-
‘මහලු වයසේදීත් පල දැරීම’2007 මුරටැඹ | සැප්තැම්බර් 15
-
-
‘මහලු වයසේදීත් පල දැරීම’
යුරෝපයේ දකුණු වෙරළ ආශ්රිත රටවල බොහෝ නිවෙස්වල මැද මිදුලේ රට ඉඳි ගස් සිටුවා තිබෙනවා. රට ඉඳිවල ඇති මිහිරි රසයත් අලංකාර පෙනුමත් නිසා බොහෝදෙනා අතර එය ඉතා ජනප්‍රියයි. එමෙන්ම මෙය බොහෝ පලදාවක් ලබා දෙන අවුරුදු සියයකටත් වැඩි කාලයක් පුරා පවතින ගසක්.
-
-
‘මහලු වයසේදීත් පල දැරීම’2007 මුරටැඹ | සැප්තැම්බර් 15
-
-
මෙම අලංකාර මෙන්ම ශක්තිමත් ගසට සමාන කර තිබෙන්නේ රූමත් ස්ත්‍රීන්ව පමණක් නොවෙයි. එසේනම් වෙන කාවද? “ධර්මිෂ්ඨයා තල් ගසක් මෙන් සශ්‍රීක වන්නේය. ලෙබනොන්හි දේවදාර ගසක් මෙන් වැඩෙන්නේය. යෙහෝවා දෙවිගේ ගෘහයේ, එනම් අපේ දෙවිගේ මළුවේ සිටවනු ලැබූ අය සශ්‍රීක වන්නෝය. මහලු වයසේදීත් ඔවුහු පල දරන්නෝය. ඔවුහු දිගටම සාර්ථක වෙමින් ප්‍රාණවත්ව සිටින්නෝය” කියා බයිබලයේ පවසනවා.—ගීතාවලිය 92:12-14, NW.
යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරමින් සිටින මහලු අයවත් රට ඉඳි ගසට සමාන කර තිබෙනවා. වයසින් වැඩි එවන් අය ගැන බයිබලයේ පවසන්නේ ‘ධර්මිෂ්ඨ තැනැත්තාගේ පැසුණු හිස ඔහුට අලංකාර ඔටුන්නක්’ කියායි. (හිතෝපදේශ 16:31, NW) වයසත් සමඟම ඔවුන්ගේ ශාරීරික ශක්තිය අඩු වී යන බව ඇත්තයි. එහෙත් බයිබලය නොකඩවා කියවා අධ්‍යයනය කිරීමෙන් දෙවි සමඟ ඇති ඔවුන්ගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් කරගැනීමට ඔවුන්ට හැකියි. (ගීතාවලිය 1:1-3; යෙරෙමියා 17:7, 8) ඔවුන්ගේ ප්‍රියමනාප වදන් මෙන්ම නොකඩවා දෙවිට කරන නමස්කාරයේදී තබන ආදර්ශය අපට ඉමහත් ශක්තියක්! ඒ වෙනුවෙන් අප ඔවුන්ව අගය කළ යුතුයි. (තීතස් 2:2-5; හෙබ්‍රෙව් 13:15, 16) අලංකාර ශක්තිමත් ඉඳි ගසක් මෙන් දිගින් දිගටම සපල වීමට මහලු අයට හැකියි.
-