-
“බැටළු පැටවාගේ විවාහය”2014 මුරටැඹ | පෙබරවාරි 15
-
-
6. අභිෂේක ලත් අයව “රජුගේ දියණිය” කියා හඳුන්වන්නේ ඇයි? ඔවුන්ට ඔවුන්ගේ සෙනඟව අමතක කර දමන්න කියා පැවසුවේ ඇයි?
6 මනාලියව “දියණිය” කියාත් “රජුගේ දියණිය” කියාත් ගීතිකාකරු හඳුන්වනවා. (ගීතා. 45:13) එහි සඳහන් රජු යෙහෝවා දෙවියි. දෙවි අභිෂේක ලත් අයව ඔහුගේ “දරුවන්” ලෙස පිළිගෙන තිබෙන බව බයිබලයේ පවසනවා. (රෝම 8:15-17) මනාලියට “ඔබේ පියාගේ නිවසද ඔබේ සෙනඟවද අමතක කර දමන්න” කියා පවසන්නේ ඇයි? අභිෂේක ලත් අය ස්වර්ගයට ගොස් යේසුස්ගේ මනාලිය වීමට නියමිතයි. ඒ නිසා ඔවුන්ගේ “මනස පොළොවේ තිබෙන දේවලට නොව ස්වර්ගයේ තිබෙන දේවලට යොමු කර තබාගන්න” අවශ්‍යයි.—කොලො. 3:1-4.
-
-
“බැටළු පැටවාගේ විවාහය”2014 මුරටැඹ | පෙබරවාරි 15
-
-
මනාලියව ‘රජු ඉදිරියට ගෙන එයි’
8. මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි” කියා විස්තර කර තිබෙන්නේ ඇයි?
8 ගීතාවලිය 45:13, 14 කියවන්න. “ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ” මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි.” එළිදරව් 21:2හි මනාලියව ශුද්ධ නුවර වන නව යෙරුසලමට සමාන කරනවා. ස්වර්ගයේ තිබෙන ‘දෙවිගේ තේජසින්’ බැබළෙන එම නුවරේ “දීප්තිය ඉතා අනර්ඝ මැණිකක් හා සමාන විය. එය ඉතා පැහැදිලි පළිඟු මෙන් බැබළෙන ජැස්පර් ගලක් හා සමානය.” (එළි. 21:10, 11) අභිෂේක ලත් අයව සමාන කර තිබෙන නව යෙරුසලමේ උත්කෘෂ්ට පෙනුම ඉතා විචිත්‍රවත් ආකාරයකින් එළිදරව් පොතේ විස්තර කර තිබෙනවා. (එළි. 21:18-21) මනාලිය “තේජශ්‍රීයෙන් වැජඹෙයි” කියා ගීතිකාකරු පැවසීම ගැන අපි පුදුම විය යුතුද!
9. මනාලියව රැගෙන එන්නේ කවුරුන් වෙතටද? ඇය සැරසී සිටින්නේ කෙසේද?
9 මනාලියව දේවරාජ්‍යයේ රජු වෙත රැගෙන එනවා. ‘දේවවචනය නමැති වතුරෙන් සෝදා පිරිසිදු කර’ තිබෙන නිසා ඇය සිටින්නේ “ශුද්ධ මෙන්ම නිකැළැල්” තත්වයකයි. (එෆී. 5:26, 27) ඒ වගේම මනාලිය සැරසී සිටිය යුත්තේ විවාහ උත්සවයට ගැළපෙන ආකාරයටයි. ‘රන් නූල්වලින් වැඩ දමා ඇති අනර්ඝ වස්ත්‍රවලින් සැරසී සිටින ඇයව රජු ඉදිරියට ගෙන එනු ලබන්නේය’ කියා ගීතිකාකරු පවසනවා. බැටළු පැටවා සමඟ විවාහ වීම සඳහා “පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමට” ඇය අවසර ලබා සිටිනවා. “ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය” වෙයි.—එළි. 19:8.
-