හත්වන පරිච්ඡේදය
ලොව වෙනස් කළ වචන හතර
1. බොහෝ කාලයකට පෙර බිත්තිය මත ලියන ලද්දෙහි බලපෑම කොතරම් දුරකට පැතිරුණාද?
බිත්තියක සාමාන්‍ය වචන හතරක් ලියා තිබෙනවා. එහෙත්, එම වචන හතර බලවත් පාලකයෙකුව දැඩි කම්පනයකට පත් කළා. රජවරු දෙදෙනෙකුව සිංහාසනයෙන් පහ කිරීම, එක්කෙනෙකුව මරණයට පත් කිරීම සහ ප්‍රබල ලෝක බලයක් අවසන් වීම ගැන ඒවා මගින් කියා පෑවා. එම වචන හේතුවෙන්, මහත් ගෞරවයෙන් සැලකූ ආගමික පැළැන්තියක් නින්දාවට පත් වුණා. ඊටත් වඩා වැදගත් ලෙස, ඒවා යෙහෝවාගේ නිර්මල නමස්කාරය උසස් කර, ඔහුගේ පරමාධිපත්‍යය යළි තහවුරු කළේ, බොහෝදෙනා මේ දෙකටම අවමන් කළ අවදියකයි. ඒ විතරක් නොවේ, එම වචන අද දවසේ ලෝක සිදුවීම් මතද ආලෝකය හෙළනවා. වචන හතරක් එතරම් මහත් දෙයක් කරන්නේ කොහොමද? අපි බලමු.
2. (අ) නෙබුකද්නෙශර්ගේ මරණයෙන් පසු බබිලෝනියේ සිදු වූයේ කුමක්ද? (ආ) ඒ වන විට බලයේ සිටි පාලකයා කවුද?
2 දානියෙල් හතරවන පරිච්ඡේදයේ විස්තර කර ඇති සිද්ධීන් සිදු වී දශක ගණනාවක් ගත වී තිබුණා. උඩඟු නෙබුකද්නෙශර් වසර 43ක් පුරා බබිලෝනියේ කළ පාලනය, පො.යු.පෙ. 582දී ඔහුගේ මරණයත් සමඟම අවසන් වුණා. ඔහුගේ පවුලෙන් අනුප්රාප්තිකයන් ගණනාවක්ම පැමිණියත්, අකල් මරණවලට හෝ ඝාතනවලට ලක්වීමෙන් ඒ සැමගේම පාලනයන් අවසන් වුණා. අන්තිමේදී, නැබොනිඩස් නමැත්තා කැරැල්ලක ආධාරයෙන් සිහසුනට පැමිණියා. චන්ද්‍ර දෙවි වූ සින්ගේ උත්තම පූජකවරියකගේ පුත්‍රයා වූ නැබොනිඩස් බබිලෝනියේ රජ පවුලට ලේ නෑකම් කියූ බවට සාක්ෂි නැහැ. තම පාලනය නීත්‍යනුකූල කරගැනීමේ අටියෙන් ඔහු නෙබුකද්නෙශර්ගේ දියණියක හා විවාහ වූ බවටත්, ඔවුන්ගේ පුත්‍රයාව හවුල් පාලකයෙක් කළ බවටත්, දිගු කාලයකට ඔහුව බබිලෝනියේ පාලකයා ලෙස තැබූ බවටත් සමහර අධිකාරීන් අදහස් දක්වනවා. ඒ අනුව බලද්දී, බේල්ෂශර් නෙබුකද්නෙශර්ගේ මුනුපුරා විය යුතුයි. යෙහෝවා අතිශ්‍රේෂ්ඨ දෙවි බවත්, ඕනෑම රජෙකුව නින්දාවට පත් කරන්න ඔහුට හැකි බවත්, ඔහු තම සීයාගේ අද්දැකීමෙන් ඉගෙනගත්තාද? කොහෙත්ම නැහැ!—දානියෙල් 4:37.
සීමාව ඉක්මවා ගිය මංගල්‍යයක්
3. බේල්ෂශර්ගේ මංගල්‍යය කුමනාකාර වීද?
3 දානියෙල් පොතේ පස්වන පරිච්ඡේදය ඇරඹෙන්නේ මංගල භෝජනයකින්. “බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය.” (දානියෙල් 5:1) රජුගේ උපභාර්යාවන් ඇතුළු මේ මිනිසුන්ට අසුන්ගැනීමට අතිවිශාල ශාලාවක් අවශ්‍ය වූ බව ඔබට සිතාගත හැකියි. එක් විශාරදයෙක් මෙසේ පවසයි: “බබිලෝනියේ භෝජනෝත්සව බේබදුකමින් අවසන් වුවත්, ඒවා අතිවිශිෂ්ට ඒවා වුණා. විදේශවලින් මුද්‍රිකපාන ගෙනා අතර, සියලු ආකාර ප්‍රණීත ආහාරපානයෙන් මේස පුරවා තිබුණා. ශාලාව විලවුන් සුවඳින් පිරී තිබුණා. ගායකයන් හා වාදකයන් අමුත්තන්ව කුල්මත් කළා.” සියල්ලන්ට පෙනෙන තැනක මුලසුන හොබවමින්, බේල්ෂශර් හොඳටම මුද්‍රිකපානය බිව්වා.
4. (අ) පොදු යුගයට පෙර 539 ඔක්තෝබර් 5/6වනදා රාත්‍රියේ බබිලෝනියේ වැසියන් මංගල්‍යයක් පවත්වමින් සිටීම හිතාගත නොහැකි යමක් ලෙස පෙනෙන්නේ මන්ද? (ආ) ආක්රමණික හමුදාවන් හමුවේ බබිලෝනිවරුන්ට යම් ආත්ම විශ්වාසයක් ඇති කළේ කුමක් විය හැකිද?
