-
යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
24, 25. (අ) යෙහෝවා ඉදිරිපත් කරන ආරාධනාව කුමක්ද? ඔහුගේ පොරොන්දුව ඉටු වන බවට සහතික විය හැක්කේ මන්ද? (ආ) යෙහෝවා සාධාරණ අයුරින් අපෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?
24 යෙහෝවා මීළඟට කරන ආරාධනාව ඉදිරිපත් කරන්නේ ඔහු දයාවන්ත කෙනෙකු නිසයි. “පොළොවේ සීමාවල සිටින සියල්ලෙනි, මා වෙතට හැරී ගැළවෙන්න. මක්නිසාද මම [දෙවිය], වෙන කෙනෙක් නැත. සියලු දණහිස් මට නැමෙනවා ඇත, සියලු දිව්ද මා ගැන දිවුරනවා ඇත කියා මම මා ගැනම දිවුළෙමි, අවලංගු නොවන ධර්මිෂ්ඨකමේ වචනයක් මාගේ මුඛයෙන් නික්මුණේය. [සම්පූර්ණ, NW] ධර්මිෂ්ඨකමත් බලයත් තිබෙන්නේ [යෙහෝවා] තුළ පමණක්ය කියා කෙනෙක් මට කියනවා ඇත. මනුෂ්‍යයෝ [ඔහු] වෙතට එන්නෝය, [ඔහු] කෙරෙහි කෝපව සිටි සියල්ලෝද ලජ්ජාවට පැමිණෙන්නෝය. මුළු ඉශ්රායෙල් වංශය [යෙහෝවා] තුළම ධර්මිෂ්ඨකරනු ලැබ පාරට්ටුකරගන්නවා ඇත.”—යෙසායා 45:22-25.
-
-
යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
26. තමා වෙත හැරෙන්නැයි කියන යෙහෝවාගේ ඇරයුමට සියලු ජාතීන්ට අයත් “මහත් සමූහය” ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?
26 තමා වෙතට හැරීමට කරන ආරාධනය සීමා වෙන්නේ පුරාණ බබිලෝනියේ සිටි වහලුන්ට පමණක් නොවේ. (ක්‍රියා 14:14, 15; 15:19; 1 තිමෝති 2:3, 4) ඒ ආරාධනය තවමත් විවෘතව පවතී. මීට ප්‍රතිචාරය දක්වන ‘සියලු ජාතීන්ට අයත් මහත් සමූහයක්’ මෙසේ ප්‍රකාශ කරති. ‘දෙවිටත් බැටළුපැටවා වන යේසුස්ටත් ගැළවීම අයිතිය.’ (එළිදරව් 7:9, 10; 15:4) සෑම අවුරුද්දකම සියදහස් ගණන් නවකයන් දෙවි වෙතට හැරී, ඔහුගේ පරමාධිපත්‍යය මුළුමනින්ම පිළිගෙන තමන්ගේ අඛණ්ඩ පක්ෂපාතීත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් මහත් සමූහයේ මායිම් පුළුල් කරනු ලබයි. ඊට අමතරව, ඔවුහු පක්ෂපාතී ලෙස “ආබ්‍රහම්ගේ වංශය” වන ආත්මික ඉශ්රායෙල්වරුන්ට සහයෝගයද දෙති. (ගලාති 3:29) “නිසැකවම යෙහෝවා තුළ සම්පූර්ණ ධර්මිෂ්ඨකමත් බලයත් ඇත්තේය [NW]”a යන කාරණය ලොව පුරා ප්‍රචාරය කිරීම මගින් ඔවුහු යෙහෝවාගේ ධර්මිෂ්ඨ පාලනය කෙරෙහි ඇති තම ලැදියාවද ප්‍රකාශ කරති. සෙප්ටූඅජින්ට්හි දක්වා ඇති ආකාරයට ප්‍රේරිත පාවුල් රෝමවරුන්ට ලියූ තම ලිපියෙහි යෙසායා 45:23න් උපුටා දැක්වීය. ඔහු එය උපුටා දැක්වූයේ ජීවත් වන සැමෝම අවසානයේදී දෙවිගේ පරමාධිපත්‍යය පිළිගෙන ඔහුගේ නාමය දිගටම ප්‍රශංසාවට පත් කරන බව අවධාරණය කිරීමටය.—රෝම 14:11; පිලිප්පි 2:9-11; එළිදරව් 21:22-27.
-
-
යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
a හෙබ්‍රෙව් පිටපතෙහි “ධර්මිෂ්ඨකම” යන වචනය බහු වචන ස්වරූපයෙන් තිබෙන නිසා නව ලෝක පරිවර්තනයෙහි එම වචනය යොදා ඇත්තේ “සම්පූර්ණ ධර්මිෂ්ඨකම” කියාය. එම වචනය බහු වචන ස්වරූපයෙන් යොදා ඇත්තේ යෙහෝවාගේ ධර්මිෂ්ඨකමේ අසමසම බව හුවා දැක්වීමටය.
-