ඔබට මතකද?
මෑතකදී පළ වුණ මුරටැඹ සඟරාවල ලිපි ගැන ඔබ ගැඹුරින් සිතා බලා තිබෙනවාද? එසේ කර ඇත්නම්, මතු දැක්වෙන කාරණා නැවත සිහිපත් කිරීම ඔබේ උනන්දුවට හේතුවක් වනවා නොඅනුමානයි.
◻විවාහ ගිවිස ගැනීමට පෙර ක්‍රිස්තියානීන් දෙදෙනෙකුට තම තමන්ගෙන් අසාගත හැකි ප්‍රශ්න සමහරක් මොනවාද?
විවාහ ගිවිසගත් තැනැත්තාගේ ආත්මිකත්වය ගැන හා දෙවි සඳහා ඇති භක්තිය ගැන මට ඇත්තෙන්ම ස්ථිරද? ඒ පුද්ගලයා සමඟ ජීවිතාන්තය දක්වාම දෙවිට සේවය කිරීම මට සිතින් මවාගන්න පුළුවන්ද? අපිට එකිනෙකාගේ පෞද්ගලිකත්වයේ ගති ලක්ෂණ ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවාද? අප දෙදෙනා අතර කල් පවතින ගැළපීමක් තියෙයි කියා මට ස්ථිරද? අපි දෙදෙනාට එකිනෙකාගේ අතීත ජීවිතය හා වර්තමාන තත්වයන් ගැන ප්‍රමාණවත් දැනුමක් තිබෙනවාද?—8/15, 31වන පිටුව.
◻“නුඹලා පොළොවේ ලුණුය” කියා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට පැවසූ විට ඔහු අදහස් කළේ කුමක්ද? (මතෙව් 5:13)
මෙම ප්‍රකාශයෙන් යේසුස් ඇඟවූයේ දේවරාජ්‍යය පිළිබඳව අන්‍යයන්ට දේශනා කිරීම, ඔවුන්ට සවන් දෙන අයට යම් දුරකට ආරක්ෂා වීමේ හෝ ජීවිත ගැළවීමේ බලපෑමක් ඇති කරන බවයි. ඇත්තෙන්ම, යේසුස්ගේ වචන අදාළ කරගත් අය ඔවුන් ජීවත් වුණ හෝ සේවය කළ සමාජයන්වල පිරිහෙමින් පවතින සදාචාරයෙන් හා ආත්මිකත්වයෙන් ආරක්ෂා වනු ඇත.—8/15, 32වන පිටුව.
◻පූර්ව විවාහ ඇසුරෙහි යෙදෙන යුවළයන්ට ලිංගික දුරාචාරය නමැති මලපතින් වැළකී සිටිය හැක්කේ කෙසේද?
ඔබ පූර්ව විවාහ ඇසුරෙහි යෙදෙන විට, නුසුදුසු තත්වයන්වල ඔබේ අනාගත කලත්‍රයා සමඟ තනිව නොසිටීමට වගබලා ගැනීම නැණවත් දෙයක් වෙන්න යනවා. එසේනම්, කණ්ඩායම් වශයෙන් සිටිද්දී හෝ ප්‍රසිද්ධ ස්ථානවලදී හෝ එකිනෙකාගේ ඇසුර භුක්ති විඳීම වඩාත් යෝග්‍යයි. එකිනෙකාගේ හැඟීම් හා හෘදය සාක්ෂිය සැලකිල්ලට ගනිමින්, ආදරයේ හැඟීම් ප්‍රකාශ කිරීම පිළිබඳව සීමා පනවාගන්න.—9/1, 17, 18 පිටු.
◻අවබෝධය යනු කුමක්ද?
යම් කාරණයක හරය තේරුම්ගෙන, එහි එක් එක් අංගය අතර සම්බන්ධයත් සම්පූර්ණ පින්තූරයත් ග්‍රහණය කරගැනීමෙන් නියම ස්වභාවය අවබෝධ කරගැනීමට හැකිවීම, එනම් එහි අර්ථය වටහාගැනීමයි. (හිතෝපදේශ 4:1)—9/15, 13වන පිටුව.
