අප ශෝකවුවත්, බලාපොරොත්තුවක් නැතුව නොවේ
“බලාපොරොත්තුවක් නැත්තාවූ අන් තැනැත්තන් මෙන් නුඹලා සෝක නොවන පිණිස, සැතපෙන්නන් ගැන නුඹලා නොදැන සිටිනවාට අපි නොකැමැත්තෙමු.”—1 තෙසලෝනික 4:13.
1. මිනිස්වර්ගයා නිතර නිතර අද්දකින්නේ කුමක්ද?
ඔබ ප්‍රේම කළ යමෙකු ඔබට මරණයෙන් අහිමි වී තිබේද? වයස කුමක් හෝ වේවා, අපගෙන් වැඩිදෙනෙකු, නෑදෑයෙකුගේ හෝ මිත්‍රයෙකුගේ මරණයෙන් දැඩි ශෝකයට පත්වී තිබේ. සමහරවිට ඒ සීයා හෝ ආච්චි විය හැක, දෙමාපියෙකු විය හැක, කලත්‍රයෙකු විය හැක, නැතහොත් දරුවෙකු විය හැක. මහලු වයස, අසනීප හා හදිසි අනතුරුද නිතිපතා බොහෝදෙනෙකුව බිලි ගනී. අපරාධ, ප්‍රචණ්ඩකාරිත්වය සහ යුද්ධ දුක්ඛිතභාවයට හා ශෝකයට තවත් දායක වෙයි. ලොව වටා සෑම වසරකම, මිලියන 50ක පමණ ජනතාවක සාමාන්‍යයක් මියයති. වර්ෂ 1993 මෙහි දවසක සාමාන්‍යය 1,40,250ක් වූයේය. මරණයෙන් ඇතිවන හානිදායක විපාක, මිත්‍රයන්ට සහ පවුල්වලට බලපාන අතර, අහිමි වීමේ හැඟීම් ගැඹුරුය.
2. දරුවන් මියයෑම අසාමාන්‍ය දෙයක් ලෙස පෙනීමට හේතුව කුමක්ද?
2 අමෙරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ, එක් ගර්භිණී දියණියක් වාහන අනතුරකින් මියගියෙන්, එම දියණිය මරණයෙන් අහිමි වූ දෙමාපියන්ට අපගේ සංවේගය පළ වන්නේ නැද්ද? එක ප්‍රහාරයකින්, ඔවුන්ට තම එකම දියණිය හා ඔවුන්ගේ පළමු මුනුපුරා හෝ මිනිපිරිය වීමට සිටි ළදරුවා අහිමි විය. මෙම අනතුරට ගොදුරු වූ තැනැත්තියගේ සැමියාට තම බිරිඳ සහ ඔහුගේ පළමු පුත්‍රයා හෝ දියණිය අහිමි විය. යෞවන හෝ වැඩිහිටි දරුවෙකු මරණයෙන් අහිමි වීම, දෙමාපියන්හට තරමක් අස්වාභාවික දෙයකි. දෙමාපියන් මියයෑමට පෙර දරුවන් මියයෑම ස්වභාවයට අනුව සාමාන්‍ය දෙයක් නොවේ. අපි සියලුදෙනාම ජීවිතයට ආදරය කරන්නෙමු. එබැවින්, මරණය වනාහි සැබවින්ම සතුරෙකි.—1 කොරින්ති 15:26.
මරණය මිනිස් පවුලට ඇතුල් වෙයි
3. ආබෙල්ගේ මරණය ආදම් සහ ඒවහට කෙසේ බලපෑවා විය හැකිද?
