-
යෙහෝවා කෙරෙහි බලා සිටින්නයෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
21. පැමිණෙන්ට තිබෙන පරිපූර්ණ ආශීර්වාද විස්තර කරන්න.
21 “සියලු උස්කඳු පිටත් සියලු උස් හෙල් පිටත් ඔයවල් . . . වන්නේය.” (යෙසායා 30:25ආ)c යෙහෝවාගේ ආශීර්වාදවල පූර්ණත්වය කාවද්දන පැහැදිලි පින්තූරයක් යෙසායා පෙන්වනවා. ඉතා වටිනා අවශ්‍යතාවක් වන ජල සැපයුමේද අඩුවක් නැහැ. පහත් බිම්වල පමණක් නෙවෙයි, සෑම කන්දකින්ම එනම් ‘සියලු උස් කඳුවලින්ද සියලු උස් හෙල්වලින්ද’ ජලය ගලා බසින්ට යනවා. ඔව්, සාගින්න තවත් තිබෙන්ට යන්නේ නැහැ. (ගීතාවලිය 72:16) අනාගතවක්තෘගේ අවධානය කඳුවලටත් වඩා උස් දේවල් කෙරෙහි දැන් යොමු වෙනවා. “[යෙහෝවා] තමන් සෙනඟගේ තුවාලය බැඳ ඔවුන්ට ලැබුණු පහරේ තුවාලය සුවකරන දවසේදී හඳේ එළිය ඉරේ එළිය මෙන්ද ඉරේ එළිය සත් ගුණයක් වැඩිවී සත් දවසක එළිය මෙන්ද වන්නේය.” (යෙසායා 30:26) තේජවත් අනාවැකියට තිබෙන්නේ මොනතරම් උච්ච අවසානයක්ද! දෙවිගේ තේජස දසත පැතිරෙනවා. දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන් වෙනුවෙන් තබා ඇති ආශීර්වාද මොනතරම්ද! වෙන කිසිමදාක අද්දැක නැති ලෙසින් ඔවුන් හත් ගුණයක් ආශීර්වාද ලබන්ට යනවා.
-
-
යෙහෝවා කෙරෙහි බලා සිටින්නයෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
c “බලකොටු වැටෙන මහත් මරාදැමීමේ දවසේ” කියා යෙසායා 30:25අ කොටස කියනවා. එහි මුල් ඉටුවීමේදී බබිලෝනියේ වැටීම අදහස් කළා විය හැකියි. එය යෙසායා 30:18-26 පුරෝකථනය කර ඇති ආශීර්වාද භුක්ති විඳීමට ඉශ්රායෙල්වරුන්ට මඟ පාදන්ට ඇති. (19වන ඡේදය බලන්න.) එය අලුත් ලෝකයේදී සිදුවීමට යන අතිමහත් ආශීර්වාද ඉටුවීමට පෙර සිදු වන අර්මගෙදොන්හි විනාශයටද යොමු දක්වනවා විය හැකියි.
-
-
යෙහෝවා කෙරෙහි බලා සිටින්නයෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
[311වන පිටුවේ පින්තූරය]
‘සියලු උස් හෙල් පිට ඔයවල් වන්නේය’
-