යෞවනයන් අසති . . .
තාත්තාට මියයන්න සිදුවුණේ ඇයි?
ශක්තිමත් හා සෞඛ්‍යසම්පන්නව සිටි මිනිසෙකු යයි ප්‍රසිද්ධව සිටි ඇල්ගේ පියා රෝහල්ගතවූ විට සෑම දෙනාම පුදුමයට පත්වූහ. එසේ වුවත්, ඇල්ට තමාගේ තාත්තා ඉක්මනින් ගෙදර පැමිණෙයි කියා විශ්වාසයක් තිබුණි. එහෙත් ඔහුගේ තත්ත්වය හදිසියේම නරක අතට හැරී, ඔහු මියගියේය. “එතරම් ශක්තිමත්ව සිටි කෙනෙක් මැරෙයි කියා මට විශ්වාස කරන්න බැරි වුණා,” යයි ඇල් ශෝක විය.
කිම්ගේ පියා ප්‍රේමනීය ක්‍රිස්තියානි මිනිසෙකි. ඔහු නිදන්ගත සෞඛ්‍ය ගැටලුවක් සඳහා ඊට කලින් රෝහල්ගතව සිට ඇති නමුත්, ඔහු සුවවෙමින් සිටි බවක් පෙනෙන්ට තිබුණි. එවිට දිනක් ඔහු නාන කාමරයේදී සිහිසුන්ව ඇද වැටුණි. “මා ඔහුව දුටු මොහොතේම ඔහු මැරී ඇති බව මා දැනගත්තා,” යයි කිම් සිහිපත් කරයි. “බාහිර හෘද සම්බාහනයක් දීම මගින් ඔහුගේ ජීවිතය බේරාගන්න මගේ මව සහ අයියා සෑහෙන වෙහෙසක් දැරුවා. මම මගේ කාමරයට දුවගොස් යාච්ඤා කළා: ‘යෙහෝවඃවහන්ස, මෙය සිදුවෙන්න ඉඩ දෙන්න එපා. කරුණාකර ඔහුට ජීවත්වෙන්න ඉඩ සලස්වන්න!’ නමුත් ඔහුගේ සිහිය නැවත කොහෙත්ම පැමිණුණේ නෑ.”
මරණය මේ ලෝකයෙහි අමිහිරි යථාර්ථයකි. බයිබලය මෙසේ පවසයි: “සෑම කාරණාවලට [නියමිත, NW ] කාලයක්ද ඇත. උපදින්ට කාලයක් සහ නසින්ට කාලයක්ය.” (දේශනාකාරයා 3:1, 2) ඔබව ක්‍රිස්තියානියෙකු ලෙස ඇතිදැඩි කර තිබේ නම්, මිනිසුන් මියයන්නේ ඇයි, මළවුන්ගේ තත්ත්වය හා නැවත නැගිටීමේ බලාපොරොත්තුව සම්බන්ධයෙන් බයිබලයේ ඉගැන්වීම් ඔබ දන්නෙහිය.a
කෙසේවුවත්, ඔබේ දෙමව්පියාගේ මියයෑමෙන් ඔබ අසරණ වී සිටිනවා විය හැක. ජීවිත කාලයකදී අද්දකින්නට වන වඩාත්ම අසීරු අද්දැකීමකි එය. අතරමං වූ හා පීඩා ලැබිය හැකි බවක් ඔබට දැනීමට එය සැලැස්විය හැකියි. ඔබ තවමත් ශාරීරිකව හා චිත්තවේගීව වැඩෙන අතර ඔබ ස්වාධීනත්වයේ එක්තරා මට්ටමක් පිහිටුවාගෙන සිටිය හැකි වුවත්, බොහෝ ක්‍රමවලින් ඔබට තවමත් ඔබේ දෙමව්පියන්ව අවශ්‍යයි.b
එසේනම්, නහඹරයෙකුගේ ප්‍රධාන බිය ඔහුගේ හෝ ඇගේ දෙමව්පියන් අහිමිවීම බව එක් සමීක්ෂණයක් හෙළි කරනු ලැබීම පුදුමයට කාරණයක් නොවේ. එක් යෞවනියක් මෙසේ පිළිගත්තාය: “බොහෝ වේලාවට මගේ දෙමව්පියන්ව මට ඇත්තෙන්ම වදයක්, නමුත් ඔවුන්ට කිසිවක් සිදුවෙනවාට මා කොහෙත්ම කැමති නෑ. ඒ ගැන මා කනස්සලු වෙනවා.”—ද ප්‍රයිවට් ලයිෆ් ඔෆ් දි අමෙරිකන් ටීන්ඒජර්.
