-
“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න”2000 මුරටැඹ | නොවැම්බර් 15
-
-
සාලමොන් දිගටම විස්තර සපයයි. “ගොනෙකු මරණයට යන්නාක් මෙන්ද, අඥානයෙකු විලංගුවේ දඬුවමට යන්නාක්මෙන්ද, ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු, මලපත තම ප්‍රාණය හානිකිරීමට තිබෙන බව නොදැන පක්ෂියෙක් ඊට යුහුව යන්නාක්මෙන්ද, ඔහු එකෙණෙහිම ඇය කැටුව යන්නේය.”—හිතෝපදේශ 7:22, 23.
තරුණයා හසු වේ! ඇගේ ඇරයුම නොසලකා හැරීමට ඔහුට බැරිය. ඔහු “ගොනෙකු මරණයට යන්නාක් මෙන්” ඇය පසුපස යන්නේ මෝඩයෙකු මෙනි. විලංගු දැමූ මනුෂ්‍යයෙකුට දඬුවමකින් ගැළවිය නොහැක්කාක් මෙන්, මේ තරුණයා පාපයට ඇද වැටේ. “ඊගසක් ඔහුගේ අක්මාවට වදින තුරු” එනම්, ඔහුගේ මරණයට හේතු වන තුවාලයක් ඇති වන තුරු, ඔහු මුහුණ දීමට යන අන්තරාව ඔහු නොදකියි. ඔහුගේ මරණය සැබෑ එකක් විය හැක. මන්ද, ලිංගික සම්බන්ධකම්වලින් පැතිරෙන මරණය ගෙන දෙන රෝගවලට ඔහු නිරාවරණය වන බැවිනි.b එමෙන්ම මෙම තුවාලය ඔහුගේ ආත්මික මරණයටද දායක විය හැක. ඔව්, ඔහුගේ “ප්‍රාණය” හානියට ලක් වේ. ජීවිත කාලයටම පවතින කැළලක් ඇති වී තිබේ. ඔහු දෙවිට විරුද්ධව බරපතළ ලෙස පව් කර ඇත. එනයින් පක්ෂියෙකු උගුලකට හසු වන්නාක් මෙන්, ඔහු මරණයේ ග්‍රහණයට නොපමාව හසු වේ.
-
-
“මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න”2000 මුරටැඹ | නොවැම්බර් 15
-
-
b ලිංගික සම්බන්ධකම්වලින් බෝවන ඇතැම් රෝග අක්මාවට හානි කළ හැක. නිදසුනකට, උපදංශය වැළඳී එය දරුණු අතට හැරුණු විට, බැක්ටීරියා අක්මාව ආක්‍රමණය කරයි. තවද ගොනෝරියාව වැළඳීමට හේතු වන විෂ බීජය නිසා අක්මාව ඉදිමේ.
-