ඔබට ‘හරි වැරැද්ද නිශ්චය කරගත’ හැකිද?
‘ස්වාමීන්ට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරන්න.’—එපීස 5:10.
1. වත්මන් ජීවිතය මනස අවුල් කරවන්නක් විය හැක්කේ කුමක් නිසාද? ඒ මන්ද?
සියවස් ගණනාවකට පෙර යෙරෙමියා තමා නිරීක්ෂණය කළ යමක් ගැන ඉතා කාවදිනසුලු අදහසක් පළ කළේය. ඔහු පැවසුවේ, ‘යෙහෝවා, මනුෂ්‍යයාගේ මාර්ගය ඔහුට අයිති නැති බව දනිමි. ගමනෙහි යෙදෙන මනුෂ්‍යයාට තමාගේ ගමන නියම කිරීම අයිති නැත’ කියායි. (යෙරෙමියා 10:23) යෙරෙමියාගේ මෙම නිරීක්ෂණය අදදින අපට විශේෂ ආකාරයකින් අදාළ විය යුතුය. ඒ මන්ද? බයිබලය පුරෝකථනය කරන පරිදි, අප “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි කාලවල” ජීවත් වන බැවිනි. (2 තිමෝති 3:1, NW) දිනක් දිනක් පාසා මනස කොතරම් අවුල් කරවන තත්වයන්ට අප මුහුණ දෙනවාද කිවහොත් විවිධාකාර තීරණ ගැනීමට සිදු වේ. මෙවන් තීරණ බැරෑරුම් ඒවා කියා අප සැලකුවත් නැතත්, ඒවා අපගේ ශාරීරික, චිත්තවේගීය සහ ආත්මික ශුභසිද්ධියට බෙහෙවින් බලපානවාට කිසිදු සැකයක් නැත.
2. සුළුවෙන් තැකිය හැකියයි සලකන තේරීම් සමහරක් මොනවාද? එනමුත් කැප වූ ක්‍රිස්තියානීන් වශයෙන් අප ඒවා සලකන්නේ කෙලෙසද?
2 අපගේ දෛනික ජීවිතයේදී ගන්නා තීරණ බොහොමයක් සාමාන්‍ය නැතහොත් සුළු ඒවා ලෙස සැලකිය හැක. නිදසුනකට, ඇඳිය යුතු ඇඳුම්, අනුභව කළ යුතු ආහාර, බැහැදකින පුද්ගලයන් ආදිය සම්බන්ධයෙන් අපි දිනපතාම තීරණ ගන්නෙමු. සමහර විට, මෙම තීරණ කල්පනා නොකර යාන්ත්‍රිකව ගත හැකිය. එනමුත්, මෙවැනි කාරණා අප සුළුවෙන් සැලකිය යුතුද? අපගේ ඇඳුම් පැළඳුම් සහ පෙනුම, කෑම බීම, කතාව සහ හැසිරීම සම්බන්ධයෙන් ගන්නා තීරණ කැප වූ ක්‍රිස්තියානීන් වශයෙන් අප සුළුවෙන් තකන්නේ නැත. අප නිතරම සැලකිලිමත් වන්නේ එම තීරණ මහෝත්තම දෙවි යෙහෝවාගේ සේවකයන් වශයෙන් අපට නියම වී තිබෙන කාර්යයට බලපාන්නේ කෙසේද යන්න ගැනයි. එමනිසා ප්‍රේරිත පාවුල්ගේ මෙම වදන් අපගේ සිහියට නඟාගනිමු. “නුඹලා කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල [දෙවිගේ] ගෞරවය පිණිස කරන්න.”—1 කොරින්ති 10:31; කොලොස්සි 4:6; 1 තිමෝති 2:9, 10.
3. අප ඇත්තවශයෙන්ම බැරෑරුම් ලෙස සැලකිය යුත්තේ කුමන තේරීම්ද?
3 අනික් අතට, වඩාත් බැරෑරුම් තීරණ ගැනීමටද සිදු වේ. නිදසුනකට, විවාහ වෙනවාද, නැත්නම් විවාහ නොවී සිටිනවාද යන තීරණය පුද්ගලයෙකුගේ ජීවිතයට ගැඹුරින් සහ කල්පවතින ආකාරයකින් බලපෑ හැකිය. ඇත්තෙන්ම ජීවිත කාලය පුරා එකට සිටින්නට යන තම විවාහක සහකරු හෝ සහකාරිය වශයෙන් ගැළපෙන පුද්ගලයෙකු තෝරාගැනීම සුළු පටු කාරණයක් නොවේ.a (හිතෝපදේශ 18:22) මීට අමතරව, මිතුරන්, ආශ්‍රිතයන්, අධ්‍යාපනය, රැකියාව සහ විනෝදාංශ සම්බන්ධයෙන් අප ගන්නා තීරණද අපගේ ආත්මිකත්වයට ප්‍රබල ලෙස බලපෑ හැකිය. එමනිසා, අපගේ සදාකාලික ශුභසිද්ධියට එවැනි තීරණ බෙහෙවින් බලපාන බව පවසන්නට පුළුවන.—රෝම 13:13, 14; එපීස 5:3, 4.
