‘ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත’ සඳහා තොරතුරු
ජූනි 5-11
දේවවචනය නිධානයක් | යෙරෙමියා 51-52
“යෙහෝවා දෙවි කියන හැම දෙයක්ම අකුරක් නෑර ඉටු වෙනවා”
it-2-E 360 2-3¶
මේදියවරු, මේදියාව
පර්සියානුවන් එක්ක බැබිලෝනිය පරාජය කරයි. ක්‍රි.පූ. 8වෙනි සියවසේදී යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට විරුද්ධව කියපු අනාවැකියක් ගැන යෙසායා මෙහෙම කිව්වා. “ඔවුන්ට විරුද්ධව නැඟී සිටීමට මම මේදිය ජාතිකයන්ව පොලඹවන්නෙමි. ඔවුහු රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති. ඔවුන් විදින ඊතල නිසා තරුණයෝ මැරී වැටෙති.” (යෙසායා 13:17-19; 21:2) මෙතන “මේදිය” කියන යෙදුමට පර්සියානුවනුත් ඇතුළත් කියලා හිතන්න පුළුවන්. මේදියවරුන්ව සහ පර්සියානුවන්ව එක කණ්ඩායමක් විදිහට විස්තර කරද්දී ග්‍රීක ඉතිහාසඥයන් “මේදිය” කියන වචනය නිතරම වගේ යොදාගෙන තියෙනවා. මේදියවරු ‘රිදීවලටවත් රන්වලටවත් ආශා නොකරති’ කියන එකෙන් පැහැදිලි වුණේ එයාලගේ මූලික අරමුණ, බැබිලෝනිය යටත් කරගන්න එක මිසක් එහේ වස්තුව කොල්ලකන එක නෙමෙයි කියලයි. එයාලට තිබුණේ වස්තුව කොල්ලකන අරමුණ නම් කාට හරි තිබුණා කප්පමක් දීලා එයාලව නවත්වන්න. පර්සියානුවන්ගේ වගේම මේදියවරුන්ගෙත් ප්‍රධාන ආයුධය වුණේ දුන්නයි. එයාලගේ දුනු හදලා තිබුණේ ලීයෙන් වුණත් සමහර අවස්ථාවලදී එයාලා ඒවාට තඹ හෝ ලෝකඩ ආලේප කළා. (ගීතා 18:34 බලන්න.) ඊතල හොඳට මුවහත් කරලා තිබුණ නිසා එයාලා එවපු ඊතල වරුසාවකින් බැබිලෝනියේ තරුණයන්ගේ ඒ කියන්නේ හේවායන්ගේ සිරුරු පසාරු කරගෙන යන්න ඇති.—යෙරෙ 51:11.
යෙරෙමියා (51:11, 28) “මේදිය ජාතික රජවරු” ගැන කතා කරනවා. එතන රජවරු කියලා බහු වචනයෙන් සඳහන් කරලා තියෙන එකෙන් අදහස් කරන්න ඇත්තේ සයිරස් රජු යටතේ තවත් මේදිය රජ කෙනෙක් නැත්නම් තවත් රජවරු කිහිපදෙනෙක් හිටියා කියන එක වෙන්න ඇති. ඉතිහාස වාර්තා බලද්දී එහෙම දෙයක් වෙන්න බැහැ කියලා කියන්න හේතුවක් නැහැ. (යෙරෙ 25:25ත් බලන්න.) මේදිය, පර්සියානු, ඒලාම් සහ අසල්වැසි ගෝත්‍ර ඇතුළත් සේනාවක් එකතු වෙලා බැබිලෝනිය යටත් කරගත්තාට පස්සේ පර්සියාවේ සයිරස් රජ ‘කල්දිවරුන්ගේ රාජ්‍යයේ රජ’ හැටියට මේදිය ජාතිකයෙකු වූ දාරියුස්ව පත් කරපු එකෙන් ඒක පැහැදිලියි.—දානි 5:31; 9:1.
it-2-E 459 4¶
නැබෝනිඩස්
නැබෝනිඩස්ගේ ශිලා ලේඛනයේ සඳහන් වෙන්නේ බැබිලෝනිය වැටුණ දවසේ රාත්රියේදී “සයිරස්ගේ හමුදාව සටනක් නැතුවම බැබිලෝනියට ඇතුල් වුණා” කියලයි. ඒකෙන් අදහස් වෙන්න ඇත්තේ එයාලා ලොකු ගැටුමක් නැතුව ඇතුල් වුණා කියන එකයි. “බැබිලෝනියේ දක්ෂ යුධ සෙබළු සටනින් පසුබහිනවා” කියලා යෙරෙමියා කියපු අනාවැකියටත් ඒක එකඟයි.—යෙරෙ 51:30.
