-
රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
12 දාවිත්ගේ ඉල්ලීම ගැන කේන්ති ගන්නා නාබල් පණිවිඩකරුවන්ට බැණවදිනවා. තමන් සතුව තිබෙන රොටි, වතුර සහ මස් ඔවුන්ට දෙන්න ඔහු කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. තම ස්වාමියාගෙන් පැන යන සේවකයෙකුට දාවිත්ව සමාන කරන ඔහු දාවිත්ට නින්දා කරනවා. නාබල්ට දාවිත් ගැන හැඟුණේ සාවුල්ට හැඟුණු ආකාරයටම වෙන්න ඇති. කොහොමවුණත් යෙහෝවා දෙවි දාවිත්ව සලකන්නේ ස්වාමියාගෙන් පලා යන සේවකයෙකු ලෙස නොව ඊශ්රායෙල් සෙනඟගේ අනාගත රජු ලෙසයි.—1 සාමු. 25:10, 11, 14.
-
-
රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
14. (අ) අබිගායිල් තම නිවැසියන්ව බේරාගැනීමට ගත් මුල් පියවර කුමක්ද? (ආ) නාබල් සහ අබිගායිල් ක්රියා කළ ආකාරයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (පාදසටහනද බලන්න.)
14 තම නිවැසියන්ට සිදු වීමට යන විපතින් ඔවුන්ව ගලවාගැනීමට අබිගායිල් දැනටමත් මුල් පියවර ගෙන තිබුණා. නාබල්ට වඩා වෙනස්ව ක්රියා කරන ඇය සේවකයා පවසන දේවලට හොඳින් සවන් දුන්නා. සේවකයා නාබල් සමඟ කතා කිරීමට අකමැති වුණේ නාබල් “කිසි කමකට නැති කෙනෙක්” වූ නිසයි.c (1 සාමු. 25:17, පාදසටහන බලන්න.) තමන් ගැනම ඕනෑවට වඩා සිතන නාබල් කිසිම කෙනෙකුට සවන් දෙන්න කැමති නැහැ. නමුත් සේවකයා අබිගායිල් වෙත ගියේ ඇය සමඟ ඕනෑම කාරණයක් කතා කළ හැකි බව ඔහු තේරුම්ගෙන සිටි නිසයි.
නාබල්ට වඩා වෙනස්ව අබිගායිල් හොඳින් සවන් දෙන කෙනෙක් වුණා
-