‘ක්රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
මාර්තු 14-20
දේවවචනය නිධානයක් | 1 සාමුවෙල් 14-15
“පූජාවලට වඩා කීකරුකම වටිනවා”
it-2-E 521 2¶
කීකරුකම
කෙනෙක් යෙහෝවා දෙවියන්ට අකීකරු වෙනවා කියන්නේ එයා දෙවියන්ගේ මඟ පෙන්වීම් ප්රතික්ෂේප කරනවා කියන එකයි. එයාට යෙහෝවා දෙවියන් ගැනවත් ඔහුගේ වචනය ගැනවත් විශ්වාසයක් නැහැ කියලා ඒකෙන් පේනවා. දෙවියන්ට අකීකරු වෙන එක රූප නමස්කාරය සහ පේන කියන එක තරම්ම බරපතළයි. (1සාමු 15:22, 23; රෝම 6:16) අපි කටින් මොන දේ කිව්වත් ඒක අපි කරන්නේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ. කෙනෙක් අපිට දෙයක් කරන්න කියලා කිව්වාම අපි ඒ දේ කරන්නේ නැත්නම් ඒකෙන් පැහැදිලිව පේනවා ඒ කෙනා ගැන අපිට විශ්වාසයක්වත් ගෞරවයක්වත් නැහැ කියලා. (මතෙ 21:28-32) කෙනෙක් දෙවියන් කියන දේවල්වලට කැමැත්තෙන්ම ඇහුම්කන් දීලා ඒවා හොඳයි කියලා පිළිගත්තත් ඒ දේවල් කරන්නේ නැත්නම් එයා රවට්ටගන්නේ තමන්වමයි. ඒ වගේ කෙනෙක්ට දෙවියන්ගෙන් කිසිම ආශීර්වාදයක් ලැබෙන්නේ නැහැ.—යාකො 1:22-25.
දේවවචනයෙන් මැණික්
it-1-E 493
අනුකම්පාව
දෙවියන් එපා කියලා තියෙද්දී අනිත් අයගෙන් එන පීඩනය නිසා අපි කෙනෙක්ට අනුකම්පාව පෙන්නන්න ගියොත් ඒකෙන් හුඟක් නරක ප්රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. සාවුල් රජට වුණ දෙයින් ඒක පැහැදිලියි. අමලෙක්වරුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරන්න කියලා සාවුල්ට කියද්දී යෙහෝවා දෙවියන් කිව්වා එයාලට කිසිම අනුකම්පාවක් පෙන්නන්න එපා කියලා. හැබැයි සාවුල් රජ සෙනඟගේ පීඩනයට අහු වුණ නිසා යෙහෝවා දෙවියන් කියපු සමහර දේවල් ඒ විදිහටම කළේ නැහැ. ඒ නිසා යෙහෝවා සාවුල්ව රජකමෙන් අයින් කළා.—1සාමු 15:2-24.
මාර්තු 21-27
දේවවචනය නිධානයක් | 1 සාමුවෙල් 16-17
දේවවචනයෙන් මැණික්
it-2-E 871-872
සාවුල්
දාවිත්ව අනාගත රජ හැටියට අභිෂේක කළාට පස්සේ යෙහෝවා දෙවියන්ගේ බලය සාවුල් රජට ලැබුණේ නැහැ. ඒ වෙලාවේ ඉඳන් “සාවුල් රජු තුළ වියවුල්සහගත සිතුවිලි” ඇති වෙන්න යෙහෝවා දෙවියන් ඉඩහැරියා. යෙහෝවා දෙවියන්ගේ බලය තවදුරටත් ලැබුණේ නැති නිසා පව්කාර ස්වභාවය සාවුල්ව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න පටන්ගත්තා. ඒ නිසා එයාගේ මනස වියවුල් වුණා. එයා දුෂ්ට විදිහට හිතන්න, වැඩ කරන්න පටන්ගත්තා. දෙවියන්ගේ බලයෙන් ලැබුණ රැකවරණය ලැබුණේ නැති නිසා සමහරවිට සාවුල් භූතයන්ගේ බලපෑමට අහු වෙන්නත් ඇති.—1සාමු 16:14-23.
මාර්තු 28–අප්රියෙල් 3
දේවවචනය නිධානයක් | 1 සාමුවෙල් 18-19
දේවවචනයෙන් මැණික්
it-2-E 695-696
අනාගතවක්තෘ
යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරු සමහර අවස්ථාවලදී එයාලට ලැබුණ පණිවිඩ දැනුම් දෙද්දී හරිම අමුතු විදිහට හැසිරිලා තියෙනවා. උදාහරණෙකට සමහර අවස්ථාවලදී එයාලා වියරුවෙන් වගේ දේවල් කරලා තියෙනවා. ඒ වගේම අනාවැකියකින් කියන දේ සංකේතවත් කරන්න නිර්වස්ත්රව හැසිරිලත් තියෙනවා. (යෙසා 20:2-4; මීකා 1:8-11) එක අවස්ථාවකදී සාවුල් රජ දාවිත්ව ලුහුබැඳගෙන යද්දී එයා ඇඳුම් ගලවලා වියරුවෙන් වගේ හැසිරිලා තියෙනවා. බයිබලේ ඒ ගැන කියන්නේ “පසුවදා උදෑසන වන තෙක්ම ඔහු නිර්වස්ත්රව බිම වැතිරී සිටියේය” කියලයි. (1සාමු 19:18–20:1) සමහරවිට සාවුල් එයාගේ රාජකීය වස්ත්ර ගලවලා දාන්න ඇත්තේ යෙහෝවා දෙවියන්ට තියෙන බලය, අධිකාරිය එක්ක බලද්දී එයා නිකම්ම නිකං මනුස්සයෙක් කියලා පෙන්නන්න වෙන්න ඇති. නැත්නම් වෙන හේතුවක් නිසා වෙන්න ඇති. හැබැයි ඒකට හේතුව බයිබලේ හරියටම කියලා නැහැ.