ශ්‍රේෂ්ඨ කුමරා වන මීකායෙල්ගේ, අවසාන ජයග්‍රහණය
“ඒ කාලයේදී නුඹේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය.”—දානියෙල් 12:1.
1. ලෝක නායකයන් බොහෝ දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ පරමාධිපත්‍යය කෙරෙහි විදහා පෙන්වා ඇත්තේ කිනම් ආකල්පයක් ද, එමෙන් ම උතුරේ රජ ඊට වඩා වෙනස් වී නැත්තේ කෙසේ ද?
“ඉශ්රායෙල්වරුන්ට යන්ට හරින ලෙස මා විසින් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] බසට ඇහුම්කන් දෙන්ට ඔහු කවුද?” (නික්මයාම 5:2) ඵාරාවෝ මෙම අභියෝගාත්මක වදන් පැවසුවේ මෝසෙස්ට ය. යෙහෝවඃ වහන්සේගේ උත්තරීතර දේවත්වය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඊශ්‍රායෙල්වරුන් ව වහල් භාවයේ තබා ගැනීමට ඵාරාවෝ අධිෂ්ඨාන කරගෙන සිටියේ ය. වෙනත් පාලකයන් ද යෙහෝවඃ වහන්සේ ව එසේ හෙලා දැක ඇති අතර දානියෙල්ගේ අනාවැකියේ රජවරුන් ඔවුන්ට අසමාන වනවා නොවේ. (යෙසායා 36:13-20) ඇත්ත වශයෙන් ම, උතුරේ රජ ඉන් ඔබ්බට ගොස් ඇත. දේව දූතයා මෙසේ පවසයි: “රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුත්ටධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුත්ටධව අපූරු දේ කථාකරනවා ඇත. . . . ඔහු තමාගේ පියවරුන්ගේ දෙවිවරුන් [දෙවියන් වහන්සේ NW] සලකන්නේවත් ස්ත්රීන්ගේ ආශාව හෝ වෙන කිසි දෙවිකෙනෙකු හෝ සලකන්නේවත් නැතුව සියල්ලන්ට විරුත්ටධව උඩඟුවන්නේය.”—දානියෙල් 11:36, 37.
2, 3. වෙනත් “දෙවියෙකුට” නමස්කාර කිරීමට කැමති වෙමින්, උතුරේ රජ “තමාගේ පියවරුන්ගේ දෙවි” නොසලකන්නට යෙදුණේ කෙලෙස ද?
2 මෙම අනාවැකිමය වදන් සම්පූර්ණ කරමින්, උතුරේ රජ, එම දෙවිවරුන් රෝමයේ මිථ්‍යා දෙවිවරුන් හෝ වේවා ක්‍රිස්තියානි ලෝකයේ ඇති ත්‍රිත්ව දේවත්වය හෝ වේවා, “තමාගේ පියවරුන්ගේ දෙවිවරුන්” (නැතහොත්, “තමාගේ පාරම්පරික දෙවිවරුන්, [දෙවියන් වහන්සේ NW]” ද න ඉංග්ලිෂ් බයිබල්) ප්‍රතික්ෂේප කළේ ය. තමාගේ අරමුණු ඉටු කර ගැනීමට හිට්ලර් ක්‍රිස්තියානි ලෝකය පාවිච්චියට ගත් අතර පෙනෙන හැටියට අලුත්, ජර්මානු පල්ලියකින් එය අනුයුක්ත කිරීමට ද හේ සැලසුම් කළේ ය. ඔහුගේ අනුප්‍රාප්තිකයා සම්පූර්ණයෙන් ම අදේව වාදයට අනුබල දුන්නේ ය. මෙසේ තමා ව ‘අන් සියල්ලන්ට විරුද්ධ ව මහිමවත් කර ගනිමින්,’ උතුරේ රජ තමා ව ම දෙවිකෙනෙක් බවට පත් කරගෙන ඇත.
3 එම අනාවැකිය තවදුරටත් මෙසේ පවසයි: “බලකොටු දෙවියාට නම් ඔහුගේ ස්ථානයේදී ඔහු ගෞරව දෙමින්, තමාගේ පියවරුන් ඇඳින නොගත් දෙවියෙකුට රන් රිදීවලින්ද මැණික්වලින්ද අගේ ඇති දේවලින්ද ගෞරව දෙන්නේය.” (දානියෙල් 11:38) ඇත්ත වශයෙන් ම, උතුරේ රජ තමාගේ විශ්වාසය, නවීන විද්‍යාත්මක ය වන, “බලකොටු දෙවියා” කෙරෙහි තැබී ය. අන්තිම කාලය පුරා ඔහු එම දෙවියාගේ පූජාසනය මත අති මහත් ධන සම්භාරයක් පූජා කරමින්, මෙම “දෙවියා” තුළින් ගැලවීම සොයා ඇත.
