගන්නවා. ඇගේ මුළු ගතම දහඩියෙන් නැහැවිලා. කොතරම් වෙහෙසකර දවසක් වුණත් ඇය ඉන්නේ සතුටින්.
-
-
“අගනා කාන්තාවක්”ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
5, 6. (අ) රූත් කරල් ඇහිඳින්න ගිය පළවෙනි දවස සාර්ථකද? (ආ) රූත්ව දැක්කාම නායොමි ප්රතිචාරය දැක්වූයේ කොහොමද?
5 රූත් දවස පුරා දැරූ වෙහෙස අපතේ ගියේ නැහැ. සියල්ල එකතු කර බලද්දී එතන සුද්ද කරගත් බාර්ලි ඒපාවක් තිබුණා. කිලෝ 14ක පමණ බරකින් යුත් ඒ බාර්ලි තොගය රෙද්දක ඔතාගත් ඇය එය හිසේ තබාගෙන නිවස බලා පිටත් වෙද්දී අවට ගොම්මන් අඳුර පැතිරෙමින් තිබුණා.—රූත් 2:17.
-