4 පොදු යුගයට පෙර 539 ඔක්තෝබර් 5/6වනදා රාත්‍රිය, බබිලෝනිවරුන් එතරම් උත්සවශ්‍රීයෙන් ගත කිරීම අදහාගන්න ටිකක් අමාරුයි. එදා ඔවුන්ගේ හමුදාවන් සිටියේ යුද්ධ කරමින්. තවද, එහි තත්වය එතරම්ම සුභදායකව තිබුණේ නැහැ. ඒ වන විට, ආක්රමණික මේද-පර්සියානු හමුදාවට පරාජය වී සිටි නැබොනිඩස්, බබිලෝනියට නිරිතදිගින් පිහිටි බෝසිපාහි සැඟවී සිටියා. නමුත්, මේ වෙද්දී කෝරෙෂ්ගේ හමුදාවන් බබිලෝනියට පිටින් කඳවුරු බැඳගෙන සිටියා. කෙසේනමුත්, බේල්ෂශර් සහ ඔහුගේ උත්තමයන් ඒ ගැන කරදර වූ බවක් නම් පෙනෙන්න තිබුණේ නැහැ. මොකද, ඔවුන්ගේ නුවර වූ බබිලෝනිය අපරාජිත නුවරක්! අහස උසට නැඟුණු ඇගේ යෝධ බලකොටු පවුරු, නුවර හරහා ගලා ගිය මහා යුප්‍රටීස් ගඟේ ජලයෙන් පිරුණු ගැඹුරු අගල්වලින් වට වී තිබුණා. අවුරුදු දහසකට වැඩි කාලයකට කිසිම සතුරෙක් බබිලෝනිය එතරම් ක්ෂණිකව වට කර අල්ලාගෙන තිබුණේ නැහැ. ඉතින්, කරදර වෙන්නෙ මොකටද? ඔවුන්ගේ මංගල ඝෝෂාව පිටත සිටින සතුරන්ට ඔවුන්ගේ ආත්ම විශ්වාසය පෙන්වයි කියාත්, ඒ හේතුවෙන් ඔවුන් පසුබසියි කියාත් සමහරවිට බේල්ෂශර් සිතන්න ඇති.
5, 6. මුද්‍රිකපානය බේල්ෂශර්ව පෙලඹෙව්වේ කුමක් කිරීමටද? එමෙන්ම, මෙය යෙහෝවා ඉදිරියේ බරපතළ අවමානයක් වූයේ මන්ද?
5 වැඩි වෙලාවක් යන්න මත්තෙන්, අධික බීමත්කම බේල්ෂශර්ට අහිතකර ලෙස බලපෑවා. හිතෝපදේශ 20:1 කියන විදිහට, “මුද්‍රිකපානය සරදම්කරන්නෙක්ය.” කෙසේවෙතත්, මේ අවස්ථාවේදී, ඉතාමත්ම බරපතළ ආකාරයේ මෝඩ දෙයක් කරන්න මුද්‍රිකපානය රජුව ඇත්තෙන්ම පෙලඹෙව්වා. යෙහෝවාගේ දේවමාළිගාවෙන් ගෙනා පරිශුද්ධ කුසලාන මංගල්‍යයට ගෙනෙන්න රජ අණ කළා. නෙබුකද්නෙශර්ගේ කාලයේ යෙරුසලම ජයගත් විට කොල්ලය ලෙස ගෙනා මේ ශුද්ධ කුසලාන, නිර්මල නමස්කාරය සඳහා පමණක් පාවිච්චි කිරීමට තිබූ ඒවායි. අතීතයේදී, ඒවා පාවිච්චි කිරීමට අයිතිය තිබූ යෙරුසලමේ දේවමාළිගාවේ සිටි යුදෙව් පූජකයන්ට පවා තමන්වම පවිත්‍රව තබාගන්න කියා අනතුරු අඟවා තිබුණා.—දානියෙල් 5:2; සසඳන්න යෙසායා 52:11.
6 කෙසේවෙතත්, ඊටත් වඩා ගරුසරු නැති ක්‍රියාවක් බේල්ෂශර්ගේ මනසේ තිබුණා. ‘රජද ඔහුගේ උත්තමයෝද භාර්යාවරුද උපභාර්යාවරුද මුද්‍රිකපානය බී, රන්ද රිදීද තඹද යකඩද ලීද ගල්ද වූ දෙවිවරුන්ව වර්ණනා කළා.’ (දානියෙල් 5:3, 4) මෙසේ, බේල්ෂශර් බබිලෝනීය බොරු දෙවිවරුන්ව යෙහෝවාට ඉහළින් වර්ණනා කරන්න අදහස් කළා! පෙනෙන විදිහට, මේ ආකල්පය බබිලෝනිවරුන් අතරේ පොදු දෙයක් වුණා. ඔවුන් යුදෙව් වහලුන්ට නිග්‍රහ කළ අතර, ඔවුන්ගේ නමස්කාරය පාච්චල් කරමින්, තම සදාදර මව් බිම වෙත යළි යෑමේ බලාපොරොත්තුව බිඳ දැම්මා. (ගීතාවලිය 137:1-3; යෙසායා 14:16, 17) මේ වහලුන්ව නින්දාවට ලක් කිරීමෙන් සහ ඔවුන්ගේ දෙවිව අපහාසයට ලක් කිරීමෙන් ඔහුගේ බලපුළුවන්කාරකම පෙන්වීම, තම ස්ත්රීන්ගේ සහ නිලධාරීන්ගේ සිත්ගනී කියා මේ වෙරි වූ රජු සිතුවා විය හැකියි.a බේල්ෂශර් තම බලපුළුවන්කාරකම ගැන සතුටු සිතින් සිතුවා නම්, ඒ වැඩි වේලාවකට නම් නොවෙයි.
බිත්තියේ ලියන ලද්ද
7, 8. බේල්ෂශර්ගේ මංගල්‍යය අතරමඟදී නැවතුණේ කෙසේද? එමෙන්ම, මෙය රජුට බලපෑවේ කෙසේද?
7 “එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය” කියා දේවානුභාවය ලත් වාර්තාව කියනවා. (දානියෙල් 5:5) කොහෙන්දෝ මතු වූ අතක්, හොඳින් ආලෝකය වැටී ඇති බිත්තියක් මත එහාට මෙහාට යෑම මොනතරම් බියකරු දසුනක්ද! මීයට පිම්බාක් මෙන් උත්සවය නිහඬ වී, අමුත්තන් ඒ දෙස කටවල් ඇරගෙන බලා සිටින අයුරු සිතා බලන්න. එම අත බිත්තියේ බදාම මත ගුප්ත පණිවිඩයක් ලියන්න පටන්ගත්තා.b මේ ආශ්චර්යවත් සිද්ධිය ඉතා අසුභ, අමතක නොවන එකක් වූ නිසා, විනාශයක් අත ළඟ තිබෙන විට, “බිත්තියේ ලියන ලද්ද” යන කියමන අදටත් සමහර භාෂාවල පාවිච්චි කරනවා.