4. උතුරේ රජ ලබා ඇත්තේ කිනම් සාර්ථකත්වයක් ද?
4 “ඉතා සවිඇති බලකොටුවලට අන්‍ය දෙවියෙකු ඇතුව ඔහු [ප්‍රබල ලෙස] මෙසේ කරනවා ඇත; ඔහු පිළිගන්න අයට ඔහු බොහෝ ගෞරව දී, බොහෝ දෙනෙකු කෙරෙහි ඔවුන් ආණ්ඩුකාරයන් කර, මුදලට රට බෙදාදෙනවා ඇත.” (දානියෙල් 11:39) සිය රණකාමී ‘අන්‍ය දෙවියා’ කෙරෙහි විශ්වාසය තබමින්, උතුරේ රජ “අන්තිම දවස්වල” ප්‍රබල යුද්ධ බලවේගයක් බව සනාථ කරන ආකාරයකට ඉතා ‘ප්‍රබල ව’ ක්‍රියා කර ඇත. (2 තිමෝති 3:1) ඔහුගේ සංකල්ප පද්ධතියට අනුබල දුන් අය දේශපාලනික, මූල්‍යමය හා ඇතැම් අවස්ථාවන්හි යුද්ධමය අනුබල දීමෙන් විපාක ලැබූහ.
‘අවසාන කාලයේ දී’
5, 6. දකුණේ රජ ‘තල්ලු කිරීමක’ යෙදී ඇත්තේ කෙසේ ද, එමෙන් ම උතුරේ රජ ඊට ප්‍රතික්‍රියා කර ඇත්තේ කෙසේ ද?
5 “අවසාන කාලය තුළ දී දකුණු රජ ඔහු සමඟ තල්ලු කිරීමක යෙදෙන්නේ ය,” යනුවෙන් දානියෙල් 11:40අ [NW] හි කියවීමට තිබේ. මෙයටත්, ඊට පසු ව සඳහන් වගන්තිවලටත් අපගේ අනාගතයේ දී ඉෂ්ට වීමක් ඇතැයි කල්පනා කරනු ලැබේ. කෙසේ වෙතත්, මෙහි සඳහන් “අවසාන කාලය” යන්නෙහි අර්ථය දානියෙල් 12:4, 9 හි සඳහන් කරන විට එම අදහස ම ඉදිරිපත් කරන්නේ නම්, මෙම වදන්වල ඉටුවීම අන්තිම දවස්වල දී සිදුවන බව අප අපේක්ෂා කළ යුතු ය. දකුණේ රජ මෙම කාලය තුළ උතුරේ රජට ‘විරුද්ධ ව’ තල්ලු කිරීමක යෙදී තිබේ ද? සැබවින් ම එසේ ය. පළමුවන ලෝක යුද්ධයෙන් පසු, දඬුවම් සහිත සාම ගිවිසුම නිසැක ව ම ‘තල්ලු කිරීමක්,’ එනම් ප්රතිහිංසාවක් කිරීමකට පෙලඹවීමක් විය. දෙවන ලෝක යුද්ධයේ ඔහුගේ ජයග්රහණයෙන් පසු, දකුණේ රජ ඔහුගේ සතුරාට එරෙහි ව න්‍යෂ්ටික අවි එල්ල කළ අතර නේටෝ (NATO) නම් බලගතු හමුදා මිත්‍ර සන්ධානයක් සංවිධානය කළේ ය. වසරින් වසර ගත වීමත් සමඟ ම, ඉහළ පෙළේ තාක්ෂණය යෙදූ චරපුරුෂ සේවය මෙන් ම රාජ්‍ය දූත හා හමුදාමය ප්රහාරයන් ඔහුගේ ‘තල්ලු කිරීමට’ ඇතුළත් විය.
6 උතුරේ රජ ප්‍රතික්‍රියා කළේ කෙසේ ද? “නුමුත් උතුරු දිශාවේ රජ කුණාටුවක් මෙන් රථද අසරුවන්ද බොහෝ නැව්ද ඇතුව ඔහුට විරුත්ටධව ඇවිත්, දේශවලට වැද, ජලය මෙන් ගලායන සැරෙන් පැමිණෙන්නේය.” (දානියෙල් 11:40ආ) අන්තිම දවස් පිළිබඳ ඉතිහාසයෙන් උතුරේ රජගේ ව්‍යාප්ත වීම පිළිබිඹු කර තිබේ. දෙවන ලෝක යුද්ධය තුළ, නාට්සි “රජ” ඔහුගේ සීමාවෙන් එහා යමින්, අසල පිහිටි වෙනත් රටවල් ද ආක්‍රමණය කළේ ය. එම යුද්ධය අවසානයේ දී, අනුපූරක “රජ” තමාගේ ම සීමාවෙන් පිටත බලගතු අධිරාජ්‍යයක් පිහිටුවා ගත්තේ ය. සීතල යුද්ධය තුළ, වෙනත් රටවල යුද්ධවල මැදිහත්වීම තුළින් ද අප්‍රිකාවේ, ආසියාවේ හා ලතින් අමෙරිකාවේ අභ්‍යන්තර කැරලි ගැසීම් තුළින් ද උතුරේ රජ ඔහුගේ සතුරා සමඟ සටන් කළේ ය. ඔහු අව්‍යාජ ක්‍රිස්තියානින්ගේ කටයුතු සීමා කරමින් (එහෙත් කිසි ලෙසකින් සම්පූර්ණයෙන් ම නොනවත්වා) ඔවුන් මත පීඩා පැමිණවී ය. තව ද ඔහුගේ හමුදාමය හා දේශපාලනමය ප්රහාරයන් රටවල් ගණනාවක් ඔහුගේ පාලනය යටතට ගෙනාවේ ය. මෙය සිදු වූයේ, හරියට ම දේව දූතයා පුරෝකථනය කර තිබූ ආකාරයට ය: “ඔහු අලංකාර දේශයටත් [දෙවියන් වහන්සේගේ ජනයාගේ ආත්මික දේශය ම] ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත.”—දානියෙල් 11:41අ.