3 අපගේ පළමු මිනිස් මාපියන් වූ ආදම් සහ ඒවගේ කැරැල්ලේ පටන්, මිනිස් ඉතිහාසයේ වසර හයදහසක් පමණ කාලයක් මුළුල්ලේ පාපය හා මරණය, රජවරුන් ලෙස පාලනය කර තිබේ. (රෝම 5:14; 6:12, 23) ඔවුන් තම පුත්‍රයා වූ කායින් විසින් ඔහුගේ සහෝදරයා වූ ආබෙල්ව මරා දැමීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රතික්‍රියා කළ ආකාරය බයිබලය අපට නොපවසයි. එක් හේතුවකට වඩා, එය ඔවුන්හට ඉතා ඛේදජනක අද්දැකීමක් වූවා විය යුතුය. මෙහිදී ඔවුහු මියගිය තම පුත්රයාගේම මුහුණින් පිළිබිඹු වූ මරණයේ මුහුණුවර පළමු වතාවට දුටුහ. තම කැරැල්ලේ ඵලදාවද, නිදහස් කැමැත්ත වැරදි ලෙස දිගටම පාවිච්චි කිරීමද ඔවුහු මෙහිදී දුටුහ. දෙවියන්වහන්සේගෙන් පැමිණි අනතුරු ඇඟවීම නොතැකූ කායින්, පළමුවරට කරන ලද සහෝදර ඝාතනය කිරීමට තෝරාගත්තේය. ආබෙල්ගේ මරණයෙන් ඒව දැඩි ශෝකයට ලක්වූවා විය යුතු බව අපි දනිමු, මන්දයත් ඈ සෙත්ව ප්‍රසූත කළ විට, “කායින් ආබෙල් මැරූ හෙයින් ඔහු වෙනුවට දෙවියන්වහන්සේ මට වෙන වංශයක් නියමකර දුන්සේකැයි ඈ කීවාය.”—උත්පත්ති 4:3-8, 25.
4. අමරණීය-ආත්ම මිථ්‍යාවට ආබෙල්ගේ මරණයෙන් පසුව කිසිම සැනසීමක් ගෙන ඒමට නොහැකි වූයේ මන්ද?
4 අපගේ පළමු දෙමාපියෝ, දෙවියන්වහන්සේ තමන්ට දුන් දඬුවමේ යථාර්ථයද දුටුවෝය—එනම්, ඔවුන් කැරලිගසා, අකීකරු වන්නේ නම්, ඔවුන් ‘ඒකාන්තයෙන්ම නසිනු’ ඇති බවය. සාතන්ගේ බොරුව හමුවේ පෙනෙන විදිහට අමරණීය ආත්මය පිළිබඳ මිථ්‍යාව තවමත් ගොඩනැඟී නොතිබු බැවින්, ඉන් යම් බොරු සහනයක් ලැබීමට ඔවුන්ට නොහැකි විණ. දෙවියන්වහන්සේ ආදම්ට මෙසේ පවසා තිබිණ: “නුඹ භූමියෙන් ගන්නාලද බැවින් . . . නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහිය.” අමරණීය ආත්මයක් ලෙස, ස්වර්ගයේ, නිරයේ, ලිම්බෝහි, ශුද්ධගිනිස්ථානයේ හෝ වෙන යම් තැනක අනාගතික පැවැත්මක් ගැන උන්වහන්සේ කිසිදු සඳහනක් කර තිබුණේ නැත. (උත්පත්ති 2:17; 3:4, 5, 19) පව් කර තිබූ ජීවමාන ආත්මයන් වශයෙන්, ආදම් සහ ඒව අවසානයේදී මියගොස්, පැවැත්මෙන් තොරවනු ඇත. මෙසේ ලිවීමට සාලමොන් රජ ආනුභාවය ලැබීය: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති, ඔවුන්ට තවත් කිසි විපාකයක් නැත; මක්නිසාද ඔවුන් ගැන සිහිවීම නැතිවිය. ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.”—දේශනාකාරයා 9:5, 6.
5. මළවුන් සඳහා ඇති සැබෑ බලාපොරොත්තුව කුමක්ද?
