20වෙනි පාඩම
ක්‍රිස්තියානීන්ව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?
යෙහෝවා හැම දෙයක්ම පිළිවෙළට කරන දෙවි කෙනෙක්. (1 කොරින්ති 14:33) ඒ නිසා ඔහුගේ සෙනඟවත් ඔහු හොඳින් සංවිධානය කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඔහු ක්‍රිස්තියානි සභාව සංවිධානය කරලා තියෙන්නේ කොහොමද? සභාවේ වැඩ හොඳින් කරගෙන යන්න අපිට උදව් වෙන්න පුළුවන් කොහොමද?
1. සභාවේ නායකයා කවුද?
ක්‍රිස්තුස් තමයි ‘සභාවේ හිස’ නැත්නම් නායකයා. (එෆීස 5:23) දෙවියන්ගේ සෙනඟට යේසුස් ස්වර්ගයේ ඉඳලා මඟ පෙන්නනවා. ඔහු අද්දැකීම් තියෙන වැඩිමහල්ලන් කීපදෙනෙක්ව පාලක මණ්ඩලය විදිහට පත් කරලා තියෙනවා. එයාලව බයිබලයේ හඳුන්වන්නේ “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” කියලා. (මතෙව් 24:45-47 කියවන්න.) මුල් කාලයේ හිටපු ක්‍රිස්තියානීන්ට යෙරුසලමේ හිටපු නියෝජිතයන් සහ වැඩිමහල්ලන් මඟ පෙන්නුවා. අද ඉන්න පාලක මණ්ඩලයත් ලෝකේ පුරාම ඉන්න සාක්ෂිකරුවන්ට මඟ පෙන්නනවා. (ක්‍රියා 15:2) ඒත් පාලක මණ්ඩලයේ ඉන්න අය අපේ සංවිධානයේ නායකයන් නෙමෙයි. එයාලා බයිබලය කියවලා යෙහෝවා කරන්න කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න උත්සාහ කරනවා. එයාලා යේසුස්ගේ නායකත්වයට යටත් වෙනවා.
2. වැඩිමහල්ලන් කියන්නේ කාටද, එයාලා සභාවේ මොනවාද කරන්නේ?
වැඩිමහල්ලන් කියන්නේ කාලයක් තිස්සේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන, අද්දැකීම් තියෙන පුරුෂයන්ට. එයාලා සභාවේ අයට බයිබලය පාවිච්චි කරලා උගන්නනවා, ආදරෙන් අවශ්‍ය උදව් උපකාර ලබා දෙනවා. ඒවාට එයාලට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ. එයාලා සේවය කරන්නේ ‘කැමැත්තෙන්මයි. කපටි විදිහට වාසි ප්‍රයෝජන ලබාගන්න නෙමෙයි, සේවය කරන්න තියෙන ආසාව නිසයි.’ (1 පේතෘස් 5:1, 2) වැඩිමහල්ලන්ට උදව් කරන්න සහායක සේවකයන් කියලා කට්ටියක් ඉන්නවා. එයාලටත් වැඩිමහල්ලන් විදිහට සේවය කරන්න සුදුසුකම් ලබන්න පුළුවන්.
පාලක මණ්ඩලය සමහර වැඩිමහල්ලන්ව චාරිකා සේවකයන් විදිහට පත් කරනවා. එයාලා සභාවලට ගිහින් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීලා සභාවන් ශක්තිමත් කරනවා. එයාලා බයිබලයේ සඳහන් සුදුසුකම් ඇති පුරුෂයන්ව වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් විදිහට පත් කරනවා.—1 තිමෝති 3:1-10, 12; තීතස් 1:5-9.
3. සභාවේ ඉන්න හැම කෙනෙක්ටම තියෙන වගකීම මොකක්ද?
සභාවේ හැමෝම “යෙහෝවාගේ නමට ප්‍රශංසා” කරන්න ඕනේ. එයාලා එහෙම කරන්නේ රැස්වීම්වලට ගිහින් ඒකේ වෙන හැම දේකටම හවුල් වෙලා. ඒ වගේම එයාලට පුළුවන් විදිහට දේශනා සේවයේ හවුල් වෙලා.—ගීතාවලිය 148:12, 13 කියවන්න.
තවත් හොයමු
යේසුස් මොන වගේ නායකයෙක්ද කියලත් වැඩිමහල්ලන් ඔහු වැඩ කරන විදිහට වැඩ කරන්න උත්සාහ කරන්නේ කොහොමද කියලත් දැනගන්න. යේසුස්ට කීකරු වෙන්නත් වැඩිමහල්ලන්ට සහය වෙන්නත් අපිට පුළුවන් කොහොමද කියලා බලන්න.