4. (අ) අප කුමන හැකියාව වර්ධනය කරගැනීමට වෙර දැරිය යුතුද? (ආ) සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?
4 මෙවැනි තේරීම් සමුදායකට මුහුණ දීමට සිදු වන හෙයින් හරි වැරැද්ද එසේ නැතහොත් හරි දේ සහ හරියයි පෙනෙන දේ අතර වෙනස නිශ්චය කරගැනීමට හැකියාවක් තිබීම වටින්නේය. මන්ද බයිබලය අනතුරු අඟවන ආකාරයට “මිනිසෙකුට හරි යයි පෙනෙන මග අවසානයේ දී මරණය විය” හැකි බැවිනි. (හිතෝපදේශ 14:12, නව අනුවාදය) එමනිසා අපගෙන්ම මෙසේ ඇසීම උචිතය. ‘හරි වැරැද්ද නිශ්චය කරගැනීමේ හැකියාව මට වර්ධනය කරගත හැක්කේ කෙසේද? තීරණ ගනිද්දී අවශ්‍ය මඟ පෙන්වීම ලබාගැනීම සඳහා මා බැලිය යුත්තේ කා දෙසද? අතීතයේදී සහ වර්තමානයේදී මනුෂ්‍යයන් මේ සම්බන්ධයෙන් කර ඇත්තේ කුමක්ද? කවර ප්‍රතිඵල සහිතවද?’
මෙලොවෙහි ‘දර්ශනවාද හා සම්පප්‍රලාප’
5. මුල් ක්‍රිස්තියානීන් ජීවත් වූයේ කෙබඳු සමාජයකද?
5 මුල් සියවසේ ක්‍රිස්තියානීන් දිවි ගෙව්වේ ග්‍රීක් සහ රෝම මතයන් සහ ප්‍රමිති මත ගොඩනැඟුණු සමාජයකයි. එක් අතකින් රෝම ලෝකයේ නොයෙකුත් සැප සම්පත් භුක්ති විඳීමට ප්‍රස්තාව තිබිණ. බොහෝදෙනෙකු එවන් සැප සම්පත් දෙස බැලුවේ ඉමහත් ආශාවකිනි. අනික් අතට, ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වැනි ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස්වලට අනුවද, එපිකියුරියානුවන් සහ ස්තෝයිකයන් වැනි අයගේ නවීන මතයන්වලට අනුවද මිනිස් චින්තනය බෙහෙවින් සකස්ව තිබිණ. සිය දෙවන මිෂනාරි ගමනේදී ඇතන්ස් නගරයට පැමිණි ප්‍රේරිත පාවුල්ට එපිකියුරියානු සහ ස්තෝයික දර්ශනවාදීන් කිහිපදෙනෙකුව මුණගැසිණ. පාවුල්ව ‘වාචාලයෙකු’ ලෙස සැලකූ ඔවුන් සිතුවේ තමුන් ඔහුට වඩා උගත් බවය.—ක්‍රියා 17:18.
6. (අ) ඇතැම් මුල් ක්‍රිස්තියානීන් ආකර්ෂණය වූයේ කුමකටද? (ආ) පාවුල් පැහැදිලිව දුන් අනතුරු ඇඟවීම කුමක්ද?
6 මුල් ක්‍රිස්තියානීන් අතුරින් සමහරෙකු ඔවුන් අවට සිටි ජනයාගේ අහංකාර ගති පැවතුම් සහ ජීවන රටාවට ආකර්ෂණය වූයේ මන්දැයි තේරුම්ගැනීමට එතරම් අපහසු නැත. (2 තිමෝති 4:10) එවකට පැවති ක්‍රමයට ඇලී සිටි උදවිය ඉන් බොහෝ වාසි ප්‍රයෝජන භුක්ති විඳින ආකාරය ඔවුන්ට දැකගත හැකි වූ අතර, ඔවුන් කරන තේරීම්ද ඵලදායී බව පෙනෙන්ට තිබිණ. ඔව්, කැප වූ ක්‍රිස්තියානියෙකුගේ ජීවිත ගමනේදී අත් කරගත නොහැකි යම් වාසියක් පිරිනැමීමට ලෝකය බලා සිටියි. එනමුත් ප්‍රේරිත පාවුල්ගේ මෙම අනතුරු ඇඟවීම සලකා බලන්න. ‘ක්‍රිස්තුස්ගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායන් හා ලෝක භූතාධිපතීන් පදනම් කොටගත් දර්ශනවාදවලින් හා සම්පප්රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න.’ (කොලොස්සි 2:8, න. අ.) පාවුල් මෙවන් දෙයක් පැවසුවේ මන්ද?