8 යෙහෝවාට ඉහළින් තම දෙවිවරුන්ව වර්ණනා කරන්න තැත් කළ මේ උඩඟු රජුට මෙය බලපෑවේ කෙසේද? “එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය.” (දානියෙල් 5:6) බේල්ෂශර්ගේ අරමුණ වූයේ, තම යටත්වැසියන් ඉදිරියේ ගරුගම්භීරව පෙනී සිටීමයි. ඒ වෙනුවට ඔහු, භීතියේ නින්දිත ප්‍රතිරූපයක් බවට පත් වුණා. ඔහුගේ මුහුණ සුදුමැලි වුණා. ඉඟටිය පණ නැති වුණා. ඔහුගේ මුළු ඇඟම කොපමණ වෙව්ලුවාද කිව්වොත්, දණිස් දඩ දඩ ගා එකිනෙක වදින්න පටන්ගත්තා. දාවිත් ගීතයෙන් යෙහෝවාට ගැයූ මේ වචන ඇත්තෙන්ම සැබෑයි: “උඩඟුවූවන් පහත්කරන පිණිස ඔබගේ ඇස් ඔවුන් දෙසට යොමා තිබේ.”—2 සාමුවෙල් 22:1, 28; සසඳන්න හිතෝපදේශ 18:12.
9. (අ) බේල්ෂශර්ගේ භීතිය දේවභය නොවූයේ මන්ද? (ආ) බබිලෝනියේ සිටි ශාස්ත්‍රවන්තයන්ට රජු ඉදිරිපත් කළේ කුමක්ද?
9 බේල්ෂශර්ගේ භය, ප්‍රඥාවේ උල්පත වන යෙහෝවා සඳහා ගැඹුරු ගෞරවය මත පදනම් වූ දේවභයට සමාන නැති බව මතක තබාගත යුතුයි. (හිතෝපදේශ 9:10) මෙය ත්‍රාසයෙන් පිරුණු භයක් වූ අතර, කම්පිත රජු තුළ ප්‍රඥාවට සමාන කිසිවක් මෙයින් ජනිත කළේ නැහැ.c ටික මොහොතකට කලින් තමා අපහාස කළ දෙවිගෙන් සමාව අයැදිනවා වෙනුවට, “අනවිනකාරයන්ද කල්දිවරුන්ද පේනකියන්නන්ද කැඳවාගන එන” ලෙස ඔහු මොර ගැසුවා. එපමණක්ද නොව, “මේ ලියවිල්ල කියවා, එහි අර්ථය මට පෙන්වාදෙන කවුරුනුමුත්, රත්නිල් වස්ත්‍රයක් හඳවනු ලැබ, බෙල්ලේ රන්මාලයක් දමනු ලැබ, රාජ්‍යයේ තුන්වෙනි ආණ්ඩුකාරයාවන්නේය” කියාත් ඔහු පැවසුවා. (දානියෙල් 5:7) රාජ්‍යයේ තුන්වැන්නා ඇත්තෙන්ම බලවත් විය යුතුයි. මන්ද, පාලක රජුන් දෙදෙනා වන නැබොනිඩස් සහ බේල්ෂශර්ට පසුවයි, ඔහුගේ තනතුර තිබෙනු ඇත්තේ. එවැනි තනතුරක් සාමාන්‍යයෙන් වෙන් කර තබන්නේ, බේල්ෂශර්ගේ වැඩිමහල් පුත්‍රයාටයි. එහෙත්, මේ පණිවිඩය පැහැදිලි කරගැනීමට රජ තද ඕනෑකමකිනුයි සිටියේ!
10. බිත්තියේ ලියන ලද්ද තේරුම් කිරීමෙහි ශාස්ත්‍රවන්තයන් කොතරම් දුරට සාර්ථක වුණාද?
10 ශාස්ත්‍රවන්තයන්ගෙන් ප්‍රධාන ශාලාව පිරෙන්න පටන්ගත්තා. බබිලෝනියේ ඔවුන්ගෙන් අඩුවක් තිබුණේ නැත්තේ, එය බොරු ආගම ගැඹුරට බැසගත්, දේවාලවලින් පිරීගිය නුවරක්ව තිබූ නිසායි. නිමිති කියන සහ ගුප්ත ලේඛනවල රහස් තේරුම් කර දෙනවායයි කියූ මිනිසුන් ඕනෑතරම් සිටි බව නිසැකයි. මේ ශාස්ත්‍රවන්තයන් තමන් ඉදිරියේ තබා තිබූ ප්‍රස්තාව ගැන මහත් ප්‍රීතියකින් සිටින්න ඇති. මහා සභාවක් ඉදිරියේ තමන්ගේ ශාස්ත්‍රීය හපන්කම් පෙන්වා, රජුගේ අනුමැතිය දිනාගෙන, ඉතා බලවත් තානාත්තරයක් ලබාගැනීමට අවස්ථාව මෙන්න! එහෙත්, ඔවුන්ගේ අසාර්ථකත්වයේ මහත! “ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් [ඔවුන් සමත්, NW] නොවීය.”d—දානියෙල් 5:8.
11. ලියන ලද්ද කියවන්න බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට නොහැකි වූයේ කුමක් නිසා විය හැකිද?
11 බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට ඒ ලියවිල්ලේ ගුප්ත පණිවිඩයේ අකුරු තේරුම්ගැනීමට හැකි වුණාද නැද්ද යන්න ස්ථිර නැහැ. තේරුම්ගැනීමට නොහැකි වූවත්, විශේෂයෙන්ම, රජුව රැවටීම සඳහා ඕනෑම බොරු අර්ථයක් ඉදිරිපත් කරන්න, ප්‍රතිපත්තියක් නැති මේ මිනිසුන්ට ඕනෑතරම් ඉඩ කඩ තිබුණා. තවත් හැකියාවක් වූයේ, එම අකුරු කියවිය හැකි තත්වයක තිබීමයි. කෙසේවෙතත්, ඇරමයික සහ හෙබ්‍රෙව් වැනි භාෂා ප්රාණාක්ෂර නැතුව ලියූ නිසා, සෑම වචනයකටම විවිධ අර්ථ කිහිපයක් තිබෙන්න ඇති. එසේ වූවා නම්, ඒවායින් අදහස් කළේ කිනම් වචනද කියා තීරණය කිරීමට සමහරවිට ශාස්ත්‍රවන්තයන්ට නොහැකි වෙන්න ඇති. ඔවුන්ට එසේ කරන්න හැකියාව තිබුණායයි සිතමු. එසේ වුණත්, වචන පහදා දීම සඳහා ඒවායේ අර්ථය වටහාගැනීමට ඔවුන් අපොහොසත් වුණා විය යුතුයි. එය කොයි ආකාර වුණත්, එක දෙයක් නම් ස්ථිරයි. ඒ, බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් ශෝචනීය ලෙස අන්ත පරාජයකට ලක් වූ බවයි.
12. ශාස්ත්රවන්තයන්ගේ අසාර්ථකත්වය මගින් ඔප්පු වුණේ කුමක්ද?
