-
අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
අපි ආයෙත් අහසියා රජුගේ සිද්ධියට යමු. සිද්ධ වුණ දේ නිසා එලියාගෙන් පලිගන්න හිතපු අහසියා යුධ භටයන් 50දෙනෙක් සහ එයාලාගේ නායකයාව යවනවා එලියාව අත්අඩංගුවට ගන්න. එලියා “කන්දක් මුදුනේ”a වාඩි වෙලා ඉන්නවා එයාලා දකිනවා. ඒ වෙලාවේ භට සේනාවේ නාකයා කිසිම ගරු සරුවක් නැතුව එලියාට මෙහෙම කියනවා. ‘රජතුමා ඔබට කන්දෙන් බැස එන්න කියලා කියනවා.’ හුඟක් දුරට එයාලා එලියාව එක්කගෙන යන්න හැදුවේ මරන්න වෙන්න පුළුවන්. එයාලා දැනගෙන හිටියා එලියා කියන්නේ “සැබෑ දෙවිගේ අනාගතවක්තෘවරයෙක්” කියලා. ඒත් එයාව බයගන්වන එක, එයාට තර්ජනය කරන එක වරදක් විදිහට එයාලා දැක්කේ නැහැ. ඒක කොච්චර ලොකු මෝඩකමක්ද! ඒ වෙලාවේ එලියා භට පිරිසේ නායකයාට මෙහෙම කියනවා. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක් ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඒ වෙලාවෙම යෙහෝවා දෙවි අවශ්‍ය පියවර ගත්තා. “අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවා.” (2 රාජාවලිය 1:9, 10) දෙවිගේ සෙනඟට හිරිහැර කරන, අගෞරව කරන අයට යෙහෝවා දෙවි දඬුවම් කරනවා කියන්න එක හොඳ උදාහරණයක්.—1 ලේකම් 16:21, 22.
-
-
අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
මිනිසුන් හිතුවක්කාර විදිහට දෙවිට විරුද්ධව වැඩ කරද්දී එලියා ඒ දේවල් විඳදරාගත්තේ කොහොමද? අද අපි ඉන්නෙත් එදා එලියා හිටියා වගේ තත්වයකමයි නේද? ඔයා ආදරේ කරන කෙනෙක් කොච්චර කිව්වත් ඒක පිලිගන්නේ නැතුව දෙවි අකමැති දේවල් කරනවා දැකලා ඔයා කනස්සල්ලෙන්ද ඉන්නේ? ඒ වගේ දේවල් විඳදරාගන්න අපිට පුළුවන් කොහොමද? ඒකට උත්තරේ දැනගන්න අපි දැන් බලමු භට පිරිස එලියාව අල්ලගන්න යද්දී එලියා හිටියේ කොහෙද කියලා. එයා හිටියේ “කන්දක් මුදුනේ.” එලියා එතන හිටියේ ඇයි කියලා අපිට නිශ්චිතවම කියන්න බැහැ. ඒත් එයා නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කරපු කෙනෙක් නිසා එයා ඒ කන්ද උඩට ගියේ තනිවෙලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියලා අපිට හිතන්න පුළුවන්. (යාකොබ් 5:16-18) හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන අපේ හිතේ තියෙන හැම දෙයක් ගැනම දෙවිට කියලා යාච්ඤා කරන්න අපිටත් පුළුවන්. මිනිසුන් හිතක් පපුවක් නැති විදිහට සහ තමන්ටම හානිදායක විදිහට වැඩ කළත් ඒක විඳදරාගන්න ඒක අපිට උදව්වක්.
-
-
අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
-
-
a එලියා හිටියේ කර්මෙල් කන්දේ ඒ කියන්නේ කලින් වතාවක බාල් දෙවියාගේ අනාගතවක්තෘවරුන් බොරුකාරයන් කියලා ඔප්පු කරන්න දෙවි එලියාට උදව් කරපු ස්ථානයේයි කියලා සමහර විශාරදයන් කියනවා. කොහොම වුණත් ඒ ස්ථානය මොකක්ද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.
-