7. උතුරේ රජගේ ව්‍යාප්ත වීමට තිබූ සීමාවන් මොනවා ද?
7 එහෙත්—ඔහුගේ සතුරාගේ දෘෂ්ටියෙන්—උතුරේ රජ භය උපදවන ස්වභාවයකින් විශාල වුවත්, ඔහු ලෝකය ම අල්ලා ගැනීමේ තත්ත්වයකට පත් වී තිබුණේ නැත. “එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත.” (දානියෙල් 11:41ආ) පුරාතන කාලයේ, ඒදොම්, මෝවබ් හා අම්මොන් දේශයන් පිහිටා තිබුණේ දළ වශයෙන් මිසරය හා සිරියාව අතර ය. උතුරේ රජ ඉලක්ක කළමුත් තමාගේ බලපෑම යටතට ගෙන ඒමට නොහැකි වූ අද දවසේ පවතින දේශයන් හා සංවිධානයන් එමගින් නියෝජනය වන්නේ යයි සිතිය හැක.
‘මිසර දේශය නොගැළවෙන්නේ ය’
8, 9. උතුරේ රජගේ ප්‍රධාන සතුරාට පවා, ඔහුගේ බලපෑම දැනී ඇත්තේ කෙසේ ද?
8 දේව දූතයා තවදුරටත් මෙසේ පවසයි: “ඔහු තමාගේ අත් රටවල් කෙරෙහි දිගුකරන්නේය. මිසර දේශයද නොගැළවෙන්නේය. ඔහු මිසරයේ රන් රිදී නිධානද සියලු අගේ ඇති දේවල්ද කෙරෙහි බලය පවත්වන්නේය. ලූබ්වරුද කුෂ්වරුද [ලිබියන්වරුන් ද ඉතියෝපීයවරුන් ද NW] ඔහුගේ අඩිපාරේ යන්නෝය.” (දානියෙල් 11:42, 43) දකුණේ රජ වන, ‘මිසරය’ පවා, උතුරේ රජුගේ ව්‍යාප්ත වීමේ ප්රතිපත්තිවල ඵලයන්ගෙන් ගැලවුණේ නැත. උදාහරණයක් වශයෙන්, ඔහු වියට්නාමයේ දී සැලකිය යුතු පරාජයක් අත්දිටී ය. එමෙන් ම “ලිබියන්වරුන් හා ඉතියෝපීයවරුන්” ගැන කුමක් කිව හැකි ද? භූගෝලාර්ථයෙන් පවසන කල, පුරාතන මිසරයේ අසල් වැසි දේශයන් වූ මේවා, නවීන “මිසරයේ” අසල් වැසියන් වන්නා වූ ද, ඇතැම් අවස්ථාවන්හි උතුරේ රජගේ ‘අඩිපාරේ ගමන් කර ඇති’ අය ව ද පෙර ආදර්ශ කොට දැක්විය හැකි ය.
9 උතුරේ රජ ‘මිසරයේ රන් රිදී නිධාන’ කෙරෙහි පාලන බලය පවත්වා තිබේ ද? ඇත්ත වශයෙන් ම, ඔහු දකුණේ රජ ව ආක්‍රමණය කර නොමැති අතර 1993 දක්වා ලෝක තත්ත්වය අනුව ඔහු එසේ කරන බවක් පෙන්වූයේ නැත. එහෙත් දකුණේ රජ සිය මූල්‍යමය සම්පත් පාවිච්චි කළ ආකාරය මත ඔහු මහත් බලපෑමක් කර ගෙන සිටියේ ය. ඔහුගේ සතුරා කෙරෙහි තිබූ භය නිසා, දකුණේ රජ භයානක ත්‍රිවිධ හමුදාවක් පවත්වා ගෙන යාම සඳහා සෑම වසරක් පාසා ම විශාල මුදලක් වැය කර ඇත. මේ ආකාරයෙන් බලද්දී, උතුරේ රජ, දකුණේ රජුගේ ධනය වැය කිරීම කෙරෙහි ‘බලය පැවැත්වූයේ’ යයි, එනම් පාලනය කළේ යයි කිව හැකි ය.
