දේවවචනය නිධානයක් | යෙසායා 52-57
ක්රිස්තුස් දුක් වින්දේ අපි වෙනුවෙන්
‘ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය. අප ඔහුව සැලකුවේ දෙවි අතින් දඬුවම් විඳින, තුවාල ලැබූ, පීඩාවට පත් වූ කෙනෙකු ලෙසය’
මිනිසුන් යේසුස්ව පහත් කළා, දෙවිට අපහාස කරනවා කියලා බොරු චෝදනා කළා. සමහරු හිතුවා ඔහුට දෙවිගෙන් දඬුවම් ලැබෙනවා කියලා
‘ඔහුට දරුණු දුක් පීඩා විඳීමට යෙහෝවා දෙවි ඉඩහැරියේය. යෙහෝවා දෙවිගේ කැමැත්ත ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත’
තමන්ගේ පුතාව මරණවා දකිද්දී යෙහෝවා දෙවිට ලොකු වේදනාවක් දැනුණා. ඒත් යේසුස්ගේ විශ්වාසවන්තකම දැකලා දෙවි හුඟක් සතුටු වුණා. දෙවිගේ සේවකයන් ගැන සාතන් කරපු චෝදනාව යේසුස්ගේ මරණය නිසා බොරුවක් වුණා. පසුතැවිලි වෙන අයට ඒකෙන් ප්රයෝජනත් ලැබෙනවා. ඒ විදිහට “දෙවිගේ කැමැත්ත” ඉටු වෙන්න යේසුස්ගේ මරණය උදව් වුණා