එසේනම්, ඔබේ දෙමව්පියෙක් මියගොස් ඇත්නම්, ඔබ චිත්තවේගීව තෝන්තු වී සිටිය හැකිවීම පුදුමයක් නොවේ. ඇත්තෙන්ම ඔබට අඩුම තරමින් මුලදී හෝ කිසිවක් කරකියාගත නොහැකි බවක් කෙතරම් තදින් හැඟෙනවාද කිවහොත් ඔබට අඬන්නට පවා නොහැකි වේ. මෙය අසාමාන්‍ය දෙයක් නොවේ. මහත් වෙහෙසක් යටතේ සිටි ගීතිකාකරු මෙසේ ප්‍රකාශ කළේය: “මම ක්ලාන්තව බොහෝසෙයින් තැළී සිටිමි.” (ගීතාවලිය 38:8) ඩෙත් ඇන්ඩ් ග්රීෆ් ඉන් ද ෆැමිලි පොත මෙසේ පවසයි: “පුද්ගලයෙකු තද කැපුමකින් තුවාල ලබන විට හෝ අස්ථි භග්නයක් ඇතිවන විට ශාරීරික කම්පනයක් ඇතිවේ. මෙම කම්පනය වනාහි එම මොහොතේම ඇතිවන ඉමහත් වේදනාව වළක්වන ආරක්ෂිත උපක්‍රමයක ආකාරයකි. ශෝකය බෙහෙවින් ඒ ආකාරයෙන්ම ක්‍රියා කරයි.” එහෙත්, එම මුල් කම්පනය පහවී යන විට කුමක් සිදුවිය හැකිද?
‘මට තද කේන්තියක් දැනෙනවා’
ලූක් 8:52හි සඳහන් පරිදි, කුඩා ගැහැනු ළමයෙකුගේ මරණයෙන් පසු අපට කියවන්නට තිබෙන්නේ, “සියල්ලෝම . . . අඬමින්ද වැලපෙමින්ද සිටියෝය,” කියාය. එසේය, ප්‍රේමනීය තැනැත්තෙකුට මරණයේ පහර වදින විට, කනගාටුව, වරද සහිතබව, බිය—කෝපය පවා—ඇතුළු බලවත් චිත්තවේග රාශියක් දැනීම සාමාන්‍ය දෙයක් පමණි.
කෝපවන්නේ මන්ද? මක්නිසාද අපගේ දෙමව්පියන් අපට ආරක්ෂාව, සුරක්ෂිතබව හැඟෙන්ට සලස්වන නිසාය. ඔවුන්ගෙන් කෙනෙකු මියගිය විට, තැතිගැන්ම හා අතරමං වූ බව දැනීම සාමාන්‍ය දෙයකි. ඔබේ දෙමව්පියා ඔබව දමා ගියේ හිතාමතාම නොවේ. එහෙත් මරණය අපේ සතුරාය. (1 කොරින්ති 15:26) මරණය අප ප්‍රේම කරන කෙනෙකු ඩැහැගන්නා විට, අහිමි වීම සැබෑවටම දැනෙන එකකි, එමෙන්ම කිසිදු සැකයකින් තොරව වේදනාකාරිය. දහඅට හැවිරිදි වෙන්ඩි පැවසූ දෙය සැලකිල්ලට ගන්න: “මගේ පියාගේ මරණයෙන් පසු මට ලෝකයේ තනිවූ බවක් හා බියක් හැගුණා. මට උපකාර කිරීම සඳහා මගේ පියා මා සමඟ සිටියා නම් කියා මා බොහෝවර සිතුවා.” ඔබට අහිමි වී ඇති දේවල්—එනම් ප්‍රේමය, සහාය, උපදෙස්—ගැන ඔබ සිතන විට, ඔබගේ කේන්ති ගැනීම තේරුම්ගත හැකියි.