7. මෙලොවෙහි ප්‍රඥාව ඇත්තෙන්ම සැසඳිය හැක්කේ කුමක් සමඟද?
7 පාවුල් මෙම පැහැදිලි අනතුරු ඇඟවීම ලබා දුන්නේ ලෝකයේ දේවලට ආකර්ෂණය වූ අයගේ චින්තනයෙහි ඉතා අනතුරු සහිත නැඹුරුවාවක් ඇති බව තේරුම්ගත් නිසයි. මෙහිදී ‘දර්ශනවාද සහ සම්පප්‍රලාප’ යන යෙදුම් භාවිත කිරීම සැලකිල්ලට ගැනීම වටී. සාමාන්‍යයෙන් දර්ශනවාදියෙක් නැණ නුවණ ලබාගැනීමට ඇල්මක් දක්වන අතර, එය පසුපස ලුහුබැඳීමටද නැඹුරුවාවක් දක්වයි. මෙසේ කිරීමෙන් ප්‍රයෝජනයක් නොලැබෙන බව අප පවසනවා නොවේ. ඇත්තෙන්ම බයිබලයේ, විශේෂයෙන් හිතෝපදේශ පොතෙහි, නිවැරදි ආකාරයේ දැනුම සහ ප්‍රඥාව ලබාගැනීමට දිරිගන්වා ඇත. (හිතෝපදේශ 1:1-7; 3:13-18) එනමුත්, මෙහිදී පාවුල් ‘දර්ශනවාදය’ යන වචනය සමඟ ‘සම්පප්‍රලාප’ (මුළාකරුවනසුලු නිරර්ථක කථා) යන වචනයද යෙදුවේ මෙලොවෙහි ප්‍රඥාව හිස් වූ මුළා කරවනසුලු යමක් ලෙස සැලකූ නිසයි. හුළං පිරවූ බැලුම් බෝලයකට මෙන්, යම් දැඩි බවක් පෙනුණද, ඒ දේවල කිසිදු හරයක් ඇති බව සැබවින් පැවසිය නොහැක. එමනිසා මෙලොවෙහි ‘දර්ශනවාදයන් සහ සම්පප්‍රලාප’ වැනි හරයක් නොමැති දේවල් මත කෙනෙකු හරි වැරැද්ද සම්බන්ධයෙන් ගන්නා තීරණ පදනම් කරගැනීම නිෂ්ඵල මෙන්ම මාරාන්තික දෙයක් විය හැක.
“නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන” උදවිය
8. (අ) අද ජනයා සාමාන්‍යයෙන් උපදෙස් පතන්නේ කාගෙන්ද? (ආ) ඔවුන් ලබා දෙන්නේ කෙබඳු ආකාරයේ උපදෙස්ද?
