-
ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි2009 මුරටැඹ | මාර්තු 15
-
-
11, 12. දෙවිගේ සෙනඟ තමන් සතු මිල මුදල් යොදාගන්නා ආකාර මොනවාද?
11 අභිෂේක ලත් ක්‍රිස්තියානීන් හා ‘මහත් සමූහයට’ අයත් අය තමන් සතු මිල මුදල්වලින්ද අවශ්‍යතා ඇති අයට උපකාර කර තිබෙනවා. ගීතාවලිය 112:9හි [NW] එවැනි අය ගැන පවසන්නේ මෙලෙසයි.“ඔහු ත්‍යාගශීලීව බෙදා දුන්නේය. ඔහු දිලිඳුන්ට දුන්නේය.” දෙවිගේ සැබෑ නමස්කාරකයන් උපකාර අවශ්‍යව සිටින සෙසු ඇදහිලිවන්තයන්ට මෙන්ම ඔවුන්ගේ අසල්වාසීන්ටද උපකාර කර තිබෙනවා. විශේෂයෙන්ම ඔවුන් එසේ කරන්නේ යම් විපත්වලට මුහුණපාන අයට සහනාධාර ලබා දීමෙනුයි. යේසුස් පැවසූ ලෙස ඔවුන් සතු දීමේ ස්වාභාවය ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් ගෙන දී තිබෙනවා.—ක්‍රියා 20:35; 2 කොරින්ති 9:7 කියවන්න.
12 ඊට අමතරව අප අතැති මෙම සඟරාව භාෂා 172කින් පළ කිරීම සඳහා ඔවුන් කොතරම් මුදලක් වැය කර තිබෙනවාද කියා කල්පනා කර බලන්න. එම භාෂා කතා කරන අයගෙන් බහුතරයක් දිලිඳු අයයි. එමෙන්ම මෙම සඟරාවම අන්ධ අයට බ්‍රේල් ක්රමයටත් බිහිරි අයට සංඥා භාෂාවෙනුත් ලබා දී තිබෙනවා.
-
-
ධර්මිෂ්ඨයන් සදාකල්ම දෙවිට ප්‍රශංසා කරයි2009 මුරටැඹ | මාර්තු 15
-
-
ඔහු තේජවත් වෙයි
17. ධර්මිෂ්ඨයන් ‘තව තවත් තේජවත් වන්නේ’ කෙසේද?
17 සාතන්ගෙන්වත් ඔහුගේ පැත්ත ගන්න මිනිසුන්ගෙන්වත් කිසිම බාධාවකින් තොරව යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න ලැබෙන ඒ කාලය මොන තරම් ප්‍රීතිමත් එකක් වේවිද! ඔව්, දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන සියල්ලන්ට ලැබෙන සදාකාලික ත්‍යාගය එයයි. “ඔහුට ඇති අධිකාරිය තව තවත් තේජවත් වන්නේය” කියා දෙවි ඔවුන්ට පොරොන්දු වී තිබෙන නිසා ඔවුන් කවදාවත් පරාජයකට මුහුණ දෙන්නේ නැහැ. (ගීතා. 112:9, NW) ඒ වෙනුවට යෙහෝවා දෙවි තම සතුරන්ව විනාශ කර සියලු දේ පාලනය කිරීමට තමන්ට ඇති අයිතිය තහවුරු කරන විට ධර්මිෂ්ඨයන් එම ජයග්‍රහණය ගැන ප්‍රීති ඝෝෂා පවත්වයි.
-