5 එම වචන මොනතරම් සැබෑද! ඇත්තෙන්ම, අවුරුදු දෙසියයකට හෝ තුන්සියයකට පමණ පෙර විසූ මුතුන්මිත්තන්ව මතක තිබෙන්නේ කාටද? බොහෝවිට ඔවුන්ගේ මිනීවළවල් දැනගෙන නැත, නැතහොත් බොහෝ කලක් පුරා නොසලකා හරිනු ලැබ ඇත. මින් අදහස් කරන්නේ, අප ප්‍රේම කළ මියගිය අයට කිසිදු බලාපොරොත්තුවක් නැති බවද? නැත, කොහෙත්ම නැත. තම මියගිය සහෝදරයා වූ ලාසරුස් ගැන මාර්තා යේසුස්වහන්සේට මෙසේ පැවසුවාය: “අන්තිම දවසේ නැවත-නැගිටීමේදී ඔහු නැවත නැගිටින බව දනිමි.” (යොහන් 11:24) දෙවියන්වහන්සේ අනාගතයේ යම් කාලයකදී මළවුන්ව නැවත නැගිටුවනු ඇති බව හෙබ්‍රෙව් ජනයා විශ්වාස කළෝය. එහෙත්, තමන් ප්‍රේම කළ මියගිය කෙනෙකුගේ වියෝව නිසා ශෝක වීමෙන් එය ඔවුන්ව නවතාලූයේ නැත.—යෝබ් 14:13.
ශෝක වූ ඇදහිලිවන්තයෝ
6, 7. ආබ්‍රහම් සහ යාකොබ් මරණයට ප්‍රතික්‍රියා කළේ කෙසේද?
6 මීට අවුරුදු හාරදහසකට පමණ පෙර, ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා මියගිය විට, “ආබ්‍රහම් සාරා නිසා වැලපෙන්ටත් හඬන්ටත් ආයේය.” දෙවියන්වහන්සේගේ එම ඇදහිලිවන්ත සේවකයා, තමාගේ ස්නේහවන්ත ලැදි භාර්යාවගේ වියෝ වීම හේතුවෙන් තම ගැඹුරු හැඟීම් පෙන්නුම් කළේය. ඔහු ක්‍රියාකාරි නිර්භීත මිනිසෙකු වුවද, කඳුළෙන් තම ශෝකය පළ කිරීමට ඔහු ලජ්ජා වූයේ නැත.—උත්පත්ති 14:11-16; 23:1, 2.
7 යාකොබ් සම්බන්ධ සිද්ධියද ඒ හා සමාන වූයේය. තම පුත්‍ර යෝසෙප්, වන සතෙකුගේ ප්‍රහාරයකින් මරා දමනු ලැබ ඇතැයි විශ්වාස කිරීමට ඔහුව රටවනු ලැබූ අවස්ථාවේ, ඔහු ප්‍රතික්‍රියා කළේ කෙසේද? උත්පත්ති 37:34, 35හි අපට මෙසේ කියවීමට තිබේ: “තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය. ඔහුගේ සියලු පුත්‍රයෝද දූවරුද ඔහු සනසන්ට ආවෝය; එහෙත් ඔහු සැනසෙන්ට නොකැමතිවී: මම වැලපෙමින් මාගේ පුත්‍රයා වෙතට මිනීවළට යන්නෙමියි කීවේය. මෙසේ ඔහුගේ පියා ඔහු නිසා හැඬුවේය.” එසේය, ප්‍රේමනීයයෙකු මරණයෙන් අහිමි වන විට, ශෝකය පළ කිරීම මානුෂික දෙයක් මෙන්ම ස්වාභාවික දෙයක්ද වන්නේය.
8. හෙබ්‍රෙව්වරුන් බොහෝවිට තම ශෝකය පළ කළේ කෙසේද?