12 ශාස්ත්‍රවන්තයන් හොර වංචාකාරයන් බවට පැහැදිලි වූ අතර, ඔවුන්ගේ පූජනීය ආගමික පිළිවෙත් ප්‍රෝඩාවක් බව හෙළි වුණා. ඔවුන් මොනතරම් අසාර්ථක වුණාද! තම ආගමික නායකයන් කෙරෙහි තවදුරටත් විශ්වාසය තබන්න බැරි බව වැටහුණු විට, බේල්ෂශර් තව තවත් භය වුණා. ඔහුගේ මුහුණ මැලවුණා. ඔහුගේ උත්තමයන් පවා “වියවුල්” වුණා.e—දානියෙල් 5:9.
තීක්ෂ්ණ බුද්ධිය ඇත්තෙකුව කැඳවයි
13. (අ) දානියෙල්ට අඬගැසිය යුතුයි කියා බිසව කියා සිටියේ මන්ද? (ආ) දානියෙල් ගත කරමින් සිටියේ කුමනාකාර ජීවිතයක්ද?
13 මේ දුෂ්කර මොහොතේදී, රැජින පෙනෙන විදිහට, මව් බිසව භෝජන ශාලාවට ඇතුල් වුණා. බිත්තියේ ලියන ලද්ද තේරුම් කළ හැකි කෙනෙක් ගැන ඇය දැන සිටියා. දශක කිහිපයකට ප්‍රථම ඇගේ පියා වූ නෙබුකද්නෙශර් විසින් සියලුම ශාස්ත්රවන්තයන්ගේ අධිපතියා ලෙස දානියෙල්ව පත් කර තිබුණා. ඔහු ‘උතුම් ආත්මයක්ද දැනගැන්මද ඥානයද’ ඇත්තෙක් බව ඇයට මතක තිබුණා. නෙබුකද්නෙශර්ගේ මරණයත් සමඟ සමහරවිට අනාගතවක්තෘවරයා සතු වූ ආණ්ඩුවේ උසස් තනතුර අහිමිව තිබූ නිසා, බේල්ෂශර් දානියෙල්ව දැනගෙන සිටියේ නැති බව පෙනෙන්න තිබෙනවා. එහෙත්, ප්‍රසිද්ධිය දානියෙල්ට එතරම් වැදගත් වූයේ නැහැ. ඒ වෙද්දී, ඔහු වයස අවුරුදු 90 ගණන්වල පසු වෙන්න ඇති අතර, ඒ වන විටත් යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කරමින් සිටියා. බබිලෝනියේ වහල්භාවයේ දශක අටක පමණ කාලයක් ගත කර සිටියත්, තවමත් ඔහුව හැඳින්වූයේ ඔහුගේ හෙබ්‍රෙව් නමිනුයි. වරක් ඔහුට දී තිබූ බබිලෝනියේ නාමය පාවිච්චි කරනවා වෙනුවට, බිසව පවා ඔහුව හැඳින්වූයේ දානියෙල් යන නමින්. ඇත්තෙන්ම, ඇය රජුට මෙසේ උදක්ම කියා සිටියා: “දානියෙල් කැඳෙවුවොත් ඔහු අර්ථය පෙන්වාදෙනවා ඇත.”—දානියෙල් 1:7; 5:10-12.
14. බිත්තියේ ලියන ලද්ද දුටු විට දානියෙල් මුහුණ දුන් අකරතැබ්බ කුමක්ද?
14 දානියෙල්ව බේල්ෂශර් ඉදිරියට කැඳෙව්වා. මේ යුදෙව්වාගෙන් උදව් ඉල්ලීම ලජ්ජාසහගත දෙයක් වුණා. මොකද, මොහොතකට කලින් රජු අවමන් කළේ ඔහුගේ දෙවිටයි. ඒ වුණත්, අභිරහස් වචන කියවා තේරුම් කරදීමට ඔහුට හැකි වූවොත්, රාජ්‍යයේ තුන්වන තැන දෙනවා යන එම ත්‍යාගයම ඉදිරිපත් කරමින් බේල්ෂශර් දානියෙල්ව ඉච්චාවෙන් රවටන්න උත්සාහ කළා. (දානියෙල් 5:13-16) දානියෙල් බිත්තියේ ලියන ලද්ද දෙස බැලූ අතර, එහි තේරුම වටහාගන්න ශුද්ධාත්මය ඔහුට උපකාර කළා. එය යෙහෝවා දෙවිගෙන් පැමිණි විනාශයේ ප්‍රකාශයක්! මෙතරම් රළු විනිශ්චමය ප්‍රකාශයක් ඔහුගේ භාර්යාවන් සහ උත්තමයන් ඉදිරිපිටදීම මේ උඩඟු රජුගේ මුහුණටම කියන්න දානියෙල්ට කෙසේ හැකි වෙයිද? දානියෙල් මුහුණ දෙන්න යන අකරතැබ්බ ගැන සිතා බලන්න! රජුගේ චාටු බස් සහ ඔහු ඉදිරිපත් කළ ධනය හා ප්‍රසිද්ධිය, දානියෙල්ව වැනෙන්න සැලැස්සුවාද? අනාගතවක්තෘවරයා යෙහෝවාගේ ප්‍රකාශයේ බර අඩු කරාවිද?
15, 16. බේල්ෂශර් අසමත්ව සිටියේ ඉතිහාසයෙන් කුමන වැදගත් පාඩම ඉගෙනගැනීමටද? එමෙන්ම, අදදිනත් ඒ හා සමාන අසමත්කමක් කොතරම් පොදුව පවතීද?
15 දානියෙල් ධෛර්යවත්ව මෙසේ කිව්වා: “ඔබගේ දීමනා ඔබටම වේවා, ඔබගේ තෑගිද වෙන කෙනෙකුට දෙනු ලැබේවා; එහෙත් මම ලියවිල්ල රජ්ජුරුවන්ට කියවාදී, අර්ථය ඔබට පෙන්වමි.” (දානියෙල් 5:17) ඉන්පසු, දානියෙල් නෙබුකද්නෙශර්ගේ මහන්තත්වය ප්‍රකාශ කරනවා. ඔහු කොතරම් බලවත්ව සිටියාද කිවහොත්, තමන් කැමති කෙනෙකුව මැරීමට, පහර දීමට, උසස් කිරීමට හෝ නින්දා කිරීමට ඔහුට හැකි වුණා. කෙසේවෙතත්, නෙබුකද්නෙශර්ව මහත් රජෙක් බවට පත් කළේ, “මහෝත්තම [දෙවි]” වූ යෙහෝවා බව දානියෙල් බේල්ෂශර්ට මතක් කර දුන්නා. ඔහු උඩඟු වූ විට ඔහුව නින්දාවට ලක් කළේ යෙහෝවායි. එසේය, “මහෝත්තම [දෙවි] මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි බල පවත්වා, [ඔහු] කැමති කෙනෙකු එය කෙරෙහි පත්කරන බව” පිළිගන්න නෙබුකද්නෙශර්ට බල කරනු ලැබුවා.—දානියෙල් 5:18-21.
