-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2016 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
ක්‍රි.පූ. 607 යෙරුසලම විනාශ කරන්න කලින් එහේ සිද්ධ වෙන දෙයක් ගැන දර්ශනයක් එසකියෙල් දැක්කා. යෙරුසලමේ සිද්ධ වෙන පිළිකුල්සහගත දේවල් දැක්කට පස්සේ ‘මහත් විනාශයක් ඇති කළ හැකි ආයුධ අතැති’ මිනිසුන් 6දෙනෙකුව ඔහු ඒ දර්ශනයෙන් දකිනවා. ඒ අය එක්ක ‘සිහින් ලිනන් රෙද්දෙන් මැසූ වස්ත්‍රයක් ඇඳගෙන, ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක්’ ඇති මිනිසෙක් ඉන්නවත් ඔහු දකිනවා. (එස. 8:6-12; 9:2, 3) නගරය පුරාම ගිහින් “එහි සිදු වන සියලුම පිළිකුල්සහගත දේවල් ගැන දුක් වෙමින් සුසුම්ලන මිනිසුන්ගේ නළල්වල ලකුණක් දමන්න” කියලා ඒ මිනිසාට කියනවා. ඊළඟට ඒ ලකුණ නැති හැමෝවම මරලා දාන්න කියලා ආයුධ අතැතිව ඉන්න මිනිසුන් 6දෙනාට අණක් ලැබෙනවා. (එස. 9:4-7) ඒ දර්ශනයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඇති මිනිසා කවුද?
එසකියෙල් ඒ දර්ශනය දැක්කේ ක්‍රි.පූ. 612දියි. ඒක අනාවැකියක්. ඒ අනාවැකියේ මුල් ඉටු වීම වුණේ ඊට අවුරුදු පහකට පස්සේ යෙරුසලම විනාශ කරන්න යෙහෝවා දෙවි බැබිලෝනිවරුන්ට ඉඩහැරීමත් එක්කමයි. තමන්ගේ අකීකරු සෙනඟට දඬුවම් කරන්න දෙවි බැබිලෝනිවරුන්ව යොදාගත්තා. (යෙරෙ. 25:9, 15-18) ඒත් නගරයේ සිද්ධ වුණු නරක දේවලට හවුල් නොවුණු ධර්මිෂ්ඨ යුදෙව්වන්ට මොකද වුණේ? දෙවි ඒ අයව ගලවගන්න වගබලා ගත්තා.
නළල්වල ලකුණක් දාන කාර්යයටවත් විනාශ කරන කාර්යයටවත් එසකියෙල් හවුල් වුණේ නැහැ. ඒ වෙනුවට යෙරුසලම විනාශ කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දුන්නේ දේවදූතයන්. මේ අනාවැකිය අපිට උදව් වෙන්නේ ස්වර්ගයේ සිද්ධ වෙන දේවල් තේරුම්ගන්නයි. නපුරු අයව විනාශ කරන්න අවශ්‍ය සැලසුම් යොදන්න කියලා විතරක් නෙමෙයි ධර්මිෂ්ඨ අයව ගලවගන්න අවශ්‍ය පියවර ගන්නත් දෙවි දේවදූතයන්ට පවරලා තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි.a
-
-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2016 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
මේ අනාවැකියේ දෙවෙනි ඉටුවීම වෙන්නේ අනාගතයේදියි. අපි කලින් අවබෝධ කරගෙන හිටියේ තීන්ත කූඩුවක් ඇතුව හිටිය මිනිසාගෙන් නියෝජනය වෙන්නේ තවමත් පොළොවේ ඉන්න අභිෂේක ලත් අය කියලයි. ශුභාරංචියට හොඳින් සවන් දීලා ඒක පිළිගන්න අයව ගැලවීම සඳහා දැන් ලකුණු කරනවා කියලත් අපි හිතුවා. ඒත් ඒ අනාවැකිය පැහැදිලි කරපු විදිහේ යම් වෙනස්කමක් කරන්න ඕනෙ කියලා මෑතකදී අපිට තේරුණා. මතෙව් 25:31-33 සඳහන් දෙයින් අපි ඉගෙනගත්තා මිනිසුන්ව විනිශ්චය කරන්නේ යේසුස් කියලා. ඔහු ඒක කරන්නේ අනාගතයේදී මහත් පීඩාව අතරතුරේදියි. එදාට බැටළුවන් හැටියට විනිශ්චය ලැබෙන අයට ගැලවීමත් එළුවන් හැටියට විනිශ්චය ලැබෙන අයට විනාශයත් අත් වෙනවා කියලා අපි දැන් දන්නවා.
-
-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2016 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
එසකියෙල්ගේ කාලයේ විනාශයෙන් බේරුණු අයගේ නළල්වල ඇත්තටම ලකුණක් තිබුණේ නැහැ. අනාගතයේ විනාශයෙන් බේරෙන අයගේ නළල්වලත් ඇත්තටම ලකුණක් තියෙන්න යන්නේ නැහැ. මහත් පීඩාවෙන් ගැලවෙන්න මිනිසුන් මොනවද කරන්න ඕනේ? ශුභාරංචිය පිළි අරන් යේසුස් වගේ වෙන්න ඉගෙනගන්න ඕනේ. ජීවිත දෙවිට කැප කරලා, දේශනා කරන කාර්යයට හවුල් වෙලා යේසුස්ගේ සහෝදරයන්ට සහය දෙන්න ඕනේ. (මතෙ. 25:35-40) එතකොට මහත් පීඩාව අතරතුරේදී ඒ අයව බේරෙන අය විදිහට ලකුණු කරනවා.
අනාවැකියේ දෙවෙනි ඉටු වීමේදී තීන්ත කූඩුව ඇති මිනිසාගෙන් නියෝජනය කරන්නේ යේසුස්වයි. ඔහු මහත් පීඩාව අතරතුරේදී මහත් සමූහයට අයිති අයව බැටළුවන් විදිහට විනිශ්චය කළාට පස්සේ ඒ අයට ලකුණ ලැබෙනවා. පාරාදීසයේ සදාකල් ජීවත් වෙන්න ඒ අයට අවස්ථාව ලැබෙන්නේ එතකොටයි.—මතෙ. 25:34, 46.b
-
-
පාඨකයන්ගෙන් ප්‍රශ්න2016 මුරටැඹ (පාඩම්) | ජූනි
-
-
a බාරුක්, ඉතියෝපිය ජාතික ඒබෙද්-මෙලෙක්, රේකාබ්වරු වගේ එදා ඒ විනාශයෙන් බේරුණු අයගේ නළල්වල ඇත්තටම ලකුණක් තිබුණේ නැහැ. (යෙරෙ. 35:1-19; 39:15-18; 45:1-5) ඒ ලකුණ සංකේතවත් එකක්. ඒකෙන් අදහස් කළේ ඒ අය ගැලවෙනවා කියන එකයි.
-