8 යාකොබ්ගේ ප්‍රතික්‍රියාව අතිශෝක්තියක් වූ, හැඟීම්වලට වහල් වී නවීන හෝ ප්‍රාදේශීය ප්‍රමිතිවලට අනුව කරන ලද්දක් බව ඇතමෙකු සිතන්ට පුළුවන. එහෙත්, ඔහු වනාහි වෙනස් කාලයක වෙනස් සංස්කෘතියක බිහි වූ කෙනෙක් වුයේය. ඔහු විසින් ශෝකය පළ කිරීම—එනම්, ගෝණි රෙදි ඇඳීම—මෙම ව්‍යවහාරය ගැන බයිබලයේ සඳහන් කරන පළමු අවස්ථාවයි. කෙසේවුවද, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල විස්තර කර ඇත්තාක් මෙන්, වැලපීමෙන්, ලතෝනි දීමෙන් හා අළුවල හිඳගැනීමෙන්ද ශෝකය ප්‍රකාශ කරන ලදි. පෙනෙන අන්දමට, ශෝකය පිළිබඳ ඔවුන්ගේ අව්‍යාජ ප්‍රකාශ පෙන්වීමේදී, හෙබ්‍රෙව්වරුන් වැළකී සිටියේ නැත.a—එසකියෙල් 27:30-32; ආමොස් 8:10.
යේසුස්වහන්සේගේ කාලයේ ශෝක වීම
9, 10. (අ) යේසුස්වහන්සේ ලාසරුස්ගේ මරණයට ප්‍රතික්‍රියා කළේ කෙසේද? (ආ) යේසුස්වහන්සේගේ ප්‍රතික්‍රියාව උන්වහන්සේ ගැන අපට පවසන්නේ කුමක්ද?
9 යේසුස්වහන්සේගේ මුල් ගෝලයන් ගැන අපට කුමක් කිව හැකිද? නිදසුනක් වශයෙන්, ලාසරුස් මියගිය විට, ඔහුගේ සහෝදරියන් වූ මාර්තා සහ මරියා ඔහුගේ මරණය ගැන කඳුළින් හඬා වැලපුණෝය. යේසුස් නම් පරිපූර්ණ මිනිසා මෙම සිද්ධිය වූ ස්ථානයට ළඟා වූ විට කෙසේ ප්‍රතික්‍රියා කළේද? යොහන්ගේ වාර්තාව මෙසේ පවසයි: “මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය. යේසුස්වහන්සේ ඈ අඬනවාත් ඈ සමඟ ආ යුදෙව්වරුන් අඬනවාත් දැක, ආත්මයෙන් සුසුම්ලා, කැලඹී: ඔහු කොතැන තැබුවහුදැයි ඇසූසේක. ස්වාමීනි, ඇවිත් බැලුව මැනවයි ඔව්හු උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේ ඇඬූසේක [කඳුළු සැලූසේක, NW].”—යොහන් 11:32-35.
10 ‘යේසුස්වහන්සේ කඳුළු සැලූසේක.’ එම වචන ස්වල්පය, යේසුස්වහන්සේගේ මිනිස්කම ගැන, උන්වහන්සේගේ දයානුකම්පාව ගැන, උන්වහන්සේගේ හැඟීම් ගැන බොහෝ සේ කතා කරයි. නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන මුළුමනින්ම සාවධානව සිටියද, “යේසුස්වහන්සේ ඇඬූසේක.” (යොහන් 11:35) “මුන්වහන්සේ [ලාසරුස්ට] කොපමණ ආදරේවූසේක්දැයි බලාපල්ලායයි” බලාසිටින්නන් පැවසූ බව වාර්තාව තවදුරටත් කියයි. පරිපූර්ණ මිනිසා වූ යේසුස්වහන්සේ මිතුරෙකුගේ වියෝවින් වැලපුණා නම්, අදදින මිනිසෙකු හෝ ස්ත්‍රියක හඬා වැලපීම ලැජ්ජාවට කරුණක් නොවේ.—යොහන් 11:36.
මළවුන් සඳහා වූ බලාපොරොත්තුව කුමක්ද?
11. (අ) වැලපීම ඇතුළත් බයිබල් ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? (ආ) බලාපොරොත්තුවක් නැත්තන් මෙන් අප ශෝක නොවන්නේ මන්ද?