16 බේල්ෂශර් “මේ සියල්ල දැනගන” සිටියා. එහෙත්, ඉතිහාසයෙන් ඉගෙනගන්න ඔහු අසමත් වුණා. ඇත්තෙන්ම, ඔහු නෙබුකද්නෙශර්ගේ වැරදිසහගත උඩඟුකමටත් වඩා දුරදිග ගොස් තිබුණා. ඔහු යෙහෝවාට විරුද්ධව කෙළින්ම ගරු සරු නැති ක්‍රියාවක් කර තිබුණා. දානියෙල් රජුගේ පාපය හෙළි කළා. තවදුරටත්, එම දෙවිවරුන්ට “පෙනීමක්වත් ඇසීමක්වත් දැනුමක්වත් [නැති]” බව දානියෙල් ඒ මිථ්‍යාදෘෂ්ටික සභාව ඉදිරිපිට නිර්භීතව බේල්ෂශර්ට කියා සිටියා. එම වැදගැම්මකට නැති දෙවිවරුන්ට වෙනස්ව, ‘රජුගේ හුස්ම යෙහෝවාගේ හස්තයෙහි’ පවතින බව දෙවිගේ නිර්භීත අනාගතවක්තෘවරයා තවදුරටත් කියා සිටියා. මේ දක්වාම, මිනිසුන් අප්‍රාණික දේවලින් දෙවිවරුන් සාදාගෙන තිබෙනවා. ඔවුන් මුදල්, රක්ෂාව, නම්බුව සහ සැපසෙල්ලම පවා තමන්ගේ දෙවියා කරගෙන තිබෙනවා. එහෙත්, ජීවිතය දානය කරන්න ඒ කිසිම දෙයකට බැහැ. අප සියලුදෙනාගේම ජීවිත සඳහා ණයගැති විය යුතු එකම තැනැත්තා යෙහෝවා පමණයි. අප ඉහළට අදින සෑම හුස්මක්ම රඳා පවතින්නේ ඔහු මතයි.—දානියෙල් 5:22, 23; ක්‍රියා 17:24, 25.
තේරවිල්ලක් විසඳයි!
17, 18. බිත්තියේ ලියා තිබූ වචන හතර මොනවාද? එමෙන්ම, ඒවායේ පදගතාර්ථය කුමක්ද?
17 වයස්ගතව සිටි මේ අනාගතවක්තෘවරයා දැන්, බබිලෝනියේ සිටි කිසිම ශාස්ත්‍රවන්තයෙකුට කරන්න බැරි වූ දෙය කරන්න පටන්ගත්තා. බිත්තියේ ලියා තිබූ දෙය කියවා, තේරුම් කළා. එම වචන වූයේ, “මෙනේ මෙනේ තෙකේල් උපාර්සීන්” යන්නයි. (දානියෙල් 5:24) ඒවායින් අදහස් කළේ කුමක්ද?
18 ඒවායින් පදගතාර්ථයෙන්ම අදහස් කළේ, “මීනාවක්, මීනාවක්, ෂෙකෙලයක් සහ ෂෙකෙල් භාගයක්” යන්නයි.” සෑම වචනයක්ම මුදලේ වටිනාකම දක්වන මිනුමක් සඳහන් කළ අතර, වටිනාකම ලැයිස්තුගත කර තිබුණේ වැඩි එකේ සිට අඩු එක දක්වායි. මොනතරම් අමාරු ප්‍රහේලිකාවක්ද! බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට එම අකුරු හඳුනාගන්න පුළුවන්කම තිබුණත්, ඒවා පහදා දෙන්න බැරිවීම පුදුමයට කරුණක් නොවෙයි.
19. “මෙනේ” යන වචනයේ තේරුම කුමක්ද?
19 දෙවිගේ ශුද්ධාත්මයේ ආධාරයෙන් දානියෙල් මෙසේ පැහැදිලි කරනවා: “ඒකේ අර්ථය මෙසේය: මෙනේ යනු [දෙවි] ඔබගේ රජකමේ කාලය ගණන්කර කෙළවර [කළේය] යනුය.” (දානියෙල් 5:26) කියවන්නා ඇතුළත් කළ ප්රාණාක්ෂර අනුව, එය “මීනා” ලෙස ශබ්ද වීමට හෝ “ගණන් කළා” හෝ “ගැන්නා” ලෙස කියවෙන යම් ඇරමයික වචන රූපයකට අනුව ශබ්ද වීමට පළමු වචනයේ ඇති ව්යාංජනාක්ෂර මගින් යම් බුරුලක් දී තිබෙනවා. කෙසේවෙතත්, එය රඳා පවතින්නේ කියවන්නා යොදන ප්රාණාක්ෂර මතයි. යුදෙව් වහල් සමය නිමාවකට පත් වෙමින් තිබෙන බව දානියෙල් හොඳ හැටි දැන සිටියා. වසර 70ක කාලපරිච්ඡේදයෙන් වසර 68ක්ම ගෙවී ගොස් තිබුණා. (යෙරෙමියා 29:10) ශ්‍රේෂ්ඨ කාල නිර්ණකයා වන යෙහෝවා, ලෝක බලයක් හැටියට බබිලෝනියේ පාලන කාලය නිමාවකට ගෙනැවිත් තිබූ අතර, බේල්ෂශර්ගේ මංගල්‍යයට පැමිණ සිටි කිසිවෙකු නොසිතූ ආකාරයට ඔවුන් සිටියේ එහි අවසානය අබියසයි. ඇත්තෙන්ම, බේල්ෂශර්ගේ පමණක් නොව, ඔහුගේ පියා වූ නැබොනිඩස්ගේද කාලය ඉකුත්ව ගොස් තිබුණා. දෙදෙනාගේම රජකමට යොමු දක්වමින්, “මෙනේ” කියා දෙවරක් ලියා තිබුණේ සමහරවිට ඒ නිසා විය හැකියි.
20. “තෙකේල්” යන වචනයේ අර්ථය කුමක්ද? එමෙන්ම, එය බේල්ෂශර්ට අදාළ වෙන්නේ කෙසේද?