8 අදදිනද පවතින්නේ එවැනිම තත්වයකි. ඇත්තෙන්ම සිතාගත හැකි සෑම ක්ෂේත්රයකම පාහේ ප්‍රවීණයෝ සිටිති. විවාහය සහ පවුල් ජීවිතය ගැන උපදෙස් දෙන අය, පුවත්පත්වල ලිපි පළ කරන්නන්, විවිධ “ප්‍රතිකාර” ලබා දෙන අය, ජ්යොතිඃශාස්ත්රඥයන්, ආත්ම බන්ධනකාරයන් සහ උපදෙස් ලබා දීමට කැමැත්තෙන් සිටින වෙනත් අයගෙන් අපගේ සමාජය පිරී පවතී. ඔවුන් තම සේවාවන් ලබා දෙන්නේ යම් ගාස්තුවකටයි. ලබා දෙන උපදෙස් කෙබඳුද? බොහෝ දුරට නවීන දින සදාචාරය ලෙස හඳුන්වා ඇති ප්‍රමිති මාලාවකට ඉඩ සැලසීමේ අරමුණින් බයිබලයේ අඩංගු සදාචාර ප්‍රමිති මාලාව පසෙක දමා තිබේ. නිදසුනකට “සමලිංගික විවාහයන්” ලියාපදිංචි කිරීම සඳහා කරන ලද ඉල්ලීමක් කැනඩාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති නිසා, ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති ප්‍රධාන පෙළේ පුවත්පතක කතුවැකියක මෙවැන්නක් පළ විය. “ප්‍රේමයෙන් එකට බැඳුණු යුවළක් සමලිංගිකයන් වූ පළියට ඔවුන්ට තම සිහින සැබෑ කරවීමට මං උදා කර නොදීම, වසර 2,000 වැනි නවීන යුගයක අනිවාර්යයෙන්ම හෙළා දැකිය යුතු ක්‍රියාවකි.” ඔව්, අදදින දක්නට ලැබෙන ප්‍රවණතාව වන්නේ අනුන්ව විනිශ්චය නොකොට, එකිනෙකාගේ කැමැත්තට ඉඩ දීමයි. මේ අනුව, සෑම දෙයක්ම තමාට ගැළපෙන ආකාරයට සකසාගත හැක. හරි වැරැද්ද සම්බන්ධයෙන් යම් ස්ථිරසාර ප්‍රමිතියක් තව දුරටත් අවශ්‍ය නැත.—ගීතාවලිය 10:3, 4.
9. සමාජයේ ගෞරවයට පාත්‍ර වී සිටින මිනිස්සු සාමාන්‍යයෙන් කුමක් කරත්ද?
9 තවත් අය තීරණ ගනිද්දී ආදර්ශයට ගන්නේ ධනවතුන් සහ ප්‍රසිද්ධියක් උසුලන අයවයි. මෙවැනි අය වත්මන් සමාජයේ සෑහෙන කීර්තියක් ඉසිලුවද, අවංකකම සහ විශ්වාසය වැනි ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් කටයුතු කරන්නේ කටින් බතල කොළ සිටුවනවා හා සමානවය. බලය හා මිල මුදල් පසුපස හඹා යන ඔවුහු, තමන්ගේ අභිලාෂයන් සැබෑ කරගැනීම සඳහා නීති උල්ලංගනය කිරීමට සහ සදාචාරමය ප්‍රමිති නොසලකා හැරීමට එතරම් බියක් නොදක්වති. ඔවුන් තැතිගන්වනසුලු අද්භූත දේවල් පවා කරන්නේ අන්‍යයන්ගේ අවධානය ඇදගැනීම සඳහාය. කීර්තිය සහ ජනප්‍රියත්වය ලබාගැනීම ඔවුන්ගේ බලවත් අභිලාෂය වන නිසා, පිළිගත් ප්‍රමිති ඔවුහු අවලංගු කාසි මෙන් පසෙක දමති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලාභ ලැබීම වටා ගෙතුණු ඕනෑම දෙයකට ඉඩ දෙන සමාජයක් බිහි වී ඇත. “කැමති දේ කරමු” යන්න සැමගේ උද්යෝග පාඨය වී ඇත. එසේ නම්, හරි වැරැද්ද නිශ්චය කරගැනීමේදී මිනිසුන් වියවුල් වූ මංමුළා වූ තත්වයක සිටීම පුදුමයක්ද?—ලූක් 6:39.
10. යහපත සහ නපුර සම්බන්ධයෙන් යෙසායා පැවසූ වදන් සැබෑ වී ඇත්තේ කෙසේද?
10 වැරදිසහගත තීරණ ගැනීමෙන් අද්දැකීමට සිදු වන ඛේදනීය ප්‍රතිවිපාක අප කාටත් පැහැදිලිව දැකගත හැකිය. විවාහයන් කඩාකප්පල් වේ. පවුල් බිඳී යයි. මිනිස්සු මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ඇබ්බැහි වෙති. තරුණයෝ ප්‍රචණ්ඩකාරි කල්ලිවලට සම්බන්ධ වෙති. මිනිස්සු දුරාචාර ජීවිත ගත කරති. ලිංගිකව බෝවන රෝග දසත පැතිරේ. ඇත්තෙන්ම මිනිසුන් හරි වැරැද්ද සම්බන්ධයෙන් තිබෙන පිළිගත් ප්‍රමිති මාලාවන් නොසලකා හරින විට අපට මීට වඩා දෙයක් අපේක්ෂා කළ හැකිද? (රෝම 1:28-32) අනාගතවක්තෘ යෙසායාගේ වදන් කොතරම් නිවැරදිද කියා පැහැදිලිය. “නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුර බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත! ‘අපි ඥානවන්තයෝ ය’යි සිතාගෙන ‘අපි නුවණැත්තෝ ය’යි කල්පනා කරන ඔබට වන විපතක මහත!” යන්න ඔහුගේ අනතුරු ඇඟවීම විය.—යෙසායා 5:20, 21, න. අ.