◻අදදින යෙහෝවා අපෙන් ඉල්ලන්නේ කුමක්ද?
සරලවම කියනවා නම් ඔහුගේ පුත්‍රයාට ඇහුම්කන් දී ඔහුගේ ආදර්ශය සහ ඉගැන්වීම් අනුගමනය කිරීමයි යෙහෝවා අපෙන් ඉල්ලා සිටින්නේ. (මතෙව් 16:24; 1 පේතෘස් 2:21)—9/15, 22වන පිටුව.
◻සමාදානය අද්දැකිය හැක්කේ කාට පමණක්ද?
යෙහෝවා ‘සමාදානය දෙන දෙවි’ වන නිසා, ඔහු සඳහා ප්‍රේමයක්ද, ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති සඳහා ගැඹුරු ගෞරවයක්ද ඇති අයට පමණයි සමාදානය අද්දැකිය හැක්කේ. (රෝම 15:33)—10/1, 11වන පිටුව.
◻පොතිඵර්ගේ භාර්යාව කළ ඇවිටිලි කිරීම් දවසක් දවසක් පාසා ප්‍රතික්ෂේප කිරීම සඳහා යෝසෙප් සදාචාරාත්මක ශක්තිය ලබාගත්තේ කොහොමද?
මුලින්ම, ඔහු තාවකාලික වින්දනයට වඩා යෙහෝවා සමඟ තිබෙන ඔහුගේ සම්බන්ධතාව වටිනා එකක් හැටියට සැලකුවා. ඒ වගේම, යෝසෙප් දිව්‍ය නීති සංග්‍රහයක් යටතේ නොසිටියත්, සදාචාරාත්මක ප්‍රතිපත්ති ගැන ඔහුට පැහැදිලි අවබෝධයක් තිබුණා. (උත්පත්ති 39:9)—10/1, 29වන පිටුව.
◻සමාව දීමට අප දක්වන කැමැත්ත කොයිතරම් වැදගත්ද?
අපට දිගටම දෙවිගෙන් සමාව ලැබීම බොහෝදුරට රඳා පවතින්නේ අපගේ සහෝදරයන්ට සමාව දෙන්න අප දක්වන කැමැත්ත මතයි. (මතෙව් 6:12, 14; ලූක් 11:4)—10/15, 17වන පිටුව.
◻මතෙව් 18:15-17හි යොමු දැක්වූයේ කෙබඳු ආකාරයේ පාපවලටද? ඒ බව පැහැදිලි වන්නේ කෙසේද?
මෙම පාප කොතරම් බරපතළද කිවහොත්, වරදකරුවා ‘අන්‍යජාතිකයෙක් හැටියට, සුංගම් අයකරන්නෙක් හැටියට’ වුණත් සලකන්න එය මඟ පෑදිය හැකියි. යුදෙව් වැසියන් අන්‍යජාතිකයන් සමඟ සමාගම් නොපැවැත්වූ අතර සුංගම් අයකරන්නන්වද ඔවුන් මඟහැරියා. එමනිසා හරියටම කියනවා නම්, මතෙව් 18:15-17 යොමු දැක්වූයේ ඔබට නිකම්ම සමාව දී අමතක කර දැමිය හැකි පෞද්ගලික අමනාප වීම් හෝ සිත් රිදවීම්වලට නොව බරපතළ පාපවලටයි. (මතෙව් 18:21, 22)—10/15, 19වන පිටුව.
◻දෙවිගේ වචනයට ඇත්තෙන්ම ඇලුම් කරනවා යන්නට අයත් වන්නේ කුමක්ද?