උදාහරණයක් ලෙස, යෞවන ඩෙබී, ඇගේ මාමාට සමීපව සිටියාය. ඔහුගේ මරණයෙන් පසු මෙසේ ලීවාය: “එතරම් හොඳ, එතරම් හොඳට ප්‍රේම කළ හැකිවූ, යෙහෝවඃවහන්සේට එතරම්ම ප්‍රේම කළ ඒවාගේ කෙනෙකු එතරම්ම වේදනාසහගතව වදවිඳ මියයෑමට සිදුවීම සාධාරණ දෙයක්යයි කීමට බෑ. ක්‍රිස්තියානියෙකු ලෙස ඇතිදැඩි වූ මා, මිනිස්සු මහලුවීමට, මියයෑමට හා හොඳ මිනිස්සු වේදනා විඳීමට හේතුව දැනගෙන සිටියත්, මා තුළ ඇතිවූ කෝපයේ හැඟීම්වලට මා සූදානම්ව සිටියේ නෑ.”
මියගිය දෙමව්පියා කෙරෙහි ඇතැමෙකුට තරමක් දුරට කෝපයක් පවා ඇතිවේ. යෞවන වික්ටෝරියා මෙසේ පිළිගන්නීය: “ගිය අවුරුද්දේ මගේ සීයා මැරුණා. ඔහු මැරුණු නිසා මට ඔහු කෙරෙහි මහත් කේන්තියක් ඇති වුණා, ඉන්පසු කේන්තිය නිවුනායින් පසු, මට ඉමහත් දුකක් ඇති වුණා.” ඇත්තෙන්ම, සමහරුන් සිය කෝපය ස්වර්ගය දෙසට යොමු කිරීමට පෙලඹී තිබේ. හදිසි හෘදයාබාධයකින් තම පියාව අහිමි වූ 14-හැවිරිදි ටෙරී කියා සිටින්නේ, “මට දෙවියන්වහන්සෙත් එක්ක කේන්තියි, මගේ පියාට මා හුඟක් ප්‍රේම කළ විටත්, ඔහුව මට අවශ්‍යව තිබුණු විටත්, ඔහුට මියයන්න සිදුවුණේ ඇයි?”
‘මා ලොකු වරදක් කළ බව මට දැන් හැඟෙනවා’
දෙමව්පියෙකුගේ මරණයේදී වරදක් කළ බව හැඟීම තවත් පොදු ප්‍රතික්‍රියාවකි. “සියල්ලෝම පව්කොට දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති,” යයි බයිබලය පවසයි. (රෝම 3:23) ප්‍රතිඵලයක් වශයෙන්, බොහෝ නහඹරයෝ කලින් කලට සිය දෙමව්පියන් සමඟ දබර කරගනිති. එහෙත් දෙමව්පියෙක් මියගිය විට, පරණ ඝට්ටන හා වාදවිවාද යළි සිහිවීම මහත් ශෝකයේ මූලාශ්‍රයක් බවට පත්විය හැක.
එකිනෙකාට ප්‍රේම කරන අයවලුන් පවා ඇතැම් අවස්ථාවලදී එකඟ නොවන බව මතක තබාගැනීම උපකාරවත් විය හැකියි. “මම මගේ මවට ප්‍රේම කළා, ඇයත් මට ප්‍රේම කළ බව මා දැන සිටියා, නමුත් ඇය අසනීපවීමට මාස කීපයකට පෙර, අප අතර ගැටලු තිබුණා. මට සමහරක් දේවල් සම්බන්ධයෙන් ඇය සමඟ කේන්ති ගියා—දැන් බලන විට ඒවා අර්ථයක් නැති ඒවා බවයි පෙනෙන්නේ—නමුත් ඒ දවස්වල මට ඒවා වැදගත් වුණා. වතාවක, මා ඇය සමඟ තදින් කේන්ති අරන් හිටිය වෙලාවේ, මගේ කාමරයට කේන්තියෙන් ගොස්, ඇය මැරෙනවා නම් මීට වඩා හොඳයි කියා රහසින් සිතුවා මට මතකයි. අම්මා අසනීප වී, හදිසියේම මැරුණු විට, අප දෙදෙනාට එකිනෙකා කෙරෙහි තිබුණු මෙම හැම අස්ථිර හැඟීමක්ම ඉතිරි වී තිබුණා. මට දැන් ලොකු වරදක් කළ බව හැඟෙනවා.” ඔබ පවසා ඇති හෝ ඔබට හැඟී ඇති දෙය කුමක් වුවත්, ඔබ ඔබේ දෙමව්පියාගේ මරණය සිදු කළේ නැත. එය ඔබේ වරද නොවේ.