20 අනිත් අතට “තෙකේල්” යන්න එක් වරක් පමණක් ඒක වචනයෙන් ලියා තිබුණා. මූලිකව එය බේල්ෂශර්ට යොමු දැක්වූවා විය හැකියි. ඔහු යෙහෝවාට විරුද්ධව පෞද්ගලිකව මහත් අගෞරවයක් පෙන්වූ නිසා එය ගැළපෙනවා. එම වචනයෙන් “ෂෙකෙල්” යන්නත් ඇඟවෙනවා. එහෙත්, ව්යාංජනාක්ෂරවලින් “කිරනු ලැබ” යන්නත් ඇඟවිය හැකියි. මේ අනුව, දානියෙල් බේල්ෂශර්ට මෙසේ කියනවා: “තෙකේල් යනු ඔබ තරාදියේ කිරනු ලැබ, අඩු බව පෙනුණේය යනුය.” (දානියෙල් 5:27) ජාතීන් සියල්ලන්ම ගත්තත්, ඔවුන් යෙහෝවා ඉදිරියේ තරාදියක තිබෙන දූවිලි තට්ටුවක් වගෙයි. (යෙසායා 40:15) දෙවිගේ අරමුණුවලට හරස් වෙන්න බැරි තරමට ඔවුන් බෙලහීනයි. එසේ නම්, එක උඩඟු රජෙකුට කළ හැක්කේ කුමක්ද? විශ්වයේ පරමාධිපතිට වඩා උසස් වෙන්න බේල්ෂශර් උත්සාහ කළා. යෙහෝවාට අවමන් කර නිර්මල නමස්කාරය පාච්චල් කළ මේ කමකට නැති මිනිසා කිරනු ලැබ “අඩු බව” පෙනුණා. ඔව්, ඉතා ඉක්මනින් පැමිණෙමින් තිබූ විනිශ්චය ලැබීමට බේල්ෂශර් ඇත්තෙන්ම සුදුසුව සිටියා!
21. “උපාර්සීන්” යන වචනය තුන් ආකාර අර්ථයක් ලබා දුන්නේ කෙසේද? එමෙන්ම, ලෝක බලයක් හැටියට බබිලෝනියේ අනාගතය ගැන මේ වචනය කියා පෑවේ කුමක්ද?
21 “උපාර්සීන්” යනු, බිත්තියේ ලියා තිබූ අන්තිම වචනයයි. දානියෙල් එය කියෙව්වේ “පෙරෙස්” යන ඒකවචන ස්වරූපයෙන්. සමහරවිට එය යොදා ගත්තේ, එක රජෙක් සිටියේ නැති නිසා අනිත් රජුට ආමන්ත්‍රණය කිරීම සඳහායි. මේ වචනය, යෙහෝවාගේ විශිෂ්ට තේරවිල්ලට තුන් ආකාර අර්ථයක් ලබා දෙමින් නිමාවට පත් කළා. ‘උපාර්සීන්හි’ පදගතාර්ථය නම්, “ෂෙකෙල් භාගය” යන්නයි. එහෙත් එහි අක්ෂර තවත් අර්ථ දෙකක් සපයයි. එනම්, “බෙදීම” සහ “පර්සියානුවන්” යන්නයි. තවදුරටත්, දානියෙල් පුරෝකථනය කරන්නේ මෙසේයි: “පෙරෙස් යනු ඔබගේ රාජ්‍යය බෙදා, මේදවරුන්ටත් පර්සිවරුන්ටත් දෙනලද්දේය” යනුයි.—දානියෙල් 5:28.
22. තේරවිල්ලේ විසඳුමට බේල්ෂශර් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? එමෙන්ම, ඔහු කුමක් අපේක්ෂා කරන්න ඇද්ද?
22 මේ ආකාරයට, තේරවිල්ල විසඳුවා. බලවත් බබිලෝනිය, මේද-පර්සියානු හමුදාව අතට පත් වෙන්න ඉතා ආසන්නවයි සිටියේ. මේ විනාශයේ ප්‍රකාශය හමුවේ නිරුත්තර වුවත්, බේල්ෂශර් තමා කී ලෙසම කළා. ඔහු තම සේවකයන් ලවා, දානියෙල්ට රත්නිල් වස්ත්‍රයක් අන්දවා, ඔහුගේ බෙල්ලේ රන් මාලයක් දමා, ඔහු රාජ්‍යයේ තුන්වන ආණ්ඩුකාරයාය කියා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. (දානියෙල් 5:29) දානියෙල් මේ ගරුසැලකිලි ප්‍රතික්ෂේප නොකළේ, එය යෙහෝවා සතු ගෞරවය පිළිබිඹු කළ නිසායි. ඇත්තෙන්ම, යෙහෝවාගේ අනාගතවක්තෘව ගෞරවයට පත් කර දෙවිගේ විනිශ්චයේ බර අඩු කරගන්න බේල්ෂශර් සිතුවා වෙන්න ඇති. එසේ සිතුවා නම්, එයට සෑහෙන ප්‍රමාද වැඩියි.
බබිලෝනියේ වැටීම
23. බේල්ෂශර්ගේ මංගල්‍යය පැවැත්වෙන මොහොතේදී පවා ඉටු වෙමින් තිබුණේ කිනම් පුරාණ අනාවැකියද?
23 බේල්ෂශර් සහ ඔහුගේ අමාත්‍යයන් තමන්ගේ දෙවිවරුන් ඉදිරියේ මුද්‍රිකපානය බොමින්, යෙහෝවාට අවමන් කරමින් සිටියදී, මාළිගයට පිටින් අඳුරේ මහත් නාටකයක් රඟ දැක්වෙමින් තිබුණා. සියවස් දෙකකට ආසන්න කාලයකට පෙර යෙසායා ලවා කියවූ අනාවැකියක් ඉටු වෙමින් තිබුණා. බබිලෝනිය ගැන යෙහෝවා මෙසේ පුරෝකථනය කර තිබුණා: “ඇය නිසා වන සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි [NW].” ඔව්, ඒ දුෂ්ට නුවර දෙවිගේ තෝරාගත් සෙනඟ මතට ගෙනා පීඩාවල නිමාව දකින්න නියමිතයි. ඒ කෙසේද? එම අනාවැකියම මෙසේ කිව්වා: “එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න.” අනාගතවක්තෘ යෙසායාගේ දවසින් පසුව, ඒලාම් පර්සියාවේ කොටසක් බවට පත් වුණා. යෙසායාගේ එම අනාවැකියේම පුරෝකථනය කළ, බේල්ෂශර්ගේ මංගල්‍යය පැවැත්වෙන මොහොතේදී, බබිලෝනියට විරුද්ධව ‘නැඟී ගොස්’ එය ‘වටලාගැනීම’ සඳහා පර්සියාවේ සහ මේදියාවේ මිත්‍ර හමුදා පිටත් වෙලයි තිබුණේ.—යෙසායා 21:1, 2, 5, 6.