11 බයිබලයේ මෙම ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද? ශෝක වීම මිනිස්කමට අයිති වූ ස්වාභාවික දෙයක් බවත්, අපගේ ශෝකය විදහාපෑමට අපට ලජ්ජාවක් හැඟිය නොයුතු බවත්ය. නැවත නැගිටීමේ බලාපොරොත්තුව මගින් සහනයක් ලැබුවද, යමෙකුට තමා ආදරය කළ කෙනෙකු මරණයෙන් අහිමි වීම තවමත් ගැඹුරින් දැනෙන, දැඩි ශෝකාකූල දෙයකි. සමහරවිට වසර ගණනාවක, නැතහොත් දශක ගණනාවක සමීප ඇසුර හා හවුල්කාරත්වය නිමේෂයකින් ඉතා ඛේදජනක ලෙස අවසන් වී ඇත. කිසිම බලාපොරොත්තුවක් නැති අය මෙන් හෝ බොරු බලාපොරොත්තු ඇති අය මෙන් අප වැලපෙන්නේ නැති බව සැබෑය. (1 තෙසලෝනික 4:13) එමෙන්ම, මිනිසාට අමරණීය ආත්මයක් තිබේය හෝ පුනරුත්පත්තිය මගින් දිගටම පවතින්නේය යන බොරු මිථ්‍යාවන් මගින් අප මුළාවන්නේද නැත. යෙහෝවඃවහන්සේ, ‘ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද’ පොරොන්දු වී ඇති බව අපි ඇත්තටම දනිමු. (2 පේතෘස් 3:13) දෙවියන්වහන්සේ, “[අපගේ] ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
12. පාවුල් නැවත නැගිටීම කෙරෙහි සිය ඇදහිල්ල ප්‍රකාශ කළේ කෙසේද?
12 මියගොස් ඇති අය සඳහා තිබෙන බලාපොරොත්තුව කුමක්ද?b “නැතිකරනු ලබන්නාවූ අන්තිම සතුරා නම් මරණයය” යනුවෙන් ලිවීමට ක්‍රිස්තියානි ලේඛක පාවුල් ආනුභාවය ලැබූ විට, ඔහු අපට සැනසීමක් හා බලාපොරොත්තුවක් දෙයි. (1 කොරින්ති 15:26) ද නිව් ඉංග්ලිෂ් බයිබල් මෙසේ ප්‍රකාශ කරයි: “විනාශ කිරීමට තිබෙන අන්තිම සතුරා නම් මරණයය.” පාවුල්ට ඒ ගැන එතරම්ම ස්ථිර වීමට හැකිවූයේ මන්ද? මන්දයත්, ඔහුව ධර්මයට හරවනු ලැබ උගන්වනු ලැබුවේ, මළවුන්ගෙන් නැවත නැගිටුවනු ලැබූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ විසින් වන නිසාය. (ක්‍රියා 9:3-19) එමෙන්ම, “මක්නිසාද මනුෂ්‍යයෙකු [ආදම්] කරණකොටගෙන මරණය පැමුණුණ බැවින් මනුෂ්‍යයෙකු [යේසුස්වහන්සේ] කරණකොටගෙන මළවුන්ගෙන් නැගිටීමත් පැමුණුණේය. මක්නිසාද, ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක්මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝම ජීවත්කරනු ලබන්නෝය” කියා පැවසීමට පාවුල්ට හැකිවුයේ එනිසාය.—1 කොරින්ති 15:21, 22.
13. ලාසරුස්ගේ නැවත නැගිටීම ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන් ප්‍රතික්‍රියා කළේ කෙසේද?
