-
“මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
13. තමන් තෝරාගත් මෙහෙකරුවා සම්බන්ධයෙන් යෙහෝවා පුරෝකථනය කරන්නේ මොනවාද?
13 යෙසායා තවදුරටත් මෙසේ කියයි. “ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනගට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද [සැබෑ, NW] දෙවිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය].” (යෙසායා 42:5) මැවුම්කරු වන යෙහෝවා පිළිබඳ මොනතරම් ප්‍රබල විස්තරයක්ද! යෙහෝවාගේ බලසම්පන්නභාවය පිළිබඳ මෙම මතක් කිරීම ඔහු පවසන දේවලට අමතර සහතිකයක් සපයන්නේය. යෙහෝවා මෙසේ කියයි. “මම ධර්මිෂ්ඨකමින් නුඹ අඬගසාගතිමි, මම නුඹේ අත අල්ලාගන, නුඹ ආරක්ෂා කොට, සෙනගගේ ගිවිසුමක් සහ ජාතීන්ගේ එළියක්ද [ආලෝකයක්ද, NW] කොට නියමකරන්නෙමි. එසේ කරන්නේ අන්ධවූ ඇස් අරින්ටත් හිරකාරයන් හිරගෙයින්ද අන්ධකාරයෙහි ඉන්නන් ඇඳිරි ගෙයින්ද පිටතට ගෙනෙන්ටත්ය.”—යෙසායා 42:6, 7.
-
-
“මාගේ සිතට ප්‍රියවූ මාගේ තෝරාගත් තැනැත්තා”යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
15, 16. යේසුස් “ජාතීන්ගේ ආලෝකය” හැටියට කටයුතු කරන්නේ කෙසේද?
15 “ජාතීන්ගේ ආලෝකයක්” හැටියට දෙන බවට පොරොන්දු කරන ලද මේ සේවකයා ‘අන්ධ වූ ඇස් අරින’ අතර “අන්ධකාරයෙහි ඉන්නන්” ඉන් මුදයි. යේසුස් මේ දේ කළේය. සත්‍යයට සාක්ෂි දරමින් යේසුස් තම ස්වර්ගීය පියාගේ නාමය ගෞරවයට පත් කළේය. (යොහන් 17:4, 6) ඔහු ආගම්වලට සම්බන්ධ බොරු හෙළි කරමින්, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කළ අතර, ආගමික බැඳුම් මධ්‍යයෙහි සිටි අයට ආත්මික නිදහස නමැති දොරටු විවර කළේය. (මතෙව් 15:3-9; ලූක් 4:43; යොහන් 18:37) අන්ධකාරයට අයත් ක්‍රියාවන්හි නියැලීමට එරෙහිව ඔහු අනතුරු ඇඟවූ අතර, සාතන් “බොරුවේ පියා” සහ “මේ ලෝකයේ අධිපතියා” බව හෙළි කළේය.—යොහන් 3:19-21; 8:44; 16:11.
16 “මම ලෝකයේ ආලෝකයය” කියා යේසුස් පැවසුවේය. (යොහන් 8:12) තම පරිපූර්ණ ජීවිතය මිදීමේ මිලයක් කොට දීම තුළින් ඔහු විසින් එය සැබෑවක් බව ඉතා හොඳින් ඔප්පු කරන ලදි. ඇදහිල්ල තබන අයට පාපයට සමාවත්, දෙවි සමඟ අනුමැතිය ලත් සම්බන්ධතාවකුත්, සදාකාල ජීවනයට මාර්ගයත් ඔහු විවෘත කළේය. (මතෙව් 20:28; යොහන් 3:16) තම ජීවිත කාලය පුරාම පරිපූර්ණ දේවභක්තියක් ඇතුව සිටීම මගින් යේසුස් යෙහෝවාගේ පරමාධිපත්‍යය තහවුරු කළ අතර, යක්ෂයා බොරුකාරයෙකු බව ඔප්පු කරනු ලැබීය. යේසුස් සැබෑවටම අන්ධයන්ට පෙනීම ලබා දෙන්නෙකු මෙන්ම ආත්මික අන්ධකාරයේ බැඳුම්වලින් මුදවන්නෙකු බව පැහැදිලියි.
-