11. හරි වැරැද්ද තීරණය කිරීමේදී තමාට සිතෙන ආකාරයට කටයුතු කිරීම අඥාන දෙයක් වන්නේ මන්ද?
11 ‘තමන් ඥානවන්තයෝයයි සිතූ’ එම ඉපැරණි යුදෙව්වන්හට දෙවිට ගණන් දෙන්න සිදු වූවා යන කාරණයෙන් පැහැදිලි වන්නේ, හරි වැරැද්ද නිශ්චය කිරීම සම්බන්ධයෙන් අපගේ නුවණ මත රඳා නොසිටීම ඉතා වැදගත් බවයි. අදදින බොහෝ අය වැඩි මනාපයක් දක්වන්නේ තමාගේ සිතට සවන් දෙන්න නැතහොත් තමාට හරියයි හැඟෙන දේ කරන්නයි. මෙවැනි අදහස් නිවැරදියි කියා අපට සිතිය හැකිද? “සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද” කියා බයිබලය පැහැදිලිව පවසන නිසා, එවන් අදහස්වලට බයිබලය එකඟ වන්නේ නැත. (යෙරෙමියා 17:9) තීරණයක් ගැනීමට සිදු වන විට ඔබ දුෂ්ට රැවටිලිකාර පුද්ගලයෙකුගේ මඟ පෙන්වීම්වලට කීකරු වනු ඇද්ද? ඇත්තෙන්ම නැත. සමහර විට, ඔබ එවැනි පුද්ගලයෙකු ඔබට කරන්න කියා පවසන දෙයට ප්‍රතිවිරුද්ධ දෙයයි කරන්නේ. මන්ද ඔබ එවැනි කෙනෙකුව විශ්වාස නොකරන බැවිනි. එසේ නම්, “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය” කියා බයිබලය අපට සිහිගැන්වීමට හේතුව පැහැදිලිය.—හිතෝපදේශ 3:5-7; 28:26.
දෙවි පිළිගන්නා දේ කුමක්ද කියා ඉගෙනගනිමු
12. “දෙවිගේ කැමැත්ත” කුමක්දැයි අප තහවුරු කරගත යුත්තේ මන්ද?
12 හරි වැරැද්ද සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ලෝකයේ ප්‍රඥාව මතවත් අපගේ නුවණ මතවත් රඳා නොසිටිය යුතු නම්, අප කළ යුත්තේ කුමක්ද? ප්‍රේරිත පාවුල් දෙන මෙම පැහැදිලි උපදෙස් සලකා බලමු. “දැන් පවතින මෙම ක්‍රමයට අනුව හැඩ නොගැසෙන්න. ඔබේ සිත අලුත් කරගැනීමෙන් මුළුමනින්ම වෙනස් වන්න. එසේ කළ යුත්තේ යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙවිගේ කැමැත්ත කුමක්ද කියා ඔබටම තහවුරු කරගැනීම සඳහාය.” (රෝම 12:2, NW) දෙවිගේ කැමැත්ත කුමක්දැයි අප තහවුරු කරගත යුත්තේ මන්ද? බයිබලය තුළින් යෙහෝවා ඉතා පැහැදිලි නමුත් බලගතු හේතුවක් ඒ සඳහා සපයයි. “අහස පොළොවට වඩා උස්ව තිබෙන්නාක්මෙන් මාගේ මාර්ග නුඹලාගේ මාර්ගවලටත් මාගේ යෝජනා නුඹලාගේ යෝජනාවලටත් වඩා උසස්ව තිබේ.” (යෙසායා 55:9) එමනිසා, ඔබේම විනිශ්චයන් මතවත්, පෞද්ගලික හැඟීම් මතවත් රඳා නොසිට, ‘ස්වාමීන්ට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාග කරන්න’ කියා අපට අවවාද කර තිබේ.—එපීස 5:10.
13. යොහන් 17:3හි වාර්තා වී ඇති යේසුස්ගේ වදන්වලින් දෙවි පිළිගන්නා දේ කුමක්ද කියා දැනගැනීමේ අවශ්‍යතාව අවධාරණය කෙරෙන්නේ කෙසේද?
