-
උඩඟුකමේ ප්රතිඵලය නින්දාවට පත්වීමයි2000 මුරටැඹ | අගෝස්තු 1
-
-
16. සාවුල් නොඉවසිලිමත් ස්වභාවයක් විදහාපෙන්වූයේ කෙසේද?
16 කෙසේවෙතත් කල් යත්ම සාවුල් තුළ මුලින් තිබූ නිහතමානිකම දකින්න ලැබුණේ නැහැ. පිලිස්තිවරුන් සමඟ කළ සටනේදී ඔහු ගිල්ගාල්ට පලාගියා. මෙහිදී ඔහුගෙන් බලාපොරොත්තු වුණේ, දෙවිට පූජා ඔප්පු කරමින් කන්නලව් කිරීම සඳහා සාමුවෙල් පැමිණෙන තෙක් බලා සිටීමයි. නියම කරගත් වේලාවට සාමුවෙල් නොපැමිණි නිසා, සාවුල් උඩඟු ලෙස දවන පූජාව ඔප්පු කළා. ඔහු පූජාව ඔප්පු කර අවසන් වෙනවාත් සමඟම සාමුවෙල් පැමිණියා. ‘නුඹ කළේ කුමක්ද’ කියා සාමුවෙල් ඇසුවා. සාවුල් ඊට උත්තර දෙමින් මෙසේ පැවසුවා. ‘සෙනඟ මා වෙතින් විසිර යන බවත්, නියම කළ දවස් ඇතුළතදී ඔබ නා බවත් දුටු බැවින් මම අකමැත්තෙන් වුවද දවන පූජාව ඔප්පු කළෙමි.’—1 සාමුවෙල් 13:8-12.
17. (අ) බැලූ බැල්මට නම්, සාවුල් කළ දෙය හරියි කියා පෙනී යා හැක්කේ ඇයි? (ආ) සාවුල් නොඉවසිලිමත්ව කළ දෙය යෙහෝවා හෙළා දැක්කේ ඇයි?
17 බැලූ බැල්මට නම් සාමුවෙල් කළ දෙයෙහි කිසි වරදක් නොපෙනිය හැකියි. මන්ද ඒ අවස්ථාවේදී දෙවිගේ සෙනඟ “අන්තරායට අසුවී, . . . පීඩිතව” හා භයෙන් වෙවුලමින් සිටි නිසා ඔවුන් සිටියේ කිසිවක් කර කියාගත නොහැකි තත්වයකයි. (1 සාමුවෙල් 13:6, 7) යම් අවස්ථාවකදී පැනනඟින තත්වයක් හේතුවෙන් යම් ක්රියාමාර්ගයක් ගත යුතුව තිබෙනවා නම්, එයට මුල පුරා එම ක්රියාමාර්ගය ගැනීම වැරදි දෙයක් නොවෙයි.d කෙසේවෙතත්, අපේ හදවත්වල තිබෙන දේවල් දැනගන්නත්, චේතනා තේරුම්ගන්නත් යෙහෝවාට තිබෙන හැකියාව අපි කිසිවිටෙක අමතක නොකළ යුතුයි. (1 සාමුවෙල් 16:7) එනිසා බයිබල් වාර්තාවේ සඳහන් කර නොමැති සමහර දේවල් පවා යෙහෝවා සාවුල් තුළ දකින්න ඇති. උදාහරණයක් හැටියට, සාවුල්ගේ නොඉවසිලිමත්කමට හේතුව උඩඟුකම බව ඔහු දකින්න ඇති. ඔහු සමහරවිට සාමුවෙල්ව නිසි වේලාවට දේවල් නොකරන වයසට ගිය අනාගතවක්තෘවරයෙකු ලෙස සැලකුවා විය හැකියි. එවැනි කෙනෙක් එන තෙක්, මුළු ඉශ්රායෙල් දේශයේම රජ වන තමාට බලා සිටින්න සිදුවීම නිසා සමහරවිට සාවුල්ට සෑහෙන්න කේන්ති යන්නත් ඇති. කොහොම වුණත්, සාමුවෙල්ගේ ප්රමාද වීම නිසා තමාට කලින් දී තිබූ පැහැදිලි උපදෙස් නොසලකා හරිමින් දේවල් තමන්ගේ අතට ගත්තාට කමක් නැහැ කියා සාවුල්ට හැඟුණා. එහි ප්රතිඵලය වූයේ කුමක්ද? මෙහිදී සාවුල් කළ දෙය සාමුවෙල් පැසසුමට ලක් කළේ නැහැ. ඒ වෙනුවට සාමුවෙල් ඔහුට තරවටු කරමින් මෙසේ පැවසුවා. ‘යෙහෝවා නුඹට අණ කළ දෙය නුඹ රක්ෂා නොකළ නිසා නුඹේ රජකම පවතින්නේ නැත.’ (1 සාමුවෙල් 13:13, 14) මෙම සිද්ධියෙන්ද මනාව පැහැදිලි වන්නේ උඩඟුකමේ ප්රතිඵලය නින්දාවට පත්වීම බවයි.
-
-
උඩඟුකමේ ප්රතිඵලය නින්දාවට පත්වීමයි2000 මුරටැඹ | අගෝස්තු 1
-
-
d උදාහරණයක් හැටියට, වරක් ඉශ්රායෙලිතයන් දසදහස් ගණනක් වසංගතයෙන් මියයෑම නතර කිරීමේ අරමුණින් පීනෙහාස් විගස පියවර ගත්තා. එමෙන්ම දාවිත් එක් අවස්ථාවකදී කුසගින්නේ සිටි තමන්ගේ සේවකයන් සමඟ එක් වී ‘දෙවිගේ ගෘහයේ’ තිබූ පිදීමේ රොටි අනුභව කළා. උඩඟු ලෙස කටයුතු කළ බව පවසමින් මේ ක්රියාවල් දෙකින් එකක්වත් දෙවි හෙළා දැක්කේ නැහැ.—මතෙව් 12:2-4; ගණන් කථාව 25:7-9; 1 සාමුවෙල් 21:1-6.
-