-
ඔබත් පිනි බින්දු වගේද?2007 මුරටැඹ | නොවැම්බර් 15
-
-
ඔබත් පිනි බින්දු වගේද?
මීටර් 2814ක් උසැති තේජවත් හෙර්මොන් කන්ද පිහිටා තිබෙන්නේ ලෙබනොන් කඳු යායට දකුණු දෙසින් වෙන්නයි. අවුරුද්දෙන් වැඩි හරියක්ම මෙහි කඳු මුදුන හිමෙන් වැසී තිබෙනවා. රාත්‍රී කාලයේදී ඒ හරහා හමා යන උණුසුම් වාතය නිසා ඒවා පිනි බවට පත් වී, කඳු බෑවුම දිගේ තිබෙන ගස් කොළන් මෙන්ම කඳු පාමුල තැනිතලාවේ තිබෙන මිදි වතු මතද පතිත වෙනවා. පුරාණ ඊශ්‍රායෙලයේ පැවති දීර්ඝ නියං කාලවලදී වගාවන් ප්‍රාණවත්ව තැබීමට අවශ්‍ය තෙතමනය ප්‍රධාන වශයෙන් ලැබුණේ හෙර්මොන් කන්දේ පිනි මගිනුයි.
යෙහෝවා දෙවිගේ සෙනඟ අතර ඇති එකිනෙකාව ප්‍රාණවත් කරවන එකමුතුකම බයිබලය සමාන කර තිබෙන්නේ “සියොන්හි කඳු මත පතිත වන හෙර්මොන් කන්දෙහි පිනි” බින්දුවලටයි. (ගීතාවලිය 133:1, 3, නව ලොව පරිවර්තනය, NW) හෙර්මොන් කන්දේ පිනිවලින් ගස් කොළන්වලට මහත් ප්‍රාණවත්භාවයක් ගෙන දෙනවා හා සමානව අන් අයට මහත් ප්රබෝධයක් ගෙන දීමට අපටත් හැකියි. ඒ කෙසේද කියා අපි දැන් බලමු.
-
-
ඔබත් පිනි බින්දු වගේද?2007 මුරටැඹ | නොවැම්බර් 15
-
-
[16වන පිටුවේ පින්තූර]
අවට තිබූ ගස් කොළන් ප්‍රාණවත්ව තැබීමට හෙර්මොන් කන්දෙන් වැටුණු පිනි හේතු වුණා
-