13 “සදාකාල ජීවනයට මඟ වන්නේ, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් දැනුම ලබාගැනීමය” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසූ විට ඔහු එම අවශ්‍යතාව ගැන අවධාරණය කළේය. (යොහන් 17:3, NW) “දැනුම ලබාගැනීම” යන්නෙහි අර්ථය නිකම්ම යමක් ‘දැනගන්නවා’ යන්නට වඩා ගැඹුරුය. මේ සම්බන්ධයෙන් එක් ආශ්‍රේය ග්‍රන්ථයක මෙසේ පැවසේ. “දැනුම ලබාගන්නා පුද්ගලයා සහ දැනගනු ලබන දෙය (හෝ පුද්ගලයා) අතර යම් සම්බන්ධයක් ඇති බව ඉන් ඇඟවේ. එනම් දැනුම ලබාගන්නා පුද්ගලයා දැනගත් දේ ඉතා වැදගත් හෝ වටිනා දෙයක් ලෙස සලකයි. ඒ දෙක අතර සම්බන්ධතාවක් ඇති වන්නේ එමනිසාය.” (Vine’s Expository Dictionary) එසේ නම්, පුද්ගලයෙකු සමඟ සබඳතාවක් ගොඩනඟා ගන්නවා යන්නෙන් අදහස් කරන්නේ ඒ පුද්ගලයා කවුද යන වග නැතහොත් ඔහුගේ නම කුමක්ද යන වග පමණක් දැනගැනීම නොවේ. ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම්, සාරධර්මයන් සහ ප්‍රමිති දැනගෙන, ඒවාට ගෞරවය කිරීමද ඊට අයත් වේ.—1 යොහන් 2:3; 4:8.
අපගේ විමර්ශන ශක්තිය දියුණු කරගනිමු
14. පාවුල්ට අනුව ආත්මික ළදරුවන් සහ මේරූ පුද්ගලයන් අතර තිබෙන කැපීපෙනෙනම වෙනස කුමක්ද?
14 එසේ නම්, හරි වැරැද්ද නිශ්චය කරගැනීමේ හැකියාව අපට ලබාගත හැක්කේ කෙසේද? පාවුල් මුල් සියවසේ විසූ හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පැවසූ දෙයින් මෙයට පිළිතුරක් සොයාගමු. ඔහු මෙසේ ලීවේය. “කිරි බොන සෑම කෙනෙකුම ළදරුවෙකු වන බැවින් ඔවුහු ධර්මිෂ්ඨකමේ වචනය නොදැන සිටිති. නමුත් ඝන ආහාර අවශ්‍ය වන්නේ හරි වැරැද්ද නිශ්චය කරගැනීමට ව්‍යවහාරයෙන් දියුණු කරගත් විමර්ශන ශක්තියක් ඇති මේරූ පුද්ගලයන්ටය.” මෙහිදී පාවුල් කලින් පදයට අනුව “කිරි” ලෙස හැඳින්වූයේ ‘දෙවිගේ වාක්‍යවල සඳහන් මූලික දේවල්ය.’ මෙහිදී කිරි සහ “ව්‍යවහාරයෙන් දියුණු කරගත් විමර්ශන ශක්තියක් ඇති මේරූ පුද්ගලයන්ට” අයත් “ඝන ආහාර” අතර සෑහෙන වෙනසක් ඇති බව ඔහු පැහැදිලි කළේය.—හෙබ්‍රෙව් 5:12-14, NW.
15. දෙවි පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමට වෙහෙසිය යුත්තේ මන්ද?
15 මින් අදහස් කරන්නේ අප මුලින්ම දෙවිගේ වචනය වන බයිබලයෙහි අන්තර්ගත දෙවිගේ ප්‍රමිති පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීමට වෙහෙසිය යුතු බවය. අප කළ යුතු සහ නොකළ යුතු දේවල් මොනවාද කියා දැනගත හැකි වන පිණිස, යම් ලැයිස්තුවක් අප සොයන බව මින් අදහස් නොකෙරේ. බයිබලයෙහි එවැනි ලැයිස්තුවක් ලබා දී නැත. ඒ වෙනුවට, “[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” කියා පාවුල් පැහැදිලි කළේය. (2 තිමෝති 3:16) එම ඉගැන්වීම්, තරවටු, සහ හික්මවීම්වලින් ප්‍රයෝජන ලබාගැනීමට නම්, අපගේ මනස සහ සිතීමේ හැකියාව වෙහෙසවිය යුතුය. ඒ සඳහා වෑයමක් දැරිය යුතු වුවත්, එසේ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපට “සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව” සිටීමට හැකි වන නිසා, දරන වෑයම බොහෝ සෙයින් වටී.—හිතෝපදේශ 2:3-6.
