යෞවන වයසේදී වියගහ දැරීම
“කටයුතු කිරීමට අසීරු, [මේ] අර්බුදකාරි කාලව[ල]” ජීවත් වන යෞවනයන් දැඩි පීඩනවලට මුහුණ දෙනවා. (2 තිමෝති 3:1, NW) දුරාචාරය, දුම්පානය සහ විනාශකාරි හැසිරීමේ වෙනත් ආකාරවලට දිරිගැන්වීමෙහිලා ව්‍යාප්ත වෙමින් පවතින අදහස්වලින් දිනපතාම ඔවුන්ව ප්‍රහාර කන්දරාවකට ලක් වෙනවා. ඒ දේවල නිරත වී සිටින අය සමඟ පෑහී කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන නිසා, බයිබල් ප්‍රමිති අනුගමනය කරන අයව සමච්චලයට ලක් විය හැකි අතර, ඒවා මගින් එල්ල වන පීඩනවලට යටත් වීම වඩාත් පහසු බව සමහර ක්‍රිස්තියානීන්ට හැඟෙන්න පුළුවන්.
පොදු යුගයට පෙර හත්වන සියවසේ අගභාගයේදී, යෙරෙමියා මෙහෙම ලිව්වා: “තමාගේ බාල වයසේදී වියගහ දැරීම මනුෂ්‍යයෙකුට යහපත.” (විලාප ගී 3:27) ඔහු එයින් අදහස් කළේ මොකක්ද? යෞවන වයසේදී මුහුණ දෙන පරීක්ෂාවන් සමඟ කටයුතු කරන්න ඉගෙනගැනීම, වැඩිහිටි වයසේදී ඇති වන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙන්න යමෙකුට සූදානම් වෙන්න උපකාර වෙනවා. ඉතා දුෂ්කර තත්වයන් ප්‍රියජනක නොවුවත්, ක්‍රිස්තියානි යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ටද ඒවා අද්දකින්න සිදුවීම වැළැක්විය නොහැක්කක්. (2 තිමෝති 3:12) ඒ වුණත්, විශ්වාසවන්තව සිටීමේ ප්‍රයෝජන, ස්ථාවරය අත්හැරීම මගින් ගෙනෙන ඕනෑම තාවකාලික සහනයකට වඩා අතිවිශාලයි.
ඔබ යෞවනයෙක් නම්, ඇදහිල්ල සම්බන්ධයෙන් ඇති වන පරීක්ෂාවන්ට කෙළින් මුහුණ දෙන්න. වැරදි හැසිරීමක හවුල් වෙන්න පරීක්ෂා කරනු ලබන විට, ස්ථාවරය අත්හැරීම ප්‍රතික්ෂේප කරන්න. ඒ අවස්ථාවේදී ඒක කරන එක අසීරු දෙයක් වෙන්න පුළුවන් වුණත්, ඔබේ ජීවිත කාලයේදී ඔබට මුහුණ දෙන්න සිදු වන කාන්සාවන් හුඟක් අඩු වේවි. යේසු මේ විදිහට පොරොන්දු වුණා. “මාගේ වියගහ නුඹලා පිටට [ගන්න], . . . එවිට නුඹලාගේ ආත්මවලට [ප්‍රාණවලට, NW] සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කී[වේය].”—මතෙව් 11:29, 30.
බයිබල් ප්‍රතිපත්තිවලට අනුකූලව ජීවත් වීමේ අභියෝගය පිළිගන්න. එසේ කිරීමෙන්, හොඳම ජීවිත මාර්ගය ඔබට දැන් ලැබෙන අතර, අනාගතය සඳහා ස්ථිර බලාපොරොත්තුවක්ද ලැබේවි. බයිබලයේ සඳහන් වන විදිහට, “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් [දෙවිගේ] කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.