13 යේසුස්වහන්සේගේ ඉගැන්වීම් අප හට අනාගතය සඳහා මහත් සැනසීමක් හා බලාපොරොත්තුවක් දෙයි. නිදසුනක් වශයෙන්, ලාසරුස්ගේ සිද්ධිය තුළ උන්වහන්සේ කුමක් කළසේක්ද? ලාසරුස්ගේ සිරුර දින හතරක් පුරා මිහිදන් කර තිබූ සොහොන වෙතට උන්වහන්සේ ගියසේක. යාච්ඤාවක් කළ පසු, “උන්වහන්සේ මෙසේ කියා: ලාසරුස් පිටතට වරෙන්නැයි මහත් ශබ්දයකින් කීසේක. මැරී සිටි තැනැත්තේ පිටතට ආවේය; ඔහුගේ අත්පා වස්ත්‍රවලින් බැඳ මුහුණද රෙදිකඩකින් ඔතා තිබුණේය. මොහු මුදා යන්ට හැරපල්ලායයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක.” මාර්තා සහ මරියාගේ මුහුණුවල දිස්වූ පුදුමසහගත බව හා ප්‍රීතිය ඔබට සිතාගත හැකිද? අසල්වාසීන් මෙම ආශ්චර්යය දුටු කල, මොනතරම් පුදුමයකට පත්වූවා විය යුතුද! මෙය බලාසිටි බොහෝදෙනෙක් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම ගැන පුදුම වෙන්ට දෙයක් නැත. කෙසේවුවද, උන්වහන්සේගේ ආගමික සතුරෝ, “උන්වහන්සේ මරන්ට මන්ත්‍රණයකළෝය.”—යොහන් 11:41-53.
14. ලාසරුස්ගේ නැවත නැගිටීම කුමක පෙර නිමිත්තක් වූයේද?
14 ඇසින් දුටු සාක්ෂිකරුවන් බොහෝදෙනෙක් ඉදිරියේ යේසුස්වහන්සේ අමතක නොවන එම නැවත නැගිටීම සිදු කළසේක. එය වනාහි, මීට පෙර අවස්ථාවක උන්වහන්සේ මෙසේ පැවසූ අනාගත නැවත නැගිටීමක පෙර නිමිත්තක් වූයේය, එනම්, “මේ ගැන මවිත නොවෙල්ලා. මක්නිසාද [සිහිකිරීමේ, NW] සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට ඔහුගේ [මනුෂ්‍ය පුත්‍රයාගේ] හඬ ඇසෙන පැය පැමිණ, යහපත්කම් කළාහු ජීවනයේ නැවත-නැගිටීමටත් නපුරුකම් කළාහු විනිශ්චයේ නැවත නැගිටීමටත් පිටත්ව එන්නෝය” යන්නය.—යොහන් 5:28, 29.
15. පාවුල්ට සහ අනනියස්ට යේසුස්වහන්සේගේ නැවත නැගිටීම පිළිබඳව තිබූ සාක්ෂි මොනවාද?
15 මීට පෙර සඳහන් කළාක් මෙන්, ප්‍රේරිත පාවුල් නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කළේය. කිනම් පදනමක් මතද? ඔහු මීට පෙර, ක්‍රිස්තියානීන්ට පීඩා කළ අපකීර්තියට පත් සාවුල් වූයේය. ඔහුගේ නම සහ ඔහු ලබා සිටි ප්‍රසිද්ධිය ඇදහිලිවන්තයන් තුළ භීතියක් පතළ කළේය. ඇරත් ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගී ස්තේපන්ට ගල්ගසා මරා දැමීම අනුමත කළ තැනැත්තා ඔහු නොවීද? (ක්‍රියා 8:1; 9:1, 2, 26) එහෙත්, දමස්කයට යන පාරේදී, නැවත නැගිටුවනු ලැබූ ක්‍රිස්තුස්වහන්සේ, සාවුල්ව තාවකාලිකව අන්ධභාවයට පත් කරමින්, ඔහුව හොඳ සිහියට ගෙනාසේක. තමාට මෙසේ හඬගසන කටහඬක් සාවුල්ට ඇසිණ: “සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසා[ද]? . . . ස්වාමීනි, ඔබ කවුදැයි ඔහු ඇසීය. උන්වහන්සේද: මම වනාහි නුඹ පීඩාකරන යේසුස්ය.” නැවත නැගිටුවනු ලැබූ එම ක්‍රිස්තුස්වහන්සේම, දමස්කයේ ජීවත්වෙමින් සිටි අනනියස්ට අණ කරමින්, පාවුල් යාච්ඤා කරමින් සිටි නිවෙසට ගොස් ඔහුට යළිත් ඇස් පෙනීම ලබා දෙන ලෙස පැවසූසේක. මෙසේ, නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කිරීමට සාවුල් සහ අනනියස් යන දෙදෙනාටම පෞද්ගලික අද්දැකීමෙන්ම ඇති තරම් හේතු තිබිණ.—ක්‍රියා 9:4, 5, 10-12.