උතුරේ රජුගේ අවසාන සංග්‍රාමය
10. රජවරුන් දෙදෙනා අතරේ පවතින සතුරුකමේ අවසානය ගැන දේව දූතයා විස්තර කරන්නේ කෙලෙස ද?
10 රජවරුන් දෙදෙනා අතර සතුරුකම නියමයක් නැති කාලාන්තරයක් පුරා පවතිනු ඇද්ද? නැත. දේව දූතයා දානියෙල්ට මෙසේ පැවසී ය: “නුමුත් නැගෙනහිරෙන්ද උතුරෙන්ද පැමිණෙන ආරංචිවලට ඔහු [උතුරේ රජ] කැලඹී, බොහෝ දෙනෙක් නාස්තිකරන්ටත් සිඳදමන්ටත් මහත් කෝපයෙන් පිටත්වයන්නේය. ඔහු මාළිගා වැනිවූ තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ කන්දටත් අතරෙහි පිහිටුවා, පසුව තමාගේ අන්තිමයට පැමිණෙන්නේය, කිසිවෙක්ද ඔහුට උපකාර නොකරන්නේය.”—දානියෙල් 11:44, 45.
11, 12. උතුරේ රජ හා දකුණේ රජ අතර පවතින සතුරුකම කිනම් මෑත කාලීන දේශපාලනික සිදුවීම් හා සම්බන්ධ ව පවතී ද, එමෙන් ම අපට තවදුරටත් ඉගෙන ගැනීමට ඇත්තේ කුමක් ද?
11 මේ සිද්ධීන් සිදු වන්නට තිබෙන්නේ මතු අනාගතයේ බැවින්, මෙම අනාවැකි කෙසේ ඉටු වනු ඇද්දැයි අපට විස්තර සහිත ව කිව නොහැක. මෑත කාලය තුළ, රජවරුන් දෙදෙනා සම්බන්ධ දේශපාලන තත්ත්වය වෙනස් වී ඇත. එක්සත් ජනපද හා නැගෙනහිර යුරෝපීය රටවල් අතර දැඩි සතුරුකම නිවී ගොස් ඇත. තවදුරටත්, සෝවියට් සංගමය 1991 දී විසුරුවා හරින ලද අතර දැන් එය පැවැත්මෙන් ඉවත් වී ඇත.—1992 මාර්තු 1 ද වොච්ටවර් කලාපයේ 4, 5 පිටු බලන්න.
12 එසේ නම් දැන් උතුරේ රජ ව සිටින්නේ කවුද? ඔහු වනාහි වරක් සෝවියට් සංගමයේ කොටසක් ව තිබූ රටවලින් එකක් හැටියට හඳුනා ගත යුතු ද? එසේ නැතහොත් කලින් වාර ගණනාවක දී ඔහු කර ඇති ආකාරයට, ඔහු සහමුලින් ම සිය අනන්‍යතාව වෙනස් කර ගනිමින් සිටින්නේ ද? අපට කිව නොහැකි ය. දානියෙල් 11:44, 45 ඉටු වන විට, උතුරේ රජ ව සිටින්නට යන්නේ කවුද? රජවරුන් දෙදෙනා අතරේ පැවති සතුරුකම යළිත් මතු වනු ඇද්ද? එමෙන් ම රටවල් ගණනාවක තවදුරටත් ගොඩ ගසා ඇති න්‍යෂ්ටික අවි විශාල තොගය ගැන කුමක් කිව හැකි ද? මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබීමට අප කාලයට ඉඩ හැරිය යුතු ය.
13, 14. රජවරුන් දෙදෙනාගේ අනාගතය ගැන අප දන්නේ කුමක් ද?
13 අප දැනටමත් දන්නා එක් දෙයක් ඇත. උතුරේ රජ ප්‍රහාරාත්මක යුද සංග්‍රාමයක් ඉතා ඉක්මනින් ම මෙහෙයවනු ඇති අතර, එය උත්පාදනය වන්නට යන්නේ ‘නැගෙනහිරෙන් ද උතුරෙන් ද පැමිණෙන ඔහු කලඹවන්නා වූ ආරංචිවලිනි.’ මෙම සංග්රාමයන් සමඟ ම ඔහුගේ ‘අන්තිමයත්’ පැමිණෙනු ඇත. වෙනත් බයිබල් අනාවැකි අප විසින් සලකා බලන්නේ නම් අපට මෙම “ආරංචි” ගැන වැඩියෙන් ඉගෙන ගන්නට පුළුවන.
