-
දානියෙල්ගෙන් ඉගෙනගන්න2023 මුරටැඹ (පාඩම්) | අගෝස්තු
-
-
6. ධෛර්යවන්තව වැඩ කරන්න දානියෙල්ට උදව් වෙන්න ඇත්තේ මොනවාද?
6 ජීවිතේ හැම අවස්ථාවකදීම ධෛර්යවන්තව වැඩ කරන්න දානියෙල්ට උදව් වෙන්න ඇත්තේ මොනවාද? කිසිම සැකයක් නැහැ දානියෙල්ගේ අම්මාගෙයි, තාත්තාගෙයි ආදර්ශය ඒකට උදව් වෙන්න ඇති. ඒ වගේම දෙවියන් ඊශ්‍රායෙල් දෙමාපියන්ට කියලා තිබුණ විදිහට දානියෙල්ගේ අම්මායි, තාත්තායි පුංචි කාලේ ඉඳලම දානියෙල්ට දෙවියන්ගේ නීතිය ගැන උගන්වන්නත් ඇති. (ද්වි. 6:6-9) හැබැයි දානියෙල් දසපනත වගේ නීතියේ තිබුණ මූලික දේවල් විතරක් දැනගෙන නතර වුණේ නැහැ. එයා නීතිය ගැඹුරටම තේරුම් අරන් හිටියා. ඒ නිසයි ඊශ්‍රායෙල්වරුන්ට කන්න අවසර තියෙන්නේ මොනවාද නැත්තේ මොනවාද කියලා එයා හොඳට තේරුම් අරන් හිටියේ.b (ලෙවී. 11:4-8; දානි. 1:8, 11-13) ඒ විතරක් නෙවෙයි සෙනඟ දෙවියන්ගේ ප්‍රමිති රැකපු නැති නිසා එයාලට මුහුණ දෙන්න වුණ දේවල් ගැනත් දානියෙල් දැනන් හිටියා. (දානි. 9:10, 11) ඒ දේවල්වලට අමතරව යෙහෝවා දෙවියන්ගේ සහ බලවත් දේවදූතයන්ගේ උදව් එයාට තියෙනවා කියලා දානියෙල් එයාගේ ජීවිත අද්දැකීමෙන්ම තේරුම් අරන් හිටියා.—දානි. 2:19-24; 10:12, 18, 19.
-
-
දානියෙල්ගෙන් ඉගෙනගන්න2023 මුරටැඹ (පාඩම්) | අගෝස්තු
-
-
b බැබිලෝනිවරුන් දීපු කෑම අපවිත්‍රයි කියලා හිතන්න දානියෙල්ට අඩුම තරමින් හේතු තුනක්වත් තියෙන්න ඇති. (1) බැබිලෝනිවරු කෑමට ගත්ත සමහර සත්තු දෙවියන්ගේ නීතියේ කන්න එපා කියලා තිබුණ ඒවා වෙන්න ඇති. (ද්වි. 14:7, 8) (2) සමහරවිට එයාලා මස් උයන්න කලින් ලේ හරියට අයින් කරලා තියෙන්න නැතුව ඇති. (ලෙවී. 17:10-12) (3) ඒ කෑම කන එක බොරු නමස්කාරයට සම්බන්ධ වෙන්න ඇති.—ලෙවී. 7:15; 1 කොරි. 10:18, 21, 22.
-