-
“අපි කාරණය සමථයකට පත් කරගනිමු”යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
1, 2. යෙරුසලමේ සහ යූදාහි සිටි පාලකයන්වත් සෙනඟවත් යෙහෝවා සමාන කරන්නේ කාටද? එමෙන්ම එය යෝග්‍ය මන්ද?
යෙසායා 1:1-9හි වාර්තා කර ඇති ලෙස තමන්ව ප්‍රසිද්ධියේ හෙළා දැකීමෙන් අනතුරුව, යෙරුසලමේ වැසියන් තමන් අත වරදක් නැති බව පෙන්වන්ට නැඹුරු වෙන්ට ඇති. ඔවුන් යෙහෝවා වෙනුවෙන් කරන සියලුම පූජා ගැන උඩඟු ලෙස කතා කරන්ට කැමති බවට සැකයක් නැහැ. කෙසේවෙතත්, එවැනි ආකල්පයක් නිෂ්ප්රභා කරන්නාවූ යෙහෝවාගේ ප්‍රබල පිළිතුර යෙසායා 1:10 සිට 15 දක්වා පදවල සඳහන් වෙනවා. එය ඇරඹෙන්නේ මෙසේයි. “සොදොමේ ආණ්ඩුකාරයෙනි, [යෙහෝවාගේ] වචනය අසන්න; ගොමොරාවේ සෙනගෙනි, අපේ [දෙවිගේ] ව්‍යවස්ථාවට කන්දෙන්න.”—යෙසායා 1:10.
2 සොදොම සහ ගොමොරාව විනාශ කළේ දූෂිත ලිංගික හැසිරීම නිසාම පමණක් නොව, ඔවුන්ගේ සිත් දැඩිකම සහ අහංකාර ආකල්ප නිසයි. (උත්පත්ති 18:20, 21; 19:4, 5, 23-25; එසකියෙල් 16:49, 50) තමන්ව එම ශාප ලත් නුවරවල සිටි ජනයාට සමාන කිරීම ගැන යෙසායාගේ වචන ඇසූ අය කම්පාවට පත් වූවා විය යුතුයි.a එහෙත්, යෙහෝවා තම සෙනඟගේ තත්වය ඇති සැටියෙන්ම දන්නවා. ඒ නිසා, ඔවුන්ගේ “කනට මිහිරි” වන අයුරින් එම පණිවිඩයේ බරපතළකම බාල කරන්ට යෙසායා උත්සාහ කරන්නේ නැහැ.—2 තිමෝති 4:3, NW.
-
-
“අපි කාරණය සමථයකට පත් කරගනිමු”යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
a පුරාණ යුදෙව් සම්ප්රදායේ කියැවෙන පරිදි, දුෂ්ට මනස්සේ රජ යෙසායාව කැබලිවලට ඉරා මරා දැමුවා. (හෙබ්‍රෙව් 11:37 සසඳන්න.) එක් මූලාශ්‍රයකට අනුව, යෙසායාට මේ මරණ දඬුවම ගෙන ඒම සඳහා බොරු අනාගතවක්තෘවරයෙක් යෙසායාට විරුද්ධව මේ ආකාර චෝදනාවක් එල්ල කර තිබුණා. “ඔහු යෙරුසලම සොදොම කියා හඳුන්වා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, යූදාහි සහ යෙරුසලමේ අධිපතීන් ගොමොරාවේ සෙනඟ (බව) ප්‍රකාශ කර තියෙනවා.”
-