14 කෙසේ වෙතත්, මුලින් ම, උතුරේ මෙම රජගේ ක්‍රියාවන් දකුණේ රජට විරුද්ධ ව මෙහෙයවනු ලබන බවට පවසා නැති බව සැලකිල්ලට ගන්න. ඔහු තමාගේ බලගතු සතුරා අතින් විනාශ වන්නට යන්නේ නැත. එසේ ම, දකුණේ රජ උතුරේ රජ විසින් විනාශ කරනු ලබන්නට යන්නේ ද නැත. දකුණු දිග රජ (වෙනත් අනාවැකිවල වනමෘගයෙක් මත දිස්වීමට නියමිත අන්තිම අඟ හැටියට නියෝජනය කෙරේ) විනාශ කරනු ලබන්නේ “[මනුෂ්‍ය] අතක බලය නැතුව” දෙවියන් වහන්සේගේ රාජ්‍යය මගින් ය. (දානියෙල් 7:26; 8:25) ඇත්ත වශයෙන් ම, සියලු භූමික රජවරුන් අර්මගෙදොන් යුද්ධයේ දී දේව රාජ්‍යය මගින් අවසානයේ විනාශ කරනු ලබන අතර, ප්රත්යක්ෂ ලෙස උතුරේ රජට සිදු වන්නට යන්නේ මෙයයි. (දානියෙල් 2:44, 45; 12:1; එළිදරව් 16:14, 16) දානියෙල් 11:44, 45 විස්තර කරන්නේ මෙම අවසාන යුද්ධය දක්වා දිව යන සිද්ධීන් ය. උතුරේ රජ තම අවසානයට මුහුණ දෙන විට, ‘කිසිවෙක් ඔහුට උපකාර නොකිරීම’ පුදුමයක් නොවේ!
15. තවදුරටත් සාකච්ඡා කිරීමට ඉතිරි ව ඇත්තේ කිනම් වැදගත් ප්‍රශ්න ද?
15 එසේ නම්, “බොහෝ දෙනෙක් . . . සිඳදමන්ට” උතුරේ රජ ව පොලඹවන්නාවූ “ආරංචි” කෙරෙහි ආලෝකය හෙලන්නා වූ වෙනත් අනාවැකි මොනවා ද? එමෙන් ම විනාශ කරන්නට ඔහු උවමනාවෙන් පිටත් ව යන ‘බොහෝ දෙනා’ කවුද?
නැගෙනහිරෙන් වාර්තාවක්
16. (අ) අර්මගෙදොන්ට පෙර කිනම් කැපී පෙනෙන සිද්ධීන් සිදු විය යුතු ද? (ආ) “නැගෙනහිර දිසාවෙන් එන රජුන්” කවරහු ද?
16 අර්මගෙදොන් නම් අන්තිම සටනට පෙර, සැබෑ නමස්කාරයේ ප්‍රබල සතුරෙක්—එනම් බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන වේශ්‍යාවක් බඳු මහා බබිලෝනිය—විනාශ විය යුතු ය. (එළිදරව් 18:3-8) දෙවියන් වහන්සේගේ උදහසේ සවෙනි පාත්‍රය සංකේතවත් කරන එප්‍රාත් ගඟට වැගිරවීමෙන් ඇගේ විනාශය පිළිබඳ ලකුණු පහළ කර ඇත. “නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස” ගඟ සිඳී යන්නේ ය. (එළිදරව් 16:12) මෙම රජවරු කවරහු ද? ඒ අන් කවුරුන්වත් නොව යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය!a
17. මහා බබිලෝනියේ විනාශය පිළිබඳ ව බයිබලය අපට කුමක් පවසයි ද? (ආ) “නැගෙනහිරෙන්” පැමිණෙන වාර්තාව කුමක් බවට ඔප්පු විය හැකි ද?
17 මහා බබිලෝනිය විනාශ කිරීම සවිස්තර ව එළිදරව් පොතේ විස්තර කර ඇත. “නුඹ දුටු අං දසයද [අන්තිම කාලයේ පාලනය කරමින් සිටින ‘රජවරුන්’] මෘගයාද [වනමෘගයා ද NW] [එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන්නා වූ, රතු පාට වනමෘගයා] වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.” (එළිදරව් 17:16) සැබවින් ම, ජාතීහු ‘බොහෝ මාංශ’ විනාශ කරති! (දානියෙල් 7:5) එහෙත්, උතුරේ රජ ඇතුළු, පාලකයන් මහා බබිලෝනිය විනාශ කරන්නට යන්නේ මක්නිසා ද? හේතුව ‘තමන් වහන්සේගේ අදහස ක්‍රියාත්මක කරන්ට දෙවියන් වහන්සේ ඔවුන්ගේ හෘදය කැමති කෙරෙවූ” නිසා ය. (එළිදරව් 17:17) යෙහෝවඃ වහන්සේ කැමති ආකාරයට, මහත් ආගමික වේශ්‍යාව විනාශ කිරීමට වූ අදහස උන් වහන්සේ මනුෂ්‍ය පාලකයන්ගේ හෘදයන් තුළට දමන විට, “නැගෙනහිරෙන්” පැමිණෙන වාර්තාව, උන් වහන්සේගේ මෙම ක්‍රියාවට හොඳින් යොමු දක්වනවා විය හැකි ය.—දානියෙල් 11:44.