16. තමාගේ විමර්ශන ශක්තිය දියුණු කරගැනීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද?
16 පාවුල් පවසන ආකාරයට මේරූ පුද්ගලයන්ට “හරි වැරැද්ද නිශ්චය කරගැනීමට ව්‍යවහාරයෙන් දියුණු කරගත් විමර්ශන ශක්තියක්” ඇත. මේ අනුව අප ගෙනහැර දැක්වීමට උත්සාහ කරන ප්‍රධාන කාරණය කුමක්ද කියා තේරුම්ගත හැකි වේ. “දියුණු කරගත් විමර්ශන ශක්තිය” යන වාක්‍ය ඛණ්ඩයේ පදගතාර්ථ තේරුම වන්නේ “(ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු හා සමානව) සංවේද ඉන්ද්‍රීන් පුහුණු කරගැනීම” යන්නයි. (කිංඩම් ඉන්ටර්ලීනියර් පරිවර්තනය) පළපුරුදු ජිම්නාස්ටික් තරඟකරුවෙකු විවිධ ඉසව්වල තරඟ වදින විට, තම සමබරතාව රැකගනිමින් ඉතා සියුම්, මවිත කරවන ආකාරයකට ඉරියව් නිමේෂයකින් වෙනස් කරන ආකාරය ඔබ දැක ඇත. සෑම මොහොතකදීම ඔහු සිය සිරුර හසුරුවන්නේ මනා පාලනයකින් යුතුවයි. තමාගේ කාර්යය සාර්ථකව නිම කිරීමට ඊළඟට කළ යුතු දේ පුරුද්දෙන් මෙන් ඔහු දනියි. කෙසේවෙතත්, මෙවැනි හැකියාවක් අත් කරගත හැකි වන්නේ, දැඩි පුහුණුවකින් සහ අඛණ්ඩ පෙරහුරුවකින් පමණි.
17. අපට ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු විය හැක්කේ කවර ආකාරයකින්ද?
17 ආත්මික අර්ථයකින් අපද ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු හා සමාන පුහුණුවක් ලබාගත යුතුය. අප ගන්නා තීරණ සහ කරන තේරීම් කවදත් නිවැරදිය කියා සහතික කරගත හැක්කේ එවිට පමණි. ඕනෑම අවස්ථාවකදී අපගේ සංවේද ඉන්ද්‍රීන් සහ සිරුරේ අවයවයන් සම්පූර්ණයෙන්ම පාලනය කරගත හැකි තත්වයක අප සිටිය යුතුය. (මතෙව් 5:29, 30; කොලොස්සි 3:5-10) නිදසුනකට, කාමුක දර්ශන නොබැලීමට අප අපගේ ඇස් හික්මවාගන්නවාද? එසේ නැතහොත් පහත් සංගීතයට හෝ කතා බස්වලට අපගේ සවන් යොමු නොකිරීමට අපවම දමනය කරගන්නවාද? මෙවැනි නුසුදුසු දේවල්වලින් අප වට වී ඇති බව ඇත්තයි. කෙසේවෙතත්, එවැනි දේවල් අපගේ හදවතේ සහ මනසෙහි පැලපදියම් වෙනවාද නැද්ද යන්න බොහෝ දුරට රඳා පවතින්නේ අප මතයි. මෙහිදී අපට ගීතිකාකරුගේ ආදර්ශය අනුකරණය කළ හැකිය. ඔහු මෙසේ පැවසුවේය. “මාගේ ඇස් හමුයෙහි කිසි නීච දෙයක් තබා නොගන්නෙමි. ඉවතට හැරෙන්නන්ගේ ක්‍රියාව නුරුස්සමි; එය මට නොඇලෙන්නේය. . . . බොරුකියන කිසිවෙක් මාගේ ඇස් හමුයෙහි පිහිටුවනු නොලබන්නේය.”—ගීතාවලිය 101:3, 7.
ව්‍යවහාරයෙන් අපගේ විමර්ශන ශක්තිය දියුණු කරගනිමු
18. කෙනෙකුගේ විමර්ශන ශක්තිය දියුණු කරගැනීම සම්බන්ධයෙන් පාවුල් කළ පැහැදිලි කිරීමේදී “ව්‍යවහාරයෙන්” යන යෙදුමෙන් අඟවන්නේ කුමක්ද?
