-
‘මා විසින් මවනු ලබන දෙය ගැන සදාකාලේටම ප්‍රීති වෙන්න’යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
සුරක්ෂිත අනාගතයක් පිළිබඳ පොරොන්දුව
27. නැවත පැමිණෙන යුදෙව්වන් තම මව්බිමේදී භුක්ති විඳින්න යන සුරක්ෂිතභාවය යෙසායා පැහැදිලි කරන්නේ කෙසේද?
27 මුල් ඉටුවීමේදී, අලුත් අහස යටතේ නැවත පැමිණෙන යුදෙව්වන්ගේ ජීවිත කුමනාකාර වනු ඇද්ද? “දවස් ගණනක ළදරුවෙක්වත් වයස් නොපිරුණු මහල්ලෙක්වත් එතනින් තවත් තුරන්දු නොවී, බාල දරුවා අවුරුදු සියයක් වයස්ව නසිනවා ඇත. නුමුත් අවුරුදු සියයක් වයස්වූ පව්කාරයා ශාප ලබනවා ඇත.” (යෙසායා 65:20) මෙය යළි පිහිටුවන ලද වහලුන් තම මව්බිම කරා පැමිණි විට අද්දකින සුරක්ෂිතභාවය මනාව චිත්‍රයට නඟා ඇත! අකල් මරණයක් නිසා අලුත උපන් බිළිඳෙකු මියැදෙන්නේ නැත. වැඩිහිටියෙකු පවා මරණය අත් නොදැක, තම ආයුෂ කාලය සම්පූර්ණයෙන්ම භුක්ති විඳිනවා ඇත.d යූදා වෙත නැවත පැමිණෙන යුදෙව්වන්ට යෙසායාගේ වචන මොනතරම් සහනයක් ගෙන දෙයිද! සතුරන් යූදා දේශයේදී තම බිළිඳුන්ව හෝ මිනිසුන්ව පැහැරගෙන යයි කියාවත් ඔවුන්ව ඝාතනය කරයි කියාවත් භය විය යුතු නැත.
28. දෙවිගේ රාජ්‍යය යටතේ නව ලෝකය තුළ ජීවිතය ගැන යෙහෝවාගේ වචනයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?
28 පැමිණෙන්නාවූ අලුත් ලෝකයේ තත්වය ගැන යෙහෝවා අපට කියන්නේ කුමක්ද? දෙවිගේ රාජ්‍යය යටතේ, සෑම දරුවෙකුටම සුරක්ෂිත අනාගතයක් තිබෙනු ඇත. කිසි දේවභයැති මිනිසෙකු අකාලයේ මරණයට පත් නොවනු ඇත. කීකරු මනුෂ්‍යවර්ගයාට සුරක්ෂිත, ප්‍රීතිය භුක්ති විඳිය හැකි වාතාවරණයක් ඇති වනු ඇත. දෙවිට විරුද්ධව කැරලිගැසීමට තෝරාගන්නා අය ගැන කුමක් කිව හැකිද? එවැනි අය ජීවත් වීමට ලැබී ඇති වරප්‍රසාදය නැති කරගනු ඇත. කැරලිකාර පව්කාරයා ‘වයස අවුරුදු සියයේ’ පසු වූවත් මරණයට පත් වනු ඇත. එවැනි තත්වයක් යටතේ, වැඩුණු පුරුෂයෙකු ලෙස නිමක් නැති ජීවිතයක් ගත කරනවා වෙනුවට ඔහු ‘බාල දරුවෙකු’ මෙන් මිය යනු ඇත.
-
-
‘මා විසින් මවනු ලබන දෙය ගැන සදාකාලේටම ප්‍රීති වෙන්න’යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
-
-
d යෙසායා 65:20 නව අනුවාදයේ සඳහන් කරන්නේ මෙසේය. “ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති.”
-