උතුරෙන් වාර්තාවක්
18. උතුරේ රජට ඇත්තේ තවත් කිනම් ඉලක්කයක් ද, එමෙන් ම ඔහු තමාගේ අවසානයට පැමිණෙන විට මෙය ඔහු ව පිහිටුවන්නට යන්නේ කොතැන ද?
18 එහෙත් උතුරේ රජුගේ උදහස සඳහා තවත් ඉලක්කයක් ඇත. ඔහු “තමාගේ කූඩාරම් මුහුදටත් අලංකාරවූ [ශුද්ධ NW] කන්දටත් අතරෙහි” පිහිටුවන බව දේව දූතයා පවසයි. (දානියෙල් 11:45) දානියෙල්ගේ කාලයේ මධ්‍යධරණිය, මහ මුහුද ව තිබූ අතර ශුද්ධ කන්ද ව තිබුණේ වරක් දේව මාලිගාවේ ස්ථානය වූ, සියොන් ය. එබැවින්, එම අනාවැකියේ ඉෂ්ට වීම තුළ, කුපිත ව සිටින උතුරේ රජ දෙවියන් වහන්සේගේ ජනයාට විරුද්ධ ව හමුදා මෙහෙයුමක් දියත් කරයි! ආත්මික අර්ථයකින් ගත් කල, “මුහුදටත් . . . [ශුද්ධ NW] කන්දටත් අතරෙහි” වූ ප්‍රදේශයේ සිටිනවා යන්නෙන් අදහස් වන්නේ, ඔහු දෙවියන් වහන්සේගේ ආලේප ලත් සේවකයන්ගේ ආත්මික දේශයේ සිටින බව ය. මෙම ආලේප ලත් සේවකයන් දෙවියන් වහන්සේගෙන් වෙන් වූ මනුෂ්‍ය වර්ගයා නමැති ‘මුහුදෙන්’ පිටතට පැමිණ ඇති අතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගීය සියොන් කන්දේ පාලනය කිරීමේ බලාපොරොත්තුව ඇති ව සිටිති.—යෙසායා 57:20; හෙබ්‍රෙව් 12:22; එළිදරව් 14:1.
19. එසකියෙල්ගේ අනාවැකියේ අඟවා ඇති ආකාරයට, ගොග්ගේ ප්‍රහාරය පොලඹවන්නා වූ වාර්තාව අපට හඳුනා ගත හැක්කේ කෙසේ ද? (පාද සටහන බලන්න.)
19 දානියෙල්ගේ සමකාලීනයෙක් වූ, එසකියෙල් ද, “මතු දවස්වලදී [දවස්වල අන්තිම කොටසේ දී NW]” දෙවියන් වහන්සේගේ ජනයා කෙරෙහි පැමිණෙන්නට යන ප්‍රහාරයක් පුරෝකථනය කළේ ය. සාතන් නම් යක්ෂයා නියෝජනය කරන්නා වූ මාගොග් හි ගොග් විසින් විරෝධතා එල්ල කරනු ලබනු ඇතැයි ඔහු පැවසී ය. (එසකියෙල් 38:16) සංකේතමය වශයෙන් ගත් කල, ගොග් පැමිණෙන්නට යන්නේ කොයි දිසාවෙන් ද? එසකියෙල් තුළින් යෙහෝවඃ වහන්සේ කියා සිටින්නේ, “උතුරේ දුරස්ථානවල තිබෙන නුඹේ ස්ථානයේ සිට නුඹ . . . නැගී . . . එනවා ඇත” කියා ය. (එසකියෙල් 38:15) එබැවින්, “උතුරෙන්” පැමිණෙන වාර්තාව, යෙහෝවඃ වහන්සේගේ ජනයාට පහර දීමට උතුරේ රජ හා වෙනත් රජවරුන් ව පොලඹවන්නා වූ සාතන්ගේ ප්‍රචාරය අදහස් කරන්නට පුළුවන.b—සසඳන්න එළිදරව් 16:13, 14; 17:14.
20, 21. (අ) දෙවියන් වහන්සේගේ ජනයාට පහර දීමට උතුරේ රජ ද ඇතුළු ව ජාතීන් ව ගොග් පොලඹවනු ඇත්තේ මක්නිසා ද? (ආ) ඔහුගේ ප්‍රහාරය සාර්ථක වනු ඇද්ද?