16, 17. (අ) මිනිස් ආත්මයේ උරුම වූ අමරණීයභාවය පිළිබඳව ග්‍රීක මතය පාවුල් විශ්වාස නොකළ බව අප දන්නේ කෙසේද? (ආ) බයිබලය දෙන ස්ථිර බලාපොරොත්තුව කුමක්ද? (හෙබ්‍රෙව් 6:17-20)
16 පීඩා කරනු ලැබූ ක්‍රිස්තියානියෙකු වශයෙන්, ප්‍රේරිත පාවුල් හෙවත් සාවුල්, ෆීලික්ස් නම් ආණ්ඩුකාරයා ඉදිරියේ පිළිතුරු දුන් ආකාරය සැලකිල්ලට ගන්න. ක්‍රියා 24:15හි අපට මෙසේ කියවීමට තිබේ: “ධර්මිෂ්ඨයන්ගේද අධර්මිෂ්ඨයන්ගේද නැවත-නැගිටීමක් වන්නේයයි . . . මමත් දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන් යුක්තව සිටිමි.” මිනිස් ආත්මයේ සහජ අමරණීයභාවය යම් මිථ්‍යාදෘෂ්ටික පසු ජීවිතයකට හෝ පාතාල ලෝකයකට යන්නේ යයි සිතනු ලැබූ මිථ්‍යා ග්‍රීක මතය පාවුල් විශ්වාස නොකළ බවක් පැහැදිලිව පෙනීමට තිබේ. නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කළ හේ, ඒ පිළිබඳ ඇදහිල්ල ඉගැන්වූයේය. ඇතමෙකුට ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ ආත්මික මැවිලි වශයෙන් අමරණීය ජීවිතයක ත්‍යාගයක්ද, බහුතරයකට, පරිපූර්ණ පොළොවක ජීවිතයකට යළි පැමිණීමද ඉන් අදහස් කරනු ඇත.—ලූක් 23:43; 1 කොරින්ති 15:20-22, 53, 54; එළිදරව් 7:4, 9, 17; 14:1, 3.
17 මෙසේ, නැවත නැගිටීමක් මාර්ගයෙන්, බොහෝදෙනෙක්, තමන් ප්‍රේම කළ අය මේ පොළොව මතම, නමුත් ඉතා වෙනස් තත්වයන් යටතේ දකිනු ඇති බවට බයිබලය පැහැදිලි පොරොන්දුවක්ද, ස්ථිර බලාපොරොත්තුවක්ද අපට දෙයි.—2 පේතෘස් 3:13; එළිදරව් 21:1-4.
ශෝකවන්නන් සඳහා ප්‍රායෝගික උපකාර
18. (අ) “දේව භය” සමුළුවලදී මුදාහරින ලද්දේ කිනම් උපකාරවත් මෙවලමද? (කොටුව බලන්න.) (ආ) පිළිතුරු ලැබිය යුත්තේ කිනම් ප්‍රශ්නවලටද?
18 දැන් අපට අපගේ මතකයන් හා අපගේ ශෝකයන් තිබේ. මෙම කරදරකාරි ශෝකජනක කාලපරිච්ඡේද සමග සාර්ථකව කටයුතු කිරීමට අපට කුමක් කළ හැකිද? ශෝකවන්නන් සඳහා උපකාර කිරීමට අන්‍යයන්ට කළ හැක්කේ කුමක්ද? එපමණක්ද නොව, අපට ක්ෂේත්‍ර සේවයේදී හමුවන, කිසිම සැබෑ බලාපොරොත්තුවක් නොමැතිව ශෝකයෙන් සිටින අවංක අයට උපකාර කිරීමට අපට කුමක් කළ හැකිද? එමෙන්ම දැනට මරණ නින්දේ පසුවන අපගේ ප්‍රේමනීයයන් සම්බන්ධයෙන් අපට බයිබලයෙන් තවදුරටත් කිනම් සහනයක් ලබාගත හැකිද? ඊළඟ ලිපිය යෝජනා සමහරක් ඉදිරිපත් කරනවා ඇත.