24. බබිලෝනියේ වැටීම ගැන යෙසායාගේ අනාවැකියේ තිබුණේ කිනම් තොරතුරුද?
24 ඇත්තවශයෙන්ම, මේ බල ඇණියේ නායකයාගේ නමද ඔහුගේ යුධ උපක්රමයන්හි මූලික තොරතුරුද පුරෝකථනය කර තිබුණා. බබිලෝනියට විරුද්ධව නැඟී සිටීමට, යෙහෝවා කෝරෙෂ් නම් තැනැත්තෙක්ව පත් කරන බව, වසර 200කට පමණ කලින් යෙසායා පුරෝකථනය කළා. ඔහුගේ බියකරු ආක්‍රමණය ඉදිරියේ තිබෙන සියලුම බාධක සමතලා කරන්න යනවා. බබිලෝනියේ ගංගා ‘හිඳවන’ බවත්, ඇගේ බලවත් දොරවල් ඇර දමා තිබෙන බවත් කියා තිබුණා. (යෙසායා 44:27–45:3) එය එසේම සිදු වුණා. ගං පතුල හරහා යා හැකි වන පරිදි, ජල මට්ටම පහත බැස්සීමට කෝරෙෂ්ගේ හමුදාව යුප්‍රටීස් ගඟ වෙනතකට හැරෙව්වා. නොසැලකිලිමත් මුරකරුවන් බබිලෝනියේ තාප්පවල දොරවල් ඔහේ ඇර දමා තිබුණා. නුවර ආක්‍රමණය කළේ, එහි වැසියන් ප්‍රීතියෙන් මධුපානෝත්සවයේ යෙදී සිටියදී බවට ලෞකික ඉතිහාසඥයන් එකඟ වෙනවා. ප්රතිප්රහාරයකින් තොරව බබිලෝනිය යටත් කරගනු ලැබුවා. (යෙරෙමියා 51:30) කෙසේවෙතත්, අඩුම තරමින් සැලකිය යුතු එක මරණයක්වත් සිදු වුණා. දානියෙල් මෙසේ වාර්තා කළා: “එම රාත්‍රියේ කල්දිවරුන්ගේ රජවූ බේල්ෂශර් මරනලද්දේය. අවුරුදු හැටදෙකක් පමණ වයස්ව සිට මේදිය දාරියුස් තෙම රාජ්‍යය ලැබුවේය.”—දානියෙල් 5:30, 31.
බිත්තියේ ලියන ලද්දෙන් ඉගෙනගැනීම
25. (අ) පුරාණ බබිලෝනිය, අදදින තිබෙන සමස්ත ලෝක බොරු ආගමික ක්‍රමය සඳහා උචිත සංකේතයක් වන්නේ කෙසේද? (ආ) දෙවිගේ වර්තමාන සේවකයන් බබිලෝනියේ වහල්භාවයේ සිටියේ කිනම් අර්ථයෙන්ද?
25 දානියෙල් පස්වන පරිච්ඡේදයේ ඇති දේවානුභාවය ලද වාර්තාව තුළ අපට ඉතා වැදගත් පාඩම් රැසක් තිබෙනවා. බොරු නමස්කාරකයන්ගේ ආගමික මධ්‍යස්ථානයක් හැටියට, පුරාණ බබිලෝනිය බොරු ආගමික ලෝක අධිරාජ්‍යය සඳහා උචිත සංකේතයක්. ලේ පිපාසිත වේශ්‍යාවක් ලෙස එළිදරව් පොතේ සංකේතවත් කර ඇති මේ රැවටිලිකාර සමස්ත ලෝක අවුල් ජාලාව හඳුන්වා ඇත්තේ “මහා බබිලෝනිය” කියායි. (එළිදරව් 17:5) දෙවිට අගෞරව කරන බොරු මූලධර්ම සහ චාරිත්‍ර සම්බන්ධයෙන් ඇයට දී ඇති සියලුම අනතුරු ඇඟවීම් නොසලකමින්, දෙවිගේ වචනයේ සත්‍යය දේශනා කරන්නන්ට ඇය පීඩා කර තිබෙනවා. වර්ෂ 1918දී පූජකයන්ගේ උසිගැන්වීම නිසා ඇති වූ පීඩා හේතුවෙන්, රාජ්‍ය දේශනා කිරීමේ වැඩය මුළුමනින්ම වාගේ නැවතුණු විට, පුරාණ යෙරුසලමේ සහ යුදයේ වැසියන් මෙන් ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ඉතිරි කොටස එතැන් පටන් ‘මහා බබිලෝනියේ’ වහල්භාවය යටතට පැමිණියා.
26. (අ) වර්ෂ 1919දී, “මහා බබිලෝනිය” වැටුණේ කෙසේද? (ආ) අප අවනත වී, අන් අය සමඟ බෙදාගත යුත්තේ කිනම් අනතුරු ඇඟවීමද?
26 කෙසේවෙතත්, හදිසියේම, “මහා බබිලෝනිය” වැටුණා! හරියට පො.යු.පෙ. 539දී පුරාණ බබිලෝනියේ නිහඬ වැටීමක් අද්දුටුවා හා සමානව, මෙයත්, ඇත්තෙන්ම නිහඬ වැටීමක් වුණා. කෙසේවෙතත්, මේ සංකේතාත්මක වැටීම විනාශකාරි එකක් වුණා. එය ඇරඹුණේ, යෙහෝවාගේ සෙනඟ බබිලෝනියේ වහල්භාවයෙන් මිදී, පො.යු. 1919දී දිව්‍ය අනුමැතියේ ආශීර්වාද ලැබීමත් සමඟයි. මෙය දෙවිගේ සෙනඟ කෙරෙහි තිබූ ‘මහා බබිලෝනියේ’ බලය අවසන් කළ අතර, ඇය විශ්වාසය තැබිය නොහැකි ප්‍රෝඩාවක් බව හෙළි කිරීම ආරම්භ වුණා. එම වැටීම වෙනස් කළ නොහැකි එකක් වුණා. තවද ඇගේ අවසාන විනාශය ඉතා ඉක්මනින් සිදු වෙන්න යනවා. මේ අනුව, යෙහෝවාගේ සෙනඟ මේ අනතුරු ඇඟවීම ප්රතිනාද කරමින් සිටිනවා: ‘මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිස ඇගෙන් ඉවත්ව එන්න.’ (එළිදරව් 18:4) ඔබ එම අනතුරු ඇඟවීමට අවනත වී තිබෙනවාද? ඔබ එය අන් අය සමඟ බෙදාගන්නවාද?f
27, 28. (අ) දානියෙල් කිසි දිනක අමතක නොකළේ කිනම් වැදගත් සත්‍යයද? (ආ) අදදින පවතින දුෂ්ට ලෝකයට එරෙහිව යෙහෝවා ඉතා ඉක්මනින් ක්‍රියා කරන බව කියන්න අපට ඇති සාක්ෂි මොනවාද?