20 ගොග් මෙම සම්පූර්ණ ප්‍රහාරය සංවිධානය කරන්නේ, “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” භුක්තිවිඳින සමෘද්ධිමත් තත්ත්වය නිසා ය, ඇරත් මොවුන් ද මොවුන් හා එක් වී ඇති වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය ද, තවදුරටත් ලෝකයේ කොටසක් ව නොසිටී. වෙනත් බැටළුවන්ගේ මහත් සමූහය සමඟ එක් වී, සමෘද්ධිමත් තත්ත්වයක සිටින ඔහුගේ ලෝකයේ කොටසක් ව නොසිටින නිසා ය. (ගලාති 6:16; යොහන් 10:16; 17:15, 16; 1 යොහන් 5:19) ගොග් ‘[ආත්මික] සම්පත් හා සමෘද්ධිය රැස් කරන්නා වූ ද, ජාතීන් අතරෙන් රැස්වී සිටින්නාවූ ද සෙනගක්’ කෙරෙහි වපර ඇසෙන් බලයි. (එසකියෙල් 38:12; එළිදරව් 5:9; 7:9) මෙම වදන්වල සම්පූර්ණ වීමක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ ජනයා පෙර කවරදාකවත් නොවූ ආකාරයකට සමෘද්ධිමත් වෙමින් සිටිති. වරක් ඔවුන් ව තහනම් කර තිබූ යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ රටවල් බොහොමයක ඔවුහු දැන් නිදහසේ නමස්කාර කරමින් සිටිති. වර්ෂ 1987 හා 1992 අතර කාලය තුළ, මිලියනයකට වැඩි සංඛ්‍යාත “ආශාවෙන දේ” ජාතීන් වෙතින් යෙහෝවඃ වහන්සේගේ සැබෑ නමස්කාරයේ ගෘහයට පැමිණියෝ ය. ආත්මික වශයෙන් ගන්නා විට, ඔවුහු ධනවත් ව හා සාමකාමී ව සිටිති.—හග්ගයි 2:7; යෙසායා 2:2-4; 2 කොරින්ති 8:9.
21 ආත්මික වූ ක්‍රිස්තියානි දේශය පහසුවෙන් ම ආක්‍රමණය කරන්නට සුදුසු තත්ත්වයක තිබෙන “පවුරු රහිත ගම් ඇති දේශයක්” හැටියට කල්පනා කරමින්, මනුෂ්‍ය වර්ගයා ව පූර්ණ පාලනයකට යටත් කරනු පිණිස මෙම බාධකය සහමුලින් ම ඉවත් කිරීමට ගොග් අති මහත් උත්සාහයක් දරයි. (එසකියෙල් 38:11) එහෙත් ඔහු අසමත් වෙයි. පොළොවේ රජවරුන් යෙහෝවඃ වහන්සේගේ ජනයාට පහර දෙන විට, ඔවුන් ‘තමන්ගේ අන්තිමයට පැමිණෙනවා ඇත.’ ඒ කෙසේ ද?
තුන්වන රජෙක්
22, 23. ගොග් පහර දෙන විට, දෙවියන් වහන්සේගේ සෙනඟ වෙනුවෙන් නැගී සිටින්නට යන්නේ කවුද, එමෙන් ම කුමන ප්‍රතිඵල ඇතුව ද?
22 ගොග්ගේ ප්‍රහාරය, ස්වකීය ජනයා වෙනුවෙන් යෙහෝවඃ දෙවියන් වහන්සේට නැගී සිටින්නටත්, “ඉශ්රායෙල් කඳුවල” ගොග්ගේ බල ඇණි විනාශ කිරීමටත් සංඥාවක් යයි එසකියෙල් පවසයි. (එසකියෙල් 38:18; 39:4) දේව දූතයා දානියෙල්ට පවසන දෙය මෙය අපට සිහිගන්වයි: “ඒ කාලයේදී නුඹේ සෙනගගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනගගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.”—දානියෙල් 12:1.
23 වර්ෂ 1914 දී, යේසුස් වහන්සේ—එනම් මීකායෙල් නම් ස්වර්ගීය රණශූරයා—දෙවියන් වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යයේ රජ බවට පත් විය. (එළිදරව් 11:15; 12:7-9) එවක් පටන්, උන් වහන්සේ ‘දානියෙල්ගේ සෙනගගේ පුත්‍රයන් උදෙසා’ නැගී සිට ඇත. එසේ නමුත්, උන් වහන්සේ “දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල” දෙමින්, පරාජය කළ නොහැකි රණශූර රජ කෙනෙක් හැටියට යෙහෝවඃ වහන්සේගේ නාමයෙන් ඉක්මනින් ම නැගිටිනු ඇත. (2 තෙසලෝනික 1:7) දානියෙල්ගේ අනාවැකියේ රජවරු ද ඇතුළු ව, පොළොවේ සියලු ජාතීහු, තමුන්ට ම පහර දෙමින් “වැලපෙන්නෝය.” (මතෙව් 24:30) ‘දානියෙල්ගේ සෙනග’ කෙරෙහි දුෂ්ට සිතුවිලි වැඩිදුරටත් තමන්ගේ හෘදයේ දරාගනිමින්, ඔවුහු ‘උතුම් අධිපතියාවූ මීකායෙල්ගේ’ අතින් සදාකාලයට ම විනාශ වන්නෝ ය.—එළිදරව් 19:11-21.
