-
රැකවරණය සඳහා යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්නයෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
අෂ්දෝද්ට විරුද්ධව යුද්ධය
5. යෙසායාගේ දවසේදී සිටි බලවත් අෂූරීය පාලකයා කවුද? ඔහු පිළිබඳ බයිබල් වාර්තාව සැබෑ වූයේ කෙසේද?
5 යෙසායාගේ දවසේදී සර්ගොන් රජු යටතේ අෂූරිය අධිරාජ්‍යය පෙර නොවූ විරූ ආකාරයෙන් බලවත් වුණා.a මෙවැනි පාලකයෙකුගේ පැවැත්ම පිළිබඳව කිසිම තොරතුරක් ලෞකික මූලාශ්‍රයක සොයාගැනීමට නොහැකි වූ නිසා අවුරුදු ගණනාවක් පුරා විවේචකයන් ඒ ගැන සැක පහළ කළා. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන් පුරාවිද්‍යාඥයන් සර්ගොන්ගේ මාළිගාවේ නටබුන් ගොඩගත් අතර, එමගින් බයිබල් වාර්තාව සැබෑ බව ඔප්පු වුණා.
6, 7. (අ) සර්ගොන් රජ අෂ්දෝද් නුවර ආක්‍රමණය කිරීමට හේතුව කුමක් විය හැකිද? (ආ) අෂ්දෝද්හි වැටීම පිලිස්තියේ අසල්වාසීන්ට බලපාන්නේ කෙසේද?
6 සර්ගොන්ගේ යුධ ව්‍යාපාරයක් ගැන යෙසායා කෙටියෙන් මෙසේ විස්තර කරනවා. “අෂූර්හි රජවූ සර්ගොන් විසින් එවුවාවූ තර්තාන් අෂ්දෝද්ට ඇවිත් ඊට විරුද්ධව යුද්ධකොට [අල්වාගත්තා].” (යෙසායා 20:1)b සර්ගොන් පිලිස්තියේ නගරයක් වන අෂ්දෝද් ආක්‍රමණය කිරීමට අණ කළේ ඇයි? එක් හේතුවක් නම්, පිලිස්තිය මිසරයේ මිත්‍ර පාක්ෂිකයෙක් වීමයි. එමෙන්ම, අෂ්දෝද් දාගොන් දෙවියාගේ මාළිගාව පිහිටි නගරයයි. එය පිහිටා තිබුණේ මිසරයේ සිට පලස්තීනය දක්වා වැටී තිබූ වෙරළබඩ තීරයේයි. මෙසේ මේ නගරය පිහිටියේ යුධ කටයුතු හැසිරවීමට පහසු ස්ථානයකයි. එය අල්ලාගැනීම මිසරය අල්ලාගැනීමේ මුල් පියවර ලෙස පෙනෙන්ට තිබුණා. ඊට අමතරව, අෂූරියේ වාර්තා සඳහන් කරන්නේ අෂ්දෝද්හි රජු වූ අසුරි, අෂූරියට විරුද්ධව කුමන්ත්‍රණය කරමින් සිටියා කියායි. මේ නිසා, සර්ගොන් මේ කැරලිකාර රජුව ඉවත් කර ඔහු වෙනුවට ඔහුගේ බාල සහෝදරයා වන අහිමිටිව සිංහාසනාරූඪ කරනවා. ඒ වුණත්, කාරණය නිරාකරණය වූයේ නැහැ. තවත් කැරැල්ලක් ඇති වෙනවා. මේ වතාවේදී සර්ගොන් වඩා ප්‍රබල ආකාරයකට කටයුතු මෙහෙයවනවා. ඔහු අෂ්දෝද් ආක්‍රමණය කරන්ට අණ කරන අතර, එය අල්වා පරාජය කරනවා. සමහරවිට යෙසායා 20:1 වක්‍රාකාරව යොමු දක්වන්නේ මේ සිද්ධියට විය හැකියි.
7 අෂ්දෝද්ගේ වැටීම ඇගේ අසල්වැසියන්, විශේෂයෙන්ම යූදා දේශය මත අඳුරු සෙවණැල්ලක් මෙන් වෙනවා. යූදා වැසියන් මිසරය හෝ ඊට දකුණෙන් ඇති ඉතියෝපියාව වැනි “මාංසමය හස්තයක්” වෙතට ආරක්ෂාව පතා නැඹුරු වන බව යෙහෝවා දන්නවා. එමනිසා, රඟ දැක්වීමකින් අනතුර අඟවන්ට යෙහෝවා යෙසායාව පත් කරනවා.—2 ලේකම් 32:7, 8.
-