-
යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!2013 මුරටැඹ | මාර්තු 15
-
-
8, 9. හුඟක් යුදෙව්වන් කරන්න අවශ්‍ය වුණේ මොනවද?
8 දෙවි ඔවුන්ට සිත් පවිත්‍ර කරගන්න කියලා කිව්වේ ඇයි? “ඔබ එසේ නොකළොත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසා මාගේ උදහස කිසිවෙකුට නිවිය නොහැකි ගින්නක් මෙන් ඇවිළෙනු ඇත” කියලා දෙවි කිව්වා. කැප වුණ ජාතියක් වුණත් ඔවුන් දුෂ්ට දේවල් කළේ ඔවුන්ගේ සිත් නරක තත්වයක තිබුණ නිසයි. (මාක් 7:20-23 කියවන්න.) මුරණ්ඩු සෙනඟක් වුණ ඔවුන්, තමන් හිතන විදිහ වෙනස් කරගන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. ඔවුන්ට තිබුණේ දුෂ්ට සිතක්. (යෙරෙමියා 5:23, 24; 7:24-26 කියවන්න.) “යෙහෝවා දෙවි වන මා ඉදිරියේ ඔබේ සිත් පවිත්‍ර කරගන්න” කියන එකෙන් අදහස් කළේ ඔවුන් ගත කරමින් හිටපු ජීවිතය වෙනස් කරගන්න ඕනෙ කියන එකයි.—යෙරෙ. 4:4; 18:11, 12.
9 අතීතයේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ගේ වගේම යෙරෙමියාගේ කාලයේ හිටපු යුදෙව්වන්ගේ සිත් තිබුණෙත් නරක තත්වයකයි. (ද්වි. 10:16; 30:6) වෙන විදිහකට කියනවා නම් ඔවුන් හිටියේ ඔවුන්ගේ සිත්වලට සැත්කමක් කළ යුතු තත්වයකයි. හෘදය වස්තුවේ තියෙන සමහර රෝග සුව කරගන්න නම් සැත්කමක් කරන්නම වෙනවා. ඒ වගේ, නරක තත්වයක තිබුණ ඔවුන්ගේ සිත් පවිත්‍ර කරගන්න ඔවුන්ට ලොකු වෑයමක් දරන්න සිද්ධ වුණා. හරියට සැත්කමක් කරනවා වගේ දෙවිගේ නීතිවලට විරුද්ධව ඔවුන්ගේ සිතේ තිබුණ චේතනාවන්, සිතුවිලි වගේ දේවල් ඔවුන්ගේ සිත්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරගැනීම අවශ්‍ය වුණා.—ක්‍රියා 7:51.
-
-
යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!2013 මුරටැඹ | මාර්තු 15
-
-
11, 12. (අ) අපි අපේ සිත් සෝදිසි කරලා බලන්න ඕනෙ ඇයි? (ආ) දෙවි කරන්නේ නැත්තේ මොකක්ද?
11 යෙහෝවා දෙවිට ඕනෙ අපි ඔහුව හොඳින් තේරුම් අරගෙන ඔහුව සතුටු කරන විදිහට දිගටම ජීවත් වෙනවා දකින්න. ඒ විදිහට ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන අයගේ සිත් සෝදිසි කරද්දී ඔවුන්ගේ “හදවතේ ඇති දේද ඇතුළාන්ත හැඟීම්ද” දෙවිට පේනවා. (යෙරෙ. 20:12) යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ අයගෙත් සිත් සෝදිසි කරනවා නම් අපි හැමෝම අපේ සිත්වල තියෙන්නේ මොනවද කියලා සෝදිසි කරලා බලන්න ඕනෙ නේද? (ගීතාවලිය 11:5 කියවන්න.) අපේ හිතෙත් පුංචි හරි වැරදි අදහසක්, හැඟීමක්, ඉලක්කයක් තියෙනවා වෙන්න පුළුවන්. දෙවි දෙන මඟ පෙන්වීම් ඉක්මනින් අදාළ කරගන්න අපි ටිකක් අදිමදි කරනවා වෙන්නත් පුළුවන්. එහෙමනම් අපේ හිත්වලට සැත්කමක් කරන්න කාලය ඇවිත් කියලා මතක තියාගමු. අපි ඉක්මනින්ම ඒ වැරදි දේවල් අපේ සිතෙන් ඉවත් කරගන්න ඕනෙ.—යෙරෙ. 4:4.
-