24. දානියෙල්ගේ අනාවැකිය පිළිබඳ මෙම අධ්‍යයනය අප කෙරෙහි ඇති කළ යුත්තේ කිනම් බලපෑමක් ද?
24 මීකායෙල්ගේත්, උන් වහන්සේගේ දෙවි වූ, යෙහෝවඃ වහන්සේගේත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය දැකීමට අප මහත් ආශාවෙන් බලා සිටිනවා නොවේ ද? මන්දයත් එම ජයග්‍රහණය සැබෑ ක්‍රිස්තියානින් සඳහා, ‘ගැලවීම,’ බේරී ජීවත්වීම අදහස් කරන්නට යන නිසා ය. (මලාකී 4:1-3 සසඳන්න.) එබැවින්, මහත් බලාපොරොත්තුවකින් අනාගතය දෙස නෙත් යොමා සිටිමින්, අපි ප්‍රේරිත පාවුල්ගේ “වචනය දේශනා කරපන්න; කලටත් අකලටත් වැඩේ යෙදී සිටපන්න” යන වදන් සිහි ඇති ව සිටිමු. (2 තිමෝති 4:2) අපි ජීවනයේ වදන් කෙරෙහි තදින් අල්ලාගෙන, හිතකර කාලවල් පවතින තාක්කල් උත්සාහවන්ත ව යෙහෝවඃ වහන්සේගේ බැටළුවන් සෙවීමෙහි නියැලෙමු. ජීවනය සඳහා වූ දිවීම් තරඟයේ අප සිටින්නේ අවසාන අදියරේ ය. ත්‍යාගය පෙනෙන තරම් දුරකින් තිබේ. අන්තිමය දක්වා විඳදරා ගෙන සිටින්නටත්, එසේ ගලවනු ලබන අය අතර සිටින්නටත් සියල්ලන් ම අධිෂ්ඨාන කර ගනිත්වා.—මතෙව් 24:13; හෙබ්‍රෙව් 12:1.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., මගින් ප්‍රකාශිත එළිදරව්ව—එහි උදාර උච්චාවස්ථාව අතළඟය! හි 229-30 පිටු බලන්න.
b විකල්පයක් වශයෙන් ගත්කල, “උතුරෙන්” පැමිණෙන වාර්තාව, ගොග්ට පවසන ලද යෙහෝවඃ වහන්සේගේ මතු සඳහන් වදන් කල්පනා කර බැලීමේ දී, උන් වහන්සේගෙන් ම ආරම්භ වන්නේ යයි පවා නිගමනය කළ හැකි වේ: “මම . . . නුඹේ හකුවල කොකු දමා, නුඹ . . . පිටතට ගෙනයන්නෙමි.” “මම . . . උතුරේ දුරස්ථානවලින් නුඹ ගෙනැවිත්, ඉශ්රායෙල් කඳු පිටට නුඹ පමුණු . . . වන්නෙමි.”—එසකියෙල් 38:4; 39:2, 3; සසඳන්න ගීතාවලිය 48:2.
ඔබට තේරෙනවා ද?
◻ අන්තිම කාලය පුරා දකුණේ රජ උතුරේ රජ ව තල්ලු කිරීමකට භාජනය කොට ඇත්තේ කෙසේ ද?
◻ රජවරුන් දෙදෙනා අතර පවතින සතුරුකම්වල අවසාන ප්‍රතිඵලය පිළිබඳ ව අපට තවදුරටත් ඉගෙන ගැනීමට ඇත්තේ කුමක් ද?
◻ නිශ්චිත වශයෙන් ම උතුරේ රජ සම්බන්ධ වන්නට යන්නේ අර්මගෙදොනයට පෙරාතුව කිනම් සිදුවීම් දෙකට ද?
◻ ‘බලවත් අධිපතියා වන මීකායෙල්’ දෙවියන් වහන්සේගේ සෙනග ආරක්ෂා කරන්නට යන්නේ කෙසේ ද?
◻ දානියෙල්ගේ අනාවැකි පිළිබඳ අපගේ අධ්‍යයනයට අප ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේ ද?
[19වන පිටුවේ පින්තූර]
උතුරේ රජ නමස්කාර කර ඇත්තේ තමාගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ට වෙනස් දෙවියෙකුටයි
[හිමිකම් විස්තර]
Top left and middle: UPI/Bettmann; bottom left Reuters/Bettmann; bottom right: Jasmin/Gamma Liaison