-
මෙසියස්ගේ පැමිණීමේ කාලය හෙළි කෙරේදානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
-
-
23. ‘අධිපතියා වූ මෙසියස්ට’ මැරෙන්න සිදු වූයේ මන්ද? එමෙන්ම, මෙය සිදුවීමට නියමිතව තිබුණේ කවදාද?
23 සැත්තෑවන සතිය තුළදී ඉටුවීමට නියමිත වූයේ කුමක්ද? “සති සැත්තෑව” නියම කර තිබෙන්නේ, “වරද තීන්දුකරන්ටත් පව් කෙළවරකරන්ටත් අපරාධය උදෙසා සමගිකමක්කරන්ටත් සදාකාල ධර්මිෂ්ඨකම පමුණුවන්ටත් දර්ශනය සහ අනාගතවාක්‍යය මුද්‍රකර තබන්ටත් අති ශුද්ධස්ථානය ආලේපකරන්ටත්” කියා ගාබ්‍රියෙල් කිව්වා. මෙය ඉටුවීමට නම්, “අධිපතියා වූ මෙසියස්” මිය යා යුතුයි. කවදාද? ගාබ්‍රියෙල් මෙසේ කිව්වා: “සති සැටදෙකකට පසු ආලේපලත් තැනැත්තා [මෙසියස්, NW] සිඳ දමනු ලැබේ, කිසිවෙක්ද ඔහුට නොවන්නේය. . . . ඔහු සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිරකොට, සතිය මැදදී යාගයත් ආහාර පූජාවත් නවත්වන්නේය.” (දානියෙල් 9:26අ, 27අ) දුෂ්කරම කාලය වූයේ ‘සතිය මැදයි.’ ඒ, අවසාන අවුරුදු සතියේ මැදයි.
24, 25. (අ) පුරෝකථනය කළ ආකාරයට ක්‍රිස්තුස් මැරුණේ කවදාද? එමෙන්ම, ඔහුගේ මරණයත් නැවත නැඟිටීමත් නිමාවක් ගෙනාවේ කුමකටද? (ආ) යේසුස්ගේ මරණය මඟ පෑදුවේ කුමකටද?
24 යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රසිද්ධ සේවය පො.යු. 29 අග භාගයේදී ඇරඹී, අවුරුදු තුනහමාරකින් අවසන් වුණා. පුරෝකථනය කළ ආකාරයට, ක්‍රිස්තුස්ව “සිඳ දමනු” ලැබුවේ, පො.යු. 33 මුල් භාගයේදී, මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තම මිනිස් ජීවිතය පුදමින් වද කණුවේ මිය යෑමත් සමඟයි. (යෙසායා 53:8; මතෙව් 20:28) නැවත නැඟුටුවනු ලැබූ යේසුස් තම මිනිස් ජීවිත පූජාවේ වටිනාකම ස්වර්ගයේ සිටින දෙවිට ඉදිරිපත් කළ විට, ව්‍යවස්ථාව මගින් නියම කර තිබූ සත්ව සහ ආහාර පූජාවල අවශ්‍යතාව අහෝසි වුණා. පොදු යුගයේ 70 යෙරුසලෙම් දේවමාළිගාවේ විනාශය දක්වා යුදෙව් පූජකයන් දිගටම පූජා ඔප්පු කළත්, දෙවි තවදුරටත් එවැනි පූජා පිළිගත්තේ නැහැ. එම පූජා වෙනුවට, නැවත නැවත සිදු නොකළ යුතු වඩා හොඳ පූජාවක් ඉදිරිපත් කරලයි තිබුණේ. ප්‍රේරිත පාවුල් මෙසේ ලිව්වා: ‘[ක්‍රිස්තුස්] සෑම කලටම පව් නිසා එක පූජාවක් ඔප්පු කොට, දෙවිගේ දකුණු පැත්තේ හිඳගත්තේය. මක්නිසාද ඔහු පිරිසිදු කරනු ලබන්නන් එක පූජාවකින් සෑම කලටම සම්පූර්ණ කළේය.’—හෙබ්‍රෙව් 10:12, 14.
-
-
මෙසියස්ගේ පැමිණීමේ කාලය හෙළි කෙරේදානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න!
-
-
26. (අ) ව්‍යවස්ථා ගිවිසුම ඉවත් කර තිබුණත්, ‘සතියකට ස්ථිර කරනු ලැබුවේ’ කිනම් ගිවිසුමද? (ආ) සැත්තෑවන සතිය අවසානයෙන් පසු සිදු වූයේ කුමක්ද?
26 මෙසේ, පො.යු. 33දී, ක්‍රිස්තුස්ගේ මරණය මාර්ගයෙන් යෙහෝවා ව්‍යවස්ථා ගිවිසුම ඉවත් කළා. එසේ නම්, මෙසියස් “සතියකට බොහෝ දෙනෙකු සමග ගිවිසුමක් ස්ථිර [කළා]” කියා කිව හැක්කේ කෙසේද? ඒ, ඔහු දිගටම ආබ්‍රහම්ගේ ගිවිසුම ස්ථිර කළ නිසායි. සති 70 අවසන් වන තුරු යෙහෝවා ආබ්‍රහම්ගේ හෙබ්‍රෙව් පෙළපතට එම ගිවිසුමේ ආශීර්වාද වැගිරෙව්වා. එහෙත්, අවුරුදු “සති සැත්තෑව” අවසානයේදී, එනම් පො.යු. 36දී, ප්‍රේරිත පේතෘස් භක්තිවන්ත ඉතාලි ජාතික මිනිසෙක් වූ කොර්නේලියස්ට සහ ඔහුගේ ගෙවැසියන්ට මෙන්ම වෙනත් අන්‍යජාතීන්ටද දේශනා කළා. එදා සිට, ශුභාරංචිය අන්‍යජාතිකයන් අතරේ ප්‍රකාශ වෙන්න පටන්ගත්තා.—ක්‍රියා 3:25, 26; 10:1-48; ගලාති 3:8, 9, 14.
-