18 අපගේ විමර්ශන ශක්තිය හරි වැරැද්ද නිශ්චය කරගැනීම සඳහා දියුණු කරගත හැක්කේ “ව්‍යවහාරයෙන්” බව මතක තබාගන්න. වෙනත් වචනවලින් කියනවා නම්, යම් තීරණයක් ගැනීමට සිදු වන විට, ඊට අදාළ බයිබල් ප්‍රතිපත්ති මොනවාද කියාත් ඒවා අදාළ කරගත හැක්කේ කෙසේද කියාත් දැනගැනීම සඳහා අපගේ සිතීමේ හැකියාව පාවිච්චි කිරීමට අප ඉගෙනගත යුතුය. “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් සපයා ඇති බයිබල් ප්‍රකාශන ඇසුරෙන් ගවේෂණය කිරීමේ පුරුද්ද වර්ධනය කරගන්න. (මතෙව් 24:45) අපට මේරූ ක්‍රිස්තියානීන්ගේ උපකාරයද පැතිය හැක. කෙසේවෙතත්, දේවවචනය අධ්‍යයනය කිරීමට අප පෞද්ගලිකවම වෑයම් කරමින් යෙහෝවාගේ මඟ පෙන්වීම සහ ආත්මය ඉල්ලා යාච්ඤා කරනවා නම්, දිගුකාලීනව බලන කල අපට මහඟු විපාක නෙළාගත හැකි වේ.—එපීස 3:14-19.
19. අප ප්‍රගතිශීලීව අපගේ විමර්ශන ශක්තිය දියුණු කරගන්නවා නම්, අපට කවර ආශීර්වාද අත් කරගත හැකිද?
19 අපගේ විමර්ශන ශක්තිය ප්‍රගතිශීලීව දියුණු කරගැනීමේදී අපගේ පරමාර්ථය වන්නේ “තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරඟවලින් ගසාගෙන යන බාලයෝ [නොවී සිටීමයි].” (එපීස 4:14, න. අ.) ප්‍රතිඵලයක් වශයෙන්, දෙවි පිළිගන්නා දේ ගැන අවබෝධයකින් යුතුව, අපට බැරෑරුම් දේවලදී සහ සුළු දේවලදී ඥානවන්ත තීරණ ගත හැකිය. ඉන් අපට ප්‍රයෝජන අත් වන අතරම, අපගේ සෙසු නමස්කාරකයන්ගේ වර්ධනයටද, අපගේ ස්වර්ගික පියාණන්ගේ අනුමැතිය ලබන්නටද එය හේතුවක් වනවා ඇත. (හිතෝපදේශ 27:11) මෙම අර්බුදකාරි කාලවල එවන් දෙයක් සිදුවීම මොනතරම් ආශීර්වාදයක් ලෙස සැලකිය හැකි වේද!
[පාදසටහන]
a ටොමස් හෝම්ස් සහ රිචඩ් රේ යන වෛද්‍යවරු දෙදෙනා පුද්ගලයෙකු ජීවිතයේ මුහුණ දෙන වඩාත්ම පීඩාකාරි අද්දැකීම් 40ක් පමණ ලැයිස්තුගත කළෝය. මුල් ස්ථාන තුන පිළිවෙළින් හිමි වන්නේ කලත්‍රයෙකුගේ වියෝව, දික්කසාදය සහ වෙන් වී යෑමටයි. සත්වන ස්ථානය හිමි වන්නේ විවාහ වීම නමැති අද්දැකීමටයි.
ඔබට පැහැදිලි කළ හැකිද?
• නිවැරදි තීරණ ගැනීමට කුමන හැකියාව තිබීම අවශ්‍යද?
• හරි වැරැද්ද සම්බන්ධයෙන් තීරණ ගන්නා විට, ප්රමුඛ පෙළේ මනුෂ්‍යයන් දෙස බැලීම හා අපගේ හැඟීම්වලට අනුව ක්‍රියා කිරීම අඥාන දෙයක් වන්නේ මන්ද?
• තීරණ ගන්නා විට දෙවි පිළිගන්නා දේ අපට ඒත්තු ගොස් තිබිය යුත්තේ මන්ද? අප එය ඒත්තුගන්නේ කෙසේද?
• අපගේ ‘විමර්ශන ශක්තිය දියුණු කරගැනීම’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
[9වන පිටුවේ පින්තූරය]
මෙලොවෙහි ධනවත් හා ප්‍රසිද්ධ අයගෙන් මඟ පෙන්වීම ලබාගැනීම නිෂ්ඵල ක්‍රියාවකි
[10වන පිටුවේ පින්තූරය]
ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකුට මෙන්, අපගේ සංවේද ඉන්ද්‍රීන් සහ සිරුරේ අවයව සම්පූර්ණයෙන් පාලනය කරගැනීමට අපට හැකිකම තිබිය යුතුය