27 මේ අනුව, අදදිනත් අකුරු බිත්තියේ ලියා තිබෙනවා. එහෙත්, ‘මහා බබිලෝනියට’ විරුද්ධව පමණක් නෙවෙයි. දානියෙල් පොතට ආවේණික වැදගත් සත්‍යයක් තිබෙන බව මතක තබාගන්න. ඒ, යෙහෝවාම විශ්වනීය පරමාධිපති බවයි. මනුෂ්‍යවර්ගයා කෙරෙහි පාලකයෙකු පත් කිරීමට අයිතිය ඇත්තේ ඔහුට පමණක්ම යන්නයි. (දානියෙල් 4:17, 25; 5:21) යෙහෝවාගේ අරමුණුවලට විරුද්ධව නැඟී සිටින ඕනෑම දෙයක් ඉවත් කරනු ලබන්න යනවා. යෙහෝවාගේ ක්‍රියා සඳහා නියමිත කාලය එන තුරු පමණයි බලා සිටිය යුත්තේ. (හබක්කුක් 2:3) දානියෙල් සම්බන්ධයෙන් නම්, එවැනි කාලයක් අන්තිමේදි, ඔහුගේ ජීවිතයේ දහවන දශකයේදී පැමිණියා. ඊළඟට තම ළමා කාලයේ සිට දෙවිගේ සෙනඟට හිංසා පීඩා කළ ලෝක බලයක් යෙහෝවා ඉවත් කරන ආකාරය දානියෙල් දැක්කා.
28 මනුෂ්‍යවර්ගයාව පාලනය කිරීම සඳහා ස්වර්ගීය සිංහාසනයක් මත යෙහෝවා දෙවි පාලකයෙකුව පිහිටුවා ඇති බවට ඉවතලිය නොහැකි සාක්ෂි තිබෙනවා. ලෝකය මේ රජුව නොසලකා හැර, ඔහුගේ පාලකත්වයට විරෝධය පෑම, යෙහෝවා විසින් රාජ්‍යයේ විරුද්ධකාරයන්ව ඉතා ඉක්මනින් අතුගා දමන බවට ස්ථිර සාක්ෂියක්. (ගීතාවලිය 2:1-11; 2 පේතෘස් 3:3-7) ඔබ අප සිටින කාලයේ හදිසිතාව වටහාගෙන, ඒ අනුව ක්‍රියා කරමින්, ඔබගේ විශ්වාසය දෙවිගේ රාජ්‍යය මත තබමින් සිටිනවාද? එසේ කරනවා නම්, බිත්තියේ ලියන ලද්දෙන් ඔබ ඇත්තටම ඉගෙනගෙන තිබෙනවා.
[පාදසටහන්වල]
a පැරණි ශිලා ලිපියක, බේල්ෂශර් ගැන කෝරෙෂ් රජ මෙසේ පැවසුවා: “රටේ [පාලකයා] ලෙස දුර්වලයෙකුව තබා ඇත.”
b දානියෙල්ගේ වාර්තාවේ ඇති එතරම්ම කුඩා මේ සිද්ධිය පවා නිරවද්‍ය බව ඔප්පු කර තිබෙනවා. පුරාණ බබිලෝනියේ මාළිගා බිත්ති ගඩොලින් බැඳ කපරාරු කර තිබූ බවට පුරාවිද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා.
c බබිලෝනියේ මිථ්‍යා විශ්වාස මේ ආශ්චර්යය තව තවත් බිහිසුණු එකක් කරවන්න ඇති. බබිලෝනීය ජීවිතය සහ ඉතිහාසය (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් කරනවා: “බබිලෝනිවරුන් වන්දනා කළ දෙවිවරුන් ගණනාවට අමතරව, ඔවුන් භූතාත්ම වන්දනාමාන කිරීමේ නිරත වී සිටියා. මෙහි කොපමණ තදින් ඇලී ගැලී සිටියාද කිව්වොත්, ඔවුන්ගේ ආගමික පොත් පත්වලින් වැඩි ප්‍රමාණයක් සකස් කර තිබෙන්නේ, යාතිකා සහ මන්තර ජප කිරීම් අලලායි.
d බයිබල් පුරාවිද්‍යා විචාරය (ඉංග්‍රීසියෙන්) නමැති සඟරාව මෙසේ සඳහන් කරනවා: “බබිලෝනියේ විශාරදයන් පෙරනිමිති සලකුණු දහස් ගණනක් ලැයිස්තුගත කළා. . . . බිත්තියේ ලියා තිබූ දෙයෙහි අර්ථය කියා දීමට බේල්ෂශර් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන්ට අණ කරද්දී, නිසැකවම ඔවුන් මේ පෙරනිමිති අඩංගු විශ්වකෝෂ පෙරළන්න ඇති. එහෙත්, ඒවා වැදගැම්මකට නැති ඒවා බව ඔප්පු වුණා.”
e “වියවුල්” වීම සඳහා පාවිච්චි කර ඇති වචනය, පැමිණ සිටි අයව වියවුලට පත් කළා හා සමානව මහත් කලබගෑනියක් අඟවන බව ශබ්දකෝෂ කර්තෘවරුන් සඳහන් කරනවා.
f Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! යන පොතේ 205-71 දක්වා පිටු බලන්න.
ඔබ වටහාගත්තේ කුමක්ද?
• පොදු යුගයට පෙර 539, ඔක්තෝබර් 5/6වනදා රාත්රියේදී, බේල්ෂශර්ගේ මංගල්‍යය අතරමඟදී නැවතුණේ කෙසේද?
• බිත්තියේ ලියන ලද්දෙහි අර්ථය කුමක් වීද?
• බේල්ෂශර්ගේ මංගල්‍යය පැවැත්වෙන මොහොතේදී ඉටු වෙමින් තිබුණේ බබිලෝනියේ වැටීම පිළිබඳ කිනම් අනාවැකියද?
• බිත්තියේ ලියන ලද්ද පිළිබඳ වාර්තාවේ අපේ කාලයට ඇති අර්ථය කුමක්ද?
[98වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[103වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]