-
යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයියෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
21, 22. (අ) මෙසියස් අනිත් අය වෙනුවෙන් ඉසුලුවේ කුමක්ද? (ආ) බොහෝදෙනෙකු මෙසියස්ව සැලකුවේ කෙසේද? ඔහුගේ දුක් අවසන් වූයේ කුමන ආකාරයෙන්ද?
21 මෙසියස්ට දුක් විඳ මැරෙන්න සිදු වූයේ මන්ද? යෙසායා මෙසේ පැහැදිලි කරයි. ‘සැබවින්ම ඔහු උසුලාගත්තේ අපේ දුක්ය [ලෙඩ දුක්ය, NW]; දරාගත්තේ අපේ ශෝකයය. එසේ වී නුමුත් ඔහු දඬුවමද [වසංගතයද, NW] දෙවිගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් ඔහු තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම ඔහු පිටට පැමුණුණේය; ඔහුගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළා වී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව; යෙහෝවාද අප සියල්ලන්ගේ අයුතුකම ඔහු පිට තැබුවේය.’—යෙසායා 53:4-6.
22 මෙසියස් අනුන්ගේ අසනීප සහ වේදනාවන් දරාගත්තේය. ඔහු ඔවුන්ගේ බර තමන්ගේ කරපිටට ගෙන ඉසිලුවා හා සමානය. අසනීප සහ වේදනාව මිනිස්වර්ගයාගේ පව්කාර තත්වයේ ප්‍රතිඵලයක් නිසා මෙසියස් අන් අයගේ පාප උසුලාගත්තා කියාද කිව හැකිය. ඔහු දුක් විඳීමට හේතුව බොහෝදෙනෙකු වටහා නොගත් අතර, ඔවුන් සිතුවේ දෙවි ඔහුට දඬුවම් කරනවා නැත්නම් ඔහු පිළිකුල්සහගත වසංගතයකින් පහර ලැබ සිටිනවා කියායි.c මෙසියස්ගේ වේදනාවන් අවසන් වූයේ තුවාල ලැබීමෙන්, පොඩි කරනු ලැබීමෙන් සහ පහර කෑමෙන් වේදනා විඳි පසුවයි. මෙය ඇත්තෙන්ම සැහැසික මෙන්ම වේදනාසහගත මරණයක් අඟවයි. එහෙත් ඔහුගේ මරණයට සමාව දීමේ බලයක් තිබේ. පාපය නිසා අතරමංව සිටින්නන්ට දෙවි සමඟ යළි සාමය ඇති කරගැනීමට පදනම එමගින් සපයයි.
-
-
යෙහෝවා තම මෙසියානු සේවකයා උසස් කරයියෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
24. (අ) යේසුස්ට දෙවි ‘වසංගතයකින්’ පහර දී ඇති බව බොහෝදෙනෙකු සිතුවේ මන්ද? (ආ) යේසුස් දුක් විඳ මැරුණේ මන්ද?
24 බොහෝදෙනෙකු සිතුවේ යේසුස්ට දෙවි විසින් ‘වසංගතයෙන්’ පහර දී ඇතැයි කියාය. මන්ද ඔහු දුක් වින්දේ ගරුතර ආගමික නායකයන්ගේ උසිගැන්වීම හේතුවෙනි. නමුත් ඔහු දුක් වින්දේ කිසිම ආකාරයකින් ඔහු තුළ තිබූ පාපයක් නිසා නොවන බව හොඳින් මතක තබාගන්න. පේතෘස් ඒ ගැන මෙසේ කීවේය. ‘ක්‍රිස්තුස් නුඹලා නිසා වධ විඳ, නුඹලා ඔහුගේ අඩි පාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියේය. ඔහු කිසි පාපයක් නොකළේය. ඔහුගේ මුඛයෙහි වංචාවක් සම්බ වුණෙත් නැත. අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස, ඔහුම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලුවේය; ඔහුගේ තුවාලවලින් නුඹලා සුව කරනු ලැබුවහුය.’ (1 පේතෘස් 2:21, 22, 24) අපි සියලුදෙනාම යම් කාලයක “බැටළුවන් මෙන් මුළාව” ගොස් සිටියෙමු. (1 පේතෘස් 2:25) කෙසේවෙතත්, යෙහෝවා යේසුස් කරණකොටගෙන අපේ පව්කාර තත්වයෙන් අප මුදාගත්තේය. දෙවි අපේ පාප යේසුස් ‘පිට තැබුවේය.’ කිසිදු පාපයක් නොකළ යේසුස් අපේ පාපවලට දඬුවම ස්වකැමැත්තෙන්ම භාරගත්තේය. විඳිය නොයුතු වේදනාවක් විඳිමින් ඔහු වද කණුවක් මත නින්දිත මරණයකට මුහුණ දීමෙන්, අපට දෙවි සමඟ සමාදාන වීමේ මඟ විවෘත කර දුන්නේය.
-