[පාදසටහන්වල]
a බයිබල් කාලවල ශෝක වීම පිළිබඳව වැඩිමනත් තොරතුරු සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 2 වෙළුමේ, 446-7 පිටු බලන්න.
b බයිබලයේ සඳහන් නැවත නැගිටීමේ බලාපොරොත්තුව පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා, ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 2 වෙළුමේ, 783-93 පිටු බලන්න.
ඔබට පිළිතුරු දිය හැකිද?
◻ මරණය වනාහි සතුරෙකු බව කිව හැක්කේ මන්ද?
◻ බයිබල් කාලවල විසූ දේවසේවකයන් තම ශෝකය විදහාපෑවේ කෙසේද?
◻ මියගිය ප්‍රේමනීයයන් සඳහා ඇති බලාපොරොත්තුව කුමක්ද?
◻ නැවත නැගිටීම කෙරෙහි විශ්වාස කිරීමට පාවුල්ට තිබූ පදනම කුමක්ද?
[8, 9වන පිටුවේ කොටුව]
ශෝකවන්නන් සඳහා ප්‍රායෝගික උපකාර
වර්ෂ 1994-95 අතරතුරේදී පවත්වන ලද “දේව භය” සමුළුවලදී, ඔබ ප්‍රේම කළ යමෙක් මියගිය විට යන තේමාවෙන් යුත් නව විවරණිකාවක මුදාහැරීම වොච් ටවර් සමිතිය නිවේදනය කළේය. මෙම දිරිගැන්වෙනසුලු ප්රකාශනය පිළියෙළ කොට තිබෙන්නේ, සියලු ජාතීන්ට හා භාෂාවන්ට අයත් ජනයාට සැනසීම ගෙන ඒම සඳහාය. ඔබ දැනටමත් දැක ඇතුවා විය හැකි පරිදි, මරණය හා මළවුන්ගේ තත්වය ගැන බයිබලයේ සරල පැහැදිලි කිරීමක් ඉන් ඉදිරිපත් වේ. ඊටත් වඩා වැදගත් ලෙස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින්, පිරිසිදු කරන ලද පාරාදීසමය පොළොවකට නැවත නැගිටීමක් පිළිබඳව දෙවියන්වහන්සේගේ පොරොන්දු එය කැපීපෙනීමට සලස්වයි. එය වැලපෙන්නන්ට සැබවින්ම සැනසීම ගෙන එයි. එමනිසා, එය ක්‍රිස්තියානි දේවසේවය තුළ උපකාරවත් මෙවලමක් විය යුතු අතර, තව තවත් බොහෝ බයිබල් පාඩම් ඇති කිරීමට තුඩු දෙන, එමෙන්ම උනන්දුව කළතාලන යමක් විය යුතුය. මේ එක් එක් කොටසේ අවසාන කොටු තුළ, අධ්‍යයනය කිරීම සඳහා ප්‍රශ්න විචක්ෂණව තබා ඇති අතර, වැලපෙන අවංක පුද්ගලයෙකු සමඟ මෙම කරුණු එකිනෙක පහසුවෙන් සලකා බැලිය හැක.
[8වන පිටුවේ පින්තූරය]
ලාසරුස් මියගිය අවස්ථාවේදී, යේසුස්වහන්සේ ඇඬුසේක
[9වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ ලාසරුස්ව මළවුන්ගෙන් නැගිටෙවූසේක
[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
First Mourning, by Bouguereau, from original glass plate in Photo-Drama of Creation, 1914