දෙවිගේ වචනයට ඇලුම් කිරීම එහි අවශ්‍යතාවලට එකඟව ජීවත් වීමට යමෙකුව මඟ පෙන්වනවා. (ගීතාවලිය 119:97, 101, 105) දෙවිගේ වචනයට එකඟව ජීවත් වීම කීමෙන් කෙනෙකුගේ සිතුවිලි සහ ජීවිත මාර්ගය නොකඩවාම හරිගස්වාගැනීමේ අවශ්‍යතාව කාවද්දනවා.—11/1, 14වන පිටුව.
◻යෙහෝවාගේ හස්තයෙන් බහුල ලෙස දීමනා ලබා තිබෙන අපට විශිෂ්ටතම රජ හා සැපයුම්කරු වන දෙවිට ප්රත්යූපකාරයක් හැටියට දිය හැකි දෙයක් තිබෙනවාද?
අපට යෙහෝවාට දිය හැකි හොඳම තෑග්ග “ප්‍රශංසාව නැමති පූජාව” බව බයිබලය පෙන්වයි. (හෙබ්‍රෙව් 13:15) ඇයි? මේ අන්තිම දවස්වල යෙහෝවා මහත් උනන්දුවක් දක්වන ජීවිත බේරාගැනීමේ වැඩයට මෙම පූජාව කෙළින්ම සම්බන්ධ වන නිසයි. (එසකියෙල් 18:23)—11/1, 21වන පිටුව.
◻“ප්‍රඥාවන්තයාගේ වචන කෙවිටිවලට” සමාන වන බව සාලමොන් ලිවූ විට ඔහු අදහස් කළේ කුමක්ද? (දේශනාකාරයා 12:11)
තමන් කියවන හෝ සවන් දෙන නැණවත් වදන්වලට අනුකූලව ප්‍රගතියක් ලැබීමට කියවන්නාව හෝ සවන්දෙන්නාව එම වදන් මගින් පොලඹවනවා.—11/15, 21වන පිටුව.
◻දෙවිගෙන් ලද විචාර බුද්ධිය යනු කුමක්ද?
හරි වැරැද්ද අතර වෙනස හඳුනාගැනීමටත්, ඉන්පසු නිවැරදි ක්‍රියාමාර්ගය තෝරාගැනීමටත් කෙනෙකුට තිබෙන හැකියාවයි. දෙවිගේ වචනය අධ්‍යයනය කිරීමෙන් හා ජීවිතයට අදාළ කරගැනීමෙන් විචාර බුද්ධිය ලබාගත හැකියි.—11/15, 25වන පිටුව.
◻වගකීම් පිළිගැනීමට තිබෙන කැමැත්ත සමබර කරගත යුත්තේ කුමන දෙයක් සමඟද? (2 තිමෝති 3:1, NW)
වගකීම් පිළිගැනීමට තිබෙන කැමැත්ත හොඳ විනිශ්චයක් සමඟ කළ යුත්තක්. යෙහෝවාගේ සේවය තුළ තම ප්‍රීතිය අහිමි වන තරමටම කෙනෙක් විවිධ පැවරුම් භාර නොගත යුතුයි. කැමැත්තෙන් ඉදිරිපත් වීමේ ස්වභාවයක් පැසසුමට ලක් විය යුතුයි. එනමුත් පමණ දැන, “සිහියෙන් යුක්තව” එසේ ඉදිරිපත් වීම අවශ්‍යයි. (තීතස් 2:12, 13; එළිදරව් 3:15, 16)—12/1, 28වන පිටුව.
◻දෙමාපියෙකු වීමේ අභියෝගයට මුහුණ දිය හැක්කේ කෙසේද?
හොඳ ආදර්ශයන් වීමටත්, මිතුරන් වීමටත්, අදහස් හුවමාරු කරන්නන් වීමටත්, ගුරුවරුන් වීමටත් දෙවිගේ වචනය දෙමාපියන්ට කදිම උපදෙස් සපයනවා. (ද්විතීය කථාව 6:6, 7)—12/1, 32වන පිටුව.