4. යේසුස් හරිම කරුණාවන්ත නායකයෙක්
යේසුස් ආදරෙන් අපිට ආරාධනාවක් කරනවා. මතෙව් 11:28-30 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
යේසුස් මොන වගේ නායකයෙක්ද? ඔහුගේ නායකත්වය යටතේ ඉද්දී අපිට දැනෙන්න ඕනෙ කොහොමද?
වැඩිමහල්ලන් යේසුස් වැඩ කරන විදිහට වැඩ කරන්නේ කොහොමද? වීඩියෝ එක බලන්න.
වැඩිමහල්ලන් වැඩ කරන්න ඕනෙ විදිහ ගැන බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා.
යෙසායා 32:2 සහ 1 පේතෘස් 5:1-3 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
යේසුස් වගේ වැඩිමහල්ලනුත් අනිත් අයට සහනයක් වෙන විදිහට වැඩ කරනවා. ඒක දැනගෙන ඉන්න එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?
වැඩිමහල්ලන් යේසුස් වගේ වැඩ කරන්නේ තවත් මොන විදිවලින්ද?
5. වැඩිමහල්ලන් හොඳ ආදර්ශයක් තියනවා
වැඩිමහල්ලන්ට තියෙන වැඩ ගැන එයාලා කොහොම හිතනවාටද යේසුස් කැමති? වීඩියෝ එක බලන්න.
වැඩිමහල්ලන් සභාවේ වැඩ කරන්න ඕනෙ කොහොමද කියලා යේසුස් පැහැදිලි කළා. මතෙව් 23:8-12 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
වැඩිමහල්ලන් ගැන බයිබලයේ කියන දේයි, ආගමික නායකයන් වැඩ කරන විදිහෙයි ඔයා දැකලා තියෙන වෙනස්කම් මොනවාද? ඒ ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?
වැඩිමහල්ලන් යෙහෝවා එක්ක එයාලට තියෙන බැඳීම ශක්තිමත් කරගන්නවා. එහෙම කරන්න එයාලාගේ පවුලේ අයටත් උදව් කරනවා
සභාවේ ඉන්න හැම කෙනෙක්ටම වැඩිමහල්ලන් ආදරෙන් සලකනවා
වැඩිමහල්ලන් දේශනා සේවයේ නිතරම හවුල් වෙනවා
වැඩිමහල්ලන් සභාවේ උගන්නනවා. ඒ වගේම සභාවේ පිරිසිදු කරන එක සහ අනිත් වැඩ එයාලා කරනවා
6. අපිට පුළුවන් වැඩිමහල්ලන්ට සහය වෙන්න
අපි වැඩිමහල්ලන්ට සහය දෙන්න ඕනෙ වැදගත් හේතුවක් බයිබලයේ කියනවා. හෙබ්‍රෙව් 13:17 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
සභාවේ වැඩිමහල්ලන්ට අපි කැමැත්තෙන්ම කීකරු වෙන්න ඕනෙ කියලා බයිබලයේ කියන්නේ ඇයි? ඒ ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?
ලූක් 16:10 කියවලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න.
එච්චර වැදගත් නැහැ කියලා හිතෙන දේවලදී වුණත් වැඩිමහල්ලන්ට කීකරු වෙන එක වැදගත් වෙන්නේ ඇයි?
සමහරු මෙහෙම කියනවා: “කොහෙටවත් යන්න ඕනෙ නැහැ. ගෙදර ඉඳන් ආගම ඇදහුවා නම් ඇති.”
සභාවත් එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරන එක හොඳයි කියලා ඔයා හිතන්නේ ඇයි?
ඉගෙනගත්ත දේ
සභාවේ නායකයා යේසුස්. ඔහු යටතේ සේවය කරන වැඩිමහල්ලන්ට අපි කැමැත්තෙන් සහය දෙනවා. එයාලා කරුණාවන්ත අය. අපිට හොඳ ආදර්ශයක් තියනවා.
ඔයා හිතන්නේ මොකක්ද?
සභාවේ නායකයා කවුද?
වැඩිමහල්ලන් සභාවේ ඉන්න අයට උදව් කරන්නේ කොහොමද?
යෙහෝවාට නමස්කාර කරන හැම කෙනෙක්ටම තියෙන වගකීම මොකක්ද?
තව දැනගන්න
පාලක මණ්ඩලය සහ වැඩිමහල්ලන් සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට කොච්චර ආදරෙයිද කියලා දැනගන්න.
චාරිකා සේවකයන් කරන දේවල් ගැන දැනගන්න.
කාන්තාවන් සභාවේ කරන දේවල් ගැන දැනගන්න.
සහෝදරයන්ව ශක්තිමත් කරන්න වැඩිමහල්ලන් කොච්චර මහන්සි වෙනවාද කියලා දැනගන්න.