-
පාරාදීසය යළි පිහිටුවයි!යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
20. පොදු යුගයේ මුල් සියවසේදී පැවැත්මට ආවේ කුමන අලුත් ඉශ්රායෙලයද?
20 යෙහෝවා නියම කරන ලද කාලයේදී තවත් ඉශ්‍රායෙලයක් එනම්, ආත්මික ඉශ්‍රායෙලයක් ක්‍රියාත්මක වෙන්ට පටන්ගත්තා. (ගලාති 6:16) මේ අලුත් ඉශ්රායෙලයේ උපත සඳහා තම භූමික සේවා කාලයේදී යේසුස් අඩිතාලම දැමුවා. ඔහු පවිත්‍ර නමස්කාරය යළි පිහිටෙවූ අතර, ඔහුගේ ඉගැන්වීම් මාර්ගයෙන් සත්‍යතාවේ වතුර නැවත වරක් ගලන්ට පටන්ගත්තා. ඔහු ශාරීරිකවත් ආත්මිකවත් ලෙඩ වී සිටින අයව සුව කළා. දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ වෙද්දී ප්‍රීතිය දසත පැතුරුණා. තම මරණයෙන් සහ නැවත නැඟිටීමෙන් සති හතකට පමණ පසු, තේජසට පත් යේසුස් ක්‍රිස්තියානි සභාව ස්ථාපිත කළා. එය ඔහු වැගිරූ ලෙයින් මිදීම ලද යුදෙව්වන්ගෙන් සහ වෙනත් අයගෙන් සමන්විත ආත්මික ඉශ්‍රායෙලයක් වුණා. ඔවුන් ශුද්ධාත්මයෙන් ආලේප කරන ලද දෙවිගේ ආත්මික පුත්‍රයන් හැටියට උත්පාදනය වූ අතර, යේසුස්ගේ සහෝදරයන් වුණා.—ක්‍රියා 2:1-4; රෝම 8:16, 17; 1 පේතෘස් 1:18, 19.
21. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව තුළ යෙසායාගේ අනාවැකියේ ඇතැම් අංගවල ඉටුවීමක් අද්දැක්කේ කෙසේද?
21 ආත්මික ඉශ්‍රායෙල්ගේ සාමාජිකයන්ට ලියන විට, ප්‍රේරිත පාවුල් යෙසායා 35:3 වචනවලට යොමු දක්වන්නේ මේ ආකාරයටයි. “එබැවින් හෙළා තිබෙන අත්ද බෙලහීන දණහිස්ද සවිකරගන්න.” (හෙබ්‍රෙව් 12:12) එසේනම්, පැහැදිලිවම පො.යු. මුල් සියවසේදී යෙසායා 35වන පරිච්ඡේදයේ වචන යම් දුරකට ඉටු වුණා. යේසුස් සහ ඔහුගේ ගෝලයන් ආශ්චර්යවත් ආකාරයට අන්ධ සහ බිහිරි අයව ඇත්තටම සුව කළා. ඔවුන් ‘කොර අයට’ ඇවිදීමටත් ගොළු අයට කතා කිරීමටත් හැකියාව ලබා දුන්නා. (මතෙව් 9:32; 11:5; ලූක් 10:9) ඊටත් වඩා වැදගත් දෙය වුණේ, හරි හදවත් ඇති අය බොරු ආගමෙන් ගැළවී ඇවිත් ක්‍රිස්තියානි සභාවේ තිබෙන ආත්මික පාරාදීසය භුක්ති විඳීමයි. (යෙසායා 52:11; 2 කොරින්ති 6:17) ඒ සඳහා, බබිලෝනියේ සිට යළි පැමිණි යුදෙව්වන්ගේ සිද්ධියේදී මෙන් ඒකාන්ත සහ නිර්භීත ස්ප්‍රීතුවක් අනිවාර්යෙන් අවශ්‍ය බව ගැළවී එන මේ අයද වටහාගත්තා.—රෝම 12:11.
