-
රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
10 දාවිත් සමඟ සිටි පුරුෂයන් මේ එඬේර කොලුවන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. ඔවුන්ගේ රැළේ බැටළුවන් විශාල ප්රමාණයක් සිටි නිසා ඉඳහිට එකෙක් දෙන්නෙක්ව කෑමට ගන්න ඔවුන්ට ඕනෑ තරම් අවස්ථාව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. මේ ප්රදේශය පිහිටා තිබුණේ ඊශ්රායෙලයේ දකුණු මායිමට යාබඳව නිසා කොල්ලකරුවන්ටත් සතුරන්ටත් එඬේරුන්ව පහසුවෙන්ම ගොදුරු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා ඔවුන්ගේත් බැටළුවන්ගේත් ජීවිත තිබුණේ අනතුරේ. ඒ බව හොඳින්ම දැන සිටි දාවිත් සමඟ සිටි පුරුෂයන් ඔවුන් වටා ආරක්ෂක පවුරක් මෙන් සිටිමින් ඔවුන්ව රැකබලා ගත්තා.b—1 සාමුවෙල් 25:15, 16 කියවන්න.
-
-
රුවැති මෙන්ම නුවණැති කාන්තාවක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
b දාවිත් එලෙස ඔවුන්ව ආරක්ෂා කිරීමට පෙලඹුණේ එය යෙහෝවා දෙවිට කරන සේවයක් කියා ඔහු සිතූ නිසයි. යෙහෝවා දෙවි අරමුණු කළේ ආබ්රහම්, ඊසාක් සහ යාකොබ්ගෙන් පැවතෙන්නන් එම ප්රදේශවල පදිංචි වීමයි. ඒ නිසා විදේශිකයන්ගෙන් එම ප්රදේශය ආරක්ෂා කිරීම පරිශුද්ධ සේවයක් ලෙස ඔහු සැලකුවා.
-