ශෝකයේ වේදනාව
එසේ වුවත්, ඔබට බලවත් කනගාටුවක් හා ශෝකයක් ඇතිවිය හැකියි. බයිබල් කාලවල ඇදහිලිවන්ත මිනිසුන් සහ ස්ත්‍රීන්ද එවැනි හැඟීම් අද්දුටු බව දැන සිටීමෙන් සැනසීමක් ලබාගන්න. යෝසෙප්ට තම ආදරණීය පියාව මරණයෙන් අහිමි වූ විට, ඔහු “තමාගේ පියාගේ මුහුණ මතුයෙහි හඬ හඬා ඔහු සිඹගත්තේය.” (උත්පත්ති 50:1) එමෙන්ම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිත්‍ර ලාසරුස් මියගිය විට උන්වහන්සේ “ඇඬූසේක.”—යොහන් 11:35.
ඇත්තෙන්ම, දෙමව්පියෙකුගේ මරණය ගැන කෙනෙකු දුක්වන විට, දුක දරාගන්න බැරි බවක් හැඟීම ස්වාභාවික දෙයකි. ගීතිකාකරු සිය ශෝකය විස්තර කිරීමට වෑයම් කරද්දී, ඔහු තමාව සන්සන්දනය කළේ “මෑණියන් ගැන ශෝකවන්නෙකුසේ දුකින් වැතිර” සිටි කෙනෙකු ලෙසයි. (ගීතාවලිය 35:14) දුකෙන් යටපත් වී සිටින ඔබ “ශෝකයෙන් නිදි නැතිව,” පවා සිටිය හැකිය. (ගීතාවලිය 119:28, NW ) ඔබ කෑම කන්න අකමැති විය හැක, පාසැලේදී සිත එක්තැන් කර අවධානය යොමුකිරීම අසීරු විය හැක. ඔබ විෂාදයට පවා පත්විය හැක.
කාරණා තවත් දරුණු කරමින්, ජීවතුන් අතර සිටින ඔබේ දෙමව්පියා හා සහෝදර සහෝදරියන් ඔබට වැඩි උපකාරයක් දීමට නොහැකිව ඔවුන්ගේම ශෝකයන්හි ගිලී සිටිය හැකිය. කිම් මෙසේ සිහිපත් කරයි: “මගේ තාත්තාව අපි වැළලූ පසු, අපේ සාමාන්‍ය ජීවිතවලට යළි හැරීමට අපි වෑයම් කළා. අම්මා දැන් ගෙදර ප්‍රධානියා බවට පත්වුණා. නමුත් අපේ පවුල් බයිබල් පාඩම කරන අතර මැදදී ඇයට ඇගේ චිත්තවේගයන් පාලනය කරගත නොහැකි වී අඬන්ට පටන්ගත් අවස්ථා තිබුණා. මගේ පියාගේ නම කියමින්, ඇය රාත්රියේදී අඬනවා මට ඇසී තිබෙනවා.”
සැනසීම සෙවීම
ප්‍රොපේත යෙරෙමියා වරක් මෙසේ පැවසීය: “මාගේ දුක සනසාගන්ට බැරි තරම්ය! මාගේ සිත [හෘදය, NW ] මා තුළ ක්ලාන්තවී තිබේ.” (යෙරෙමියා 8:18) වේදනාව කිසිවිට පහවී නොයන්නාක් මෙන්ද ඔබට හැඟෙන්ට පුළුවනි. එහෙත් ප්‍රේරිත පාවුල්ගේ වදන් සැලකිල්ලට ගන්න: “සෑම සැනසිල්ලේ දෙවිවූද පියවූ දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා . . . උන්වහන්සේ අපේ සියලු පීඩාවලදී අප සනසනසේක.” (2 කොරින්ති 1:3, 4) දෙවියන්වහන්සේ මෙම සැනසීම මූලික වශයෙන්ම ඉදිරිපත් කරන්නේ ස්වකීය ලිඛිත වචනය වන බයිබලයේ පිටු මගිනි. තවදුරටත්, මිතුරන් සහ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපකාරය සහ අනුබලය සැපයීමට උන්වහන්සේගේ ආත්මයට හැකිය.
