-
කුහකකම් හෙළි කරයි!යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
8, 9. අවංක පසුතැවිල්ල සමඟ ගත යුතු ඒකාන්ත පියවර කුමක්ද?
8 තමන්ගේ පව් සම්බන්ධයෙන් නිරාහාරව සිටිනවාට වඩා වැඩි දෙයක් යෙහෝවා තම සෙනඟගෙන් බලාපොරොත්තු වේ. ඔහුට අවශ්‍ය වන්නේ අවංක පසුතැවිල්ලයි. ඔවුන් දෙවිගේ අනුමැතිය ලබන්නේ එවිට පමණයි. (එසකියෙල් 18:23, 32) අතීතයේදී තමන් කළ පව් නිවැරදි කර නොගන්නේ නම් නිරාහාරව හිඳීමේ පලක් නැති බවත් අව්‍යාජ පසුතැවිල්ල නිරූපණය කෙරෙන්නේ එවිට පමණක්ම බවත් යෙහෝවා ඔවුන්ට පැහැදිලි කරයි. මේ සම්බන්ධයෙන් යෙහෝවා අසන හද විමසන ප්රශ්නය සලකා බලන්න. “මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් නුඹලා විසින් කඩාදැමීමත් නොවේද?”—යෙසායා 58:6.
9 විලංගු සහ වියගස් දරදඬු වහල්භාවය සලකුණු කරයි. නිරාහාරව සිටින අතරේම තම අසල්වැසි සහෝදරයාව තළා පෙළනවා වෙනුවට, ඔවුන් දෙවිගේ මෙම අණට කීකරු විය යුතුය. “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (ලෙවී කථාව 19:18, NW) ඔවුන් පීඩාවට පත් කළ සහ අසාධාරණ ලෙස වහලුන් කරගත් සියලුදෙනාවම නිදහස් කළ යුතුය.a නිරාහාර ශීලය වැනි පුහු ආටෝපකාරි ආගමික චාරිත්‍ර, අව්‍යාජ දේවභක්තිය සහ සහෝදර ප්‍රේමය සඳහා විකල්පයක් කරගත නොහැක. යෙසායාගේ සමකාලීන අනාගතවක්තෘවරයෙක් වන මීකා මෙසේ ලියයි. ‘යහපත මොකද කියා ඔහු නුඹට පෙන්වා තිබේ; ධර්මිෂ්ඨකම් කිරීමත් [යුක්තිය ඉටු කිරීමත්, NW] කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවි වෙත යටහත් ලෙස [නිහතමානී ලෙස, NW] හැසිරීමත් මිස යෙහෝවා නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?’—මීකා 6:8.
-
-
කුහකකම් හෙළි කරයි!යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
a කෙනෙකු ණය වී එය ගෙවීමට නොහැකි වුවහොත් තමාව දාසයෙකු හැටියට කුලීකාරකමට විකිණීමෙන් ඒ ණය ගෙවා දැමීමේ ක්‍රමයක් යෙහෝවා හඳුන්වා දුන්නේය. (ලෙවී කථාව 25:39-43) කෙසේවෙතත්, දාසයන්ට කරුණාවන්ත ආකාරයෙන් සලකන්නැයි ව්‍යවස්ථාවේ ලියා තිබුණි. සාහසික ආකාරයෙන් සලකනු ලැබූ අයව නිදහස් කළ යුතු විය.—නික්මයාම 21:2, 3, 26, 27; ද්විතීය කථාව 15:12-15.
-