it-1-E 237 1¶
බැබිලෝනිය
ක්‍රි.පූ. 539යේ බැබිලෝනිය පරාජය වුණු දවසේ ඉඳන් බැබිලෝනියේ තේජශ්‍රීය පිරිහෙන්න පටන්ගත්තා. දෙවතාවක්ම එයාලා පර්සියාවේ දාරියුස් රජුට විරුද්ධව කැරලිගැහුවත් දෙවෙනි වතාවෙදී එයාලව නැති නාස්ති කරලා දැම්මා. නගරය යම් තාක් දුරකට ආයෙත් ගොඩනැඟුවාට පස්සේ එයාලා 1වෙනි තක්ෂස්තා රජුට විරුද්ධව කැරලිගැහුවා. ඒ වෙලාවෙදී රජ බැබිලෝනිය කොල්ලකෑවා. මහා ඇලෙක්සැන්ඩර් රජ එයාගේ රාජ්‍යයේ අගනුවර විදිහට බැබිලෝනිය තෝරාගන්න උත්සාහ කළත් ක්‍රි.පූ. 323දී එයා හදිසියේම මැරුණා. නයිකේටර් ක්‍රි.පූ. 312දී බැබිලෝනිය යටත් කරගෙන නගරයේ තිබුණු වටිනා දේවල් ඔහුගේ අලුත් අගනුවර වුණු සිලූෂිය ගොඩනඟන්න ටයිග්‍රීස් ගඟේ බටහිර ඉවුරට අරගෙන ගියා. මුල් සියවස වෙද්දිත් යුදෙව්වන් පිරිසක් බැබිලෝනියේ හිටියා. පේතෘස් බැබිලෝනියට ගියේ ඒ නිසයි. (1පේතෘ 5:13) බැබිලෝනිවරු දෙවි කෙනෙක් විදිහට සලකපු බෙල් වෙනුවෙන් ඉදි කරපු දේවස්ථානයක් ක්‍රි.ව. 75 වෙද්දිත් පැවතුණා කියලා ගල් පුවරුවලින් හොයාගෙන තියෙනවා. ක්‍රි.ව. හතරවෙනි සියවස වෙද්දී බැබිලෝනිය කිසිම කෙනෙක් වාසය කරන්නේ නැති පාළු තැනක් වුණා. අන්තිමේදී ඉතුරු වුණේ නිකම්ම නිකං “නටබුන්” ගොඩක් විතරයි.—යෙරෙ 51:37.
ගැඹුරින් හොයමු
it-2-E 444 9¶
කන්ඳ, කඳු
ආණ්ඩු නියෝජනය කරනවා. බයිබලයේ ගොඩක් වෙලාවට කඳුවලින් සංකේතවත් කළේ රාජ්‍යයන් සහ ආණ්ඩු. (දානි 2:35, 44, 45; සසඳන්න එළි 17:9-11, 18) බැබිලෝනිය තමන්ට තිබුණු හමුදා බලය යොදාගෙන අනිත් රටවල් යටත් කරගත්තා. “විනාශකාරී කන්ද” විදිහට බැබිලෝනිය හඳුන්වන්නේ ඒ නිසයි.—යෙරෙ 51:24, 25.
it-2-E 882 3¶
මුහුද
හමුදා සේනාංක විශාල ගණනක්. බැබිලෝනිය ආක්‍රමණය කරන අයගේ “ශබ්දය කැලඹුණු මුහුදේ ඝෝෂාකාරී හඬට සමානයි” කියලා යෙරෙමියා විස්තර කළා. (යෙරෙ 50:42) ඒ නිසා “මහ සයුර” බැබිලෝනියට එරෙහිව පැමිණෙනවා කියලා කියද්දී යෙරෙමියා අදහස් කළේ මේදිය සහ පර්සියානු ජාතිකයන් යටතේ හමුදා සේනාංක විශාල ගණනක් එනවා කියන එකයි.—යෙරෙ 51:42; දානි 9:26 බලන්න.