වැරදිසහගත කෝපයක් තබාගැනීමෙන් මෙම දිව්‍යමය සැනසීම සෙවීමෙන් ඔබව වළක්වන්ට ඉඩ නොහරින්න. ධර්මිෂ්ඨ යෝබ් සිය වේදනාකාරි අහිමිවීම් සඳහා දෙවියන්වහන්සේට දොස් පැවරීමේ වරද කළේය. ඔහු තික්තකමින් යුක්තව මෙසේ ප්‍රකාශ කළේය: “මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුනු විසුනු කළ සේක.” (යෝබ් 16:12, 13, නව අනුවාදය) එහෙත් යෝබ්ට වැරදී තිබුණි. යෝබ්ගේ කරදරවල උල්පත දෙවියන්වහන්සේ නොව සාතන් විය. “සැබවින්ම දෙවියන්වහන්සේ දුෂ්ටකම් නොකරනසේක, සර්වපරාක්‍රමයාණෝ යුක්තිය නොපෙරළන,” බව යෝබ්ට සිහිගැන්වීමට යෞවන එලීහුට සිදුවුණි. යෝබ් පසුව දුරදිග නොබලා ප්‍රකාශ කළ දේවල් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වරද පිළිගත්තේය.—යෝබ් 34:12; 42:6.
ඒ ආකාරයෙන්ම, දේවල් දෙස වඩා සමබර දෘෂ්ටිකෝණයකින් බැලීමට කෙනෙකුගේ උපකාරය ඔබට අවශ්‍ය විය හැක. කිම් මෙසේ සිහිපත් කරයි: “වයසක ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් යොහන් 5:28, 29 සහ 1 කොරින්ති 15:20 වැනි ශුද්ධලියවිලි පද අප සමඟ සාකච්ඡා කරමින් නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන අපට මතක්කර දුන්නා. ඔහු මෙසේ පැවසුවා: ‘ඔබේ පියා නැවත එනවා, නමුත් පාරාදීසයෙහිදී ඔහුව දැකීමට නම් ඔබ ඇදහිලිවන්තව සිටිය යුතුයි.’ මට කවදාවත් එය අමතක වෙන්නේ නෑ! මිනිසා සඳහා දෙවියන්වහන්සේගේ අරමුණ, මරණය නොවන බවත් ඔහු පැවසුවා. මගේ පියාගේ මරණය සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ වගකිව නොයුතු බව මට වැටහුණා.”
කාරණා සම්බන්ධයෙන් ශුද්ධලියවිලිමය කෝණයකින් තර්ක කිරීම කිම්ගේ වේදනාව ක්ෂණිකවම පහ කළේ නැත, නමුත් එය පටන්ගැන්මක් විය. ඔබේ වේදනාවෙන් හා ශෝකයෙන් ගොඩ ඒම සඳහා ඔබටත් ක්‍රියාත්මක වීමට පටන්ගත හැක. විශේෂයෙන්ම ඔබට එසේ කළ හැකි අයුරු අපගේ ඊළඟ ලිපියේ විෂය වනු ඇත. g94 8/22
[පාදසටහන්වල]
a වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත, පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක යන පොත බලන්න
b සීයලා ආච්චිලා, නැන්දලා මාමලා වැනි ඉතා සමීප සබඳතා භුක්තිවින්දා වූ වෙනත් නෑදෑයන් අහිමි වූ යෞවනයන් මෙම සාකච්ඡාවට ඇතුළත් වේ.
[26 පිටුවෙහි ඇති පින්තූරය]
දෙමව්පියෙකුගේ මරණය ජීවිතයේ ඉතාමත්ම අසීරු අද්දැකීම්වලින් එකක් විය හැක