-
-
පාරාදීසය යළි පිහිටුවයි!යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
23, 24. වර්ෂ 1919 සිට දෙවිගේ සෙනඟ කෙරෙහි යෙසායාගේ අනාවැකිය ඉටු වූයේ කිනම් ආකාරවලින්ද?
23 කෙසේවෙතත්, වර්ෂ 1919දී දේවල් අනිත් අතට පෙරළුණා. යෙහෝවා තම සෙනඟව වහල්භාවයෙන් මුදාගත්තා. කලින් ඔවුන්ගේ නමස්කාරය දූෂ්‍ය කළ බොරු ඉගැන්වීම් ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රතිඵලයක් හැටියට ඔවුන් සුව වෙන්ට පටන්ගත්තා. ඔවුන් ආත්මික පාරාදීසයකට පැමිණුණු අතර, එය අදදිනත් ලොව පුරාම පැතිරෙමින් තිබෙනවා. ආත්මික අර්ථයෙන් ගත් කල, අන්ධ අය පෙනීමටත්, බිහිරි අය ඇසීමටත් ඉගෙනගනිමින් සිටිනවා. එමගින් ඔවුන් දෙවිගේ ශුද්ධාත්මයේ ක්‍රියාකාරිත්වයට සම්පූර්ණයෙන්ම අවනත වෙනවා. යෙහෝවාට වැඩි අවධානයකින් ඇහුම්කන් දීමට ඇති නිරන්තර අවශ්‍යතාවද ඔවුන් හොඳින් වටහාගෙන තිබෙනවා. (1 තෙසලෝනික 5:6; 2 තිමෝති 4:5) සැබෑ ක්‍රිස්තියානීන් තවදුරටත් නිහඬව සිටින්ට යන්නේ නැහැ. ඔවුන් අනිත් අයට බයිබල් සත්‍යයන් කැමැත්තෙන් ප්‍රකාශ කරනවා. (රෝම 1:15) ආත්මිකව දුර්වලව හෝ ‘කොර වී’ සිටි අය දැන් ජ්වලිතය සහ ප්‍රීතිය විදහාපෙන්වනවා. සංකේතාත්මකව ඔවුන් ‘මුවන් මෙන් පැන පැන යනවා.’
-
-
පාරාදීසය යළි පිහිටුවයි!යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන I
-
-
25. යෙසායා 35වන පරිච්ඡේදයේ භෞතික ඉටුවීමක් තියේවිද? පැහැදිලි කරන්න.
25 අනාගතය ගැන කුමක් කිව හැකිද? යෙසායාගේ අනාවැකිය කවදා හෝ භෞතිකව ඉටු වෙයිද? ඔව්. යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් මුල් සියවසේදී කළ ආශ්චර්යවත් සුව කිරීම් මගින්, අනාගතයේදී මහා පරිමාණයකින් එසේ කිරීමට යෙහෝවාට ඇති කැමැත්ත සහ හැකියාව විදහාපෙන්නුවා. යෙහෝවාගේ ආනුභාවයෙන් ලියැවුණු ගීතාවලිය පොතේ, පොළොවේ සාමකාමී තත්වයන් යටතේ සදාකාල ජීවිතය ලැබීම ගැන කතා කරනවා. (ගීතාවලිය 37:9, 11, 29) යේසුස් පාරාදීස පොළොවක ජීවිතයක් පොරොන්දු වෙනවා. (ලූක් 23:43) බයිබලයේ මුල සිට අග දක්වාම පාරාදීසයක ජීවත් වීමේ බලාපොරොත්තුව පුන පුනා කියනවා. ඒ කාලයේදී අන්ධ, බිහිරි, අබ්බගාත හෝ ගොළු සෑම කෙනාවම සදාකාලයටම ශාරීරික ලෙස සුව කරන්ට යනවා. දුක සහ සුසුම්ලෑම ඔවුන් කෙරෙන් පලා යන්ට යනවා. ඔවුන් සදාකාලයෙන් සදාකාලයට ප්‍රීතිමත් වෙනවා.—එළිදරව් 7:9, 16, 17; 21:3, 4.
-